Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක්ෂ 20ක් ගෙඩි පිටින් ලැබෙන ජෝන් කීල්ස් X එකට තවමත් රෙජිස්ටර් වුණේ නැතිද?

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් අනුග්‍රහයෙන් පැවැත්වෙන ස්ටාර්ට් අප් චැලේන්ජ් එක ගැන දැනටමත් වැඩි දෙනා අහලා ඇති. මේක ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමාගම අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ගොඩ නගන්න දරන අලුත්ම උත්සාහයක්. අලුත් බිස්නස් එකක් පටන් ගන්න කැමති, හොඳ අදහස් තියෙන අපේ රටේ බොහෝ දෙනෙක් තමන්ගේ සිහිනය සැබෑ කරගන්න බැරුව ඉන්නවා. ව්‍යාපාරික ලෝකයේ හැලහැප්පීම් එක්ක අලුතෙන් යමක් පටන් අරගෙන දිගට කරගෙන යන එක ලේසි නැහැ. ජෝන් කීල්ස් ආයතනය මේ උත්සාහ කරන්නේ ඒ වගේ පිරිසට අත්වැලක් වෙන්නයි.

ඔබට ඇති වෙන බොහෝ අදහස්වලට ලොකු මූල්‍ය වටිනාකමක් තියෙනවා.

අැස් අැරලා බලන්න. මේ සුපර් මාර්කට් එකේ විතරක් නෙවෙයි, ඔබ ඉන්න තැන, අැඳගෙන ඉන්න අැඳුම්, දකින අහන හැම දෙයක්ම කාට හෝ අැති වුණු අදහසක ප්‍රතිඵලයක්. ඔවුන් හැම දෙනාම අදහස් ක්‍රියාත්මක කරලා ජීවිත සාර්ථක කර ගත්තා. (i5design.com)

දැන් කාලේ කාටත් මුහුණ දෙන්න වෙලා තියෙන මුදල් ප්‍රශ්නත් එක්ක ඉස්සර වගේ එක රැකියාවක් කරගෙන ජීවත් වෙන එකේ ගැටළු ගොඩක් මතු වෙලා. ස්ථාවර ආදායමක් තියෙන එක බොහොම හොඳ වුණත් ඇත්තටම සාමාන්‍ය මට්ටමේ ජීවිතයක් ගෙවන්න වුණත් තනි රැකියාවකින් ලැබෙන මුදල් ප්‍රමාණවත් නැහැ. ඔබ දැනට රැකියාවක් කරනවා නම් හරි, අනාගතයේ රැකියාවක් කරන්න ඉන්නවා නම් හරි මීළඟ අවුරුදු 5, 10, 25 කාලය තුළ එයින් ඔබට ලැබෙන්න නියමිත සම්පූර්ණ මුදල නිකමට ගණන් හදලා බලන්න. අද කාලේ මාකට් එකේ වාහන, ඉඩම්, ගෙවල් වගේම විවාහ උත්සවවල වියදම්, රෝහල් ගාස්තු වගේ දේවලුත් එක්ක ඔබට ලැබෙන ආදායමෙන් කරන්න පුළුවන් මොනවාද කියලා ඊළඟට හිතලා බලන්න.

පවුලෙන් ලැබෙන ලොකු වත්කමක් නැත්නම් අපි අද සිහින දකින ගොඩක් දේවල් ඉටු කරගන්න එක ලේසි නැහැ කියලා ඔබටම වැටහේවි. කරන්න තියෙන එකම දේ තමයි තමන්ගේ ආදායම් මාර්ග ප්‍රමාණය වැඩි කර ගන්න එක. හොඳ අදහසක්, සැලසුමක් ඇතිව පටන් ගන්න ව්‍යාපාරයක් කියන්නේ හරියට කරගෙන යනවා නම් සල්ලි උල්පතක්. නමුත් ඒ වන තුරු සාර්ථකව යන්න පුළුවන් පිරිස තරමක් අඩුයි. ජෝන් කීල්ස් X ස්ටාර්ට් අප් චැලේන්ජ් එක උත්සාහ කරන්නේ ඒකට උදව්වක් වෙන්නයි.

අපේ හිතට එන ඕනෑම ව්‍යාපාරික අදහසක් හොඳ ප්ලෑන් එකක් ඇතිව පටන් ගන්නත්, ඒක කරගෙන යන්න අවශ්‍ය ගුරුහරුකම් ලබා ගන්නත් මේ තරඟාවලිය ඔබට ගොඩක් උදව් වේවි. අපේ හිතට නිතර එන විවිධ අදහස්වලට මුදල්මය වටිනාකමක් ඇති කරගන්න මේ ලැබිලා තියෙන්නේ ලේසියෙන් නොලැබෙන චාන්ස් එකක්. සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්න රුපියල් ලක්ෂ 20ක් ඔබට එක වරම ලැබෙනවා. ඔබට තියෙන්නේ ජයග්‍රාහී කණ්ඩායම් 7න් එකක් වෙන්න විතරයි.

