Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෞද්ගලික පණිවුඩ අනවසරයෙන් නිරීක්ෂණය කරන බවට ඇපල් සමාගම වෙත චෝදනාවක්

පසුගිය 2018 වසර සහ මේ ගෙවෙන 2019 වසරේ මුල් භාගය ඇපල් සමාගම ඇතුළු ලෝකයේ අතිශය ප්‍රසිද්ද සමාගම් විශාල ප්‍රමාණයකයට එතරම්ම සුබ දායක වුණේ නැහැ. ඔබට මතක ඇති අපි ඇපල් සමාගමට උද්ගත වූ අපල කාලය ගැන පෙර ලිපියකින් කතා බහ කළා. ඒ ඔස්සේ අපි සවිස්තරාතමක්ව Qualcomm සමාගම සතු patent බලපත්‍රයන් තුනක කරුණු උල්ලංඝනය කිරීම නිසා ඔවුන් ඇපල් සමාගමට විරුද්ධව නඩු පැවරීම සහ Huawei සමාගම සම්බන්ධයෙන් පැවති ගැටළුකාරී තත්ත්වයන් ගැනත් වැඩි දුර කතාබහ කෙරුණා. 2019 වසර අවසන් වීමටත් මත්තෙන් තවත් ගැටළුකාරී තත්ත්වයන් රැසක් ඇපල් සමාගම වෙත උදා වුණා.  මේ ලිපිය හරහා කතාබහ කෙරෙන්නේ ඒ පිළිබඳව යි. 

පසුගිය දිනක ඇපල් සමාගම ඔවුන්ගේ සේවකයෙකු වෙත නඩු පැවරීමට කටයුතු කළා. ඒ ඔවුන් සමග පවත්වාගෙන ගිය ගිවිසුම් කඩ කරමින් වෙනත් සේවාදායකයන් කිහිපදෙනෙකු වෙත තමන්ගේ ව්‍යාපාරය පිළිබඳව සඳහන් කිරීම නිසා යි. කොහොම නමුත්, මේ සේවකයා ඊට බරපතල චෝදනාවක් ඇපල් සමාගම වෙත එල්ල කරනවා. ඒ, සමාගම තමන්ගේ අනුමැතියකින් තොරව පෞද්ගලික පණිවිඩ නිරීක්ෂණය කළ බව කියමිනුයි. Privacy කියන්නේ ඕනෑම මනුෂ්‍යයෙක් ඉතාම ඉහළින් අගය කරන දෙයක් බව ඔබට අමතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. මේ චෝදනාව ඉතාම බරපතල වන්නේත් ඒ නිසාවෙනුයි. 

ඇපල් සමාගම වෙත නඩු පිට නඩු වැටෙන 2019- macobserver.com  

මෙලෙස සමාගමේ බුද්ධිමය දේපළ පනත කඩ කළ බව සඳහන් කෙරෙන්නේ Gerard Williams III වෙත යි. ඔහු ඇපල් සමාගමේ mobile chips නිර්මාණය කිරීමේ ප්‍රධාන සැලසුම් නිලධාරියෙකු ලෙස කටයුතු කළා. මේ සිදුවීමට ඇපල් සමාගම වෙත චිප්ස් නිර්මාණය කරන Nuvia සමාගම සහ එහි වර්තමාන ප්‍රධානීන් දෙපළ වන Manu Gulati සහ John Brunoගේ නමුත් ඈඳෙන්නේ, Williams ඒ වෙත ඔහු සම්බන්ධ වීම නිසාවෙන් සහ ඔවුනුත් සමාගමේ හිටපු සේවකයන් නිසාවෙනුයි. ඊට අමතරව ඇපල් සමාගම චෝදනා කරන්නේ Williams ඇපල් සමාගමෙන් සේවකයන් සහ විවිධ ඉංජිනේරුවන් ඉවත් කරවා ගැනීමටත් කටයුතු කළ බව යි. 

මේ වෙත පිළිතුරු දෙමින් Williams චෝදනා කරන්නේ ඔහු සහ සමාගමේ සේවකයන් අතර හුවමාරු වූ පණිවුඩ නීති විරෝධීව ඇපල් සමාගම නිරීක්ෂණය කර ඇති බවත්, එනිසාවෙන් Privacy violation එකක් සිදුව ඇති බව යි. ඒ වගේම ඇපල් සමාගමෙන් සේවකයන් ඉවත් වී යාම අඩපණ කිරීම අරමුණු කරගෙන මෙලෙස සේවකයන්ගේ පණිවිඩ ඔවුන් අධීක්ෂණය කරන බව යි. කොහොම වුණත් Williams වෙත තම සමාගමෙන් ඉවත් වී වෙනත් තරගකාරී සමාගමක් වෙත එකතුව වැඩ කිරීමට ඔවුන් අත්සන් කළ ගිවිසුම අනුව හැකියාව නොමැති බව තමයි ඇපල් සමාගම සඳහන් කරන්නේ. ඊට අමතරව තම සමාගම සමග වැඩ කළ කාලය තුළ ලද අත්දැකීම් සහ තාක්ෂණය භාවිත කරමින් ඇපල් සමග තරංග වැදීමට ඔහු කටයුතු කරන බව ඔවුන් සඳහන් කරනවා.

ඇපල් පරිශීලක දත්ත අනවසරයෙන් නිරීක්ෂණය කරනවා ද?- kasperskydaily.com

කෙසේවෙතත්, Williams එල්ල කරන චෝදනාවන් සත්‍ය බව තහවුරු වුණොත් තවදුරටත් පරිශීලක දත්ත ආරක්ෂාව ගැන ඇපල් තබා තිබෙන විශ්වාසය පළුදු වෙන බව නම් කියන්නට ඕනේ. ඔබට මතක නම් පසුගිය කාලය පුරාවට ඇපල් සමාගම ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ඔස්සේ කියා සිටියේ තම සමාගම අනෙක් තාක්ෂණික සමාගම්වලින් වෙනස් බවත්, පරිශීලක දත්ත කිසිවක් ඔවුන් එකරැස් නොකරන බව යි. ඒ වගේම ඔබට මතක ඇති, පසුගිය දිනයක ඇපල් දුරකතන පරිශීලක අවසරයකින් තොරව GPS දත්ත එක්රැස් කරන බවට චෝදනා එල්ල වුණා. “what happens on your iPhone, stays on your iPhone.” කියමන කොතරම් දුරට සත්‍යයක් වේදැ යි අපි බලා සිටිමු.

ඇපල් සන්නාමය ගැන වගේම ඒ හා බැඳුණු බොහෝ දේ ගැන ලිපි ගණනාවක් අපි මීට පෙර ඔබ වෙත ගෙන ආවා. ඔය පහතින් අමුණලා තියෙන්නෙ අන්න ඒ ලිපි. 

2019 ඇපල් සමාගමට නපුරු වේවි ද?

ඇපල් සමාගමේ අපල කාලය අවසන් ද?
Microsoft Laptop එකක් මිල දී ගන්න- “Mac Book” වෙතින් ඉල්ලීමක්

ඇපල් සමාගමට විරුද්ධව නැවතත් නඩු?

ඇපල් අලකලංචි 

මූලාශ්‍රයයන්:

Regmedia.co.uk 

Thenextweb.com 

Cnbc.com 

Theverge.com 

Kasperskydaily.com 

Macobserver.com   

කවරය- fudzilla.com  

Related Articles