Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Pixel 4 දුරකතනයේ නිල නොවන ඡායාරුප අන්තර්ජාලයට

Google සමාගම නිකුත් කරන Pixel ජංගම දුරකථන මාලාව ලෝකය පුරා අතිශය ජනප්‍රිය බවට පත්වූවක්. විශේෂයෙන්ම මේ දුරකථන මාලාවේ කැමරා පද්ධතිය කාගේත් සිත් ඇදගන්නට සමත්ව තිබෙනවා. ඉදිරියේ දී නිකුත් කරන්නට ඇති Pixel 4 දුරකථනය පිළිබඳව මේ වෙද්දීත් විශාල කතාබහක් තාක්ෂණික ලෝකයේ ඇතිව තිබෙන බව ඔබ දන්නවා ඇති. 

සාමාන්‍යයෙන් ජංගම දුරකතනයක් නිකුත් වෙන්නට කලින් එහි පෙනුම සහ එහි විස්තර අන්තර්ජාලයට නිකුත් වීම පුරුද්දක් ලෙස සිදුවන්නක්. සමහර අවස්තාවන්වල දුරකතන සමාගම් හිතා මතාම මේ දත්ත අන්තර්ජාලයට කාන්දු කිරීමත් සිදු කරනවා. ඒ ඔවුන්ගේ දුරකතනය ප්‍රචාරණයන් සිදු කර ගැනීම අරමුණු කර ගෙන යි. 

පසුගිය දිනෙක google සමාගම pixel 4 දුරකථනය සඳහා නිර්මාණය කළ බවට සැලකෙන ප්‍රචාරණ වෙළඳ පටයක් (promotional video එකක්) අන්තර්ජාලයට එකතු කිරීමට ස්පාඤ්ඤ ජාතික Proandroid වෙබ් අඩවිය සමත් වුණා.

මේ අනුව ඉදිරියට එන Pixel 4 දුරකතනයේ night sight mode එකෙහි නව සංස්කරණයන් අහස/තරු ආදිය ඡායාරූපගත කළ හැකි astrophotography mood එකක් හඳුන්වාදීමට නියමිත බව වගේම වැඩි දියුණු වූ air gestures, සහ Google Assistant භාවිතා කර voice මඟින් පමණක් Google Photos app එකේ වැඩ කර ගැනීමට හැකියාව ලැබෙන බවත් මෙහි සඳහන්. 

ඒ වගේම Pixel ජංගම දුරකථනයේ unlocking mechanism එක Face unlock තාක්ෂණය මත පදනම් වන අතර, iPhone Xවල සිට භාවිතා වන ආකාරයේ advanced sensors ගණනාවක් භාවිතා කරමින් ඉතාමත් ආරක්ෂිත ආකාරයේ Face unlocking ක්‍රමයක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කර තිබෙන බවක් කියවෙනවා. Face unlock කිරීම සඳහා භාවිතා වන ඡායාරූප හෝ කිසිදු රූපමය තොරතුරක් ජංගම දුරකථනයෙන් පිටතට ගෙන නොයන බවත්, සියළු processing කටයුතු ජංගම දුරකථනය තුළම සිදු කරනු ලබන බවත්, කිසිදු අවස්ථාවක දී Google හෝ වෙනත් සේවාවකට මේ දත්ත භාවිතා කළ නොහැකි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට අමතරව මෙහි අන්තර්ගත වන විශේෂිතම තාක්ෂණය වන්නේ Google සමාගමේ Advanced Technology and Projects (ATAP) team එක විසින් සිදු කරගෙන ගිය Project Soli නමින් හැඳින්වූ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය කළ Soli chips භාවිතා කරමින්, හස්ත සංඥා භාවිතා කිරීමේ හැකියාව ලැබීම යි. ගීතයක් skip කිරීම, alarm එකක් නැවැත්වීම හෝ call එකක් ලැබෙන විට එය silent කිරීම වැනි කටයුතු මූලිකව මේ හරහා සිදු කිරීමේ හැකියාව ලබා දෙන බවත්, ඉදිරියේ දී මෙය භාවිතා කරමින් තවත් පහසුකම් භාවිතා කිරීමේ හැකියාව ලබාදීමටත් Google සමාගම බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා.

සම්පුර්ණ Pixel 4 ජංගම දුරකතනයේයැ යි සැලකිය හැකි ඡායාරූප පෙළක් theverge.com වෙබ් අඩවිය වෙත යම් පුද්ගලයෙකු විසින් ඒවා තිබුණා.

theverge.com වෙත් ලැබුණු ඡායාරූපවලින් කිහපයක්

තවමත් Pixel 4 ජංගම දුරකථනය නිල වශයෙන් නිකුත් කරන දිනයක් සඳහන් කර නොමැති නමුත් බොහෝ විට ඔක්තෝම්බර් මාසයේ මෙය සිදු වේවියැ යි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. කෙසේ වෙතත් අන්තර්ජාලය වෙත කාන්දුවුණු මේ images පිළිබඳව බොහෝ දෙනෙකු විවිධ මතයන් පල කරනවා. පසුපස තනි කැමරාවකින් පමණක් මෙතෙක් සමන්විත වුනු pixel දුරකතන මෙවර එය වෙනස් කිරීම පිළිබඳව වගේම එහි නිමාව සහ මුහුණත ගැනත් මේ වෙද්දී කතා බහක් ගොඩ නැගෙමින් පවතිනවා. මේ ගැන ඔබේ අදහස අපට පහළින් comment කරන්න මතක කරන්න එපා. 

Update: Pixel 4 ජංගම දුරකථනය එළැඹෙන ඔක්තෝබර් 15 වන දා නිල වශයෙන් නිකුත් කෙරෙන බව Google ආයතනය විසින් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුනා.

Cover - tweaktown.com

මූලාශ්‍රයයන් 

Technews.lk

Theverge.com 

Xda-developers.com 

9to5google.com 

Blog.google 

Tweaktown.com 

Related Articles