Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

NordVPN තවදුරටත් භාවිතය අනාරක්ෂිත ද?

NordVPN පසුගිය කාලය තුළ විශාල ප්‍රසිද්ධියක් ලබපු VPN සේවාවක් ලෙස හැඳින්වීම වරදක් නැහැ. ප්‍රධාන වශයෙන්ම ඔවුන් ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් වැය කළ ඉතාම විශාල මුදල එයට එක හේතුවක්. සාමාන්‍යයෙන් VPN එකක් භාවිත කරන පුද්ගලයින් බලාපොරොත්තු වෙන ආරක්ෂාව තවදුරටත් මේ සේවාව මඟින් ලැබෙනවා ද යන්න ගැන ගැටළුකාරී වාතාවරණයක් පසුගිය දිනෙක මතු වුණා. ඒ පසුගිය වසරේ මේ සේවාව වෙත එල්ල වූ හැකර් ප්‍රහාරයක් ගැන සහ ඒ ඔස්සේ සිදු වූ බව කියවෙන Data Breach එකක් පිළිබඳව කරුණු අනාවරණය වීම සමග යි. 

ඒ සියල්ලටම පෙර අපි කතා කරමු VPN ගැන.

මොකද්ද මේ VPN කියන්නේ?

VPNවල ක්‍රියාවලිය- 9to5mac.com

අන්තර්ජාලයට සම්බන්ධ වන සියලු දෙනාටම IP ලිපිනයක් ලැබෙනවා. මේ IP ලිපිනය ගෙදරකට ලැබෙන ලිපිනයක් වගේම යි, අපිව අනන්‍යතාව අන්තර්ජාලය තුළ හඳුනාගන්නට සහ අදාළ දත්ත හුවමාරු කරගන්නට මෙය උදව් වෙනවා. ISP (Internet Service Provider) එහෙම නැති නම්, ඔබේ අන්ත්ර්ජාල සේවා සපයන්නා සතුව ඔබේ දත්ත සියල්ල තිබෙනවා. ඔබට තරමක් දුරට හෝ අන්තර්ජාලය තුළ ඔබේ අනන්‍යතාව සඟවාගන්න තිබෙන හොඳම විකල්පයක් වෙන්නේ VPN එකක් භාවිතා කිරීම යි. VPN හරහා සිදුවන්නේ අපේ දත්ත ආකේතනය (encrypt) ISP හෝ අදාළ වෙබ් අඩවියටවත් අපේ අනන්‍යතාවය එනම්, අපේ IP ලිපිනය, පිවිසෙන වෙබ් අඩවි, හුවමාරු කරන දත්ත ආදිය දැනගැනීමට නොහැකි ආකාරයට ආවරණය කිරීම යි. ඊට අමතරව Geo-spoof, එහෙමත් නැතිනම් තමන් සිටින ස්ථානය සඟවා වෙනත් ස්ථානයකින් අන්තර්ජාලයට සම්බන්ධ වන බව පෙන්වීම, අවහිර කරන ලද වෙබ් අඩවි වෙත පිවිසීමට ඉඩ ලබාදීම වගේ බොහොම සේවාවන් VPN  එකක් මඟින් ලබාගන්න පුළුවනි. මේ කටයුත්තම අපට අවශ්‍ය නම් Proxy සේවාවක් මඟිනුත් ලබාගන්න පුළුවන්. තවත් වැඩිදුර කියවන්න ඔබ කැමති නම්, අප පෙර පළ කළ TOR ජාලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ලිපිය කියවන්න අප ඔබට ආරාධනා කරනවා. 

VPN මොකටද? අපෙන් ගන්න තියෙන්නේ මොනවද?

