ළමා කාමුක දර්ශනවලට එරෙහි ව ඇපල් සටනට ළමා නිරුවත් කාමුක දර්ශන අඩංගු ඡායාරූප සහ වීඩියෝ මිලියන 50ක් අන්තර්ජාලයට වසරකට එක් වෙනවා. Apple සමාගමත් දැන් මේවාට neural network-based tool එකක් හරහා වැට බඳින්න දැඩි තීරණයකට එළඹිලා.
යුරෝපයේ අන්තර්ජාලයටත් COVID-19 බලපෑම් – YouTube, Netflix Slow වෙයි කොරෝනාවෛරසයේ පැතිරයාම හේතුවෙන් පෙර නොවූ විරූ ප්‍රමාණයකින් වීඩියෝ නැරඹුම් ඉහළ යාමෙන් අන්තර්ජාලය බිඳවැටීම වැළැක්වීම සඳහා, Netflix සහ YouTube සේවාවන් අවම වශයෙන් අප්‍රේල් මාසය තුළ යුරෝපයේ Streaming Quality එක අඩු කිරීමට තීරණය කර තිබේ.
COVID-19ට එරෙහිව සටන් වදින නවීන තාක්ෂණය 2019 වසරේ දෙසැම්බර් 12 වන දා සිට චීනයේ, වුහාන් නගරය මුල් කරගෙන පැතිරීම ආරම්භ වූයේයැ යි සැලකෙන කොරෝනා (COVID-19) වෛරසය පිළිබඳව අපි පෙර ලිපි ගණනාවකින් ඔබව දැනුවත් කර ඔබට මතක ඇති. මේ වෙද්දීත් ලෝකයේ ක්ෂේත්‍ර ගණනාවකට දැඩි බලපෑම් එල්ල කරන්නට මේ වෛරසයට හැකි වුණා. තාක්ෂණික ලෝකය වෙතත් මේ වෛරසයේ බලපෑම ඉතා තදින් දැනුණා. “තාක්ෂණික ලෝකයට වැළඳුණ කොරෝනා වෛරසය” නම් ලිපිය ඔස්සේ ලෝකය පුරා අතිශය ප්‍රචලිත සහ සුප්‍රකට සමාගම් / සන්නාමයන් වෙත දැඩි පාඩු සිදුකළ ආකාරය ගැන විග්‍රහ කෙරුණා. ඊට අමතරව මේ වසර පුරා පැවැත්වීමට නියමිතව තිබූ Google I/O, F8, Mobile World Congress වැනි සමුළු නවතා දමන්නට සිදුවීම ගැනත් එහි දී කතාබහ කෙරුණා.
Fake Newsවලට සමාගම් හරස් වෙයි! ලොව භීතියෙන් අවුලන්න සමත් වූ කොරෝනාවෛරසයය ගැන සත්‍ය තොරතුරු සේ ම, අසත්‍ය පුවත් ද ඉතා ඉක්මනින් සමාජගත වෙනවා. මෙය නවතන්න Facebook, Google සහ Microsoft සමාගම් නව සේවාවන් හඳුන්වා දුන්නා.
කොරෝනා සහ තාක්ෂණික ලෝකය ගූග්ල්, ඇපල්, මයික්‍රොසොෆ්ට්, ඇමසන්, ටෙස්ලා වැනි ආයතන රැසක දෘඪාංග නිෂ්පාදන අඩාල කරන්නට COVID-19 වෛරසය සමත් වුණා. එම කාර්යාල ද වසා දමන්නට සිදු වූ අතර, මෙවර Google I/O පවා අවලංගු කෙරුණා.
