Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබගේ Dialog 4G Home Broadband Data Quota භාවිතයෙන් රට පුරා ඇති 2000ට අධික Dialog WiFi Hotspots මගින් ඉන්ටර්නෙට් යන්න දැන් පුළුවන්

ශ්‍රී ලංකාවේ කාටත් 4G රවුටර් එකක් කියලා කිව්වොත් මතක් වෙන්නේ Dialog 4G රවුටර් එකක්ම තමයි. වෙනත් සම්බන්ධතා තියෙනවාද කියලා හිතෙන තරමටම මේ රවුටරය ඉතාම ජනප්‍රියයි. ඉතාම පහසුදායක මිලකට ලබා ගන්න පුළුවන් නිසාත්, Data සුවිසල් ප්‍රමාණයක් ඉතා අඩු මුදලකට ලබා ගන්න පුළුවන් නිසාත්, රට පුරාම බොහෝ තැන්වල ඉඳලා ඉතා පහසුවෙන් අධිවේගී සම්බන්ධතාවක් ලබා ගන්න පුළුවන් නිසාත් Dialog 4G රවුටරය අද කාටත් නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා.

පහසුවෙන්, ඉක්මනින් ඔබේ ගෙදරට අන්තර්ජාල සේවා ලබා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි Dialog 4G රවුටරය. (dialog.lk)

Dialog 4G රවුටර් රට පුරා මොන තරම් පැතිරිලා තියෙනවාද කියලා කිව්වොත් අපි කොහේ ගියත් නිකමට ෆෝන් එකේ WiFi ඔන් කරලා බැලුවොත් Dialog 4G කනෙක්ෂන් එකක් දකින්න නොලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒත් ඒවා අයිති වෙන අයටනේ, ඒ නිසා පාවිච්චි කරන්න විදිහක් නැහැ. කොහොම නමුත් Dialog සමාගම අලුතෙන්ම හඳුන්වා දෙන සේවාව හරහා ඒ ඕනෑම Dialog 4G WiFi එකකට සම්බන්ධ වෙලා අධිවේගයෙන් ඉන්ටර්නෙට් යන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

Quota එක share කරගන්න අවස්ථාවක්

ඉන්ටර්නෙට් නැද්ද? (shutterstock)

Dialog 4G Home Broadband Quota Share කියලා හඳුන්වන මේ සේවාව හරහා ඔබට තමන්ගේ Dialog 4G රවුටරයත් එක්ක ලබා ගන්න පැකේජ් එකේ තියෙන Data පාවිච්චි කරලා ඕනෑම Dialog 4G WiFi කනෙක්ෂන් එකකින් ඉන්ටර්නෙට් සම්බන්ධතාව ලබා ගන්න පුළුවන් වෙනවා. මේ නිසා ලැප්ටොප් එකකින් ඉන්ටර්නෙට් යන්න වුණත් ඩොන්ගල් හොයන්න අවශ්‍ය නැහැ, WiFi ලිස්ට් එකේ තියෙන ඕනෑම Dialog 4G කනෙක්ෂන් එකකට සම්බන්ධ වෙලා තමන්ගේ රවුටරයෙන් යනවා වගේ ඉන්ටර්නෙට් යන්න පුළුවන්. කොහේ තිබුණත් Dialog 4G වල වේගය උපරිම නිසා යන එන ගමන් වුණත් ඕනෑම විශාල ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න, Cloud සේවා පාවිච්චි කරන්න, FHD, 4K වීඩියෝස් stream කරන්න කිසිම අපහසුවක් නැහැ.

මේ සේවාවට ලියාපදිංචි වෙන්නේ මෙහෙමයි

මේ සේවාව ලබා ගන්න අපි ඒ සඳහා ලියාපදිංචි වෙන්න අවශ්‍යයි. ඒ සඳහා මුලින්ම www.dialog.lk/myaccount හරහා ඔබේ Dialog ගිණුමට පිවිසෙන්න. Dialog ගිණුමක් නැතිනම් එතැනින් අලුත් ගිණුමක් හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔබේ Home Broadband අංකය සිලෙක්ට් කරන්න. ඒ පිටුවේ පහළින්ම තියෙනවා Dialog 4G Home Broadband Quota Share සේවාව සක්‍රීය කරන තැන. එතැන තියෙන උපදෙස් පිළිපැදලා තමන්ගේ පාස්වර්ඩ් එක ලබා ගන්න පුළුවන්.

