Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Facebook සහ Instagram like count එක ඉවත් කිරීමට සැරසෙයි

Facebook සහ instagram වලින් Like count එක පෙන්වීම ඉවත් කිරීමට facebook සමාගම කටයුතු කිරීම සම්බන්ධව පසුගිය කාලය පුරාවට යම් යම් මතයන් පළවුනා. මේ ආරංචි පිළිබඳව පක්ෂව වගේම එයට අකමැත්තක් දවන විශාල පිරිසකුත් සිටින නිසාවෙන් මේ පිළිබඳව විශාල කතාබහක් ගොඩ නැගුණා. කොහොම වෙතත් මේ ආරංචිය සනාත කරවන පුවතක් පසුගිය දෙවැනි දා දැනගන්නට ලැබුණා. මෙයට හේතුව ලෙසින් සඳහන් facebook සමාගම සඳහන් කරන්නේ ඔබව follow කරන පුද්ගලයින් හට ඔබට ලැබෙන likes ප්‍රමාණය වැදගත් නොවෙන නිසාත්, likes count එක මතම පමණක් යම් content එකක ගුණාත්මකභාවය මැනීම සිදු නොවිය යුතු නිසාත් මේ පියවර ගෙන ඇති බව යි.

මේ මෙය දැනට ක්‍රියාත්මක වීමට නියමිත instagram සඳහා පමණයි. නමුත් මෙය facebook සමාජ ජාලය වෙතත් සිදු වෙන්නට හැකි බව Facebook Android App එකේ Source Code එක පදනම් කරගෙන ප්‍රකාශයක් නිකුත් කරන ඉංජිනේරු විශේෂඥයෙකු වන ජේන් වොන්ග් සඳහන් කර තිබුණා. 

මේ තීරණය ක්‍රියාත්මක වීමෙන් පසු instagram දැකගත හැකි අයුරු-Techcrunch.com  

TechCrunch ඇතුළු තාක්ෂණික ප්‍රවෘත්ති සපයන වෙබ් අඩවි කිහිපයක් කළ විමසීම්වල දි මේ තීරණය ගැන facebook ආයතනය තහවුරු කිරීමක් සිදු කර තිබෙනවා. නමුත් මෙය facebook සමාජ ජාලය වෙත පරික්ෂා කිරීම තවමත් අරඹා නැති බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා. මේ අනුව අදාල post එක share කළ, post එකේ හිමිකරුට පමණක් like count එක (ප්‍රමාණය) දැකගත හැකි වනු ඇති අතර, අනෙක් පුද්ගලයන් හට දැකගත හැකි වනුයේ අදාල post එකට like කරනු ලැබූ mutual friendsලා ගේ නම් පමණයි. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින නිසාවෙන් commentsවලට වැටෙන likes සහ reaction ප්‍රමාණය පෙන්වීම සිදු වෙනවා. 

Jane Wong පල කර තිබු twitter පණිවිඩය.

මෙය තාමත් නිල වශයෙන් ක්‍රියාත්මක වෙන දිනයක් නිශ්චිතව සඳහන් වෙන්නේ නැහැ. නමුත් මේ තීරණය පිළිබඳව යම් මට්ටමක අප්‍රසාදයක් ගොඩනැගෙමින් තිබෙන බවත් වාර්තා වෙනවා. මේ තීරණය පිළිබඳව ඔබ හිතන්නේ මොකක්ද? පහළ comment section එක ඒ වෙනුවෙන් විවෘත යි.

කවරය - forbes.com

මූලාශ්‍රයයන් 

Techcrunch.com

Theverge.com 

9to5mac.com 

Gsmarena.com 

Technews.lk 

Forbes.com 

Related Articles