Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Game ගහන්න ෆෝන් එක ඉල්ලන දරුවන්ට හිතේ සතුටෙන් දෙන්න පුළුවන් අධ්‍යාපනික Games ගණනාවක් Dialog වෙතින්

අද කාලේ නව යොවුන් වයසේ දරුවන් වැඩි දෙනෙක්ගේ කාලයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් වැය වෙන්නේ ගෙදර කාගේ හරි ෆෝන් එකක් එක්කයි. ගෙදරදී එයට නීති දැම්මත් පාසලේදී, ටියුෂන් පන්තියේදී, මිතුරන් එක්ක ඉන්නකොට ඒ සඳහා ඕන තරම් අවස්ථා ලැබෙනවා. විවිධ දේ නරඹන්න, අන්තර්ජාලයේ සැරිසරන්න, විශේෂයෙන්ම Game ගහන්න වගේ දේවල්වලට තමයි ඔවුන් වැඩිපුරම උනන්දු වෙන්නේ. අද කාලේ කොහේ හරි ගියාම කුඩා දරුවන්ගේ වැඩේම game එකක් ගහන්න ෆෝන් එක ඉල්ලන එකයි.

ඉතින් දරුවන් මේ විදිහට නිකරුණේ ෆෝන් එකේ ගෙවන කාලයෙන් ඔවුන්ට යම් ප්‍රයෝජනයක් ලබා දෙන ක්‍රමයක් හඳුන්වා දෙන්න Dialog ආයතනය පසුගියදා කටයුතු කළා. ඒ Dialog Gaming අැප් එක හඳුන්වා දීම හරහායි. විනෝදය සහ දැනුම සපයන, ඒ වෙනුවෙන් ගත කරන කාලයෙන් සැබෑම ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් games ගණනාවකින් මෙය සමන්විතයි. මේ වන විට Dialog Gaming අැප් එකට අධ්‍යාපනික අරමුණු වෙනුවෙන්ම නිර්මාණය කරපු අලුත්ම games 9 කුත් එකතු වී තිබෙනවා.

දරුවන්ව බලෙන් ස්මාට්ෆෝන්වලින් ඈත් කරනවා වෙනුවට එයින් ඔවුන්ට ප්‍රයෝජනයක් ලබා ගන්නට ඉඩ සැලසීම ඉතා හොඳ ප්‍රවණතාවක් නිසා ඒ ගැන හොයලා බලන්න අපිත් තීරණය කළා.

1. විශ්ලේෂණාත්මකව සිතීම සහ උපායශීලී හැකියාව වර්ධනය කරන Labyrinth

gaming.dialog.lk/labrynth

කුඩා දරුවන්ගේ විශ්ලේෂණාත්මක සිතීම වැඩිදියුණු කරන්න හොඳම ක්‍රීඩා විශේෂයක් විදිහට ප්‍රහේලිකා හඳුන්වන්න පුළුවන්. Labyrinth කියන නමෙන්ම කියවෙනවා වගේ මෙයත් ප්‍රෙහේලිකා පාදක කරගත් game එකක්. Khet, Laser Maze වගේ game වල ආභාෂය ලබාගෙන නිර්මාණය කරලා තියෙන labyrinth ක්‍රීඩා කරන්න තියෙන්නේ Laser කිරණ පාදක කරගෙනයි.

අලංකාර 3D ග්‍රැෆික්ස් යොදාගෙන නිර්මාණය කරලා තියෙන මෙයින් ඉදිරියට සිතා බලන්න, උපායයන් සැලසුම් කරන්න වගේම විශ්ලේෂණාත්මකව සිතා තීරණ ගන්නත් පෙළඹවීමක් ලැබෙනවා. ඒ වගේම දරුවන්ට වර්ණ සකස් වීම, මූලික ත්‍රිකෝණමිතිය වගේම ආලෝක පරාවර්තනය ඇතුළු පාසලේදී ඉගෙන ගන්නා විද්‍යාත්මක සංකල්ප ගැනත් ප්‍රායෝගික දැනුමක් ලබන්න labyrinth තුළින් අවස්ථාව තියෙනවා.

2. ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාව සහ වේගය වර්ධනය කරන Drowning bunny

gaming.dialog.lk/drowning_bunny

ප්‍රතික්‍රියා වේගය වැඩි කර ගැනීම අපිට ජීවිතය බොහෝ විට වැදගත් වෙනවා. ඒ නිසාම කුඩා දරුවන්ට ඔවුන් අාස කරන දේවල් ඇසුරින් ප්‍රතික්‍රියා කිරීමේ වේගය වැඩි කරන්න තමයි මේ game එක සකස් වෙලා තියෙන්නේ. හුරතල් පෙනුමක් තියෙන bunny කෙනෙක් කුඩා වලකට වැටිලා. දිගටම වැටෙන වැහි බින්දු නිසා එ් වල ටික ටික පිරෙන්න පටන් අරන්. එයාට ගිලෙන්න නොදී බේරා ගන්න නම් අපි ඒ වැටෙන වැහි බින්දු නවත්වන්න ඕන.

මේ game එක එක ජාතියේ වැහි බින්දු වර්ග ගණනාවක් තියෙනවා. ඒ අතරින් bunny ට අනතුරක් වෙන්න ඉඩ තියෙන වැහි බින්දු වහාම ඒ මත tap කිරීමෙන් ඉවත් කරලා දාන්න අවශ්‍යයි. ඒ වැඩේ පහසු කරන්න පුළුවන් උපක්‍රම වගේම විවිධ උසවල් සහිත චරිත තෝරා ගන්නත් අවස්ථාව තියෙනවා. සමහර වෙලාවට මේ වැහි බින්දු මත tap කළාම ලැබෙන ප්‍රශ්නයට හරි උත්තරය දීමෙන් bunny ගේ health එක ඉහළට ගන්නත් පුළුවන්.

දරුවන්ගේ ප්‍රතික්‍රියා හැකියාව සහ වේගය වැඩි කර ගන්න මේ අපූරු game එක උපකාරයක් වේවි.

3. කුඩා දරුවන්ට හොඳ පුරුදු පවත්වා ගන්න හුරු කරන Kids quest

gaming.dialog.lk/kids_quest

කුඩා දරුවෙකුගේ  අනාගත ජීවිතයට ඉතාම වැදගත් වෙන දෙයක් තමයි  පිළිවෙළට පිරිසුදුවට ජීවත් වීමට ඉගෙන ගැනීම. Kids Quest කියන්නේ කුඩා දරුවෙක්ට ඒ හොඳ පුරුදු පවත්වා ගන්න හුරු කරන්න තියෙන විනෝදාත්මක game එකක්. තමන් කැමති විදිහට ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක්ගේ චරිතයක් දෛනික ජීවිතයේ හොඳ පුරුදු පවත්වාගෙන යමින් දවසේ ඉදිරියට යාමයි මෙහිදී සිදු කෙරෙන්නේ. උදේ නැගිට්ටාම ඇඳ හදන එක, කාමරේ අස් කරන එක, පිළිවෙලට ඉන්න එක වගේ දේවල් සම්පූර්ණ කරාම එදා දවසේ වැඩකටයුතු අවසන් කරලා ඊළඟ දවසට යන්න පුළුවන්. මේ හරහා විනෝදයට සිදු කිරීමෙන් ඇත්ත ජීවිතයටත් ඒ හොඳ පුරුදු ඇති කර ගන්න දරුවන්ට උනන්දුවක් ඇති වෙනවා.

ඒ නිසා අවට පරිසරය ගැන හොඳ අවධානයක් යොමු කරමින් නිවැරදි දින චර්යාවක් පවත්වාගෙන යන එක හුරු කරන්න මේ game එක තුළ ඒවා නිවැරදිව සිදු කිරීම සාර්ථක ක්‍රමයක් වේවි. හොඳ පුරුදු පවත්වා ගැනීම නිසා ලැබෙන හොඳ සෞඛ්‍යය, පිළිවෙල, පිරිසිදු කම සහ ශික්ෂණය ලබා ගන්නත් Kids quest තුළින් හැකියාව ලැබෙනවා.

