Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Dialog Self Care – හැම සේවාවක්ම කළමනාකරණය කරගන්න එකම App එකක්

සන්නිවේදනය කියන්නේ අද කාලේ අපේ ජීවිතයට අත්‍යාවශ්‍යම දේවල්වලින් එකක්. කොහොම වුණත් සන්නිවේදන සේවා, උපාංග විශාල ගණනක් පාවිච්චි කරනවා නම් ඒ සේරම කළමනාකරණය කර ගන්න එක තරමක් අමාරු වැඩක් වෙන්න පුළුවන්. අන්න එතැනදී තමයි Dialog Self Care App එක අපේ උදව්වට එන්නේ. 2013 අවුරුද්දේ Dialog ආයතනය ඔවුන්ගේ Self Care app එක අපට හඳුන්වා දුන්නේ ඔබේ Dialog connection එකට අදාළ සියලුම සේවා එකම තැනකින් ලබා ගන්න විශාල පහසුවක් සලසමින්. මේක ඉතාම අපූරු සංකල්පයක් වගේම ශ්‍රී ලංකාවේ මෙවැන්නක් සිදු කෙරුණේත් පළමු වතාවටයි. සිය ගණනක් සේවා එකම app එකක් තුළින් සපයා ගන්නට පහසුව සලසමින් ප්‍රධාන ස්මාට් OS සියල්ලටම මෙය හඳුන්වා දෙනු ලැබුවා. ගත වුණු අවුරුදු ගණනක කාලය තුළ Self Care App එකෙන් හඳුන්වා දුන්නු සංකල්පය ඉතාම සාර්ථක වුණා වගේම ලංකාවේ වඩාත්ම ජනප්‍රිය app කිහිපයෙන් එකක් වෙන්නත් එයට හැකියාව ලැබුණා.

Dialog එකේ Self Care app එක මෑතකදී ඩවුන්ලෝඩ් මිලියනයක් පසු කරන්නට සමත් වුණේ ලංකාවේ වැඩිම ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් සහිත app කිහිපය අතරට එකතු වෙමින්. මේ app එකෙන් ඔබට විවිධාකාර සේවාවන් 300කට වැඩි ප්‍රමාණයක් ඉතාම පහසුවෙන් හසුරුවා ගන්න පුළුවන්. අදටත් මාකට් එකේ තියෙන පුළුල්ම සේවා පරාසයක් සහිත app එකක් විදිහට Dialog Self Care අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්.

2016 අවුරුද්දේ ස්පාඥ්ඥයේ බාසිලෝනාහි පැවැත්වුණු Mobile World Congress එකේදී පාරිභෝගික සේවය උදෙසා ලෝකයේ හොඳම ජංගම දුරකථන ජාල නිමැවුමට (Best Mobile Network Solution for Serving Customers) හිමි සම්මානය පවා පිරිනැමුණේ මේ app එකටයි.

විශේෂාංග

Dialog Self Care කියන්නේ පාරිභෝගිකයන්ට සේවා 300කට වැඩි ගණනක් එකම තැනකින් කළමනාකරණය කරගන්න ඉඩ ලැබෙන, සම්මාන ලාභී app එකක්. (http://omobio.net)

මේ app එක නිර්මාණය කරලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාට භාෂාව ගැටළුවක් කර නොගෙන තමන්ට අවශ්‍ය සන්නිවේදන සේවා සලසා ගන්න පුළුවන් වෙන විදිහටයි. ඉංග්‍රීසි වගේම සිංහලෙන් හා දෙමළෙන් කිසිම අඩුපාඩුවක් නැතිව app එක භාවිත කරන්න පුළුවන්.

එකම තැනකින් සියලුම සන්නිවේදන සේවා කළමනාකරණය කර ගන්න ඉඩකඩ සලසන Dialog Self Care app එක මගින් විවිධ සේවා වෙත පිවිසීම, ගෙවීම් සිදු කිරීම, Ringtone වගේ දේවල් ඩවුන්ලෝඩ් කිරීම, විශේෂාංග activate කිරීම වගේම සම්බන්ධතාවයේ usage එක ගැන සැලකිල්ලෙන් ඉන්නත් ඉඩ සලසා දෙනවා. Dialog වෙතින් ඔබට පිරිනමන සියලුම දේ තමන් කැමතිම විදිහට හැඩගස්වා ගන්න අවස්ථාව ලැබෙන අතරේ app එක භාවිතය සඳහා ඔබේ Dialog connection එකෙන් data වැය වෙන්නෙත් නැහැ.