VPN එකක් භාවිතා කරන්න හේතු ගණනාවක් තිබෙනවා- intotheminds.com 

සාමාන්‍යයෙන් VPN එකක් භාවිතා කරන්න හේතු ගණනාවක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් ඔබේ දත්ත ආරක්ෂාව වැඩි වීම සහ ඔබව කිසිවෙකුට track කිරීමේ ඉඩ බොහෝ දුරට ඇහිරීම පෙන්වා දෙන්න පුළුවන්. නමුත්, බොහෝ දෙනෙක් තමාගේ තියෙන දත්ත ගැන සහ අන්තර්ජාලය තුළ ආරක්ෂා වීම ගැන එතරම් සැලකිල්ලක් දක්වන බවක් අපට පෙනෙන්නේ නම් නැහැ. 

අන්තර්ජාය තුළ ඔබේ දත්තවලට ඉතාම ඉහළ මිලක් නියම වෙන බව ඔබ දන්නවා ද? මේ වටිනාකම නියම වෙන්නේ මෙහෙම යි. උදාහරණයක් විදිහට; Facebook ආයතනය සහ එහි වෙළඳ දැන්වීම් පිළිබඳව සලකමු. වෙළඳ දැන්වීම් ප්‍රචාරණයේ දී ඒවාට වැඩිම වටිනාකමක් ලැබෙන්නේ වඩාත්ම උචිත පාර්ශවයන්ට එම දැන්වීම් පෙන්වීමට හැකි වීමෙනුයි. ෆේස්බුක් සමාගම අපේ රුචි අරුචිකම් (ඔවුන් සතුව ඇති ඔබේ දත්ත) හොඳින් දන්නා නිසා මේ වාසිය හොඳින්ම අත්විඳිනවා. අද වන විට වෙළඳ දැන්වීමක් ප්‍රචාරණය කරමින් තමන්ගේ නිෂ්පාදන වැඩිපුර විකුණාගන්නට රූපවාහිනී දැන්වීමකටත් වඩා ෆේස්බුක් හි කරන ඉලක්කගත දැන්වීමක් සාර්ථක වන්නේ මේ නිසා යි. එවන් තත්ත්වයක් යටතේ ‘දත්ත’ කියන්නෙත් දැන්වීම ප්‍රචාරය කරන්නා සහ පාරිභෝගිකයා අතර සබඳතාව ඇති කරන තවත් නිෂ්පාදන භාණ්ඩයක්.

ජනතාවගෙන් ඍජුව විස්තර ගන්නවාට වඩා, නොමිලේ අන්තර්ජාලයට පිවිසෙන්නට ඉඩ ලබා දී පිවිසෙන අයගේ දත්ත පහසුවෙන්ම, නොදැනීම ලබාගෙන තමන්ගේ ව්‍යාපාරය කරගෙන යාම ඔවුන්ට පහසුවක්. එය win-win හෙවත් අපට සේවාවක් නොමිලේ ලැබෙනවා සේ ම ලබා දෙන්නාට අපේ දත්ත ලබාගැනීමට හැකි වන නිසා දෙපාර්ශවයම ජයගන්නා අවස්ථාවක්. හැබැයි, අපිට පාඩුව සිදුවන්නේ පසුකාලීනව යි. එය හුදෙක් අපි හොරන් ගිය අසභ්‍ය වෙබ් අඩවියක දැන්වීමක් තිරය මත දිස්වීමේ සිට අපේ වටිනා පෞද්ගලික දත්තයක් ඔවුන් සතු කරගෙන ඉන් කප්පම් ගැනීමක් දක්වා දිවෙන්නට පුළුවන්. මේ අනවශ්‍ය කර්තව්‍යය කරන්නේ “අහිංසක” ලෙස දත්ත ලබාගත් VPN සමාගම නොවේ. ඔවුන්ට මුදල් ගෙවා අපේ දත්ත ලබාගන්නා අපවත් නොදන්නා තෙවන පාර්ශවයකින්. මතක තබාගන්න නොමිලයේ කිසිදු සේවාවක් ඔබට නොලැබෙන බව.