4. වර්ණ, හැඩතල හා වස්තූන් හඳුනාගැනීම දියුණු කරන Colorabb

gaming.dialog.lk/colorabb

වර්ණ, හැඩතල, විවිධ වස්තූන් හා ඒවාට කියන නම් හඳුනාගැනීම කුඩා දරුවෙකුගේ ඉගෙනුම් ක්‍රියාවලිය ඉතාම වැදගත් දෙයක් වුණත් අපේ වර්තමානයේ ඉගැන්වීම් ක්‍රමය තුළ එය සිදුවෙන ආකාරය දරුවන්ට එතරම් විනෝදාත්මක එකක් නෙවෙයි.

මේ game එක ඒ වෙනුවෙන් ඉතාම සාර්ථකව යොදාගන්න පුළුවන් විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි ඉන්න හාවාව පෙන්වන වචනය අනුව නියමිත වර්ණයට, හැඩයට, වස්තුවට පනින්න සලස්වන එක තමයි ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නේ. වැරදි තැනට පැන්නොත් වැටීම නිසා හාවාට අනතුරු සිදු වෙන්න පුළුවන්. game එකේ ඉදිරියට යාමත් එක්ක coins ලබා ගන්නත් හැකියාව තියෙනවා.

වචන හුරුව වගේම විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ වර්ණ, හැඩතල සහ විවිධ වස්තූන් හඳුනා ගැනීම දියුණු කරගන්න මේ game එක හොඳ උපකාරයක් වේවි.

5. 10 වසරේ දරුවන්ගේ විද්‍යාව පෙළ පොතේ කරුණු ඇසුරෙන් Science Quiz – Grade 10

gaming.dialog.lk/science_quiz_10

පාසල් අධ්‍යාපනයේ පළමු වැදගත් විභාගය වන අ.පො.ස සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙන එක ඉදිරි ජීවිතයට ලොකු අඩිතාලමක්. බොහෝ දෙනෙක්ට අපහසු විෂයයක් වන විද්‍යාවේ පෙළ පොතේ කරුණු ඉතා පහසුවෙන් මතක තබා ගන්න මේ game එක ගොඩක් වැදගත් වේවි. විභාගයේදී මුහුණ දෙන විදිහටම MCQ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විවිධ පාඩම්වලට අදාළ කරුණු හොඳින් මෙනෙහි කර ගන්න Science Quiz – Grade 10 ඉතා හොඳ විසඳුමක්.

තනි තනියෙන් වගේම තමන්ගේ මිතුරෙක් එක්කත් මේ quiz එක කරන්න පුළුවන්. පෙළ පොතට අදාළ ප්‍රශ්න සිය ගණනට හොඳින් පිළිතුරු දීලා ඉහළ ලකුණු ලබා ගන්න, නොදන්නා දේ දැන ගන්න, විද්‍යාව තමන්ට ආස හිතෙන විෂයයක් කර ගන්න මේ game එකෙන් ඔබේ දරුවන්ට ලොකු උපකාරයක් වේවි.

6 වසරේ දරුවන්ගේ විද්‍යාව පෙළ පොතේ කරුණු ඇසුරෙන් Science Quiz – Grade 6

gaming.dialog.lk/science_quiz_6

5 වසර ශිෂ්‍යත්වයෙන් හෙම්බත් වෙලා, බොහෝ විට තමන් නොදන්නා පළාතක අලුත්ම පාසලකට ඇතුළත් වන 6 වසරේ දරුවන්ට පාඩම් මග හැරෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. බොහෝ දෙනෙක්ට පාඩම් කරන එක එපා වෙලා ඉන්නේ. නමුත් Science Quiz – Grade 6 මගින් 6 වසරේදී ඉතාම විනෝදයෙන් පෙළ පොතේ එන කරුණු අධ්‍යයනය කරන්න දැන් ඔවුන්ට හැකියාව තියෙනවා. Science Quiz – Grade 10 වගේම MCQ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හොඳ ලකුණු ලබා ගන්නා game එකක් විදිහට තමයි මේ quiz එකත් කරන්න තියෙන්නේ. කුඩා දරුවන්ට ආස හිතෙන විදිහට අලංකාර රූප යොදා ගනිමින් මේ ඇප් එක නිර්මාණය කරලා තියෙනවා.