තාක්ෂණික ලෝකයට වැළඳුණ කොරෝනා වෛරසය මේ වන විට ලෝකය පුරා කොරෝනා (COVID-19) වයිරසයක් පැතිරී යන බව ඔබ දන්නවා. මේ වෛරසය පසුගිය 2019 වසරේ දෙසැම්බර් 12 වන දා සිට චීනයේ වුහාන් නගරය මුල් කරගෙන පැතිරීම ආරම්භ වූයේයැ යි සැලකෙනවා. එම වෛරසය ක්ෂේත්‍රයන් ගණනාවක් වෙත බලපෑම් කරන්නට සමත් ව තිබෙනවා. තාක්ෂණික ලෝකයත් ඉන් එකක්. මේ වන විටත් ලෝකයේ ප්‍රබල, ප්‍රමුඛ තාක්ෂණික සන්නාමයන් වෙත සහ සමාගම් වෙත මිලියන ගණනින් පාඩු සිදුකරන්නට කොරෝනා වෛරසයට හැකි වුණා. ඒ වගේම, ලෝකයේ විශාලතම තාක්ෂණික සමුළු ගණනාවක් නවතා දමන්නටත් සමාගම් වෙත සිදුවුණා. මේ ලිපිය ඔස්සේ දිගහැරෙන්නේ තාක්ෂණික ලෝකය වෙත කොරෝනා දැඩිව බලපෑම් කළ ආකාරය පිළිබඳව යි.
ජෛවමිතික දත්ත අනිසි භාවිතය පිළිබඳව Facebook සමාගමට චෝදනා! පසුගිය දිනෙක ඇමරිකානු ඩොලර් මිලියන 550ක වන්දියක් ගෙවීමට facebook සමාගමට සිදුවුණා. ඒ මොකටද? කියලා මේ ලිපියෙන් ඔබට හරියටම දැනගන්න පුළුවන්.
මිනිසා අතින් නිර්මාණය වූ සජීවී යන්ත්‍රය පසුගිය දිනෙක ලෝකයේ විශාල කතාබහකට ලක්වූ සොයාගැනීමක් සිදුකිරීමට ඇමරිකානු විද්‍යාඥයින් පිරිසකට හැකි වුණා. ඒ, පළමු සජීවී රොබෝ නිර්මාණය කිරීම සමග යි.
මසකට ලක්ෂයක් විකිණෙන Huawei Mate X මේ වෙද්දී නැවිය හැකි(foldable) දුරකථන නිෂ්පාදනයට සමාගම් අතර තියෙන්නේ විශාල තරගයක්. මේ තරඟය ජයගන්න වෙර දරන Huawei සමාගම තමන්ගේ Mate x දුරකථන මසකට 100,000ක් අලෙවි කරන බව පසුගිය දිනෙක සඳහන් කළා.
සම්බාධක හමුවේ නොසැලී Huawei වැඩිම විකිණුම් අතර දෙවැනි තැනට 2019 වසරේ ඇමරිකාවෙන් පැමිණි සම්බාධක සමග Huawei ගැටළු රාශියකට මුහුණ දුන්නා. නමුත් ඒ සියල්ල වෙත සාර්ථකව මුහුණ දෙමින් Huawei සමාගම ලොව වැඩිම විකිණුම් සහිත දුරකතන වෙළඳ නාම අතර දෙවන තැනට පත් වුණා.
පෞද්ගලික පණිවුඩ අනවසරයෙන් නිරීක්ෂණය කරන බවට ඇපල් සමාගම වෙත චෝදනාවක් ඇපල් සමාගම එහි සේවකයන්ගේ පෞද්ගලික පණිවුඩ අනවසරෙයෙන් නිරීක්ෂණය කළ බවට චෝදනා එල්ල වුණා. ඇපල් සන්නාමය කෙරෙහි පරිශීලකයන් තබා තිබෙන විශ්වාසය මින් බිඳ වැටේවි ද?
උපාංග මිලියන ගණනකට WhatsApp අහිමි වේ දුරකතන මිලියන ගණනකට WhatsApp සහාය දැක්වීම නවතා දැමීමට සමාගම තීරණය කර තිබෙනවා. එහි ඇත්ත නැත්ත වගේම, හදිසියේම පරිශීලකයන් වෙත WhatsApp Dark Mode enable වීම ගැනත් මෙම ලිපියේ අන්තර්ගත වෙනවා.