Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රට වෙනුවෙන් ප්‍රශංසනීය සේවයක් සිදුකළ, රාජ්‍ය සේවයේ නියුතුව සිටි අපේ දෙගුරුන්ට පිදෙන Dialog “ප්‍රශංසා”

ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් තමයි රාජ්‍ය සේවාව. අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි පවත්වා ගෙන යන්නත්, කිසිදු භේදයක් නොසළකා පුරවැසියන්ට සේවය සලසන්නත් රාජ්‍ය සේවකයන්ගෙන් ඉෂ්ට වෙන කර්තව්‍යය සුළුපටු නැහැ. ශ්‍රී ලංකාවේ විශාලතම සේවායෝජකයා වන රාජ්‍ය සේවය අපේ රටේ බහුතර ජනතාවකගේ ජීවනාලිය වෙමින්, සියලු දෙනාටම රැකියා අවස්ථා තහවුරු කරන්නත් ලොකු වැඩ කොටසක් සිදු කරනවා. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින බොහෝ දෙනෙක් දශක දෙක තුනක දීර්ඝ කාලයක් පුරාවට අපේ රටට ඉමහත් සේවාවක් සිදු කරපු අය යි.

අපේ රටේ වැදගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලන්නට Dialog වෙතින් ඉතාම වාසිදායක අලුත්ම පසුගෙවුම් පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි Dialog “ප්‍රශංසා”. මාසයකට රුපියල් 398ක් තරම් සුළු මුදලකට ජාලය තුල ඇමතුම් මිනිත්තු 200කුත්, SMS 300කුත්, Smartphone එකකුත් නොමිලේම හිමි කරගන්න මේ පැකේජයෙන් අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ හරහා තවත් සුවිශේෂී වාසි රැසක් ලබාගන්න පුළුවන්. මේ ගැන ටිකක් කියවලා බැලුවාම ඔබේ විශ්‍රාමික දෙමව්පියන්ට හෝ දන්නා අඳුනන නෑදෑ වැඩිහිටියන්ට හොඳම පසුගෙවුම් පැකේජය “ප්‍රශංසා” බව ඔබටම තහවුරු වේවි.

වැඩිහිටියන්ට Smartphone භාවිත කරන්න බැහැ කියන කතාව හිතලුවක් පමණයි.

biglauncher.com

සමහරුන්ට හිතෙන්න පුළුවන් වැඩිහිටියන්ට Smartphone එකක් මොකටද කියලා. මීට කාලයකට පෙර බොහෝ වැඩිහිටියන්ට ටච් ස්ක්‍රීන් ෆෝන් භාවිතය අමාරුයි කියලා අදහසක් තිබුණත්, අද එහි තියෙන නිමාව නිසාම ඔවුන්ට ඉතා පහසුවෙන් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නට ස්මාට් ෆෝන් එකක් හොඳ උදව්වක් වෙනවා. සාම්ප්‍රදායික බොත්තම් සහිත ෆෝන් එකකට වඩා ඉතා විශාල තිරයකින් සමන්විත නිසා අදාළ settings සකස් කරගත්තාම, ඕනෑම අයෙකුට ඉතා පැහැදිලිව දැක ගත හැකි ලොකු අකුරු සහිත, හරිම පහසු ක්‍රියාකාරී මෙනුවක් සහ අවශ්‍ය වෙලාවට තමන්ගේ දුර බැහැර සිටින ආදරණීයයන්ට මුහුණ බලාගෙන කතා කළ හැකි ඉතාම වටිනා මෙවලමක් බවට ස්මාට්ෆෝන් එකක් පත් වෙනවා. තමන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක් සොයා ගන්න, ආගමික වැඩසටහන් අහන්න, නරඹන්න, දරු මුණුබුරන්ගේ විශේෂ අවස්ථා සදාතනිකව සුරැකෙන ඡායාරූප හෝ වීඩියෝ ලබාගන්න වගේ ප්‍රයෝජන ප්‍රමාණය අසීමිත යි. එකවර භාවිතයට නුහුරුයි කියලා සිතුණත් ඉතාම කෙටි කාලයක් තුළ ඔවුන්ට එහි ක්‍රියාකාරීත්වයට හුරු වෙන්න පුළුවන්.

