Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩයලොග් Infinity Pro

ඩයලොග් වෙතින් ඔබ වෙත ගෙන එන Infinity Pro ස්මාට්ෆෝන් එක ඇත්තටම ශ්‍රී ලංකාවේ සියලුම දෙනා වෙත තාක්ෂණය සමීප කරන්න දරන උත්සාහයක්. උපාංග සහ විශේෂාංග අතින් බොහෝ විට ඉහළ මට්ටමේ ස්මාට්ෆෝන්වල දකින්න ලැබෙන පහසුකම් ලබා දෙන Infinity Pro එක ඉතා අඩු මිලකට හොඳ වටිනාකමක් ලබා ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍ය මට්ටමෙන් ස්මාට්ෆෝන් පාවිච්චි කරන අය ඉලක්ක කරගත් උපාංගයක් වුණත් අවශ්‍ය වෙලාවට මිල අධික ස්මාට්ෆෝන් එකකින් කළ හැකි දේවල් ලොකු අපහසුවක් නැතිව කරගන්න තරම් හැකියාවකුත් මේ සතුයි.

Infinity Pro එකේ ඉදිරිපස පෙනුම

ඩයලොග් වෙනුවෙන්ම නිෂ්පාදනය කෙරෙන Infinity Pro එක දැක්ක ගමන් බොහොම කොලිටි උපාංගයක් බව පෙනෙන හතරැස් හැඩයකින් සමන්විතයි. ෂැම්පේන් ගෝල්ඩ් වර්ණය නිසා මිල අධික පෙනුමක් පවතිනවා. ආවරණය සකසා තිබෙන්නේ බ්‍රෂ් කරපු ලෝහ නිමාවකට ඉතාම සමාන උසස් ප්‍රමිතියේ ප්ලාස්ටික්වලින්, අතට ඉතා හොඳින් හසු වන විදිහට පිටුපස ප්‍රදේශය වක්‍ර කර නිපදවලා තිබෙනවා. මේකේ තිරය කෙළවර දක්වාම විහිදිලා තියෙන නිසා ෆෝන් එකේ ඉදිරිපස කොටසේ වැඩි හරියක් පිරී තිබෙන්නේ අඟල් 5ක මල්ටි ටච් තිරයෙන්. ෆෝන් එකේ පිටුපස ඩයලොග් ලාංජනය එම්බොස් කරලා තියෙනවා. ස්පීකරය මෙහි යට කොටසේ දැක ගන්න පුළුවන්.

Infinity Pro එකේ පිටුපස පෙනුම

Infinity Pro එක බොහොම සවිමත් බව අතට ගත්තු ගමන් දැනෙනවා, ඒ වගේම ප්‍රමාණයේ හැටියට බොහොම සැහැල්ලු බවත් එකවරම හිතෙනවා.

අංගෝපාංග

ඩයලොග් Infinity Pro එකේ ගිගාහර්ට්ස් 1.0 ක වේගයෙන් යුත් කෝර් 4ක ප්‍රොසෙසරයකුත්, ගිගාබයිට් 3ක රැම් එකකුත් අන්තර්ගත නිසා ප්ලේ ස්ටෝර් එකේ අඩංගු ඕනෑම ඇප් එකක් ගැටළුවක් නැතිව ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. ගිගා බයිට් 16ක මෙමරි එකක් තියෙනවා වගේම ගිගාබයිට් 128ක් දක්වා MicroSD කාඩ් පාවිච්චි කරන්නත් පුළුවන් ස්ලොට් එකක් පිටුපස කවරය ගැලෙව්වාම දැක ගන්න පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් 6.0 මාෂ්මෙලෝ OS එක කාටත් හුරුපුරුදු එකක්; ඩ්‍රොප් ඩවුන් නෝටිෆිකේෂන් ඇතුළු සාමාන්‍ය සෙටින්ග්ස් සියල්ලමත් පහසුවෙන්ම දැක ගන්න ලැබෙනවා.

අඟල් 5ක තිරය වර්ණ මිලියන 16.7ක් සහිත, පික්සල් 720×1280 ප්‍රමාණයේ HD තිරයක්. අඟලකට පික්සල් 293ක් පවතින නිසා ඉතාම පැහැදිලි, අලංකාර රූප ඒ මත මැවෙනවා දැක ගන්න පුළුවන්. වීඩියෝ නරඹන්නත්, ගේම් ගහන්නත් මේ ස්මාට්ෆෝන් එක ඉතා හොඳ තේරීමක්.

4000mAh ක අධි ධාරිතාවක් සහිත බැටරිය නිතරම පාවිච්චි කරත් දවසකින් බැහැලා යන්නේ කලාතුරකින්. ඒ වගේම Infinity Pro එක වේගයෙන් චාජ් කරන්නත් හැකියාව තියෙනවා. හදිසියේ බැටරි බැහැලා ගියත් විනාඩි 10ක් චාජ් කරලා පැයකටත් වඩා කතා කාලයකට සෑහෙන තරම් බැටරිය චාජ් කර ගන්න පුළුවන්.

පිටුපස මෙගා පික්සල් 8ක උසස් තත්වයේ කැමරාවක් තිබෙනවා. ඉදිරිපස තිබෙන මෙගා පික්සල් 5ක කැමරාව සෙල්ෆි සහ වීඩියෝ කෝල් සඳහා කදිමයි.

අපි කවුරුත් පාවිච්චි කරන සන්නිවේදන සේවාවන් Infinfity Pro එකේ කිසිම කරදරක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. HSPA+ වගේම 4G LTE ජාලවලටත් සම්බන්ධ වෙන්න හැකියාව තිබෙන අතර 802.11 b/g/n WiFi සහ බ්ලූටූත් සම්බන්ධතාත් පාවිච්චි කරන්න පුළුවන්. මීට අමතරව සාමාන්‍ය USB සම්බන්ධතාව සහ 3.5mm ඉයර්ෆෝන් පෝට් එකත් මෙහි අන්තර්ගතයි.

ඔබටම කියාපු ස්මාට්ෆෝන් එක

Infinity Pro එකේ පැති පෙනුම

Infinity Pro ස්මාට්ෆෝන් එක බොහොම හොඳ පෙනුමක් ඇති, සවිමත්ව නිෂ්පාදනය කළ, අතේ තියාගෙන ඉන්න ආස හිතෙන උසස් තත්වයේ නිෂ්පාදනයක්. විශාල තිරය නිසා වීඩියෝ නරඹන්න පහසුයි වගේම කෝර් හතරක බලසම්පන්න ප්‍රොසෙසරය නිසා ගේම් ගහන්නත්, ග්‍රැෆික් පාවිච්චිය ඉහළ අනිකුත් වැඩකටයුතුවලටත් කිසිම ගැටළුවක් නැහැ. මේ මිල මට්ටමේ කීයටවත් ලබා ගන්න බැරි ගිගා බයිට් 3ක රැම් එක නිසා මේ ස්මාට්ෆෝන් එක කිසිම හිර වීමක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. OS එක සහ සියලුම ඇප් ඉතාම සුමටව ක්‍රියා කරනවා.

මේ සියලු පහසුකම් එක්ක එන ඩයලොග් Infinity Pro ස්මාට්ෆෝන් එක රුපියල් 14,990ක මිලකට ඕනෑම ඩයලොග් පාරිභෝගික සේවා ආයතනයකින් මිලදී ගන්න ඔබටත් අවස්ථාව තියෙනවා. ඒ සඳහා අවුරුද්දක වගකීමකුත් ඔබට හිමි වෙනවා.

Related Articles