Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Fortnite ක්‍රීඩාවේ අවසානය ද මේ?

Epic Games සමාගමේ නිර්මාණයක් ලෙස 2017 වසරේ දී එළිදැක්වුණ Fortnite පරිගණක ක්‍රීඩාව  ලෝකයේ විශාලම prize pool එකක් සහිත පරිගණක ක්‍රීඩාවක් ලෙස අතිශය ජනප්‍රිය යි. Survival සහ Battle Royale කියන Game Genresවලට මේ ක්‍රීඩාව අයිති වෙනවා. 2018 වසරේ දී පමණක් 

ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක ආදායමක් ලැබූ Fortnite ක්‍රීඩාව සමග ලොව පුරා මිලියන 125ක් පමණ ක්‍රීඩකයින් රැඳී සිටිනවා. පසුගිය දිනෙක Fortnite mobile version එකත් ඔවුන් තමන්ගේ ක්‍රීඩා ලෝලීන් වෙත හඳුන්වා දුන්නා. කොහොම වුණත්, පසුගිය 13 වෙනිදා සිට මේ ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. 

ක්‍රීඩාවට ඇතුල් වන විට දැකගන්න ලැබෙන කළු කුහරය- theverge.com 

බොහෝ දෙනෙකුට මතු වුණ ගැටළුව තමයි; මේ Fortnite අවසානය ද? කියන එක. හදිසියේම Fortnite ක්‍රීඩාවේ තිබෙන දූපත වෙත යම් ආකාරයක උල්කාපාතයක් කඩා වැටෙනවා. කඩා වැටෙන මේ උල්කාෂ්මය හේතුවෙන් දූපත විනාශ වී යන්න පටන් ගන්නවා. ක්‍රීඩකයන්ට මෙම සිදුවීම දෙස බලා සෙවීම හැර කිසිවක් කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඉන් අනතුරුව නිර්මාණය වෙන කළු සිදුරක් තුළට සියලුම දේ ඇදී යනවා.

කළු සිදුර කියන දේ ඔබට යම් නුහුරු සංකල්පයක් නම් පහළ video එක නරඹන්න අපි ඔබට ආරාධනා කරනවා.

මේ ක්‍රීඩාව තුළ සිදුවුණු එකී සිදුවීම. 

මේ සිදුවීම පිළිබඳව ක්‍රීඩකයන් වගේම තාක්ෂණික ලෝකයේත් බොහෝ කතාබහට ලක් වෙන්න පටන් අරගෙන යි තියෙන්නේ. මේ සිදුවීම වටා පවතින උණුසුම වඩාත් තීව්‍ර වෙන්නේ Fortnite ක්‍රීඩාව වෙනුවෙන් පවත්වා ගෙන ගිය Twitter account එක සියලුම tweet මකා දැමීම නිසාවෙනුයි. මේ වෙද්දි එහි blackhole එකෙහි live video එකක් පමණක් දැකගන්න හැකියාව තියෙනවා. Fortnite වෙනුවෙන් වෙන්ව තිබූ නිල facebook පිටුවත් අක්‍රීයව යි පවතින්නේ. ක්‍රීඩාව සහ එහි bugs වැනි දෑ පිළිබඳව සටහන් වන Epic සමාගමේ  Public Trello Board එකත් අක්‍රීය තත්ත්වයට පත්ව තිබෙනවා. 

Twitch, YouTube සහ Twitter ඇතුළු සමාජ මාධ්‍ය සියල්ලේම පාහේ, මේ ක්‍රීඩාව වෙනුවෙන් නිර්මාණය වී තිබූ නිල ගිණුම් තුළ blakhole එක පමණක් දැකගන්න පුළුවන් වෙනවා. මිලියන ගණනක් ක්‍රීඩකයන් බලාපොරොත්තු දල්වා බලා සිටින්නේ මීළඟට සිදුවන දෙය පිළිබඳව යි. 

the end is near  “this is the end වැනි twitter පණිවිඩ කිහිපයක්ම නිල twitter ගිණුමේ පළ වී තිබුණත්, මේ වෙද්දී ඒ සියල්ල ඉවත් කර ඇති බව අපිට දැකගන්න පුළුවන්. 

Black hole live stream එක twitter හරහා stream වෙන අයුරු- twitter.com 

කොහොම නමුත්, twitter පණිවිඩයක් නිකුත් කරමින් PlayStation සමාගම සඳහන් කරන්නේ; ක්‍රීඩකයන් මෙය ක්‍රීඩා කිරීමේ දී භාවිතා කළ V-bucks (ක්‍රීඩාව තුළ විවිධ දේ මිල දී ගැනීම සඳහා භාවිත කරන ඒකකයක්) සියල්ල ගැන බිය විය යුතු නැති බව යි. වැඩි විස්තර දැනගන්න epicgames.helpshift.com වෙබ් අඩවිය හරහා පුළුවන් බවත් ඔවුන් මතක් කරනවා. 

Epic සමාගමේ twitter පණිවිඩය- twitter.com  

ක්‍රීඩාවට දැන් ඇතුල් වෙන්න උත්සාහ දරන ක්‍රීඩකයන් වෙත විවිධ error පණිවිඩ දර්ශනය වීම් දැකගන්න ලැබිලා තියෙනවා. 

ක්‍රීඩකයන්ට දැකගන්න ලේබන error පණිවිඩ- twitter.com 

බොහෝ දෙනෙක් මේ සිදුවීම ගැන වගේම ඊළඟට සිදුවන දේ පිළිබඳව විවිධ අනුමානයන් ගණනාවක් ඉදිරිපත් කර අවසන්. ඔවුන්ගේ විශ්වාසය නව මුහුණුවරකින් ක්‍රීඩාව යළි නිකුත් වනු ඇති බව යි.

කවරය- fortniteboards.com

මූලාශ්‍රයයන්: 

Fortniteboards.com 

Youtube.com 

Epicgames.helpshift.com 

Twitter.com 

Theverge.com   

Related Articles