Dialog Self Care app එකේ තියෙන ප්‍රධානතම පහසුකම් කිහිපයක් මෙසේ දක්වන්න පුළුවන්.

  • මිතුරෙක්ගෙන් credit ඉල්ලා සිටීම / credit share කිරීම.
  • Club Vision සාමාජිකයන් වෙත සුවිශේෂී වට්ටම්.
  • Dialog සේවාවල ශේෂය පරීක්ෂා කිරීම.
  • Dialog සේවා සඳහා ගෙවීම් සිදු කිරීම.
  • අගයෙන් වැඩි සේවා (Value Added Services) සක්‍රීය / අක්‍රීය කිරීම.
  • Ringtone ඩවුන්ලෝඩ් කිරීම.
  • data භාවිතය ගැන පරීක්ෂා කිරීම.
  • data පැකේජ අලුත් කර ගැනීම.
  • Dialog TV චැනල් සක්‍රීය / අක්‍රීය කිරීම.
  • Dialog Wi-Fi හා Store Locator සේවාව.
  • පාරිභෝගික ඉල්ලීම් ඉදිරිපත් කිරීම.

Dialog Self Care App එක නිර්මාණය කරලා තියෙන්නේ Dialog පාරිභෝගිකයන්ගේ ජීවිතය පහසු කිරීමේ අරමුණ ඇතිවයි. Dialog Home Broadband connection එකේ ඉතිරි වෙලා තියෙන data ප්‍රමාණය බලන එකේ ඉඳලා ෆෝන් එකේ බිල කීයද, මේ සැරේ activate කරන Dialog TV චැනල් මොනවාද කියන එක දක්වා සියලුම දේ ඔබේ තිරය මත දිස් වෙනවා. අදාළ icon එක tap කළ සැණින් බිල් ගෙවීම් කරන්න, profile එක වෙනස් කරන්න, අලුත් සේවා activate කර ගන්න, Loyalty Points ගණන බලාගන්න වගේ ඕනෑම දෙයක් ලේසියෙන්ම කරන්න පුළුවන් නිසා කිසිම මහන්සියක් වෙන්න අවශ්‍ය නෑ.

මේ app එකේ තියෙන වටිනාම දේ තමයි එයින් ඔබ ලබා ගන්නා සේවා ගැන හොඳ පාලනයක් පවත්වා ගන්න පුළුවන් එක. උදාහරණයක් විදිහට ඔබට පුළුවන් ෆෝන් එකේ හෝ Broadband connection එකේ බිල පරීක්ෂා කරලා ඇඳෙන්වත් නැගිටින්නේ නැතිවම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකකින් ගෙවීම් සිදු කරන්න. බිලේ ප්‍රමාණය ටයිප් කරපු ගමන් ගෙවීම් කරන portal එක open වෙනවා, එතන කාඩ් එකේ විස්තර දාලා තත්පරයක් යන්නත් කලින් බිල් එක ගෙවලා දාන්න පුළුවන්. ෆෝන් බිල් ගෙවන්න පාරවල් ගානේ රස්තියාදු වෙන්න දැන් ඕනෙම නැහැ.

data පාවිච්චිය ගැන ඇහැ ගහගෙන ඉන්න එකත් දැන් හරිම පහසුයි. එකම app එකක් හරහා ෆෝන් එකේ data පාවිච්චිය වගේම Dialog Home Broadband එකේ data පාවිච්චියත් ඒ වෙලාවේම දැන ගන්න පුළුවන්. ඊට අමතරව data පැකේජ් activate කරන්න, deactivate කරන්න, අලුත් කරන්න ඕන නම් ඒ වැඩේ එක තත්පරෙන් කර ගන්න පුළුවන්.

ඒ වගේම සේවා ඉල්ලීම්, එහෙමත් නැතිනම් service requests යවන වැඩෙත් app එක හරහාම කර ගන්න පුළුවන්. පාරිභෝගික සේවා icon එක tap කරපු ගමන් ඉල්ලන්න අවශ්‍ය උදව්ව සහ ඔබට තියෙන ගැටලුව සඳහන් කරලා ඉල්ලීමක් යවන්න පුළුවන්. ඉතාම කෙටි වේලාවකින් Dialog පාරිභෝගික නියෝජිතයෙක් ඔබේ සහයට එනවා.