තරගයට ඇතුළත් වෙන්නේ මෙහෙමයි

එකතු වෙලා ඉදිරියට යමු. (youtube.com)

මුලින්ම අවශ්‍ය වෙන්නේ හොඳ කණ්ඩායමක් හදා ගන්න එකයි. ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යන්න ගැලපෙන විදිහේ, විශ්වාසයක් තියා ගන්න පුළුවන්, කාලයක් තිස්සේ වැඩේට යෙදවිලා ඉන්න කැමති, ව්‍යාපාරයකට ප්‍රයෝජනවත් දෙදෙනෙක් හරි තුන් දෙනෙක් හරි හොයා ගන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. මේ විදිහට පිරිසක් හොයා ගෙන තමන් කරගෙන යන්න හිතන ව්‍යාපාරය ගැන හොඳට කතා බහ කරගන්න ඕනේ. හැමෝගෙම අදහස් අනුව ව්‍යාපාරය කරගෙන යන විදිහ ගැන පැහැදිලි සැලසුමක් හදා ගන්න පුළුවන්.

ජෝන් කීල්ස් X එකට ඉදිරිපත් වෙන අනිත් කණ්ඩායම් එක්ක තරග කරන්න මේ සැලසුම ලස්සනට ඉදිරිපත් කරන එක ලොකු වාසියක්. ව්‍යාපාරය මොන වගේ එකක්ද, ආරම්භ කරලා දිගටම කරගෙන යන විදිහ, ව්‍යාපාරය වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක වගේ වැදගත් කාරණා හොඳට ඉදිරිපත් කරලා තමන්ගේ සැලසුම හොඳට මාකට් කරන්න පුළුවන් නම් හොඳයි. මේ තරගයට එකතු වෙන ජෝන් කීල්ස් එකේ අය කාලයක් තිස්සේ අත්දැකීම් එකතු කරගත්තු පිරිසක් නිසා හොඳ අදහසක් ලේසියෙන්ම හඳුනා ගන්න එයාලට හැකියාව තියෙනවා.

ඉතින් ඒ වගේ පැහැදිලි දැක්මක් සහිත අදහසක් තියෙනවා නම් දැන්මම මේකට අයැදුම් කරන්න පුළුවන්. ජූනි 25 වැනිදායින් අයැදුම්පත් භාර ගන්න එක අවසන් වෙන නිසා කැමති අය ඉක්මන් කළොත් හොඳයි.

ජෝන් කීල්ස් එකේ උදව් ඇතිව මේක කරන එක වාසිදායක ඇයි?

අලුතින් දෙයක් පටන් ගන්නකොට අත්දැකීම් බහුල අයගේ උදව් ගොඩාක් වැදගත්. (mrkreport.com)

සමහරුන්ට හිතෙන්න පුළුවන් ඇයි එහෙනම් අපිටම මේක පටන් ගන්න බැරි ඇයි කියලා. ඇත්තටම දැනටමත් කරගෙන යන ව්‍යාපාරවලට වුණත් මේ තරගයට ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවා. කොහොම නමුත් දිගටම කරගෙන යන්න ඉන්න ව්‍යාපාරයකට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් වගේ සුවිසල් ආයතනයක් සම්බන්ධ කර ගන්න එකේ වාසි ගොඩයි. ඒක ඇත්තටම මුලින් ලැබෙන ලක්ෂ 20ටත් වඩා ගොඩක් වටිනා අවස්ථාවක්.

නිකන්ම ව්‍යාපාරයක් පටන් අරගෙන ඉදිරියට යද්දී මාකට් එකක් හදා ගන්න එකේ තියෙන අමාරුව කාට වුණත් තේරුම් ගන්න පුළුවන්. ලොකුවට පටන් අරගත්තාට ඉක්මණට වහලා දාන්න වෙන ව්‍යාපාර බොහොමයකට හේතුවත් මේ දේ වටහා ගන්නේ නැති එක. අපි අලුත් දෙයක්, වෙනස් දෙයක් ලබා දුන්නු පමණින් පාරිභෝගිකයෝ අපි ගාවට එන්නේ නැහැ. එයාලා ගෙන්වා ගන්න, දිගටම පවතින සම්බන්ධතා හදා ගන්න, එයාලා හරහා හොඳ විදිහට මාකට් වෙන්න අවශ්‍යයි. ජෝන් කීල්ස් X ස්ටාර්ට් අප් චැලේන්ජ් එක හරහා දිනන කණ්ඩායමට හිමි වෙන වැදගත්ම දෙයක් තමයි ජෝන් කීල්ස් සමාගම එක්ක ගනුදෙනු කරන අති විශාල පාරිභෝගිකයන් පිරිස තමන්ගේ ව්‍යාපාරයටත් එක් කරගන්න ලැබෙන අවස්ථාව.