WiFi ලිස්ට් එකේ Dialog 4G එකක් නොපෙන්වන්නේ හරිම කලාතුරකින්. (Indrajith Gamage)

ඊට පස්සේ කොහේ ගියත් අනිවාර්යයෙන්ම WiFi ලිස්ට් එකේ දකින්න ලැබෙන Dialog 4G WiFi hotspot එකකට සම්බන්ධ වෙන්න. දැන් ඕනෑම බ්‍රවුසරයකින් wifi.dialog.lk වෙත පිවිසිලා, පාස්වර්ඩ් එක භාවිතයෙන් සම්බන්ධතාව ලබා ගන්න විතරයි තියෙන්නේ. ගෙදර ඉන්නවා වගේම කැමති විදිහට ඉන්ටර්නෙට් යන්න ඔබට කිසිම බාධාවක් නැහැ. වැඩේ හරියට කරා නම් ඔබට රට පුරාම තිබෙන ඕනෑම Dialog 4G WiFi hotspot එකකින් ඉන්ටර්නෙට් යන්න හැකියාව ලැබෙනවා.

ඔබ පාවිච්චි කරන Data සඳහා අය වෙන්නේ ඔබේම Home Broadband එකේ Data quota එකෙන්. ඒ වගේම මේ සේවාව ලබා ගැනීම වෙනුවෙන් වෙනත් කිසිම අමතර ගාස්තුවක් අය කෙරෙන්නේත් නැහැ.

සැලසෙන පහසුව සහ ලැබෙන ප්‍රයෝජන

යන එන ඕනෑම තැනක අපිට කිසිම කරදරයක් නැතිව සම්බන්ධ වෙන්න පුළුවන් අධිවේගී Dialog WiFi කනෙක්ෂන් එකක් තියෙනවා කියන්නේ මොන තරම් ප්‍රයෝජනවත් දෙයක්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන් ඇති. ගෙදර පාවිච්චියට ගන්න Dialog 4G රවුටර් එක කොහේවත් ගෙන යන්නේ නැතිව ඔබට දැන් ඕනෑම Dialog 4G WiFi කනෙක්ෂන් එකක් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා.

ඩොන්ගල් එක ගෙනියන්න මතක නැති වුණොත්? (aliexpress.com)

නිකමට හිතන්න ඔබ නිතර එහෙ මෙහෙ යන කෙනෙක් කියලා. අද කාලයේ බොහෝ දේ සිදු කෙරෙන්නේ අන්තර්ජාලය හරහා නිසා වේගවත් සම්බන්ධතාවක් නැතිවම බැහැ. විශේෂයෙන්ම ඔබ කාර්යාල කටයුතු කරන කෙනෙක් නම් ඔබේ ලැප්ටොප් එකෙන් බොහෝ වැඩ කර ගන්න හොඳ ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් අත්‍යාවශ්‍ය වෙනවා. නමුත් ඩොන්ගල් එකක් පාවිච්චි කරන එක හරි, ෆෝන් එකේ බැටරිය ඉක්මනින්ම කා දමන WiFi hotspot එකක් දමා ගැනීම හරි, USB කේබල් එකක් පාවිච්චිය හරි හැර ඒකට වෙනත් පහසු ක්‍රමයක් මේ වන තුරු තිබුණේ නැහැ. ඩොන්ගල් එක ගෙනියන්න අමතක වුණොත් සේරම ඉවරයි.

ප්‍රමාණයෙන් විශාල WiFi රවුටරයක සම්බන්ධතාවය සහ වේගය වඩාත් ස්ථායී වුණත් එය තැනකින් තැනකට ගෙන යන එක තරමක් අපහසුයි. මේ නිසා නිතර තැනකින් තැනකට ඒක අරගෙන යාම ඒ තරම් හොඳ විසඳුමක් නෙවෙයි. නමුත් දැන් ඉන්ටර්නෙට් යන්න අවශ්‍ය වෙන්නේ ඕනෑම තැනක ලිස්ට් එකේ පෙන්වන Dialog 4G WiFi එකකට සම්බන්ධ වෙන්න විතරයි. අධිවේගයෙන් ඔබේ වැඩකටයුතුවලට අවශ්‍ය දේවල් ලබා ගන්න කිසිම අපහසුවක් නැහැ. ෆෝන් එකේ, ලැප්ටොප් එකේ බැටරියෙන් වැඩි කාල වෙලාවක් වැඩ කටයුතු කර ගන්නත් මේක හොඳ විසඳුමක්.

