Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙරාබිට් 26.2ක අන්තර්ජාල වේගයක් රැගෙන එන- මරීයා

Facebook සමාගම, Microsoft සමාගම, සහ යුරෝපයේ විදුලි සංදේශ සේවා සහ යටිතල පහසුකම් සපයන සමාගමක් වන Telxius විසින් 2017 වසරේ ඔවුන්ගේ දැවැන්තම ක්‍රියාවලියේ සාර්ථක නිමාව පිළිබඳව ලෝකය දැනුවත් කළා. ඒ Marea නම් මුහුද යටින් දිවෙන දීර්ඝ Cable එක සාර්ථකව එලා අවසන් කිරීම සම්බන්ධයෙනුයි. මේ subsea cable එකේ දිග කිලෝමීටර 6,600ක් පමණ (සැතපුම් 4100 පමණ) වෙනවා. මෙය පිහිටා තිබෙන්නේ ආදී 17,000 පමණ ගැඹුරු මුහුදේ. සාමාන්‍යයෙන් මුහුදු යටින් දිවෙන මෙවැනි කේබලයක් එළිම සඳහා වසර 5කට ආසන්න කාලයක් ගත වෙනවා. නමුත්, මෙය සම්පුර්ණ කිරීමට ඔවුන්ට ගත වෙන්නේ වසර 2කට ආසන්න කාලයක් පමණයි. මේ කේබලය මඟින් ස්පාඤ්ඤ සහ ඇමරිකාව අතර සම්බන්ධතාවය ගොඩනගනවා. මෙම කේබලය තුළින් දත්ත ගමන් කරන වේගය (න්‍යායයික දත්ත හුවමාරු වේගය) 160Tbps වුවත්, ප්‍රායෝගිකව ලබාගත හැකි සාමාන්‍යය දත්ත හුවමාරු වේගය 9.5Tbps පමණ වුණා. ඔවුන් මේ පවතින තත්ත්වයන් සහ තාක්ෂණයන් යටතේ බලාපොරොත්තු වන උපරිම වේගය වූ 20Tbps වෙත යාමට හැකියාව ලැබුණෙත් නැහැ.

Marea කේබලය සහ එහි භූගෝලීය පිහිටීම් ඔස්සේ වඩාත් කාර්යක්ෂමව අන්තර්ජාල සම්බන්ධතාවයන් ලබා ගන්නට පහසුකම් ප්‍රධානව සැලසුණේ යුරෝපයට වුණත් ආසියා මහද්වීපය, අප්‍රිකා මහද්වීපය, ඇතුළු ප්‍රදේශ ගණනාවකට මෙහි වක්‍ර පහසුකම් සැලසුණා. මෙහි බර නිල් තල්මසුන් 34 දෙනෙකුට සමාන කරනවා. එනම්, කිලෝග්‍රෑම් මිලියන 4.65ක් පමණ වෙන බව තමයි වාර්තා වෙන්නේ. මේ ක්‍රියාන්විතය අතිශයින් වැදගත් වෙන්නේ ඒ වන විටත් ලෝකයේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම වාගේ රඳා පැවතුණේ අන්තර්ජාලය සහ cloud සේවාවන් මත වීම නිසයි. මේ කේබල් එක හරහා මයික්‍රොසොෆ්ට් සමාගමේ Azure cloud platform එක Microsoft’s Office 365, Xbox Live, Facebook, Instagram සහ Whatsapp ඇතුළු සේවාවන් රාශියක් වෙනම තලයකට ඔසවා තබන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. වඩාත් ඉක්මනින් නොබිඳෙන සම්බන්දතාවයන් සහිතව සන්නිවේදනයේ නිම්වළලු පුළුල් කිරීමේ විශාල පියවරක් ලෙසින් එවකට මෙය හැඳින්වුණා.

Marea කේබලය නෞකාව තුළ- blogs.microsoft.com

වඩා වේගවත්ව

පසුගිය දිනක 16QAM modulation භාවිත කරමින් ඔවුන් සිදුකරන ලද අත්හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන් බලාපොරෝත්තු වූ වේගයට වඩා වැඩි වේගයක් ලබා ගත හැකි බව ඔවුන් සොයා ගත්තා. 26.2Tbps තරම් වේගයක් කරා යන්නට ඔවුන්ට මේ හරහා හැකියාව තිබෙන බව තමයි දත්ත සටහන්වල වාර්තා වුණේ. මෙය ඉතාම වැදගත් ආරංචියක් බවට පත් වෙන්නේ, තවත් ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් වියදම් කර නව කේබල් එකක් එළීමට වඩා පවතින කේබල් එකම ආධාරයෙන් data transferring speed එක වැඩි කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබීමයි.

 

කවරය- microsoft.com

Related Articles