Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සම්බාධක හමුවේ නොසැලී Huawei වැඩිම විකිණුම් අතර දෙවැනි තැනට

ඔබට මතක ඇති Huawei Technologies Co Ltd ආයතනය වෙත මේ වසර තුළ දී ගැටළු රාශියකට මුහුණ දෙන්නට සිදුවුණා. තම ආරක්ෂාවට Huawei උපාංග තර්ජනයක් බව ට්‍රම්ප් ආණ්ඩුව තීරණය කිරීමත් සමගම Huawei ආයතනය Blacklist (අසාදුලේඛනගත) කිරීම සිදුවුණා. ඊට අමතරව ඇමෙරිකාව සමග ව්‍යාපාර ගනුදෙනු කිරීම් සඳහා ඔවුන්ට සම්බාධක පැනවුණා. පසුගිය මැයි මාසයේ දී මෙසේ සිදුවුණත්, එයින් නොසැලී Huawei ආයතනය පසුගිය සැප්තැම්බරයේ ඔවුන්ගේ නවතම උපාංග පෙළ හඳුන්වා දුන්නා. ඒ අතරට Huawei Mate (flagship) ජංගම දුරකතන මාලාවේ නවතම මාදිලිය වන Huawei Mate 30 ජංගම දුරකතනයත් ඇතුළත්. එමෙන්ම Google Apps කිසිවක් නොමැතිව යි මෙය එළිදැක්වීමට ද කටයුතු කරනු ලැබුවේ. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අදාළ Play Store, Google Play Services, Google Maps වැනි අත්‍යවශ්‍ය සේවාවන් ද Huawei දුරකතන වෙත අහිමි වුණා. මේ ගැන වැඩි දුර විස්තර Huaweiවලට ඇමරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි- එතකොට අපට මොනවා වෙයි ද? ලිපියෙන් කියවන්න ඔබට හැකියාව තිබෙනවා. 

ඇමරිකාව සහ චීනය අතර තිබෙන දැඩි තරගකාරීත්වය- economist.com 

Gizchina.com වෙබ් අඩවිය සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල අනුව ඇමරිකානු තහනම ද නොතකා ලොව වැඩිම විකිණුම් සහිත දුරකතන වෙළඳනාම අතර දෙවන තැනට පත් වෙන්න Huawei සමාගම සමත් වෙලා තියෙනවා. Counterpointresearch.com වෙබ් අඩවියට අනුව 2019 පළමු කාර්තුව අවසන් වන විටත්  ඇපල් සමාගම අබිබවා ලොව ස්මාර්ට් දුරකතන වෙළඳ පොළෙහි ඉදිරියට පැමිණීමට Huawei සමත්ව සිටියා. Samsungවලට පමණක් දෙවැනි වූ එය වසරක් තුළ 50%ක වර්ධනයක් ලබා‍ගෙන තිබුණා. මේ වර්ධනය වසරේ ඉතිරි කාර්තු තුළත් රඳවා ගන්නට සමාගම සමත් වුණා. මේ වන විට ඔවුන් samsung සමාගමට පමණක් දෙවැනි ව තිබෙනවා. මේ සන්නාමයන් දෙක අතර තිබෙන පරතරය 3.6 %ක් පමණ බව තමයි Gizchina.com වෙබ් අඩවිය වාර්තා කරන්නේ. 

මේ වසරේ දී පමණක් Huawei සමාගම අලෙවි කළ ජංගම දුරකතන ඒකක ප්‍රමාණය මිලියන 251ක්. එය සමස්ත ජංගම දුරකතන වෙළඳ පොළෙන් 17.7%ක ප්‍රමාණයක් ලෙස හඳුනාගන්න පුළුවන්. තවදුරටත් ජංගම දුරකතන වෙළඳ පොළ තම බලපරාක්‍රමය රඳවා ගන්න samsung සමාගම වෙත හැකි වෙලා තියෙනවා. ඔවුන් පසුගිය 2019 වසර තුළ ඒකක මිලියන 323ක් අලෙවි කරමින් 21.3%ක වෙළඳපල හිමිකාරත්වයක් ලබාගන්න සමත්ව තිබෙනවා. වසර මුල දුරකතන වෙළඳ පොළ දෙවැනි ස්ථානයට පත් ව සිටි ඇපල් සමාගම වසර අග වන විට තෙවැනි තැනට පත් වෙනවා. ඔවුන්ට 2019 වසර තුළ දී හිමි වෙන්නේ ජංගම දුරකතන වෙළඳ පොළෙන් 13.6%ක වෙළඳපළ කොටසක් පමණයි. ඔවුන් විකුණා ඇති iPhone ඒකක සංඛ්‍යාව මිලියන 193ක් ලෙසයි වාර්තා වෙන්නේ.

ජංගම දුරකතන වෙළඳපළ ආදිපත්‍ය දරණ සන්නාම -gsmarena.com

ඇමරිකාවෙන් පැමිණි දැඩි සම්බාධක හමුවේ වුවත් ස්ථාවරත්වය රැකගැනීමට Huawei සමත්ව තිබෙනවා. ඒ වගේම මේ වෙද්දී Huawei සමාගම Android පාදක නවතම මෙහෙයුම් පද්දතියක් (Harmony operating system) වෙත යොමු වෙමින් ඉන්නා බව ඔබ දන්නවා ඇති. එළඹෙන 2020 දී නිකුත් වන දුරකතන වෙත මේ මෙහෙයුම් පද්දතිය සහ ඒ වෙත ලැබෙන සේවාවන් සියල්ලම පාහේ Huawei වෙතම අනන්‍ය සේවාවන් බව ආරංචි මාර්ග සඳහන් කරනවා. අපි බලමු ඒ සේවාවන් සමග 2020 වසරේ Huawei ජංගම දුරකතන මොන වගේ පෙරළියක් සිදුකරයි ද කියලා. මේ ගැන ඔබේ අදහස් Comment Section එකේ පළ කරන්න අමතක කරන්න එපා. 

සබැඳි ලිපි: Huaweiවලට ඇමරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි- එතකොට අපට මොනවා වෙයි ද? 

මූලාශ්‍රයයන්: 

Apnews.com 

Ft.com 

Gsmarena.com 

Telecom.economictimes.indiatimes.com 

Gizchina.com 

Koreaherald.com 

Counterpointresearch.com 

කවරය: 

Apnews.com 

Related Articles