Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Dialog Big Talk – පුංචි ගාණකට ලොකු ලොකු කතා

අද වන විට අපි තාක්ෂණය අතින් බොහොම දියුණු තැනක ඉන්න නිසා සන්නිවේදනයේ යෙදෙන එක බොහොම පහසු දෙයක් බවට පත් වෙලයි තියෙන්නේ. අවශ්‍ය ඕනෑම වෙලාවක කැමති කෙනෙකුට කතා කරන්න, අත්දැකීම් බෙදා හදා ගන්න අද අපිට ලොකු බාධා කිසිවක් නැහැ.

කොහොම නමුත් තවමත් විදේශ රටකට යනකොට සල්ලි වීසි නොකර සම්බන්ධතාව පවත්වා ගන්න එකේ නම් යම් යම් ගැටළු තියෙනවා. තමන් සුරක්ෂිතව ඉන්නවාද කියලා නිතරම හිත හිතා ඉන්න තමන්ගේ ආදරණීයයන් එක්ක කතා බහ කරන එක වගේම තමන්ගේ ව්‍යාපාරික හවුල්කරුවන්, ගණුදෙනුකරුවන් එක්ක අවශ්‍ය වෙලාවට පහසුවෙන් සම්බන්ධ වෙන එක වුණත් අපි විදේශ රටකට යනකොට ඉතාම වැදගත් වෙන්න පුළුවන්. තමන් නිවාඩුවක් ගත කරන්න රට ගියත්, ව්‍යාපාරික වැඩකටයුත්තකට රට ගියත් ශ්‍රී ලංකාවේ සිටින අය සමග අවශ්‍ය වෙලාවට සම්බන්ධ වෙන්න තියෙන හැකියාව ඉතා වටිනවා.

අලුතෙන් රටකට යනවා කියන්නේ එක්කෝ ගුවන් තොටුපළේදී හරි, එහෙමත් නැත්නම් අවට වෙළඳසැල්වලට හරි ගිහින් තාවකාලිකව මොකක් හෝ දුරකථන ජාලයකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා කියන එකයි. හැබැයි අපිට ශ්‍රී ලංකාවේ වගේ පහසුවෙන් සිම් එකක් ගන්න ඒ රටවල්වලදී අවස්ථාව සැලසෙන්නේ නැහැ. තමන්ගේ පාස්පෝට් එක පෙන්නලා, තමන් කවදාවත් නොදැකපු කඩේ මනුස්සයාට තමන් ගැන සේරම පෞද්ගලික විස්තර ලබා දීලා තමයි සම්බන්ධතාවක් ගන්න වෙන්නේ. ඒ මිනිස්සු අපිට සිම් එක දෙන්න කියලා ගන්න තොරතුරුවලින් මොනවා කරනවාද කියලා කවුද දන්නේ?

අනිත් කාරණාව තමයි අපිට ගෙවන්න වෙන මුදල. මේ විදිහට ලබා ගන්න පෙර ගෙවුම් පැකේජ ගොඩක් වෙලාවට මිලෙන් අධිකයි විතරක් නෙවෙයි, සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවලට ඒ තරම් හොඳින් ගැළපෙන්නේත් නැහැ. කොතැන කොහොම ගියත් කිසි කරදරයක් නැතිව ගෙදර මිනිස්සුන්ට, යාළුවන්ට කෝල් එකක් SMS එකක් යවා ගන්න පුළුවන් කම තමයි අපි කාට වුණත් ගොඩක්ම වැදගත් වෙන්නේ. අනිත් දේ තමයි ඉන්ටර්නෙට් සම්බන්ධතාවලට ගෙවන්න වෙන මුදල. සමහර රටවල්වල ඉන්ටර්නෙට් වෙනුවෙන් අය කරන මුදල මොන තරම් ඉහළයිද කියනවා නම් එහෙදී නැවතිලා, කාලා බීලා, තමන් ගිය වැඩේ කරගෙන එන්න යන මුදලම වගේ තවත් ගාණක් ඉන්ටර්නෙට් ගාස්තු විදිහට වැය වෙන අවස්ථා ඕන තරම්. ඒ මදිවාට ගන්නකොට පෙන්වන සුරංගනා ලෝකය පාවිච්චි කරන්න ගියාම නැහැ. එක එක කරදර ගොඩයි.

තමන්ගේ ආදරණීයයන්ට අසීමිත රෝමිං ගාස්තු ගැන වද වෙන්නේ නැතිව නිදහසේ කතා කරන්න තියෙනවා නම්. (pixabay.com)

Dialog ආයතනය ශ්‍රී ලාංකික අපි කවුරුත් මුහුණ දෙන මේ ප්‍රශ්නයට විසඳුමක් හැටියට Big Talk කියලා සේවාවක් ආරම්භ කරලා තියෙනවා. ආසියාවේ සහ මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් යන රටවල් ගණනාවකම මේ සේවාව ක්‍රියාත්මකයි. ඔබත් යන්න හිතාගෙන ඉන්නේ ඉන්දියාවට, බංග්ලාදේශයට, නේපාලයට, කාම්බෝජියාවට, මැලේසියාවට, සිංගප්පූරුවට, තායිලන්තයට, ඉන්දුනීසියාවට, සෞදි ආරබියට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නම් මේ සේවාවට සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දුරකථන ජාලයෙන් ජාලයට මාරු වෙන කරදරයෙන් ඔබව සම්පූර්ණයෙන්ම නිදහස් කරන්නට Big Talk සේවාව සමත්. Big Talk හරහා ඔබට දිනපතාම ශ්‍රී ලංකාව වෙත විනාඩි 50 ක් බැගින් ඇමතුම් ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. ඉදිරියේදී තවත් රටවල් ගණනාවකට මේ සේවාව ව්‍යාප්ත කරන්න Dialog සමාගම කටයුතු කරන නිසා නුදුරු අනාගතයේදීම කිසිම කරදරයක් නැතිව ඕනෑම රටකට ගිහින් ශ්‍රී ලංකාවේ ඉන්න අයට කතා කරන්න අවස්ථාව ලැබේවි.