තනියෙන් වගේම මිතුරෙක් එක්ක එකතු වෙලාත් මේ quiz එක කරන්න දීලා ලකුණු මට්ටම වර්ධනය කරගන්න ඔවුන්ට ඉඩ දුන්නොත් 6 වසරේ ඉන්න ඔබේ දරුවාගේත් ප්‍රියතම විෂයය විද්‍යාව වෙනවාට සැකයක් නැහැ.

6. මතක තියාගෙන ගළපන්න – Mind Match

gaming.dialog.lk/mind_match

විද්‍යාව පෙළ පොතේ අඩංගු කරුණු වඩාත් හොඳින් ග්‍රහණය කරගන්න එක අද බොහෝ දරුවන්ට ප්‍රශ්නයක්. මේ නිසාම ඔවුන් වැඩි දෙනෙකුට විද්‍යාව නීරස විෂයක් බවට පත් වෙලා. ඉතින් සාම්ප්‍රදායික පන්ති, ටියුෂන් ක්‍රමයේ ක්‍රමයෙන් බැහැර වෙලා විනෝදයෙන් විද්‍යාව ඉගෙන ගන්න තියෙන game එකක් තමයි Mind Match කියන්නේ. මෙය 8 වසරේ ඉගෙනුම ලබන දරුවන්ගේ විද්‍යාව දැනුම වර්ධනය කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කෙරුණු Game එකක්.

මෙහිදී මුලින්ම කරන්න අවශ්‍ය දී ඇති රූප මතකයේ තබාගෙන පසුව එක හා සමාන රූප ගැළපීමයි. එය සාර්ථකව සිදු කරාම විද්‍යාව පෙළ පොතෙන් එන කරුණු ඇසුරෙන් සකස් කළ ගැටළුවක් ලැබෙනවා. මුල් උත්සාහයේම නිවැරදි විසඳුම ලබා දුන්නොත් ලකුණු 10ක්, දෙවන, තෙවන, හතර වන වාරවල පිළිවෙලින් 7, 5, 2 වශයෙන් ලකුණු හිමි වෙනවා. ඊලඟ වටයට යන්න නම් ප්‍රශ්න 10 කින් ලකුණු 80 ක් ලබා ගත යුතුයි.

තනිකරම ගැටළු විසඳීමෙන් එහාට ගිහින් මතක ශක්තිය වැඩි කරන්නත් මේ Game එක සමත් වෙන නිසා විද්‍යාව අපහසු 8 වසර දරුවන්ට විනෝදයෙන් විද්‍යාව ඉගෙන ගන්න Mind Match සාර්ථක ක්‍රමයක් වේවි.

7. හරිද වැරදිද කියලා උත්තර දීලා විෂය දැනුම දියුණු කර ගන්න – True or False

gaming.dialog.lk/true_or_false

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ බොහෝ විට වැඩි අවධානයක් දෙන්නේ ගුරුවරුන්ටයි. පන්තියේදී ඔවුන් කියන දෙයක් අසාගෙන සිටීම, බෝඩ් එකේ දාන දේවල් දෙස බලා සිටීම, කියන දේවල් ලියා ගැනීම වටා තමයි ළමුන්ගේ ඉගෙනීම් ක්‍රියාවලිය ගොඩ නැගී තියෙන්නේ. ඔවුන්ගේ දැනුම මනින්නේ සංකීර්ණ විභාගවලින්. නමුත් ඒ වෙනුවට යමක් හරිද වැරදිද කියන සරල ගැටලුව හරහා හොඳ දැනුමක් ලබා ගත හැකි බව ඔප්පු කරන Game එකක් තමයි True or False.

මෙය 6 වසරේ ඉඳලා 11 වසර දක්වා දරුවන්ට තියෙන විද්‍යාව විෂය කරුණු ඇසුරින් සකස් කරපු game එකක්. තමන්ට ලැබෙන කරුණ හරිද වැරදිද කියලා තෝරන්න පමණයි තියෙන්නේ. ප්‍රශ්න 10 කින් නිවැරදි පිළිතුරු 8 කට වඩා තෝරන්න පුළුවන් නම් ඊලඟ වටයට යන්න පුළුවන්. තමන් ඉගෙන ගන්නා කරුණු නැවත නැවත මතක් කර ගන්න තියෙන සරලම උපක්‍රමයක් තමයි True or False.