NordVPN දත්ත හැකර්වරුන් අතට

NordVPN සේවාව- theverge.com

NordVPN ආයතනයට අනුව 2018 වසරේ ඔවුන්ගේ ෆින්ලන්තයේ පිහිටි Server එක වෙත හැකර් ප්‍රහාරයක් එල්ලව තිබෙනවා. නමුත්, මේ server එක තුළ ඔවුන් කිසිදු පරිශීලකයෙකුගේ activity logs, usernames, හෝ passwords රඳවා තබාගන්නේ නැති බව සමාගම සඳහන් කළා. කොහොම නමුත්, මේ ප්‍රහාරයෙන් හැකර්වරුන් වෙත පරිශීලකයන් යොමු වුණු වෙබ් අඩවි ගැන දත්ත පමණක් අනාවරණය වූ බව සමාගම උපදේශකවරයෙකු theverge.com වෙත සඳහන් කර තිබුණා. Encryption හේතුවෙන් වෙබ් අඩවිවල අන්තර්ගතයන් හෙළි නොවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා. 

පසුගිය වසර කිහිපය පුරාවට NordVPN ආයතනය තම සේවාව අන්තර්ජාල පරිශීලකයන් වෙත හුරු කරවීමට විශාල ප්‍රයත්නයක් දරුවා. විශේෂයෙන්ම විවිධ youtube නාලිකා ගණනාවකම content අතරේ වගේ ම, podcast අතරතුරත් NordVPN තුළින් ලැබුණු අනුග්‍රාහකත්වයන් ගැනත් සඳහන් වුණා. මේ විශාල ප්‍රචාරණය නිසාම ඒ වෙත ලැබුණු පරිශීලකයන් ප්‍රමාණය ඉතාම විශාල බව තමයි වාර්තා වෙන්නේ. 

NordVPN හි තාක්ෂණ උපදේශන මණ්ඩලයේ සාමාජිකයෙකු වන ටොම් ඔක්මන් (Tom Okman) theverge.com වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබුණේ, ඔවුන්ගේ පරිශීලකයන් සම්බන්ධ වී සිටින vpn servers සෑම විනාඩි 5ක් හෝ ඒ ආසන්න කාලයක් තුළ දී මාරු වෙන බව යි. අදාළ ප්‍රහාරය සිදුකළ හකර්වරුන් හට ඔවුන්ගේ server ඇතුළත දත්ත ලබාගන්නට ලැබුණේ ඉතාම කෙටි කාලයක් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණා.  

සිදු වූ Data Breach එක පිළිබඳව blog අඩවියක තිබූ වාර්තාවකින් මේ පිළිබඳව සමාජය වෙත කරුණු අනාවරණය වී තිබෙනවා. මේ Breach එක ගැන තම සමාගම මාස කිහිපයකට පෙර දැනගත් බවත්, ඒ පිළිබඳව කිසිදු කරුණක් සමාජගත නොකළේ NordVPN ආයතනයට ඔවුන්ගේ අනෙක් servers ගැනත් පරීක්ෂණ පැවැත්වීමට කාලය අවශ්‍ය වූ නිසා බවත් Okman සඳහන් කරනවා. හැකර්වරුන් ලබාගත් දත්ත අවභාවිත වූ අවස්තාවක් ගැන කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති අතර, මේ ගැන ඉතාම ඉක්මනින් පරිශීලකයන් වෙත දැනුවත් කිරීමක් සිදුකරන බව ඔවුන් සඳහන් කරනවා. වෙන කිසිදු data center එකකට මෙයින් හානියක් වී නොමැති අතර, මෙය hack වීමක් ලෙසින් හැඳින්වීමට තරම් දෙයක් නොවන බව යි ඔහු සඳහන් කරන්නේ.

කවරය- computerbild.de

මූලාශ්‍රයයන්:  

Computerbild.de

Darkwebnews.com

Wikileaks

findlaw.com

Torproject.org

Related Articles