Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාවට එරෙහි වන තාක්ෂණික ලොව දැවැන්තයෝ

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් තවමත් අවසන් වන බවක් පෙනෙන්නට නම් නැහැ. ගැටුම් නිසා දැනටමත් දෙපාර්ශවයටම දැඩි ජීවිත සහ දේපල හානි සිදුව තිබෙනවා. මේ යුදමය තත්වයේ දී ලෝකයේ අනෙක් රටවල් බොහොමයක් රුසියානු විරෝධි ආකල්පයක් දක්වන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන් අමෙරිකාව ඇතුළු යුරෝපයේ රටවල් මේ අතර කැපී පෙනනෙනවා.

තාක්ෂණික ලෝකයේ බොහොමයක් ප්‍රධාන පෙළේ සමාගම් පවා මේ ආකල්පයට සමාන ආකල්පයක් පෙන්නුම් කරන බවයි දකින්නට ලැබෙන්නේ. මෙයට හොඳ ම උදාහරණය වෙන්නේ මේ වෙද්දී ලෝකයේ ප්‍රකට සහ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් රැසක් රුසියාවට තම සේවා ලබා දීම සහ උපාංග නිකුත් කිරීම තාවකාලිකව නවතා දමන්නට කටයුතු කරමින් සිටිනවා. 

ලෝකයේ ප්‍රධාන ම බැංකු ගණනාවක් සහ මුල්‍ය සේවා ගණනාවක් රුසියාව වෙත සම්බාධක පනවන්නත් රුසියානු වත්කම් තහනම් කරන්නත් කටයුතු කරමින් ඉන්නවා. මෙයින් රුසියානු ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල වන බව  ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී රුසියාවට තවත් ගැටලු රැසකට මුහණ දීමට සිදු වන ලෙසින් තවත් ප්‍රධාන ගණයේ ආයතන රැසක් තම සේවා රුසියාවට තහනම් කරන්නට කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරට තාක්ෂණික සහ ප්‍රධාන streaming සේවා පවා ඇතුළත් වෙනවා.  තවත් ආයතන රුසියාවේ පිහිටා ඇති තම සමාගම් ශාඛා ඉවත් කර ගන්නට කටයුතු කරමින් සිටින බව දැන ගන්නට ලැබෙනවා.

Apple ලෝකයේ ප්‍රකට සහ ප්‍රධානත ම තාක්ෂණික හා ජංගම දුරකථන සන්නාමයක්. පසුගිය දිනෙක රුසියාව තුළ නිල වශයෙන් තම උපාංග විකිණීම තාවකාලික ව නවතා දැමීමට ඔවුන් කටයුතු කළා. මේ අනුව රුසියාව තුළ ඇපල් දුරකථන හෝ පරිගණක හෝ අදාළ අනෙක් ඇපල් සන්නාමය සහිත උපාංග අලෙවි වන්නේ නැහැ. ඊට අමතරව ඇපල් දුරකථනවල ප්‍රධානතම ගෙවීමේ ක්‍රමවේදය වන පවතින Apple Pay සේවාව වෙතත් රුසියාව තුළ සීමා පනවන්නට කටයුතු කර තිබුණා. මේ සියල්ලට ම සාපේක්ෂව රුසියානු ප්‍රොපැගන්ඩා apps තහනම් කරන්නත් සමාගම කටයුතු කරමින් සිටිනවා. ( ඒ අතරට RT News සහ Sputnik News යන apps ද ඇතුළත්). මීට අමතර ව යුක්රේන වැසියන්ගේ  ආරක්ෂාව වෙනුවෙන් ම Apple සමාගම Apple Maps හි traffic සහ සජීවී සිදුවීම් යන පහසුකම් දෙකම නවතා දමන්නට කටයුතු කර තිබෙනවා.

Microsoft, Roku, Google, Meta, TikTok, Amazon සමාගම් ද රුසියානු RT සේවාව වෙත තම යෙදුම් සහ apps store හරහා පිවිසීමේ හැකියාව නවතා දමන්නට කටයුතු කර තිබෙනවා. RT ආයතනය ලෝකයේ විශාල පිරිසක් වෙත තම ප්‍රවෘත්ති  ප්‍රචාරය කිරීමට භාවිත කළ Telegram පවා තහනම් කරන්නන්ටත් අදාළ සමාගම කටයුතු කර තිබෙනවා.