ඒ වගේම Dialog Self Care App එක හරහා ඔබට eZ Cash ඇතුළු මූල්‍ය සේවා වෙත පිවිසිලා මූල්‍යමය පැත්ත කළමනාකරණය කරගන්නත් ඉඩ සලසා දෙනවා. ගෙදරටම වෙලා ඉඳගෙන සල්ලි යවන්න, බිල් ගෙවන්න මීට වඩා පහසු ක්‍රමයක් නැහැ.

Dialog Self Care App එක මගින් ඔබට eZ Cash සේවා වෙත පිවිසෙන්නත් අවස්ථාව තියෙනවා. (dialog.lk)

මේ ඇප් එක හරහා ඔබට පහත දැක්වෙන සියලුම eZ Cash සේවා භාවිත කරන්න පුළුවන්.

  • eZ Cash ගිණුමේ ශේෂය පරීක්ෂාව.
  • මුදල් යැවීම.
  • සේවා බිල්පත් ගෙවීම (ජලය, විදුලිය ඇතුළු).
  • වෙළඳ ආයතන සඳහා ගෙවීම් සිදු කිරීම.
  • eZ Cash ගිණුමේ PIN අංකය මාරු කිරීම
  • සේවා වෙනස්වීම් ගැන තොරතුරු ලබා ගැනීම.

ඒ වගේම Star Points පාරිභෝගිකයන්ටත් තමන්ගේ Star Points ශේෂය පරීක්ෂා කරන්න, Redeem කර ගන්න, Star Points සංසරණ විස්තර පරීක්ෂා කර බලන්න වගේම තමන්ගේ Star Points තවත් ගිණුමකට යැවීම හෝ Donate කරන්න වුණත් මේ හරහා පුළුවන්. ඒ වගේම GPS භාවිතයෙන් ඔබ ඉන්න ප්‍රදේශයේ තියෙන Wi-Fi Hotspot ගැන තොරතුරුත්, ඔබට ළඟම Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානය තියෙන තැන එහෙමත් දැන ගන්න අවස්ථාව තියෙනවා.

Dialog Self Care App එක මගින් තමන්ගේ Dialog connection එකට අදාළ සියලුම දේවල් හසුරුවා ගැනීමේ සම්පූර්ණ බලය ඔබ වෙත ලබා දෙනවා. සේවා කළමනාකරණය කිරීම, Data ප්ලෑන් අලුත් කිරීම, තමන් ලබාගෙන ඇති subscriptions හසුරුවා ගැනීම, තොරතුරු දැන ගැනීම, Games ප්ලේ කිරීම, අපූරු දේ ඩවුන්ලෝඩ් කිරීම, අගයෙන් වැඩි සේවා (VAS) සක්‍රීය කිරීම වගේම පාරිභෝගික නියෝජිතයන්ගේ සහය ලබා ගැනීමත් එකම app එකක් හරහා සිදු කර ගන්නට දැන් ඔබට පුළුවන්. සරලවම කිව්වොත් ඔබ කොහේ හිටියත් ඔබේ සියලුම Dialog සේවා කළමනාකරණය කර ගන්න දැන් ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම නිතර ගමන් බිමන් යන, කාර්යබහුල ජීවිතයක් ගත කරන කාටත් තමන්ගේ සන්නිවේදන අවශ්‍යතා සේරම කිසිම මහන්සියක් නැතිව තමන්ට ඕන විදිහට හසුරුවා ගන්න නම් Dialog Self Care App එක තරම් පහසු ක්‍රමයක් තවත් නැහැ.

තමන්ට අවශ්‍ය සියලුම සේවා පහසුවෙන් කළමනාකරණය කර ගන්න Dialog Self Care App එක පුළුල් පරාසයක විහිදුණු විශේෂාංගවලින් සමන්විතයි. (http://omobio.net)

Dialog Self Care App එක iOS සහ Android උපාංග සඳහා වගේම Windows Phone සඳහාත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙය ශ්‍රී ලංකාවේ සියලුම ජංගම දුරකථන ජාල සමග පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා. අනෙක් ජාල සමග පවා මේ app එකේ eZ Cash සහ Star Points සේවා පාවිච්චි කරන්න කිසිදු බාධාවක් නැහැ.

Related Articles