Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Facebook යලි බිඳ වැටේ

මේ වෙද්දී Facebook සාමාජජාලයේ හැසිරී හොඳින් අත්දැකීම් ඇති ඔබටත් මටත් Facebook Server Down එකක් කියන්නේ එතරම්ම නුපුරුදු දෙයක් නම් නෙමෙයි. විටින් විට සිදුවන තාක්ෂණික යාවත්කාලීනවීම් වැනි දේ නිසා බොහෝ විට තාවකාලිකව Facebook සමාජ ජාලය ඇතුළු Facebook සමාගම සතුව පවතින Whatsapp, Instagram වැනි සේවාත් බිඳ වැටීම සිදුවෙනවා. අලුතෙන්ම සිදුවුණු Server Maintenance එකක් නිසාවෙන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ (2019.11.28) ලෝකය පුරා විශාල පිරිසකට මේ සමාජජාලාවන් වෙත නිසි ආකාරයෙන් පිවිසෙන්න නොහැකි තත්ත්වයන් උද්ගත වුණා. ෆොටෝස් upload කිරීම, share කිරීම, සහ status update කිරීම වැනි ප්‍රධාන පහසුකම් අතුරුදන් වීම ලොව පුරාම මිලියන ගණනක් පරිශීලකයන් කලබලයට පත් කරන්නට සමත් වුණා. මේ බලපෑම ඉන් නොනැවතී WhatsApp එල්ල වුණා.

ඒ වගේම facebook හරහා sign වීමෙන් ගිණුම් වෙත ඇතුල් වීමට හැකියාව ලබාදුන් Spotify, Tinder වැනි සේවාවන් වෙතත් සම්බන්ධ විය නොහැකිවීම් පිළිබඳව ලෝකය වටෙන්ම වාර්තා වුණා. මේ බිඳවැටීම් මාලාව සිදුව ඇතැ යි සැලකෙන්නේ ඇමරිකානු නැගෙනහිර වෙරළබඩ වේලාවෙන් (Eastern Time (ET))

උදෑසන 6ට පමණ යි. ආරංචි මාර්ගවලට අනුව මෙය facebook සමාගමේ server යාවත්කාලීනවීමක් බව තමයි දැනගන්න ලැබෙන්නේ. මේ බිඳ වැටීම Thanksgiving Dayහි (තුති පිදීමේ දිනයේ) සිදුවීම නිසා ඒ පිළිබඳව සමාව අයදින්නත් සමාගම අමතක කළේ නම් නැහැ. 

Instagram වෙත එක කර තිබූ post එක

ඉතාම ඉක්මනින් අදාළ දෝෂයන් නිවැරදි කරන්න facebook සමාගම කටයුතු කළත් ඒ කාලය අතරතුර විවිධ facebook පිටු සහ පෞද්ගලික ගිණුම් (personal accounts) disable වීම් සහ report වීම් පිළිබඳව සඳහන් වෙන විවිධ post අපට දකින්නට ලැබුණා. මේ අතරින් බොහොමයක් තමන්ගේ ගිණුම්වල සහ pageවල reach වැඩි කරගන්නට දැරූ උත්සාහයන් බව තමයි අපට නම් පෙනී ගියේ. විශේෂයෙන් “අනේ මගේ page එක report වෙනවා sticker comments දාන්න” වැනි ප්‍රකාශයන් සුලභව අපට දකින්න ලැබුණා.