 තාක්ෂණ ලෝකයෙන් රුසියාවට සම්බාධක – nikkei.com

 

මේ දිනවල ලෝකයේ සිනමා ශාලා පිරී ඉතිරි යන තරම් Hype එකකින් ලෝකයේ සිනමා රසිකයන් රස විඳින The Batman චිත්‍රපටය රුසියාවේ දී තිර ගත නොකරන්නට Warner Media  (WB) සමාගම තීරණය කර තිබෙනවා. තවත් බොහෝ චිත්‍රපට රුසියාවට නිකුත් නොකිරීමට ප්‍රධාන පෙළේ සමාගම් රැසක් ද තීරණය කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා. Disney , Sony Corp., සහ  AT&T Inc ඒ අතර වෙනවා.

Electronic Arts Inc. ආයතනය Russian සහ Belarusian කණ්ඩායම් NHL 22 වීඩියෝ ක්‍රීඩාවෙන් ඉවත් කරවන්නට කටයුතු කර තිබෙන අතර FIFA 22 ක්‍රීඩාවෙනුත් රුසියානු කණ්ඩායම ඉවත් කරන්නට ද කටයුතු කර තිබෙනවා.

Netflix සමගම රුසියාව තුළ සහ රුසියානු සමාගම් සමඟ තිබු ව්‍යාපෘති සියල්ල තාවකාලික ව නවතා දමන්නට කටයුතු කර තිබෙනවා. ඊට අමතර ව රුසියානු WWE Network එක නවතා දමා WWE රුසියාව තුළ විකාශය පවා අදාළ සමාගම තහනම් කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

Microsoft සමාගමත් රුසියාව තුළ තම උපාංග සහ සේවා නවතා දමන්නට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.  මේ අනුව අලුතෙන් නිකුත් වන කිසිදු උපාංගයක් රුසියාව වෙත නිල වශයෙන් නොලැබෙනු ඇතැයි තාක්ෂණික ලෝකය විශ්වාස කරනවා. ලෝකයේ ජනප්‍රියත ම සේවාවක් වන Ms Office වැනි සේවාවනුත් රුසියාව තුළ අක්‍රීය වනු ඇති බවට මත පළ වෙනවා.

 තාක්ෂණ ලොව දැවැන්තයන් රුසියාව අතහැර යයි ද? – euronews.com

 

Amazon සමාගම තමන් යුක්රේනයේ මිනිසුන් වෙත සහාය ලබා දෙන බව පෙන්වා දෙනවා. මේ වන විටත් යුක්රේනයේ සයිබර් ආරක්ෂණ කටයුතු පිළිබඳ ව ආයතනය මැදිහත්ව කටයුතු කරන බව දැනගන්නට ලැබෙනවා.

Google  සමාගමත් තම maps සේවාවේ ඇති live traffic සහ incident features රුසියාවෙන් තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඊට අමතරව RT සහ Sputnik සේවා දෙක ම තම play store තුළින් තහනම් කරන්නට කටයුතු යොදා තිබෙන බව දැනගන්නට ලැබෙනවා. කොහොම නමුත් ප්‍රකාශයක් නිකුත් කරමින් Google හි මව් සමාගම The Alphabet ආයතනය සඳහන් කරන්නේ තම ප්‍රධාන සේවා තවදුරටත් රුසියාව තුළ ක්‍රියාත්මක වන අතර නිවැරදි පුවත් විකාශය සඳහා ඒවා භාවිත වනු ඇති බව යි.

Snapchat ආයතනයත් රුසියානු වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය නවතා දමන්නට කටයුතු කර තිබෙන අතර ම ඔවුන් යුක්රේනය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 15ක ආධාර ලබා දී තිබෙන බවත් දැනගන්නට ලැබෙනවා.

Facebook තහනම් කරන්නට රුසියානු රජය කටයුතු කළා – bbc.com

 

Facebook තහනම

රුසියානු යුක්රේන ගැටුම් හටගත් මුල් දිනවල ම Facebook තහනම් කරන්නට රුසියානු රජය කටයුතු කළ බව  මතක ඇති. මෙයට ප්‍රධානත ම හේතුව බවට පත් වුණේ අසත්‍ය තොරතුරු සමාජ ගත වන  බවයි රුසියානු රජය සඳහන් කළේ. කොහොම වුණත් අද වෙද්දී රුසියානු RT සහ Sputnik සමාජ මාධ්‍ය ගිණුම් සියලු ම Meta සේවාවන් වෙතින් (Instagram තුළින් ඇතුළු ව) තාවකාලික ව තහනම් කරන්නට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

රුසියා – යුක්රේන යුද්ධය අතරේ සයිබර් සටනකත් පෙරනිමිති ලිපියත් කියවන්න.

කවරයේ ඡායාරූපය - nikkei.com

මූලාශ්‍ර:

nikkei.com

aljazeera.com

bloomberg.com

wired.com

reuters.com

Nbcnews.com 

Theverge.com 

Politico.eu 

Fastcompany.com 

Theguardian.com 

Sky.com 

Dailymail.co.uk 

Euronews.com

Related Articles