අපි වැඩි දෙනා විදේශ රටකට ගිහින් ඉන්න වෙලාවට අපිට එන ඇමතුම් නොගන්නේත්, කතා කරනකොට ඉතා ඉක්මනින් ෆෝන් එක තියන්න බලන්නේත් ඉන්ටර්නැෂනල් රෝමිංවලට යන අසීමිත ගාස්තු ගැන බොහොම හොඳින් දන්නා නිසයි. නමුත් Big Talk වලින් ඔබට ලැබෙන ඇමතුම් සඳහාත් විනාඩි 50 ක් හිමි වෙනවා. ගෙදර කෙනෙක්, යාලුවෙක් එහෙමත් නැත්නම් තමන්ගේ බොස් හරි අපිට කතා කරනකොට සල්ලි කැපෙයි කියලා බය වෙන්න දෙයක් නෑ. ලැබෙන ඇමතුම් කිසි බයක් නැතිව අරගෙන හිතේ හැටියට නිදහසේ කතා කරන්න Big Talk නිසා අවස්ථාව ලැබෙනවා. ඔබ කටින් වැඩිය කතා බහ නොකර නිතරම SMS වලින් කතා කරන කෙනෙක් නම් ඒ සඳහා SMS අසීමිත ප්‍රමාණයක් යැවීමේ අවස්ථාවත් ඔබට හිමියි. ඉතින් අම්මා හරි, නෝනා හරි තමන් ඉන්නේ කොහේද කියලා නිතරම බය වෙලා ඉන්නවා නම් එයාලට ඉක්මනට SMS එකක් දාලා හිත හදන්න පුළුවන්. රට ගිහින් කරන කියන දේවල් ගැන ලංකාවේ ඉන්න යාළුවො මිත්‍රයෝ එක්ක බෙදා හදා ගන්නත් කිසිම බාධාවක් නැහැ.

සම්බන්ධතාව නැති වෙයිද කියලා බය වෙවී ඉන්නේ නැතිව නිදහසේ සංචාරය කරන්න. (pixabay.com)

Big Talk හා සම්බන්ධ වෙන එක හරිම පහසුයි, කරන්න තියෙන්නේ ෆෝන් එකේ #131*1# ඩයල් කරන එක විතරයි. ඔබට තියෙන්නේ පෙර ගෙවුම් සම්බන්ධතාවක් වුණත්, පසු ගෙවුම් සම්බන්ධතාවක් වුණත් කිසිම වෙනසක් නැතිව ඕනෑම Dialog පාරිභෝගිකයෙකුට මේ සේවාව ලබා ගන්න අවස්ථාව තියෙනවා.

දවසකට US ඩොලර් 5 කින් ඔබට,

  • ඕනෑ තරම් SMS යවන්න
  • යන රට ඇතුළේ ඕනෑ තරම් දුරකථන ඇමතුම් ලබා ගන්න
  • ශ්‍රී ලංකාවට විනාඩි 50 ක දුරකථන ඇමතුම් ලබා ගන්න
  • ඕනෑම රටකින් විනාඩි 50 ක ලැබෙන ඇමතුම් ලබා ගන්න අවස්ථාව සැලසෙනවා.

Big Talk නිසා ඔබට ආයෙත් කවදාවත් විදේශගත වෙලා ඉන්නකොට ෆෝන් එකේ ලිමිට් පැනලද කියලා බයෙන් ඉන්න දෙයක් නැහැ. හිතේ නිදහසේ තමන්ගේ නිවාඩුව ගත කරන්න, තමන් කැමති අත්දැකීම් විඳගන්න ගමන් බය නැතිව ඕනෑම වෙලාවක තමන්ට කැමති අයට කතා කරන්න, SMS කරන්න පුළුවන්. විදේශ රටකට ගිහින් කනෙක්ෂන් එකක් හොය හොයා යන්න සිද්ධ වෙන කරදරයත්, ඒ වගේ අවස්ථාවල කවදාවත් දැකපු නැති අයට පෞද්ගලික තොරතුරු දෙන්න වෙන එකත් වගේම එක එක රටවල සේවා සපයන්නන්ගේ අමුතු අමුතු නීති රීති, රෙගුලාසිවලට හසු වෙන එකත් වළක්වා ගන්න පුළුවන්.

ඉතින් Dialog Big Talk නිසා මොන දේ සිද්ධ වුණත් නොවුණත් සම්බන්ධතාව නැති වෙන්නේ නැහැ කියලා ඔබට හිතේ නිදහස තියාගෙන ඉන්න හැකියාව ලැබෙනවා. විදේශ රටකට යන අපි කාටත් වැඩිපුරම ඕන කරන්නේ ඒක, එහෙම නේද?

කවරයේ රූපය. (pixabay.com)

Related Articles