Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇපල් අලකලංචි

ඇපල් සමාගම සහ චීන රජය අතර මේ වන විට පවතින්නේ උග්‍ර මට්ටමකට පැමිණ තිබෙනවා. මෙවැනි අවස්ථාවක හදිසියේම ඇපල් සමාගම තමන්ගේ Mac Pro නිෂ්පාදනාගාර චීනය වෙත ගෙන යාමට තීරණය කර තිබෙන බව ආරංචි මාර්ගයන් පවසනවා. ඇපල් සමාගම වෙනුවෙන් Mac පරිගණක නිෂ්පාදනය කරන Quanta Computer ආයතන මේ වන විටත් මේ ස්ථාන මාරු සඳහා වැඩ කටයුතු සූදානම් කරමින් සිටින බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඇමෙරිකාවේ Austinවල පැවති Mac Pro නිෂ්පාදනාගාර, චීනයේ ශැන්ග්හායි වෙත ගෙනයනු ඇත. මෙයට ප්‍රධානතම හේතුව ලෙසින් වාර්තා වෙන්නේ Mac Pro නිෂ්පාදනයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, සැපයුම්කරුවන් චීනය ආශ්‍රිතව කටයුතු සිදු කිරීම යි. චීනය වෙත ආයතනය රැගෙන යාමෙන් අමුද්‍රව්‍ය ප්‍රවාහනයට ගත වන කාලය සහ මුදල් ඉතිරිකර ගනිමින් Mac Pro පරිගණකවල නිෂ්පාදන වියදම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගැනීමට Apple සමාගමට හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් නිල වශයෙන් මේ පිළිබඳව තවමත් ඇපල් සමාගම නිවේදනයක් නිකුත් කර නැහැ. 

2019 වසරේ ආරම්භය ඇපල් සමාගමට එතරම්ම සුභදායක වුණේ නැති බව ඔබට මතක ඇති. Qualcomm සමාගම, ඇපල් සමාගමට විරුද්ධව නඩු පැවරීම සහ තවත් හේතු ගණනාවක් බලපෑවා. ඒ පිළිබඳව අප ඔබව  “2019 ඇපල් සමාගමට නපුරු වේවි ද?” ලිපියෙන් දැනුවත් කළා.

Jony Ive ඇපල් සමාගම හැර යයි 

Jony Ive ඇපල් සමාගමේ CEO Tim Cookසමග  – nypost.com

දශක තුකට අධික කාලයක් තිස්සේ ඇපල් සමාගමේ සේවයේ සිටි ඇපල් සමාගමේ ප්‍රධාන සැලසුම් නිලධාරීවරයා වන Jony Ive ඇපල් සමාගම හැරයන්නට තීරණය කර තිබෙනවා. විශාල වශයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටියත් ‘90 දශකයේ පමණ සිට අප භාවිතා කරන ඇපල් උපාංගවල නිර්මාණ කාර්යයභාරයට විශාල දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙක් ලෙසින් Jony Ive හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් ඇපල් උපාංග සඳහා බොහෝ ඇලුම් කරන්නේ එහි තිබෙන පෙනුම හා දැනෙන premium හැඟීම නිසාවෙන්. ඒ පෙනුම පවත්වාගන්නට දායකත්වය ලබාදුන් පුද්ගලයෙක් ලෙසින් Jony Ive හඳුන්වන්න පුළුවන්. 

මොහු සමාගම හැරයාමට හේතුව ලෙසින් ඔහු සඳහන් කරන්නේ ඔහුගේම design firm එකක් ආරම්භ කිරීමට බවයි වාර්තා වෙන්නේ. මෙලෙසින් ආරම්භ වෙන LoveFrom design firm එක ඉදිරියේ දීත් ඇපල් සමාගම සමග ඉතා සමීපව කටයුතු කිරීමට සැරසෙන බව යි දැනගන්නට ලැබෙන්නේ. Apple සමාගම LoveFrom ආයතනයේ පාරිභෝගිකයෙකු වුවහොත් බොහෝ විට ඉදිරියේ නිකුත් වන ඇපල් උපාංග සඳහාත් මොහුගේ නිර්මාණ දායකත්වය ලබෙන්නට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් Jony Iveගේ මේ හැරයාම පිළිබඳව විවිධ මතයන් ඇපල් සමාගමේ නිෂ්පාදන අගයන පුද්ගලයන් අතර පවතිනවා. වසර 5කට පමණ පෙර The Guardian පුවත්පත සමග පැවති සාකච්ඡාවක දී ඔහු සිදු කළ යම් ප්‍රකාශයක් මේ කතාබහට තුඩු දී තිබෙනවා. Apple සමාගම විසින් නව්‍යකරණය (innovate) කිරීම නවතා දැමුවහොත් ඔහු Apple සමාගමෙන් ඉවත්ව යන බව තමයි ඒ ප්‍රකාශයේ අඩංගු වෙන්නේ. මේ සියල්ලෙහි ඇත්ත නැත්ත ඉදිරියේ දී ඉතා ඉක්මනින් අපිට දැක බලාගන්න හැකියාව ලැබෙයි.

මූලාශ්‍රයයන්: 

Softpedia.com

Macrumors.com 

Technews.lk

Theverge.com

Theguardian.com

Cnn.com 

Wsj.com

Nypost.com 

Related Articles