Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

COVID-19ට එරෙහිව සටන් වදින නවීන තාක්ෂණය

2019 වසරේ දෙසැම්බර් 12 වන දා සිට චීනයේ, වුහාන් නගරය මුල් කරගෙන පැතිරීම ආරම්භ වූයේයැ යි සැලකෙන කොරෝනා (COVID-19) වෛරසය පිළිබඳව අපි පෙර ලිපි ගණනාවකින් ඔබව දැනුවත් කර ඔබට මතක ඇති. මේ වෙද්දීත් ලෝකයේ ක්ෂේත්‍ර ගණනාවකට දැඩි බලපෑම් එල්ල කරන්නට මේ වෛරසයට හැකි වුණා. තාක්ෂණික ලෝකය වෙතත් මේ වෛරසයේ බලපෑම ඉතා තදින් දැනුණා. “තාක්ෂණික ලෝකයට වැළඳුණ කොරෝනා වෛරසය” නම් ලිපිය ඔස්සේ ලෝකය පුරා අතිශය ප්‍රචලිත සහ සුප්‍රකට සමාගම් / සන්නාමයන් වෙත දැඩි පාඩු සිදුකළ ආකාරය ගැන විග්‍රහ කෙරුණා. ඊට අමතරව මේ වසර පුරා පැවැත්වීමට නියමිතව තිබූ Google I/O, F8, Mobile World Congress වැනි සමුළු නවතා දමන්නට සිදුවීම ගැනත් එහි දී කතාබහ කෙරුණා. 

මේ වෛරසයට එරෙහිව තවමත් නිසි ප්‍රතිකර්මයක් සොයාගන්නට ලෝකය අසමත්ව තිබෙනවා. මේ වෙද්දී රෝගය පැතිරීම ආරම්භ වූ බව සැලකෙන චීනය, මේ රෝගය ව්‍යාප්තිය තවදුරටත් අවම කරන්නට මිනිස් සේවකයන් වෙනුවට රොබෝවරුන්ගේ සහාය ලබා ගන්නවා. 

වර්ණ කේත පද්ධති භාවිතය 

තාක්ෂණය අතින් ලෝකයේ ප්‍රබලයෙකු ලෙස අවිවාදයෙන් සැලකෙන චීනය, මේ වෙද්දී මහජනතාවගේ සෞඛ්‍ය මට්ටම ශ්‍රේණිගත කිරීමට වර්ණ කේත ක්‍රමවේදයක් නිර්මාණය කර තිබෙනවා. මේ වෙත චීන රජය සමග අත්වැල් බැඳගන්නේ තාක්‍ෂණ දැවැන්තයින් වන අලිබබා සහ ටෙන්සෙන්ට් සමාගම් දෙක යි. කාර්මික කේන්ද්‍රස්ථාන නගරයක් ලෙස සැලකෙන Hangzhou හි දී පසුගිය දිනෙක අත්හදා බැලුණා. මෙහි දී පුද්ගලයන්ගේ වෛද්‍ය වාර්තාවන්, ගමන් මාර්ගයන්, වයස වැනි දත්ත ලබාගෙන ඔවුන් වෙත කොළ, කහ හෝ රතු යන වර්ණ තුනෙන් එකක් ලබාදීම සිදුකරනවා. මෙහි දී ඔවුන් ගමන් කළ ස්ථානයන් සහ සෞඛ්‍ය මට්ටම අනුව වෛරසයට නිරාවරණය වීමේ සම්භාවිතාව තීරණය කෙරෙනවා. වර්ණ කේතය මත පදනම්ව පුද්ගලයෙකු නිරෝධායනය කළ යුතු ද, නැති ද යන්න තීරණය කෙරෙනවා. Alibaba’s Alipay, Ant’s wallet වැනි වෝලට් සේවාවන් ඔස්සේ මේ වෙත ලියාපදිංචි වන්නට චීන ජාතිකයන් වෙත අවස්ථාව තිබෙනවා. බොහොමයක් metro stations, offices, stations වැනි පොදු ස්ථානයන් වන මෙම කේතයන් Scan කිරීමට පහසුකම් සලසා තිබෙනවා. සාමාන්‍යය ස්ථානයන්වල ගැවසීමට ඉඩ ලැබෙන්නේ මෙම දුරකතන යෙදුම මඟින් ලබාදෙන කේතය කොළ පැහැති වුණොත් පමණයි. ඒ වගේම ජනතාවගේ ශරීර උෂ්ණත්වය මැනීමට checkpoints විවිධ ස්ථානයන්වල සකස් කොට තිබෙනවා. මේ වන විටත් චීනයේ නගර 200කට වැඩියෙන් මෙම පද්ධතිය භාවිතා කරනවා. ඉතා ඉක්මනින් අනෙක් නගර වෙතත් මෙය අනිවාර්ය වේවි. 

