Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Credit/ debit card වංචාවෙන් ගැලවෙන්නේ මෙහෙම යි!

මුදල් අද වෙනකොට ලෝකයේ අපි හැමෝටම නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා ඉවරයි. මුදල් භාවිතයේ ඉතිහාසය මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වා දිවයන්නක්. ඒ පිළිබඳව අප පෙර පළ කළ “මුදල් භාවිතය ඇරඹුණු අයුරු” ලිපියෙන් සවිස්තරාත්මකව දැනගන්නට පුළුවන්. අද වෙද්දී මේ මුදල් භාවිතය තාක්ෂණයේ සහ බැංකුකරණයේ දියුණුවීම් සමග වෙනස්ම මානයට පැමිණ හමාර යි. අද වෙද්දී අප බොහෝ දෙනෙක් මුල්‍යමය ගනුදෙනු කරන්නට භාවිත කරන්නේ බැංකුවක් මඟින් නිකුත් කරන credit/ debit card පතක්. “ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම ප්‍රයෝජනය ගත හැකි ක්‍රම” ලිපිය සහ “තොරතුරු යුගයේ මූල්‍යකරණයේ ප්‍රමුඛයා”  ලිපි හරහාත් නව මුල්‍ය ක්‍රමයන් ගැන අප ඔබට තොරතුරු ගෙන ආවා. පසුගිය දින කිහිපය පුරාවට ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් ATM හරහා සිදුවන වංචාවන් පිළිබඳ මහා බැංකුවට පැමිණිලි ඉදිරිපත් වී තිබුණා. ඉතින් අපි හිතුවා ඒ පිළිබඳව වගේම, ඔබ මේ ගනුදෙනු සිදු කරද්දී ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳත් ඔබව දැනුවත් කරන්න

ATM යන්ත්‍රය සවිකරන සුක්ෂම උපාංග – news. parhlo. com

ණයපත්/ බැරපත් හරහා මුදල් වංචා කිරීමේ සිදුවීම් ගණනාවක් පසුගිය වසර කිහිපය පුරාවට සිදුවුණා. ලංකාවේ එතරම්ම කුප්‍රකටව සිදු නොවුණත්, විදේශ රටවල මේ වංචාවන් හේතුවෙන් පුද්ගලයින්ගේ මුදල් මිලියන ගණන් අහිමි වෙන බව වාර්තා වෙනවා. මූලිකම වශයෙන් මේ ATM සහ බැංකු කාඩ්පත් වංචාවන් සිදුවන්නේ අප කාර්ඩ්පත ATM යන්ත්‍රයට ඇතුළු කරන විවරයට Skimming Device එකක් සූක්ෂම ලෙස සවි කිරීම මඟින්. මේ උපකරණය කිසිදු වෙනසකින් තොරව යන්ත්‍ර සමග සවිවී ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මුදල් ලබාගැනීමේ ක්‍රියාවලියට කිසිදු වෙනසක් සිදු කරන්නෙත් නැහැ. ඔබේ කාර්ඩ්පතේ තියෙන චුම්බකිත තීරුවේ (Magnetic Strip) අඩංගු සංවේදී දත්ත මේ Skimming Device එක හරහා පිටපත් වෙනවා. ඒ අතරට ඔබේ card number එක, expiry date එක, CVV type වගේ දේවලුත් ඇතුළත් වෙනවා. නමුත් වර්තමානයේ මේ දත්ත මඟින් පමණක් ඔබේ මුදල් ATM යන්ත්‍රයක් හරහා ලබාගන්න ඔවුන්ට හැකියාව නැහැ. ඔවුන්ට ඔබේ රහස්‍ය අංකය අත්‍යවශ්‍ය යි. ඒ නිසාවෙන් ඔවුන් කුඩා රහසිගත කැමරාවක් යන්ත්‍රයේ කොහේ හෝ රඳවනවා. ඉන් පසුව ඔවුන් ඒ ඔස්සේ ඔබේ රහස්‍ය අංකයන් ලබාගනිමින් ව්‍යාජ කාර්ඩ්පත් නිර්මාණය මඟින් හෝ online මාර්ගයෙන් මුදල් වංචාවන් සිදු කරනවා. මේ ගැටලුවට විසඳුමක් ලෙසින් EMV තාක්ෂණය සහිත encrypt (ගුප්ත කේතනය) කරන ලද chip එකක් සහිතව පැමිණෙන ATM Bank Cards අද වෙනවිට සුලභ වුණත්, ඒ කාර්ඩ් පිටුපස තවමත් චුම්බකිත පටිය දැක ගන්නට පුළුවන්. එය තිබෙන තාක් එය එතරම් ආරක්ෂිත නොවන බව පහළ වීඩියෝව නැරඹූ විට ඔබට වැටහේවි.

