Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩයලොග් සමාගමේ Massive MIMO අත්හදා බැලීම හරහා 5G තාක්ෂණයටත් දොරටු විවෘතයි

මේ වන විට ලෝකය පුරාම ස්මාට් උපාංගවලට තියෙන ඉල්ලුම නිසාම අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය කියන දේ ඉතාම වැදගත් තැනක් ගන්නවා. ඩිජිටල් සමාජයක් විදිහට වර්ධනය වෙන්න නම් අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් වේගයන් සැළකිය යුතු ලෙස ඉහළ යාම අත්‍යාවශ්‍යයි. ශ්‍රී ලාංකිකයන් විදිහට අපි බොහෝ දෙනා දැන් 4G තාක්ෂණයේ කොටස්කරුවන් වුණත් ඉදිරි කාලයේ තාක්ෂණික ලෝකයේ වැඩිදියුණු වීමත්, අන්තර්ජාලය පාවිච්චි කරන පිරිස ඉහළ යාමත් එක්ක 4G තාක්ෂණය සහ එයින් ලබා ගත හැකි උපරිම වේගය පවා ප්‍රමාණවත් නොවෙන්න ඉඩක් තියෙනවා.

Apple වගේ තාක්ෂණික ලෝකයේ දැවැන්තයන් බොහෝ දෙනෙක් මේ තත්වය වටහාගෙන අනාගතයට මුහුණ දෙන්න පුළුවන් ක්‍රමයක් විදිහට 5G තාක්ෂණයට එක් වෙමින් සිටිනවා. ඉහළ වේගයන්ට අමතරව 5G තාක්ෂණයෙන් ලැබෙන ප්‍රධානතම ප්‍රයෝජනයක් තමයි Latency එක (අනුශයිකතාව), නැතිනම් දත්ත ලැබීම ආරම්භයට ගත වන කාලය අවම වෙන එක. අපි පාවිච්චි කරන හැම ස්මාට් උපකරණයකම තියෙන බැටරි බහින ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන එක මෙහි අනෙක් අමතර ප්‍රයෝජනයයි. 4G පාවිච්චි කරන බොහෝ දෙනාගේ චෝදනාවක් වන වේගයෙන් බැටරි බහින ගැටළුව 5G තුළින් සමනය වෙන්න ඉඩක් තියෙනවා.

ශ්‍රී ලාංකිකයන් විදිහට තාක්ෂණික පැත්තෙන් අපි ඇත්තෙන්ම ලෝකයේ දියුණුම රටවල් සමග කරට කර ඉන්නවා. ඒ බව තවදුරටත් තහවුරු කරමින් ඩයලොග් ආයතනය පසුගියදා දකුණු ආසියාවේ මුල්ම වරට මීළඟ පරම්පරාවේ Massive MIMO තාක්ෂණික අත්හදාබැලීම සාර්ථකව සිදු කරන්න සමත් වුණා. MIMO කියන්නේ Multiple-Input Multiple-Output (බහු ආදාන බහු ප්‍රතිදාන) කියන යෙදීමේ කෙටි කිරීමක්.

Massive MIMO තාක්ෂණය මගින් සම්බන්ධතාව පවත්වා ගන්න උදව් වෙන රේඩියෝ තරංග පරාසයේ ධාරිතාව (එකවර යැවිය හැකි උපරිම දත්ත ප්‍රමාණය) හය ගුණයකින් විතර වැඩි වෙන නිසා උපාංගවල කාර්යක්ෂමතාව ඉහළ යනවා. කිසිදා අත්නොවිඳි දත්ත වේගයක් සහ ධාරිතාවක් සහිත 5G තාක්ෂණයට ළඟා වෙන්න පුළුවන් ක්‍රමවේද අතරින් MIMO තමයි බොහෝ දුරට මුල් තැනක් ගන්න ඉඩ තියෙන්නේ. කලින් කිව්වා වගේ එහි තරංග පරාසය භාවිතයේ කාර්යක්ෂමතාව ඉහළයි වගේම අවශ්‍ය ශක්තියත් අඩුයි. ඩයලොග් ආයතනය කළ MIMO අත්හදාබැලීමේදී ඔවුන් 20 MHz තනි LTE TDD ප්‍රවාහයකයක් හරහා 716 Mbps වේගයකින් දත්ත යවන්න සමත් වුණා. (TDD යනු Time-Division Duplex, නැතිනම් කාල විභේදන ද්විත්ව ප්‍රවාහ ක්‍රමය යන්නයි. අනෙක් ක්‍රමය වන්නේ FDD නොහොත් සංඛ්‍යාත විභේදන ද්විත්ව ප්‍රවාහ ක්‍රමයයි.)

Massive MIMO තාක්ෂණයේදී ඇන්ටනා වැඩි ප්‍රමාණයක් එකවර භාවිත කරමින් සමාන්තර දත්ත ප්‍රවාහයන් විශාල ගණනක් ඔස්සේ එකම සංඛ්‍යාතයකට සම්බන්ධ වෙලා ඉන්න පාරිභෝගිකයන් වෙත දත්ත සම්ප්‍රේෂණය කෙරෙනවා. එක් පාරිභෝගිකයෙක් වෙනුවෙන් ඇන්ටනා උපාංග විශාල ගණනක් පාවිච්චි කෙරෙන නිසා Massive MIMO සම්ප්‍රේෂණ පද්ධතිවලට ඉලක්ක දහරාවන් විදිහට දත්ත යවන්නත් අවස්ථාව ලැබෙනවා. එක් එක් පාරිභෝගිකයා වෙතට ඉලක්ක කරලා තරංග යවන්න තියෙන හැකියාව නිසා සම්බන්ධතාවය වැඩිදියුණු වෙනවා වගේම බාධාවන් ඇති වීමත් අඩුයි. (සාමාන්‍යයෙන් තරංග සම්ප්‍රේෂණය කෙරෙන්නේ සියලු දිශාවන්ට විසිරී යන විදිහටයි. ඉලක්කගතව තරංග යවද්දී වැය වන ශක්තිය අවම වෙනවා)

ඩයලොග් ආසියාටා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මේ ගැන අදහස් දැක්වූයේ මේ විදිහට: “MIMO තාක්ෂණය සාර්ථකව අත්හදා බැලීමට හැකි වීම ඩයලොග් ආයතනය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් උසස්ම සම්බන්ධතාවක් පිරිනැමීම වෙනුවන් කාලීන තාක්ෂණික ප්‍රවණතා එක්ක කරට කර සිටින්න දරන නොනවතින ප්‍රයත්නයේ තවත් එක් පැතිකඩක්. ජීවන ක්‍රමය පවා වෙනස් කරන්න සමත් නවීනතම තාක්ෂණික විසඳුම් නිරන්තරයෙන් ඉදිරිපත් කරන්න ඩයලොග් සතු හැකියාවට මුල් වුණේ ප්‍රගතිශීලී නියාමන වටපිටාවක් පවත්වා ගැනීම සහ අපගේ වටිනා ව්‍යාපාරික කොටස්කරුවන්ගේ දායකත්වයයි. අප හා අත්වැල් බැඳගනිමින් ඔවුන් ලබා දෙන සහයෝගය ශ්‍රී ලංකාව 5G තාක්ෂණය කරා යන වේගවත් ගමන පාරිභෝගිකයන්ට වගේම ව්‍යවසායයන්ටත් සාරවත් අත්දැකීමක් බවට පත් කරන්නට ඉවහල් වෙනවා.”

Related Articles