සෞඛ්‍ය මට්ටම ශ්‍රේණිගත කිරීමට වර්ණ කේත ක්‍රමවේදයක්-geospatialworld.net

සටනට එන රොබෝවරු 

චීනයේ රෝහල්වල ආපනශාලාවන්ගේ ආහාර පිළියෙල කිරීමේ සිට වේටර්වරුන්, විෂබීජ නාශක ඉසීම සහ පිරිසිදු කිරීම, සහල් විකිණීම සහ අනෙකුත් සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාහැරීම දක්වා කොරෝනාවෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග බොහොමයක රොබෝවරු පෙරමුණ ගෙන ඉන්නවා. ඊට අමතරව බොහොමයක් රෝහල්වල රෝග විනිශ්චය කිරීම, වෛද්‍ය සාම්පල ප්‍රවාහනය වැනි කටයුතු සඳහා පවා රොබෝ තාක්ෂණය භාවිතා කරනවා. ඊට අමතරව, චීනය වෙත ගුවන් යානයක ගමන් කළ මඟීන් පිරිසක් මේ වෙද්දී තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී ඉන්නවා. ඔවුන් වෙත ආහාර සැපයීමට Little Peanut නම් රෝබෝවරයෙකු භාවිත කළ අවස්ථාවක් ගැන රොයිටර් වෙබ් අඩවිය වාර්තා කරනවා. 

ශරීර උෂ්ණත්වය මැනීම සඳහා රොබෝවරු භාවිතය- insider.com

Drone භාවිතය 

චීනයේ මේ වෛරසය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් සමහර ප්‍රදේශ වෙත වෛද්‍ය උපකරණ වැනි දෑ ඉතා ඉක්මනින් ප්‍රවාහනය කිරීම සහ එම ප්‍රදේශවලින් රෝගීන්ගේ සාම්පල ගෙන ඒමේ පහසුම ක්‍රමවේදය Drone යානා භාවිතය බවට පත්ව තිබෙනවා. මේ යානා භාවිතය නිසාවෙන් කාලය විශාල වශයන් ඉතිරි කර ගැනීමට වගේම විවිධ සාම්පල අපවිත්‍ර වීමත් අවම කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ විශේෂ යානා සමග සෞඛ්‍ය තොරතුරු ගබඩා කර තිබෙන QR කෝඩ් ක්‍රමවේදයක් භාවිතා වෙනවා. 

ඊට අමතරව, ගම්බද ප්‍රදේශවල විෂබීජ නාශක ඉසීම වෙනුවෙන් විශේෂිත කෘෂිකාර්මික Drone යානා භාවිත වෙනවා. තවත් විශේෂිත කාර්යයක් වෙත මේ වෙද්දී චීනයේ Drone භාවිත වෙනවා. ඒ මිනිසුන්ට නිවෙස්වලින් එළියට පැමිණෙන විට මුහුණු ආවරණ පළඳින ලෙස මතක් කිරීම වෙනුවෙනුයි.

විශේෂිත Drone භාවිතය- insider.com

සබැඳි ලිප: 

තාක්ෂණික ලෝකයට වැළඳුණ කොරෝනා වෛරසය

චීනයේ පැතිරී යන නව කොරෝනාවෛරසය, ලෝකයම ගිල ගනීවි ද?

වූහාන් කොරෝනා වෛරස් වසංගතය- සිද්ධි මාලාව (මෙය යාවත්කාලීන කෙරෙන ලිපියකි)

COVID-19 රෝගයේ ඉරණම මෙන්න

කොරෝනා වැළඳුණු මවකට, තම දරුවාට මව්කිරි දෙනු හැකි ද?

COVID-19යෙන් ගැලවිමට ගව මුත්‍රා පානය කරන ඉන්දියානුවෝ

උතුරු කොරියාව කොරෝනා වෛරස් ආසාදිතයන්ට වෙඩි තැබුවා ද?

Related Articles