තමන්ගේ අදහස හරි විදිහට ව්‍යාපාරයක් බවට පත් කරගෙන ලාභ ලබා ගන්නේ කොහොමද කියන එක හරියටම දැන ගන්න දැනුවත් කිරීම්, පුහුණු කිරීම් වැඩසටහන් ගණනාවකට සහභාගී වෙන්න මේ තරගාවලියෙන් තෝරා ගන්නා කණ්ඩායම් 30කට අවස්ථාව ලැබෙනවා. ජෝන් කීල්ස් සමාගම ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවකම යෙදිලා ඉන්න නිසා අපි කැමති ඕනෑම ක්ෂේත්‍රයකට අදාළ විශේෂඥයන් ඔවුන් එක්ක ඉන්නවා. එයාලා මුණ ගැහිලා උපදෙස් ලබා ගන්නත් නොමිලේම පුළුවන්.

වැඩේ කෙරෙන විදිහ

(johnkeellsx.com)

ජෝන් කීල්ස් X වෙබ් සයිට් එකට ගිහින් මේකට රෙජිස්ටර් වුණාම ඉල්ලුම්පත් සලකා බලලා, සම්මුඛ සාකච්ඡා තියලා කණ්ඩායම් 30ක් තෝරා ගැනෙනවා. ඒ හැමෝටම තමන්ගේ ව්‍යාපාරික දැනුම වැඩි කරගන්න, ස්ටාර්ට් අප්වලට එන බාධකවලින් බේරෙන හැටි ගැන දැන ගන්න, සාර්ථක වෙන්න අවශ්‍ය විදිහට හිතන පතන විදිහ හදා ගන්න විශේෂ පුහුණුවක් ලැබෙනවා. ඒ ලැබෙන ගුරුහරුකම් වගේම තමන්ට තියෙන ඕනෑම ගැටළුවක් ඉදිරිපත් කරලා එ්වත් විසඳා ගෙන අවසන් වටයේ තරගවලට සූදානම් වෙන්න පුළුවන්.

මේ කණ්ඩායම් 30 ඊළඟට “අවම ප්‍රායෝගික නිමැවුමක්”, එහෙමත් නැතිනම් Minimum Viable Product (MVP) එකක් හදාගන්න අවශ්‍යයි. අලුතෙන් හඳුන්වා දෙන නිෂ්පාදනයක් නම් ඒකෙ දල සැකැස්මක්, සොෆ්ට්වෙයා එකක්, ඇප් එකක් නම් ඒකෙ මූලික සැලසුමක්, සේවාවක් නම් ඒක ක්‍රියාත්මක කරන විදිහ ගැන පැහැදිලි සටහනක් වගේ දේකට තමයි MVP එකක් කියන්නේ. තෝරා ගන්නා කණ්ඩායම් 30ට මේක කරන විදිහ ගැන උපදෙස් දෙන්න වෙනමම වැඩ උපදේශක කෙනෙක්, එහෙමත් නැතිනම් Mentor කෙනෙක් බැගින් ලැබෙනවා.

මේ හැම උදව්වක්ම අරගෙන තමන්ගේ අදහස වැඩි දියුණු කරගන්න ඔබට පුළුවන්. ඔබේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජෝන් කීල්ස් සමාගමේ ප්‍රධානතම නිලධාරීන් සහභාගී වෙන විශේෂ වැඩසටහනක් පැවැත්වෙනවා. විශේෂඥයන්ගේ උදව් ලබාගෙන හැදෙන MVP එක, ව්‍යාපාරික සැලැස්ම, අදහස සාර්ථක වෙන්න තියෙන අවස්ථාව වගේ දේවල් ගැන එහිදී සලකලා බලලා අවසන් වටයට කණ්ඩායම් 7ක් තෝරා ගැනෙනවා.

