Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝපයේ අන්තර්ජාලයටත් COVID-19 බලපෑම් – YouTube, Netflix Slow වෙයි

කොරෝනාවෛරසයේ පැතිරයාම හේතුවෙන් පෙර නොවූ විරූ ප්‍රමාණයකින් වීඩියෝ නැරඹුම් ඉහළ යාමෙන් අන්තර්ජාලය බිඳවැටීම වැළැක්වීම සඳහා, Netflix සහ YouTube සේවාවන් අවම වශයෙන් අප්‍රේල් මාසය තුළ යුරෝපයේ Streaming Quality එක අඩු කිරීමට තීරණය කර තිබේ.

ව්‍යාපාර, පාසල්, විශ්වවිද්‍යාලයයන් ආදිය වසා දැමීම නිසා මිලියන ගණනක් ජනතාව නිවසේ සිටම රැකියාව, අධ්‍යාපනය සිදුකරන්නට පටන් ගැනීමෙන් අන්තර්ජාල හරහා කාර්යයාල රැස්වීම්, පාසල් ඉගැන්වීම් සිදු කිරීම හේතුවෙන් ද වැඩිව තිබේ. අන්තර්ජාලය හරහා රැකියා/අධ්‍යාපනය නොකරන පිරිස් මෙතෙක් කාලයක් රාත්‍රියේ දී කරන්නට පුරුදුව සිටි YouTube, Netflix නැරඹුම් දැන් දිවා කාලයේ ද කරන්නට පටන් ගැනීම මෙයට හේතු වී ඇත.

ඒ අනුව, යුරෝපානු සංගමයේ උපදෙස් මත අන්තර්ජාල සේවා සපයන ආයතන (ISP) වෙත ඇතිවන අධික පීඩනය 25%කින් පමණ අඩු කරලනු වස් බොහෝ වීඩියෝ සේවා සමාගම් මේ මාසය තුළ Quality අඩු කරනු ඇත.

YouTube දැන් ලොව පුරා 480p දක්වා අඩු කර තිබේ

පෙරනිමි ගුණාත්මකභාවය 480p වේ (nextnewssource.com)

“හොඳ පරිශීලක අත්දැකීමක් මෙන්ම, (දැනට ඇතිව ඇති) අන්තර්ජාල පීඩනය අඩු කරන්නට යුරෝපානු කලාපීය රජයයන් සහ ජාල ක්‍රියාකරුවන් සමග අපි සමීපව කටයුතු කරනවා,” YouTube සේවාවේ හිමිකාරිත්ව ආයතනය වන Google හි ප්‍රකාශකයකු විදෙස් මාධ්‍ය වෙත පවසයි.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මිලියන සිය ගණනක් ජනයා නිවෙස්වල රැඳී සිටීම නිසා මෑත සතිවල දී YouTube භාවිතය ඉහළ ගොස් තිබේ. දැන් රාත්‍රී මෙන්ම දිවා කාලය පුරාම අඛණ්ඩ පරිභෝජනයක් ඇතිව තිබෙන බව ගූග්ල් සමාගම සඳහන් කරයි.

වීඩියෝ නැරඹීම් සඳහා වැඩි අන්තර්ජාල bandwidth එකක් අවශ්‍ය වන අතර, පසුගිය වසරේ ලොව මොබයිල් ඉන්ටර්නෙට් භාවිතයන්හි 37%ක් YouTube අත්පත් කරගෙන ඇති බව ජාල විශ්ලේෂණ සමාගමක් වන Sandvine පෙන්වා දෙනවා.

COVID-19 නිසා නිවසේ රැඳුණු ජනතාව නිසා දැන් YouTube සේවාව Netfilx මෙන් දෙගුණයක මොබයිල් ඩේටා භාවිතයකට හසුව ඇති බවත්, මෙතෙක් කල් රැකියා/අධ්‍යාපන ස්ථානවල WiFi හරහා පිවිසුණු අය මොබයිල් ඩේටාවලින් මේවා භාවිතයට පෙළඹී ඇති බවත් නව වාර්තාවකින් ඔවුන් දක්වනවා.

YouTube දැනටමත් අන්තර්ජාල වේගය අනුව quality එක වෙනස් කරන නමුත්, නූතනයේ ලොව පුරා ඇතිව ඇති ජාතික මට්ටමේ bandwidth අභියෝගයට සහාය වෙමින් 480p දක්වා පෙරනිමි ගුණාත්මක බව අඩු කර තිබේ. ඔබට අවශ්‍ය නම්, quality එක Player එකෙන් manually වැඩි කරගෙන නරඹන්නට ද අවස්ථාව තිබේ.

Netflix වෙතින් 25%ක දායකත්වයක්

යුරෝපය සහ Netflix (androidpolice.com)

යුරෝපා සංගමය සමග ඇති කර ගත් එකඟතාවක් අනුව Netflix සමාගම සිය වීඩියෝ ගුණාත්මක භාවය අඩු කර, වත්මන් යුරෝපීය අන්තර්ජාල පීඩනය 25%කින් අඩු කරන්නට කටයුතු කර තිබේ..