ජයග්‍රහණයක් හෝ පරාජයක් ලබා අවසන් නොවී තමන්ගේ දැනුම දිගටම පරීක්ෂා කරගන්න ඉඩ ලැබෙන ඉතාම සාර්ථක game එකක් විදිහටත් මෙය හඳුන්වන්න පුළුවන්.

8. ශිෂ්‍යත්වයට දරුවන් ඉතා හොඳින් සූදානම් කරන බට්ටා – Batta

gaming.dialog.lk/batta

5 වසරේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ අපේ රටේ දරුවන්ගේ අනාගතයට විශාල බලපෑමක් ඇති කරන විභාගයක්. සමහර විට වසර තුන හතරකට පෙර සිටම දරුවන් අතිරේක පන්ති යවන්නත් දෙමව්පියන් පෙළඹෙන්නේ ඒ නිසා. කොහොම නමුත් දරුවන්ට පීඩාවක් නැතිව විනෝදයෙන් ශිෂ්‍යත්වයට සූදානම් වෙන්නත් දැන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි බට්ටා.

මෙය විශේෂයෙන්ම අවුරුදු 8, 9, 10 වයස්වල දරුවන් වෙනුවෙනුයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ වයසේ දරුවන්ගේ කායික සහ මානසික ක්‍රියාශීලී බව නිසාම ගණිතය වගේ විෂයයක් සාම්ප්‍රදායිකව ඉගෙනීම ඔවුන්ට නීරස වෙන්න පුළුවන්. එයට විසඳුමක් විදිහට වර්ණ, අලංකාර නාද රටා සහ ක්‍රියාශීලීව සහභාගී වෙන්න පුළුවන් ක්‍රියාකාරකම් භාවිතයෙන් දරුවන්ට විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් මේ game එකේදී භාවිත වෙනවා. ගණිත ගැටළු විසඳීම, විශ්ලේෂණ හැකියාව දියුණු කර ගැනීම, තරඟකාරීත්වයට මුහුණ දීම වගේ ශිෂ්‍යත්වයට අත්‍යාවශ්‍ය කාරණා හොඳින් දියුණු කර ගන්න Batta උපකාර වේවි.

මේ සියලුම games වගේම තවත් අධ්‍යාපනික games බොහොමයක් Dialog Gaming ඇප් එකේ තියෙන Edutainment ටැබ් එකේ දැකගන්න පුළුවන්. (gaming.dialog.lk)

ඔබට Google Play Store වෙත ගිහින් Dialog Gaming ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. එහි Edutainment කාණ්ඩය යටතේ තමයි මේ අපි කතා කරපු, අධ්‍යාපනය වගේම විනෝදයත් කැටි කරගත් games සේරම තියෙන්නේ. කාලයෙන් කාලයට අලුත්ම game මේ අැප් එකට එකතු වෙන නිසා එකම game කිහිපයට හිර වෙලා ඉන්න අවශ්‍යත් නැහැ.

ඉතින් දරුවන්ගේ ස්මාට්ෆෝන් භාවිතය බලෙන් නවත්වන්න හදනවා වෙනුවට ඔබත් මේ වගේ ප්‍රයෝජනවත්, අධ්‍යාපනික games වල යෙදෙන්න ඔවුන් යොමු කරන්න කටයුතු කරන්න. ඔබට දරුවෙක් නොසිටියත් කවුරු හෝ කුඩා දරුවෙක් game එකක් ගහන්න phone එකක් ඉල්ලන වෙලාවට දෙන්න මේ games කිහිපයක් ඩවුන්ලෝඩ් කරලා තියා ගන්න එක පාඩුවක් වෙන එකක් නැහැ. වෙනත් game වගේ කාලය නාස්තියක් වෙනුවට ඒ දරුවා යම් දෙයක් ඉගෙන ගන්නා නිසා ඒක ඔබේ හිතට වුණත් සහනයක් වේවි, එහෙම නේද?

කවරයේ රූපය : fb.com/dialog.lk

Related Articles