ඒ විදිහට ඔබ ශ්‍රී ලංකාවේ කොයි කෙළවරක ඉඳලා සම්බන්ධ වුණත් ගෙදර තියෙන Home Broadband එකේ Data quota එකෙන් විතරයි Data වැය වෙන්නේ. වැඩිපුර Data දා ගන්න අවශ්‍ය වුණත් එය සුපුරුදු ක්‍රමවලටම කරන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ Dialog 4G රවුටර් එක ගෙදරම තියලා ඕනෑම තැනක ඉඳන් ඉන්ටර්නෙට් යන්න පුළුවන්. දැන් ඔබේ රවුටරයේ range එක මුළු ලංකාවටම පැතිරිලා වගේ.

අමතර තොරතුරු

(dialog.lk)

මේ සේවාව ගැන බොහෝ දෙනෙකුට තියෙන ගැටළු කිහිපයක් පහළින් කෙටියෙන් විස්තර කරලා තියෙනවා. ඒ ගැන වැඩි විස්තර ඔබට ඕනෑම අවස්ථාවක Dialog පාරිභෝගික සේවාව එක්ක සම්බන්ධ වෙලා හරි, ළඟම Dialog නියෝජිත ආයතනයෙන් හරි දැන ගන්න පුළුවන් වේවි.

  • පාස්වර්ඩ් එක අමතක වුණා නම් wifi.dialog.lk වෙත ගිහින් අදාළ උපදෙස් පිළිපැදලා එය ලබා ගන්න පුළුවන්. තමන්ගේ Dialog ගිණුමට ඇතුළු වුණාට පස්සේ show my password ක්ලික් කරාම පාස්වර්ඩ් එක දැන ගන්නත් පුළුවන්.
  • මේ සේවාව පස්සේ කාලෙක අක්‍රීය කරන්න අවශ්‍යයි කියලා හිතුණොත් කරන්න තියෙන්නේ පුරුදු විදිහටම Dialog My Account පෝටල් එකට ගිහින් quota share කරන සේවාව අක්‍රීය කරන එක විතරයි.
  • Dialog 4G Home Broadband Quota Share එකට සම්බන්ධ කරලා තියෙන දුරකථන අංකය වෙනස් කර ගන්න අවශ්‍ය නම් මුලින්ම මේ සේවාව අක්‍රීය කරලා අලුත් දුරකථන අංකය හරහා login වෙලා ඒ අංකයෙන් සේවාව සක්‍රීය කර ගන්නයි තියෙන්නේ.
  • කලිනුත් කිව්වා වගේ මේ සඳහා කිසිම අමතර අය කිරීමක් නැහැ. ඔබේ පැත්තෙන් බැලුවාම යන යන තැන ඔබේ Dialog 4G රවුටරය අරගෙන ගිහින් සම්බන්ධ වෙන එකෙයි, මේ සේවාව හරහා බාහිර Dialog WiFi hotspot එකකට සම්බන්ධ වෙන එකෙයි කිසිම වෙනසක් නැහැ. ඔබේ පැකේජ් එකට අනුව තමයි සියලුම අය වීම් සිදු වෙන්නේ.

හැමදාම ඔබ වෙත අලුත්ම දේ ගෙන එන Dialog ආයතනයේ මේ සේවාව ඔබත් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයට ගන්න. ඔබට දැනට Dialog 4G රවුටරයක් නැතිනම් අදම අලුත් එකක් මිලට ගන්නත් මේක හොඳම අවස්ථාවක්. මොකද මේ අලුත් සේවාව නිසා ඔබ මිල දී ගන්නා හැම Dialog 4G රවුටරයකටම මුළු ලංකාවම ආවරණය වෙන තරම් විශාල range එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් වෙලා.

කවරයේ රූපය : dialog.lk

Related Articles