මේ කණ්ඩායම් 7ටම රුපියල් ලක්ෂ 20 බැගින් ඍජුවම ආයෝජනය කරන්න ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සූදානම්. ව්‍යාපාරය කරගෙන යන්න කාර්යාල පහසුකම් පවා නොමිලේම හිමි වෙනවා. මේ සේරම වෙනුවෙන් ඔබේ ව්‍යාපාරයේ කොටස්වලින් 5%ක් පමණක් ජෝන් කීල්ස් එකට හිමි වෙනවා.

ඉන් පස්සේ තියෙන්නේ මේ සේරම උදව් උපකාර, මූල්‍ය ආයෝජන ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන එකයි. කොහොම වුණත් මේ කණ්ඩායම් තමන් සාර්ථකව, උනන්දුවෙන් වැඩ කරන පිරිසක් බව ජෝන් කීල්ස් එකට ඒත්තු ගන්වන්න ඕනේ. 2018 අප්‍රේල් 30 පැවැත්වෙන විශේෂ සමුළුවේදී තමන්ගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ගැන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් එකේ ප්‍රධානීන් වෙත සමාලෝචනයක් කරන්නත් සිදු වෙනවා.

එහිදී සාර්ථකව ඉදිරියට යන බව පෙන්වන ස්ටාර්ට් අප් වෙනුවෙන් රුපියල් කෝටි 5ක් දක්වා ආයෝජනය කරන්න ජෝන් කීල්ස් සූදානම්. මේ ආයෝජනය සිදු කෙරෙන්නේ ඔබේ ව්‍යාපාරයේ කොටස්වලින් 25%ක් වෙනුවෙන්. ව්‍යාපාරය තවත් හොඳින් කරගෙන යන්න වැඩිදුර උදව් උපකාර සේරම ඉන් පස්සේ හිමි වෙනවා. ජෝන් කීල්ස් සමාගමේ වැදගත් කොටස්කරුවෙක් විදිහට ඔබ සාර්ථක ගමනක් යන එක නවත්වන්න ඊට පස්සේ කාටවත් බැහැ.

හීනය දුර වුණාට කමක් නෑ, උත්සාහ කරලා බලන්න

මේ අය අද ලෝකයේ වැදගත්ම චරිත බවට පත් වෙලා තියෙන්නේ හීන හැබෑ කරගන්න උත්සාහ කරපු නිසයි. (forbes.com)

අපි මේ කියපු කාරණා සාර්ථකව කරගෙන යන්න පුළුවන්ද කියලා දෙපාරක් හිතන අය ඕන තරම් ඉන්න පුළුවන්. ඔබ විතරක් නෙවෙයි, මේ ලෝකේ කවුරුත් දෙයක් කරන්න කලින් කිහිප වරක් හිතනවා. නමුත් මේ ලැබෙන අවස්ථාව ඔබේ අනාගතය බොහොම සුන්දර කරගන්න මුල් වෙන්න පුළුවන්. ලස්සන ජීවිතයක් ගෙවන්න, සල්ලි ජීවිතයේ හැම දෙයක්ම තීරණය කරන සාධකය වෙන්න ඉඩ දෙන්නේ නැතිව තමන් ආස විදිහට ජීවත් වෙන්න මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා මේකට ටිකක් මහන්සි වෙලා බලන්න. ඔබෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. හොඳ කණ්ඩායමක් හදාගෙන ඉදිරිපත් වෙන්න. උත්සාහ නොකර කිසිම දෙයක් ලැබෙන්නේ නැහැනේ. මේ ගැන වැඩිදුර විස්තර දැන ගන්න ඕන නම් මෙතනින් අහලා දැන්මම දැන කියාගන්න පුළුවන්.

මීට කලින් ඔබ ජෝන් කීල්ස් X ගැන දැන දැනත් උත්සාහ කරලා බැලුවේ නැත්නම් මේ දෙවැනි වතාවටත් ලැබුණු චාන්ස් එක අත්හරින්න එපා. තවමත් පරක්කු නැහැ. අවසන් මොහොතේ කරන ගොඩක් දේවල් හරි යන්න ඉඩ තියෙනවා. ජෝන් කීල්ස් X ගැන ආයෙත් වතාවක් කියවන්න ලැබුණේත්, මේ ලිපියේ අගට වෙනකල්ම කියවන්න හිතුණේත් හේතුවක් නැතිවම නෙවෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඇප්ලයි කරලා බලන්න.

මේ ලිපිය ඔබේ යාළුවන් එක්කත් share කර ගන්න. සමහර විට ඔබේ වගේම ඔබ share කරලා මෙය දකින කෙනෙකුගේ වුණත් ජීවිතයම වෙනස් කරන අඩිතාලම මෙය වෙන්න පුළුවන්.

කවරයේ පින්තූරය: Buddhika Jayawaredana

Related Articles