Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මසකට ලක්ෂයක් විකිණෙන Huawei Mate X

Foldable Phone රැල්ල ආරම්භ වූ වසර විදිහට පසුගිය 2019 වසර හඳුන්වන්න අපට හැකියාව තිබෙනවා. නමුත්, මේ 2020 වසර ආරම්භ වෙන්නෙම Foldable Phone පෙරළියකින්. මේ ලිපිය හරහා දිගහැරෙන්නේ ඒ පිළිබඳව යි. 

පසුගිය වසරේ  Flexpai උපාංගයෙන් ඇරඹුණු Foldable රැල්ල Samsung සමාගමේ Galaxy Foldable වගේම, Huawei සමාගමේ Mate X ඇතුළු සමාගම් ගණනාවක් නැවිය හැකි දුරකතන නිර්මාණය කරන්නට පෙළඹවීමක් බවට පත් වුණා. කොහොම වුණත්, අවාසනාවකට වගේ මේ නැවිය හැකි දුරකතන නිෂ්පාදනය කළ සමාගම් ගණනාවක Foldable Phone අසාර්ථක උපාංග ලෙස තාක්ෂණික ලෝකයේ හැඳින්වෙන්නට ගත්තා. ඔබට මතක ඇති මිලෙන් තරමක් අධික Galaxy Foldable දුරකතනයේ durability එක පිළිබඳව ඇති වුණු මතභේදාත්මක වාතාවරණය. Samsung Galaxy Foldable දුරකතනය පරික්ෂා කිරීමේ සහ ජනප්‍රිය කරවීමේ අරමුණ ඇතිව social media influencersලා වෙත ලබා දුන්නා. නමුත්, ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර අයපත් වූ නිසාවෙන් දුරකතනය නිකුත් කිරීමට තිබූ දිනය කල් දමන්නට පවා සමාගමට සිදුවුණා. දෙවැනි වර දුරකතනය වෙළඳපොළ වෙත නිකුත් කළ විගසම මෙය තවමත් වෙළඳපොළ වෙත නිකුත් කිරීමට එතරම් සුදුසු නැති බව ජනප්‍රිය YouTube චැනලයක් වන JerryRigEverything වෙතින් සඳහන් කළා.

කෙසේවෙතත්, Foldable දුරකතන නිෂ්පාදනය කර සාර්ථක අලෙවියක් සිදුකළ සමාගමක් බවට පත් වෙන්නට පසුගිය දිනෙක Huawei සමාගමට හැකි වුණා. ඒ මාසයකට අලෙවි වන Huawei Mate X දුරකතන සංඛ්‍යාව 100,000ක් බවට ඔවුන් සිදුකළ ප්‍රකාශය සමග යි. Huawei සමාගම සමග Foldable දුරකතන නිෂ්පාදනයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන samsung සමාගම Galaxy Foldable දුරකතන මිලියනයක් විකුණා ඇති බව එහි විධායක නිලධාරියෙකු වන Young Sohn සඳහන් කර තිබුණත්, CES 2020 තාක්ෂණ ප්‍රදර්ශනයේ දී ඒ ප්‍රකාශය නිවැරදි කෙරුණා. ඒඅනුව විකුණා ඇති මුළු දුරකතන ප්‍රමාණය 400,000ත් 500,000ත් අතර බව තමයි වාර්තා වෙන්නේ. බැලූ බැල්මට වැඩිම විකිණුම් ප්‍රමාණය samsung සමාගම සතු වුණත්, Huawei Mate X තවමත් යුරෝපය වෙත හෝ චීනයෙන් පිට අලෙවිය අරඹා නැහැ. චීනය තුළ පමණක් මෙවැනි විකිණුමක් ලබන්නට Mate X වෙත හැකියාව තිබෙනවා නම්, Global Release එකෙන් අනතුරුව නව වාර්තාවක් තබන්නට මේ උපාංගයට හැකි වෙනු ඇතැ යි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. 