Post එකක්, පෞද්ගලික ගිණුමක් හෝ page එකක් වුණත් report වීමේ දී මූලික ක්‍රියාවලිය සිදුවන්නේ ඉහත සඳහන් කළ ආකාරයටම යි. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාව තුළ සිදු වූ ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධව ලිපි සහ ඡායාරූප පළ කළ Facebook පිටු සහ ගිණුම් report වීම සහ disable වීම දෙයාකාරයකට සිදුවෙන්නට පුළුවන්. ඔවුන් දමන ලද postවල අන්තර්ගතය සමාජයට හානිදායක බව අනෙක් පරිශීලකයන් Facebook සමාගම වෙත report කිරීම නිසා හෝ මූලික පරීක්ෂාවන්වල දී හසු නොවුණු Facebook Community Standards සමග නොගැලපෙන යමක් facebook බොට්ස් වෙත හමු වූ නිසාවෙන් වෙන්නට පුළුවන්. මේ scan වීම සිදුවන්නේ බොට්ස් වෙත ලබා දුන් keywords වැනි දේවල් භාවිතයෙන්. මේ පරික්ෂාව වෙත ඔහුගේ post එකට ලැබෙන ප්‍රතිචාර (comments) පිළිබඳවත් සලකා බැලෙනවා. ඒ වගේම නිතරම facebook පිටුවක් හෝ ගිණුමක් පිළිබඳව අනෙක් පරිශීලකයන්ගෙන් report වීම් පැමිණෙනවා නම්, ඒ ගිණුම් හෝ පිටු පිළිබඳ ව සහ එහි අන්තර්ගතයන් ගැන සහ ඒවාට පුද්ගලයින් දක්වන ප්‍රතිචාර පිළිබඳවත් සලකා බැලීමක් සිදුකෙරෙනවා. විශේෂයෙන් අදාල report වීම් පැමිණෙන්නේ කුමන කාණ්ඩයක් යටතේ ද යන්න ගැනත්, ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් තීරණය කෙරෙනවා. බොහෝ විට මේ සියලු කටයුතු සඳහා ඒ එක් එක් කාර්යයන්ට විශේෂිත වූ බොට්වරුන් සිටිනවා.

රැල්ලට Comment ඉල්ලීම 

සාමාන්‍යයෙන් තරමක් වැඩි reach එකක් තිබෙන, වැඩි පිරිසක් ගැවසෙන page සහ profile disable වීමට අනෙක් සාමාන්‍ය profileවලට සාපේක්ෂව යම් කාලයක් ගත වෙනවා. නමුත් likes හෝ reach වෙන ප්‍රමාණය වැඩිවීම ඔබේ facebook පිටුව ආරක්ෂා වෙන්නට විශේෂ හේතුවක් නොවන බව හොඳින් මතක තබාගත යුතු යි. එයට හොඳම උදාහරණය සපයන්නේ Sarcasm Facebook පිටුව යි. මිලියන ගණනක් likes තිබුණු ඒ පිටුවත් කාලයක් තිස්සේ disable වීමකට ලක් වී තිබුණා.

බොහෝ විට ඉහත Image එකේ දැක්වෙන අන්දමේ post බොහෝ විට profile එකට හෝ page එකට reach/ likes ලබා ගැනීමට දරන කූට ප්‍රයත්නයක් වීමට ලොකු ඉඩක් තිබෙනවා. කාගේ හෝ ඉල්ලීමකට, යම් කෙනෙකුට, හෝ පේජ් එකකට වැඩි වැඩියෙන් ස්ටිකර් කමෙන්ට්ස් ලබාදෙන විට ඔබ සියලු දෙනාගේ මිතුරු ලැයිස්තුවල සිටින යහළුවන්ට සහ ෆලෝවර්ස්ලට ඒක පේන්න තියෙන ඉඩ සෑහෙන වැඩි වෙනවා. එමඟින් අදාළ පුද්ගලයාගේ හෝ page එකේ reach වැඩි වීම පමණක් සිදුවෙනවා. reach වැඩි කරගැනීම වරදක් නොවුණත් ඔබ නොදැනුවත්ව හෝ මුලාවට පත් වී “වැහෙන්න යන්නේ….!”, “අහවල් පිරිස මේ profile එක report කරනවා”, “මම අදාළ ලිපිය දාපු නිසා report වෙනවා, මෙච්චර ගාණක් comments දෙන්න” වැනි ප්‍රකාශයන් නිසා අනවශ්‍ය පුද්ගලයින්ට reach ලබා දෙන්න පෙර දෙවරක් නුවණින් සිතන්නයැ යි අපි ඔබට මතක් කරනවා.

Related Articles