Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපට අපේම පරිගණක දායාද කරන EWIS

හම්බන්තොට සූරියවැව හත්පහ හන්දිය අපේ රටේ තාක්ෂණික පෙරැළියක් කරන ප්‍රදේශයක්. වර්ග අඩි 25,000ක පමණ විහිදුණු EWIS කර්මාන්තශාලාව මෙරට රැකියා අවස්ථා රැසක් ද බිහි කරමින් අපේ රට තුළම පරිගණක දෘඪාංග නිෂ්පාදනයෙහි යෙදී සිටිනවා. Original Device Manufacturer (ODM) හෙවත් උපාංග සැලසුම් කිරීම, නිෂ්පාදනය මෙන්ම හවුල්කාර සමාගම් වෙනුවෙන් එම නිෂ්පාදන සකසා දීම සිදු කරන EWIS ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම දෘඪාංග නිෂ්පාදකයා බව අප සිහිපත් කරන්නේ අභිමානයෙන්.

පරිගණක නිෂ්පාදන කර්මාන්තශාලා අභ්‍යන්තරය

වසර 30කට වැඩි අත්දැකීම් සමග Microsoft, Intel ආයතන සමග ද මෙම ආයතනය සමීපව කටයුතු කරනවා. මීට IBM, HP සමාගම් සමඟ ද හවුල්කරුවන් ලෙස කටයුතු කරනු ලැබුවා. ස්ථිති විද්‍යුතය වළක්වන ලද, දූවිලි ඇතුළු නොවන ආදී විශේෂ පරිසර පද්ධතියක් සහිත මේ කර්මාන්තශාලාව ISO 9001:2008 සහතිකයට හිමිකම් කියනවා. Desktop පරිගණක, Laptop, Notebook, all-in-one පරිගණක,Tablet පරිගණක පමණක්‍ නොව දුරකතන පවා මෙතුළ නිපැයෙනවා. නිෂ්පාදන කටයුතු ලංකාව තුළම සිදුවන නිසා ඕනෑම කෙනෙකුට දැරිය හැකි මිලකට, තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිගණකයක් ලබාගන්නට අවස්ථාව උදා වෙනවා.

EWIS X1460U පරිගණකයක්

EWIS X1460U පරිගණකයට අංශක 360ක් භ්‍රමණය කළ හැකි අඟල් 11.6ක ස්පර්ශ ස‍ංවේදී තිරයක් ති‍බෙනවා. එනිසා ම එය නැවීමෙන් පසුව Tablet එකක් වශයෙන් පාවිච්චි කරන්නට හැකි වීම විශේෂත්වයක්. HD තිරයක් නිසා එහි මැවෙන දසුන් වඩාත් සුපැහැදිලි යි. Intel Celeron N3350 ප්‍රොසෙසරයක් සහිත එය 4GB RAM එකකින් දෛනික අවශ්‍යතාවන් ඉතා හොඳින් සපුරාලන අතර ඔබේ අවශ්‍යතාව අනුව ගිගාබයිට් 256ක් දක්වා SSD ධාරිතාවන් ද සම්බන්ධ කරගන්නට පුළුවන්. එහි ඇති 4V 5500mAh 40W බැටරිය පැය 8ක් දක්වා අඛණ්ඩ ක්‍රියාකාරීත්වයක් ලබා දෙන්නට සමත් වෙනවා. මෙය IP rating 52ක අගයකට එය හිමිකම් කියනවා. ඉන් අදහස් වන්නේ, ජලයට සහ දුහුවිලි වලට එය ප්‍රතිරෝධී බව යි. ඊට අමතරව, බිම වැටීම් නිසා ඇතිවන ඝට්ටනයන්ට ද හොඳින් මුහුණ දීමේ හැකියාවක් මේ ශ්‍රී ලාංකික පරිගණකය සතු යි.