මේ දුරකතනය මෙතරම් ජනප්‍රිය වන්නට එහි දෘඩාංග මූලික හේතුවක් බවට පත් වෙලා තියෙනවා. HiSilicon Kirin 980 ප්‍රොසෙසරයක්, 8GB RAM එකක් වගේම 512GB Internal storage එකක් සහිත Huawei Mate X දුරකතනය පැමිණෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් 9 Pie මෙහෙයුම් පද්ධතිය සමග යි. මෙහි සිම් කාඩ් පත් දෙකක් දැමිය හැකි අතරම, එක සිම්පතක් වෙනුවට ඔබට අවශ්‍ය නම් නැනෝ මෙමරි card (NM) පතකින් Storage එක තවත් වැඩි කරගන්නට අවස්ථාව තිබෙනවා. ඊට අමතරව මෙහි Volume button එකට පහළින්  fingerprint sensor එකක් (ඇඟිලි සලකුණු සංවේදකයක්), NFC, රිමෝට් එකක් ලෙස භාවිතයට IR port එකක් වගේම Huawei සමාගමේ නවතම ආරෝපණ තාක්ෂණයක් වන Huawei SuperCharge තාක්ෂණයෙනුත් මෙය සමන්විත යි. එනම්, විනාඩි 30ක Charging (ආරෝපණ) කාලයක දී 85%ක් දක්වා බැටරිය ආරෝපණය කරන්න හැකියාව තියෙනවා.

තිරය පිටත සිටින සේ නැවිය හැකියි- ytimg.com 

Falcon design එක සහිත අඟල් 8ක තිරය වගේම, Leica සමාගම විසින් නිපදවන ලද විශේෂ කැමරා 4කුත් මේ උපාංගය සතු වෙනවා. ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 40ක f/1.8 වූ wide කැමරාවක්. දෙවැනි කැමරාව මෙගා පික්සල් 16ක f/2.2 වූ ultrawide කැමරාවක්. තුන්වැන්න මෙගා පික්සල් 8ක telephoto lens සහිත කැමරාවක් වන අතරම හතරවැනි කැමරාව TOF (time-of-flight) නම් Depth එක හඳුනාගැනීමට ආලෝක පරාවර්තන වේගය භාවිතා කරන සංවේදකයක් ලෙස යි සඳහන් වෙන්නේ. මීට අමතරව නවතම 5G තාක්ෂණයටත් මේ උපාංගය සහාය දක්වනවා. චීනයේ මේ දුරකතනය අලෙවි වන මිල ලෙස දැක්වෙන්නේ yuan (යුආන්) 16,999ක් එහෙම නැති නම්, ඇමරිකානු ඩොලර් 2,400ක් ලෙස යි. බාර්සිලොනාවේ පැවැත්වීමට නියමිත MWC 2020 තාක්ෂණික ප්‍රදර්ශනයේ දී Huawei Mate X දුරකතනය ලෝකයේ අනෙක් රටවල් වෙතත් නිකුත් කෙරෙනු ඇතැ යි දැනට විශ්වාස කෙරෙනවා.

සබැඳි ලිපි: 

අලුතින්ම පැමිණි නැවිය හැකි Huawei Mate X

MWC 2019හි දී දකින්නට ලැබුණු හොඳම දුරකතන උපාංග

Lenovo වෙතින් නැවිය හැකි තිරයක් සහිත ලැප්ටොප් ආකෘතියක්

Galaxy Foldable අබිබවන්නට එන Motorola Razr 2019

සම්බාධක හමුවේ නොසැලී Huawei වැඩිම විකිණුම් අතර දෙවැනි තැනට

මූලාශ්‍රයයන්: 

Theverge.com 

Yoututube.com 

Futurecdn.net  

Ytimg.com 

Frandroid.com 

කවරය- Theverge.com  

Related Articles