Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇපල් සමාගමට විරුද්ධව නැවතත් නඩු?

පසුගිය 2018 වසර සහ මේ ගෙවෙන 2019 වසරේ මුල් භාගය ලෝකයේ ප්‍රසිද්ධ සහ ජනප්‍රිය සමාගම් ගණනාවකට එතරම් සුභදායි වුණේ නම් නැහැ. විශේෂයෙන්ම ඇපල් සමාගමට මේ ලැබූ වසර අරඹන්නට සිදු වුණේ විශාල ගැටළු රාශියකට මුහුණ දෙන ගමන්. විටින් විට විවිධ ක්‍රමවේදයන් භාවිතා කරමින් නැවතත් තම ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට, සහ තමන් වෙත පැවරුණු නඩුවලින් නිදහස් වෙන්නට ඇපල් සමාගම දැරූ බොහෝ ප්‍රයත්නයන් අපට දැකගන්නට ලැබුණා. විශේෂයෙන්ම Qualcomm සමාගම සමග පවතින ගැටළුව ඉතාම උග්‍ර මට්ටමකට පසුගිය දින කිහිපය තුළ ළඟා වුණා. Qualcomm සමාගම ලෝ වටා රටවල් ගණනාවක අධිකරණයන්වල ඇපල් සමාගමට විරුද්ධව නඩු පැවරුවා.

Qualcomm සමාගම සමග පවතින ගැටලුව – gizchina.com

Qualcomm සිදුවීම

පසුගිය දිනක සැන් ඩියේගෝ නගරයේ අධිකරණයක පැවති නඩු විභාගයක දී ඇමරිකානු ඩොලර් මිලියන 31ක මුදලක් Qualcomm සමාගම වෙත ගෙවන ලෙස අධිකරණය ඇපල් සමාගමට නියෝගයක් නිකුත් කළා. ඒ, ඔවුන් සතුව හිමිකම් පවතින පේටන්ට් බලපත්‍ර 3කට අදාල තාක්ෂණයන් ඇපල් සමාගම විසින් භාවිත කර ඇති බව හෙළි වීම නිසාවෙන්. මේ නඩුව Qualcomm සමාගම විසින් 2017 වසරේ ගොනු කරන ලද්දක් වන අතර, එය ඔවුන් අධිකරණය වෙත ගොනු කළ අනෙකුත් නඩුවලට සාපේක්ෂව කුඩා එකක් වීමත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා. මේ අනුව,

  • ඇපල් දුරකථනය on කළ සැනින් අන්තර්ජාලය වෙත සම්බන්ධ වීම සඳහා භාවිත වන තාක්ෂණය,
  • Graphics processing සහ ඒ වෙනුවෙන් බැටරියෙන් ලබාගන්නා බලය හා සම්බන්ධ වූ තාක්ෂණයක්, සහ
  • Processor එක සහ modem එක අතර දත්ත හුවමාරුව වේගවත් කිරීම මඟින් download speed එක වැඩි කිරීමට හැකි තාක්ෂණයක් මේවා වුණා.

මේ තාක්ෂණයන් පේටන්ට් බලපත්‍ර අනුව Qualcomm සමාගම සතු තාක්ෂණයන් බවත්, ඇපල් සමාගම iPhone වෙත ඒ තාක්ෂණයන් අවසරයකින් තොරව භාවිත කර ඇති බවත් නඩු විභාගයන් අතරේ දී අනාවරණය වුණා. මෙහි පළමු තාක්ෂණය ඇපල් සමාගමේ සේවකයෙක් විසින් නිර්මාණය කර ඇති බව ඔවුන් පැවසුවත් ජූරිය විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙනවා. බොහෝ විට ලබන මාසයේ පැවැත්වීමට නියමිත නඩු විභාගයේත් වැඩි වාසිය Qualcomm සමාගම සතු වනු ඇති බව බොහෝ දෙනෙකු විශ්වාස කරනවා.

Time to Play Fair – Spotify සමාගමෙන් Apple සමාගම වෙත නඩු

යුරෝපා කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීමට Spotify සමාගම කටයුතු කර තිබුණා.

ඇපල් සමාගම ඔවුන්ගේ store එක හරහා සිදු කරන සියලු මිල දී ගැනීම් සඳහා 30%ක කොමිස් මුදලක් අය කරගන්නවා. අදාළ නිර්මාණකරු හෝ නිෂ්පාදකයාට ලැබෙන්නේ 70% මුදලක් පමණ යි. මාසිකව ගෙවීම් සිදු කළ යුතු Spotify වැනි monthly subscriptionවලිනුත් මේ මුදල අයවීම සිදු වෙනවා. මෙය බලපානු ලබන්නේ App Store එක හරහා සිදු කරනු ලබන ගණුදෙනුවලට පමණක් වන බැවින්, Spotify සමාගම විසින් ඒ වෙනුවට වෙනත් Payment method එකක් භාවිතා කිරීමට උත්සාහ කර තිබෙන අතර, Apple සමාගමේ නීති අනුව එයට ද ඉඩක් නොමැති බව මොවුන් ප්‍රකාශ කරනවා.

මීට අමතරව Spotify වැනි සේවාවන්වල promotions ආදිය ද වලක්වාලීමට Apple සමාගම කටයුතු කර තිබෙන බව ඔවුන් සඳහන් කරනවා. Apple Music ප්‍රචාරණය කිරීම අරමුණු කරගෙන Spotify ඇතුළු අනෙක් online streaming සේවාවන් වෙත Siri වැනි පහසුකම් ලබා නොදෙන්නටත්, Apple music වෙත පමණක් ඒ පහසුකම් ලබා දෙන්නට සමාගම කටයුතු කර තිබෙනවා. මේ නිසාවෙන් තව දුරටත් අඩු මුදලට තම සේවාව පාරිභෝගිකයන්ට ලබා දෙන්නට නොහැකි බව Spotify  සමාගම සඳහන් කර තිබුණා. මේ ආකාරයේ විවිධ ක්‍රියාකලාපයන් කිහිපයක් සම්බන්ධ කරමින් යුරෝපා කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීමට Spotify සමාගම කටයුතු කර තිබෙන අතර, මීට අදාල කටයුතු සිදු කරමින් පවතින බව යුරෝපා කොමිසමේ නිළධාරියෙකු විසින් The Wall Street Journal වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබුණා.

මූලාශ්‍රයයන්:

Technews.lk

Androidauthority.com

Engadget.com

Timetoplayfair.com

Newsroom.spotify.com

Techcrunch.com

Cover - blogs.systweak.com

Related Articles