Smartphone එකක් නම්  Dialog 4G නැතිව වැඩක් නෑ. (dialog.lk)

ඒ වගේම Smarphone එකක නියම ප්‍රයෝජනය ලබාගන්න නම් එය 4G තාක්ෂණය සහිත වීම ඉතා වැදගත්. සුපැහැදිලි හඬකින් දුරකථන ඇමතුම් ලබාගන්න, කිසිදු අවහිරවීමකින් තොරව ඉතා උසස් තත්ත්වයේ වීඩියෝ ඇමතුම් ලබාගන්න, අන්තර්ජාලයේ කිසිම මන්දගාමී බවක් නැතිව සැරිසරලා තමන්ට අවශ්‍ය තොරතුරු සොයා ගන්න හැකියාව ලැබෙන්නේ එවිට යි. ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ පුළුල්ම 4G ජාලය වන Dialog 4G එක්ක සම්බන්ධ වීමෙන් මේ සියලු සේවා ඉතා පහසුවෙන් ලබාගන්න හැකියාව ලැබෙනවා. විශ්‍රාමික සියලු දෙනාගේම පහසුව වෙනුවෙන් අලුත්ම 4G Smartphone එකක් ලබාගන්නත් “ප්‍රශංසා” පැකේජය සමග Dialog වෙතින් ඉඩකඩ සැලසෙන්නේ ඒ වෙනුවෙන්ම යි.

“ප්‍රශංසා” පැකේජය සමග අලුත්ම 4G Smartphone එකක්

“ප්‍රශංසා” පැකේජය සමග ඔබට නොමිලේම Smartphone එකක් හිමි කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ ඔබ තෝරා ගන්නා ප්‍රශංසා පැකේජයට, මාසික ගාස්තුවට ඔබට නවීනතම 4G තාක්ෂනය සහිත Smartphone එකකුත් ලැබෙනවා. Dialog 4G ජාලයේ උපරිම වාසි අත්විඳින්න, ඔබේ අවශ්‍යතාව පරිදි තෝරා ගන්නට අවස්ථාව හිමි වන, වෙළඳපොළේ දැනට පවතින ජනප්‍රියම Smartphone ගණනාවක ලැයිස්තුවත්, ඒවායේ මාසික වාරිකයත් පහත වගුවේ සඳහන් වෙනවා.

මේ ඕනෑම Smartphone එකක් සඳහා අදාළ වාරිකය ඔබේ මාසික බිල්පතට එකතු වෙනවා. ඔබ මේ සඳහා ගෙවන්න අවශ්‍ය වෙන්නේ වාරික 24ක් පමණයි. මාස 24ක කාල සීමාවෙන් පස්සේ Smartphone එක සඳහා ගෙවන වාරික අවසන් වන නිසා, ඊට පස්සේ ඔබ ගෙවිය යුත්තේ මූලික පැකේජ ගාස්තුව වන රු.249/- සහ ඊට අදාළ බදු පමණයි. නොමිලේ හිමිවූ විනාඩි 200 ඇමතුම් කාලය සහ sms 300 ඔබට දිගටම ලැබෙනවා

වෛද්‍යවරුන් චැනල් කරනකොට, රෝහල් සේවා ලබාගන්නකොට, IDD වලට සුවිශේෂී වට්ටම්.

doc.lk

Dialog “ප්‍රශංසා” තුලින් ඔබට ලැබෙන වාසි ප්‍රමාණය එතැනින් නිමා වෙන්නේ නැහැ. වැඩිහිටි වියේ ඉන්න විශ්‍රාමික සියලු දෙනාටම හිතේ නිදහසින් තමන්ගේ වෛද්‍ය අවශ්‍යතා ඉටු කරගන්නත් මේ තුළින් සුවිශේෂී අවස්ථාවක් සැලසෙනවා. ඔබට “ප්‍රශංසා” සම්බන්ධතාවක් හිමියි නම් Doc990 සේවාව හරහා වෛද්‍යවරයෙක් චැනල් කරනකොට ඔබෙන් අය කෙරෙන්නේ සාමාන්‍ය චැනල් කිරීමේ සේවා ගාස්තුවට වඩා 40%ක් අඩුවෙන්.