www.readme.lk වෙබ් අඩවිය මේ පිළිබඳව ඇතැම් බැංකු වෙත දුරකථන මාර්ගයෙන් අමතා තොරතුරු ලබාගෙන තිබුණා. Commercial සහ Amana බැංකු මේ ගැටළුව හඳුනාගෙන විසඳුම් ලබා දුන් බවත්, NTB බැංකුව තාවකාලිකව ඔවුන්ගේ ATM මඟින් මුදල් ලබාදීම නතර කර පරීක්ෂණ පවත්වන බවත් ඔවුන් සඳහන් කර තිබුණා. ඔබේ කාඩ් පතේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු අයුරු විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්  මහා බැංකුව සඳහන් කර තිබුණා. මේ වංචාවට සම්බන්ධ චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූ බවත්, ඔවුන් සතුව තිබී ලක්ෂ 12ක මුදලක් සහ ව්‍යාජ කාර්ඩ්පත් 200කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගත් බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ වංචාවලින් බේරෙන්නේ කොහොම ද?

  • පොදු ස්ථානවල ඇති ATM යන්ත්‍ර භාවිතා කරීම හැකි තරම් සීමා (Off-site ATM – බැංකු පරිශ්‍රයන්ගෙන් පිටත) කර, ඒ වෙනුවට බැංකු තුළ සවිකර ඇති යන්ත්‍ර භාවිතා කරන්න. බැංකු ශාඛා පරිශ්‍රයක් තුළ ඇති ATM යන්ත්‍රයකට එම තොරතුරු පිටපත් කිරීමේ Skimming Devices සවි කිරීමේ අවදානම සාපේක්ෂව අඩු අතර Off-site ATM යන්ත්‍රවල එම අවදානම සාපේක්ෂව ඉහළ ය. ඒ වගේම හැකි සෑම අවස්ථාවකම ආරක්ෂක නිලධාරීන් සිටින ATM යන්ත්‍රයක් භාවිතා කරන්න.
  • රාත්‍රී කාලයන්වල දී ATM ස්ථානයන්හි ගනුදෙනු සිදු කරන විට වඩා සැලකිලිමත් වන්න.
  • ATM යන්ත්‍රය ආශ්‍රිතව හෝ එයට සවිකර ඇති අසාමාන්‍ය උපකරණ හෝ උපාංග පිළිබඳ සැලකිලිමත් වෙන්න. සැකකටයුතු යමක් දුටුවොත් වහාම නිලධාරීන් දැනුවත් කරන්න.
  • ඔබට හැකි නම් PIN අංකය ඇතුළු කිරීමේ දී අතින් යතුරු පුවරුව වසාගෙන අංක ඇතුළු කරන්න.
  • අද වන විට බැංකු සියල්ලන්ගේම පාහේ SMS Alert සේවාවන් ලබා දී තිබෙනවා. ඒ මඟින් ඔබේ ගිණුමෙන් ගනුදෙනුවක් සිදුවන සෑම අවස්ථාවකම ඔබට කෙටි පණිවිඩ මඟින් ඒ පිළිබඳ දැනුවත් කිරීම් සිදු වෙනවා. එම සේවාවන් ඔබේ දුරකතනයටත් සක්‍රීය කරගන්න.
  • ATM යන්ත්‍ර අසල ගැවසෙන සැක කටයුතු පුද්ගලයින් පිළිබඳ අවධානයෙන් පසු වෙන්න. ගැටලුවක් හෝ සැක සහිත යමක් ඇත් නම් වහාම බැංකු නිලධාරීන් දැනුවත් කරන්න.

මූලශ්‍රයයන්:

Huffingtonpost.com

Readme.lk

Ft.lk

Youtube.com

Dailymirror.lk

Facebook.com

Huffingtonpost.com

Cbsl.gov.lk

Related Articles