Netflixහි ප්‍රධාන විධායක නිලධාරී රීඩ් හේස්ටිංස් එලෙස යුරෝපය සහ එක්සත් රාජධානිය පුරා දින නියමයක් නොමැතිව වීඩියෝ සහ ශ්‍රව්‍ය ගොනුවල ප්‍රමාණය හා ගුණාත්මකභාවය තීරණය කරන bitrate එක අඩු කිරීමට එකඟ වී තිබේ. Netflix සතුව පරිශීලකයන් මිලියන 51ක් යුරෝපයෙන් ද එක්සත් රාජධානියෙන් මිලියන 11ක් ද වේ.

ඉතා සුළුතරයක් Netflix හි Ultra High Definition (4K) පැකේජය භාවිතා කරන අතර, ඔවුන්ට මෙම නව වෙනස්කම යම් තරමකින් දැනෙනු ඇත.

තවත් සේවාවන් ඊට එක්වෙයි

යුරෝපානු සංගමයෙන් තවත් සේවාවන්ට ඉල්ලීම් (tech.eu)

යුරෝපානු සංගමය විසින් බොහෝ වීඩියෝ නැරඹුම් සේවාවලින් ඔවුන්ගේ Quality එක අඩු ‍කොට ISPලාට සහාය වන සේ දන්වා තිබේ. ඉන් සෑම පරිශීලකයෙකුටම හොඳ සහ සමාන මට්ටමක අන්තර්ජාල අත්දැකීමක් ලැබීම සහතික කිරීම ඔවුන්ගේ අරමුණ යි. මිලියන ගණනක් ජනතාව නිවෙස්වල රැඳී සිටීම හේතුවෙන් ඇතිවූ අධික වීඩියෝ නැරඹුම් නිසා අන්තර්ජාලය හරහා රැකියා කටයුතු කරන්නන්ට ද බලපෑම් එල්ල විය හැකිය.

මීට සමගාමීව Amazon සමාගමේ Prime වීඩියෝ සේවාව ද යුරෝපයේ වීඩියෝ ගුණාත්මකබව තාවකාලිකව පහත ලා තිබේ. “COVID-19 හේතුවෙන් පූර්ණ කාලීනව නිවෙස්වල රැඳුණු පුද්ගලයින් නිසා වැඩිවන අන්තර්ජාල ඉල්ලුමට විදුලි සංදේශ සේවාවන්ට ඔරොත්තු දිය හැකි බව සහතික කිරීම සඳහා අපත් සහාය වෙනවා,” Amazon Prime හි ප්‍රකාශකයෙක් ABC News සේවාව වෙත සඳහන් කරයි.

“යුරෝපයේ මෙන්ම අන්තර්ජාල භාවිත පීඩනය සමනය කිරීමට අවශ්‍යතාවයක් ඇති ඕනෑම රජයයක් හෝ ජාල සැපයුම්කරුවකුට අපගේ උපරිම දායකත්වය ලබා දෙමින් bitrate එක අඩු කරලන්නටත්, ඉන් සියල්ලන්ටම සහනදායී පරිශීලක අත්දැකීමක් ලබා දීමත් අපේ අරමුණ යි,” වැඩිදුරටත් එම ප්‍රකාශකයා කියා සිටී.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

දේශීය දුරකථන හා අන්තර්ජාල සංඛ්‍යාලේඛන (HootSuite)

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2018 මුල් මාස 6 සඳහා වූ පරිගණක සාක්ෂරතා වාර්තාව දක්වන ආකාරයට මෙරට අන්තර්ජාල භාවිතා කරන්නන් ප්‍රමාණය ජනගහනයෙන් 25.5%කි. ඉහත HootSuite වාර්තාව අනුව 2019 මුල් භාගය වන විටත් මිලියන 7.13ක් අන්තර්ජාලය භාවිතා කරති. 2010 සිට ලබා ඇති ප්‍රවණතාවන් අනුව සලකද්දී මේ වන විට එහි 3%ක පමණ වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි.

මේ දිනවල මෙරට වීඩියෝ නැරඹුම් වේගයන්හි ද සැලකිය යුතු වෙනසක් ඇතිව තිබෙන බව ඔබට දැනී ඇති බවට සැක නැත. වෙනත් රටවල මෙන්ම, නිවසේ සිට රැකියා කරන්නන්, කාලය ගත කිරීම සඳහා දිවා කාලයේ ද අධික ලෙස වීඩියෝ නැරඹීම් සිදුවිය හැකි බව පෞද්ගලික අත්දැකීමෙන් ම ඔබ දන්නවා ඇත. ඔබට එලෙස දැනුනු අත්දැකීම් Comment එකකින් අපිට කියන්න.

කවරය: ebuyer.com

මූලාශ්‍රයයන්:

  • abcnews.go.com
  • bloomberg.com
  • theverge.com
  • sandvine.com
  • theguardian.com
  • statista.com
  • statistics.gov.lk

Related Articles