ඒ විතරක් නෙවෙයි, ආසිරි රෝහල් සමූහයෙන්  ලබාගන්නා සේවා රැසක් සඳහා 10%ක වට්ටමකුත් ඔබට හිමි යි. බාහිර රෝගී අංශයේ ෆාමසි ගාස්තුව හැර අනෙකුත් සියලුම ගාස්තු, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට රෝහල් බිල්පතේ මුළු වටිනාකම සහ ආසිරි රෝහලෙන් නිවසටම සැපයෙන Amazing Care සේවාවේ ගාස්තුව යන සියලුම අයකිරීම් වලින් මේ 10%ක වට්ටම ලබාගන්න හැකියාව තිබෙනවා. වරක් දෙවරක් නොව ඔබ “ප්‍රශංසා” පාරිභෝගිකයෙක් වී සිටින තුරාවටම මේ සුවිශේෂී වාසි ඔබට සලසා දෙන්න Dialog කටයුතු කරනවා.

ඒවගේම “ප්‍රශංසා” හිමි විශ්‍රාමිකයන් තමන්ගේ දරු මුණුබුරන් වෙනුවෙන් මිල දී ගන්නා වෙනත් ෆෝන්, ටැබ්ලට්, ස්මාට් ඔරලෝසු වැනි දේවල් සඳහාත් සුවිශේෂී වාසි හිමි වෙනවා.

මීට අමතරව පිටරට සිටින ඔබේ නෑදෑ හිත මිතුරන්ට නිදහසේ කතා කරන්න “ප්‍රශංසා” පාරිභෝගිකයන්ගෙන් අය කෙරෙන IDD ගාස්තුවත් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන්න Dialog පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ඕනෑම ජාලයකට විනාඩියකට රුපියල් 1.50ක මුදලකට ඇමතුම් ලබාගන්නටත්, ශත 20කට SMS පණිවිඩ යොමු කරන්නත් හැකියාව ලැබෙනවා. අන්තර්ජාල පැකේජ සක්‍රීය කර නැතිනම් ඩේටා සඳහා වැය වෙන්නේ මෙගාබයිට් ශත 20ක් බැගින්.

වෙනමම ගිහින් බිල් ගෙවලා එන්න අවශ්‍යත් නැහැ

mirror.co.uk

“ප්‍රශංසා” පැකේජය ලබාගන්නා ඔබට බිල්පත් ගෙවීම ගැන කිසිසේත් වද වෙන්න දෙයක් නැහැ. ඔබට මේ පැකේජය සඳහා අය කෙරෙන බිල්පත් ගාස්තුව ඍජුවම ඔබේ මාසික විශ්‍රාම වාරිකයෙන් අය වන ආකාරයටයි ලැබෙන්නේ. ඒ නිසා මාසයකට වරක් බිල්පත් ගෙවීම වෙනුවෙන් විශේෂයෙන්ම ගමනක් යන්නට සිදු වීම, තව කෙනෙකුට එය ගෙවන වැඩේ භාර දෙන්න සිදු වීම, බිල්පත් ගෙවීම මගහැරුණොත් සම්බන්ධතාව විසන්ධි වීම වගේ සාමාන්‍ය පසුගෙවුම් සම්බන්ධතාවකින් තියෙන කිසිම කරදරයක් අත් විඳින්න සිදු වෙන්නේ නැහැ. මේ නිසා ඒ ගැන වද වෙන්නේ නැතිව නිදහසේ ඔබේ අවශ්‍යතා සඳහා ඔබට ලැබෙන ස්මාට්ෆෝන් එක සහ Dialog 4G ජාලය භාවිත කරන්න පමණයි තිබෙන්නේ.

ඉතින් මේ කරුණු කාරණා සියල්ලම සලකා බැලුවාම අපේ විශ්‍රාමික වැඩිහිටියන්ට හොඳම සන්නිවේදන පැකේජ් එක Dialog “ප්‍රශංසා” බවට කිසිම සැකයක් නැහැ. වැඩිහිටියන්ට බැහැ කියලා හිතාගෙන ඔවුන් අඳුරේ තියන්නේ නැතිව අලුත් තාක්ෂණය ඔවුන්ට හඳුන්වා දෙන එක අපේ තරුණ පරපුරේ වගකීමක්. ඔවුන්ගේ එදිනෙදා කටයුතු සිදු කර ගන්නටත් එය විශාල පහසුවක් වෙනවාට සැකයක් නැහැ. ඉතින් එයට හොඳම අවස්ථාවක් වන මේ “ප්‍රශංසා” පැකේජය ගැන ඔවුන් දැනුවත් කරන්න ඔබත් එකතු වෙන්න.

කවරයේ රූපය (dialog.lk)

Related Articles