සෞඛ්‍ය සේවා සැපයුම් වැඩසටහන දොරට වඩිමින්

ඊට අමතරව, අපේ රටේ තාක්ෂණික අවශ්‍යතාවන් රැසකට EWIS ආයතනය පණ පොවනවා. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශය විසින් ශ්‍රී ලංකාව පුරා සැත්කම් උපකරණ, විද්‍යාගාර උපාංග‍, විකිරණශීලී ද්‍රව්‍ය, මුද්‍රිත දෑ සහ ඖෂධ සැපයුම් කටයුතු සිදු කරනවා. මෙමඟින් පෞද්ගලික අංශයට තහනම් කර ඇති භයානක ඖෂධ හා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපාංග ද සපයනු ලබනවා. EWIS සමාගම විසින් එහි සිදුවන සියළු දේ ස්වයංක්‍රීයකරණය කර ඇති නිසා දැන් අවශ්‍යතා හඳුනාගැනීම්, භාණ්ඩ යැවීම් track කිරීම, තත්ත්ව පාලනය, ගබඩා ලේඛන, බෙදාහැරීම් ඇතුළු කර්තව්‍යයන් රැසක් පහසුවෙන්ම කිරීමට රජයට අවස්ථාව ලැබී තිබෙනවා.

පාසල්වලට ලබාදුන් තාක්ෂණික විද්‍යාගාරයක් (ithanguranketha.blogspot.com)

පාසල් දහසක් සඳහා තාක්ෂණික විද්‍යාගාර ලබාදිමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඇරඹූ ව්‍යෘපෘතියට අවශ්‍ය පූර්ණ උපාංග පද්ධති සහ ජාලකරණ උපාංග, පුහුණුව හා පවත්වාගෙන යාම EWIS ආයතනය යටතේ සිදු කෙරෙනවා. මෙම ව්‍යාපෘතිය නිසා තම තාක්ෂණ හා භාෂා ඥානයන් වර්ධනය කරගැනීමට අවශ්‍ය පහසුකම් සිසුන්ට ලැබුණා. ඒවායේ ගැටළු ඇතිවුණු විට පාසලටම පැමිණ සකසා දීමත් විශේෂත්වයක්. ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශයට ද බොහෝ කාලයක පටන් අපේ රටේ මුහුදු සීමාව ඉක්මවා යන බහුදින ධීවර යාත්‍රා පාලනය කිරීම ගැටළුවක් වූවා.

EWIS ලබාදුන් ටැබ් යන්ත්‍රයක් භාවිතා කරමින්

EWIS වෙතින් සපයාදුන් IP64 rating අගයෙන් යුත් ටැබ් උපාංග එම යාත්‍රා වලට යෙදීමෙන් පසුව GPS හරහා ඒවා තිබෙන ස්ථාන දකිමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමට හැකිව තිබෙනවා. දැන් ඒවායෙන් අල්වා ගන්නා මාළු ප්‍රමාණයන් පිළිබඳව ද දත්ත ලබාගන්නට අවස්ථාව අමාත්‍යාංශයට ලැබී තිබෙනවා.

අපිට අපේම පරිගණකයක්

ශ්‍රී ලංකාවේ ගැටළු සහ අවශ්‍යතාවන්ට ශ්‍රී ලංකාව තුළින්ම දැනුම, තාක්ෂණය, සහ නිෂ්පාදන භාවිතය රටේ දැනට පවතින තත්ත්වය හමුවේ ආර්ථිකයට මහත් පිටිවහලක් බවට පත් වෙනවා. ලෝක තාක්ෂණික දැවැන්තයන් වන පරිගණක නිෂ්පාදන සමාගම්වලින් ලංකාවට අත්දැකීම් ලැබීම සහ ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු මෙරටම සිදුවීම හරහා අපට රට තුළම රැකියා අවස්ථාවන්, තාක්ෂණික දැනුම හා ආභාෂයන් මෙරට ස්ථාපිත කිරීමේ අවස්ථාව EWIS ආයතනය හරහා ලැබෙනවා. ලංකාවේ එකම දෘඪාංග නිෂ්පාදකයා වශයෙන් කරන මෙම අපමණ සේවය දැනටමත් රාජ්‍ය අංශය හා පාසල් හරහා ලාංකේය සමාජයට ලැබෙමින් පවතිනවා.

Related Articles