Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩයලොග් Sense 2: අතේ ඇති මුදලට සැබෑම ස්මාට්ෆෝන් එකක්

ඩයලොග් Sense 2 තියෙන්නේ ස්මාට්ෆෝන් එකක් වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරන්න අකමැති, ඒ වුණාට අත්‍යාවශ්‍යම දේවල් ලේසියෙන් කරගන්න පුළුවන් ස්මාට්ෆෝන් එකක් අවශ්‍ය අය වෙනුවෙන්මයි. සාමාන්‍යයෙන් ස්මාට්ෆෝන් මිලෙන් අධිකයි, ඒ වගේම මිලෙන් අඩු ස්මාට්ෆෝන් බොහෝ විට කිසිම ප්‍රයෝජනයකට ගන්න බැරි ඒවා. නමුත් Sense 2 කියන්නේ ලොකු ලොකු ස්මාට්ෆෝන්වල තියෙන, නිතර වැදගත් වන පහසුකම් කිහිපයක්ම අතේ ඇති මුදලට ස්මාට්ෆෝන් හොයන කට්ටිය වෙනුවෙනුත් ලබා දෙන්න ගත්ත උත්සාහයක්.

Sense 2 ස්මාට්ෆෝන් එක නිපදවලා තියෙන්නේ ඩයලොග් වෙනුවෙන්මයි, ටිකක් විමසිල්ලෙන් බැලුවොත් ඒ බව හොඳින් පෙනෙනවා. උපාංගයේ පිටුපස ඩයලොග් ලාංඡනය එම්බොස් කර තිබෙන ආකාරය දැකගන්න පුළුවන්. පිටුපස කවරය ගලවලා බැලුවාම දකින්න ලැබෙන ලිතියම් අයන් බැටරියේත් ඩයලොග් ලාංඡනය දැක ගන්න ලැබෙනවා.

Sense 2 ස්මාට්ෆෝන් එකේ පිටුපස.

Sense 2 එකේ තියෙන්නේ ප්ලාස්ටික් ආවරණයක් වුණාට බ්‍රෂ් කරපු ලෝහමය නිමාවක් තියෙන මිලෙන් අධික දුරකථන වගේම හොඳ පෙනුමකින් යුතුයි. ලෝහමය ෆෝන් එකක් වගේම හොඳ බරක් සහ සවිමත් බවක් තියෙනවා කියලා අතට ගත්තු ගමන් දැනෙනනවා. ඔබත් මහා විශාල දුරකථන තිරයකට අකමැති කෙනෙක් නම් Sense 2 එක ඔබට කියාපු ප්‍රමාණයේ ස්මාට්ෆෝන් එකක්. අඟල් 4ක තිරයක් තිබෙන මේ ෆෝන් එක ඉතාම පහසුවෙන් ඕනෑම පොකට් එකකට දමාගෙන ඉන්න පුළුවන්.

Sense 2 එකේ ඉදිරිපස පෙනුම.

අංගෝපාංග

Sense 2 එක තුළ ගිගාහර්ට්ස් 1.3ක වේගයෙන් යුත් කෝර් හතරක ප්‍රොසෙසරයක්, ගිගා බයිට් 4ක මෙමරි එකක් සහ මෙගාබයිට් 512ක රැම් එකක් අඩංගුයි. ගිගා බයිට් 32ක් දක්වා මෙමරි කාඩ් එකක් පාවිච්චි කරලා මෙමරි එක ඉහළ නංවා ගන්නත් පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් 6.0 මාෂ්මෙලෝ මෙහෙයුම් පද්ධතිය නිසා අලුත්ම ඇප් බොහොමයක් කිසි කරදරයක් නැතිව පාවිච්චි කරන්නත් හැකියාව තිබෙනවා. OS එක සහ ඇප් පාවිච්චි කරද්දී කිසිම හිර වෙන ගතියක් දැනෙන්නේ නැහැ, සේරම බොහොම සුමටව ක්‍රියාත්මක වෙනවා.

කලිනුත් කිව්වා වගේ මේකේ තිරය අඟල් 4ක මල්ටි ටච් සහිත කැපෑසිටිව් වර්ගයේ එකක්. 480×800 රෙසලූෂන් එකත් මේ ප්‍රමාණයේ තිරයකට හොඳටම ප්‍රමාණවත්. 2050mAh ක ලිතියම් අයන් බැටරිය ගැන විශේෂයෙන් කියන්න අවශ්‍යයි. දුරකථන තිරය කුඩා නිසා මේ ස්මාට්ෆෝන් එක බැටරි බලය පාවිච්චි කරන්නේ ඉතාම අඩුවෙන්. එක වරක් චාජ් කරලා සෑහෙන කාලයක් පාවිච්චි කරන්න ඒ නිසාම ඔබට අවස්ථාව ලැබෙනවා.

පිටුපස කැමරාව මෙගා පික්සල් දෙකක, ෆ්ලෑෂ් එකක් සහිත එකක්. එයින් සාමාන්‍ය කටයුතුවලට පාවිච්චි කරන්න හොඳ කොලිටියක් තියෙන ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. වීඩියෝ කෝල් එකක් ගන්න VGA කැමරා එකක් ඉදිරිපසත් තියෙනවා.

Sense 2 ස්මාට්ෆෝන් එක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සියලුම නෙට්වර්ක් පහසුකම්වලින් සමන්විතයි. 3G HSPA+ සෙලියුලර් නෙට්වර්ක් වගේම 802.11 b/g/n WiFi සහ බ්ලූටූත් සම්බන්ධතා පාවිච්චි කරන්නත් කිසිම ගැටළුවක් නැහැ.

ඔබටම ගැලපෙන ස්මාට්ෆෝන් එකක්

Sense 2 ස්මාට්ෆෝන් එක අතට ගත්තාම බොහොම කොලිටි උපාංගයක් බව දැනෙනවා වගේම කුඩා ප්‍රමාණය නිසා ඕනෑම කෙනෙකුට එහා මෙහා ගෙන යන්නත්, එදිනෙදා වැඩකටයුතුවලදී කිසිම කරදරක් නැතිව පාවිච්චි කරන්නත් පුළුවන්. විශේෂාංගවලින් පිරිලා තිබුණත් මේක ඇත්තටම වඩාත් ආකර්ෂණීය වෙන්නේ මිලෙන් අඩු නිසාමයි. අතේ ඇති මුදලට අවශ්‍යම පහසුකම්වලින් සමන්විත, හුරුබුහුටි, පාවිච්චිය පහසු ස්මාට්ෆෝන් එකක් හොයන කාටත් Sense 2 හොඳ තේරීමක් වේවි.

Sense 2 එකේ සම්පූර්ණ මිල රුපියල් 6,990ක් විතරයි. අවුරුද්දක වගකීම් කාලයකුත් එක්කයි මෙය ඔබට ලැබෙන්නේ. මෙය රට පුරා පිහිටි ඕනෑම ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් මිලදී ගන්න ඔබටත් අවස්ථාව තිබෙනවා.

Related Articles