Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනශක්ති ඇපතොන් – ලාංකීය ඇප් නිර්මාණකරුවන්ට අභියෝගයක්

ඔබත් ඇප් නිර්මාණකරුවෙක් නම්, ඔබේ අදහස් වලට තැනක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් දැන් ඒකට ලේසියෙන් නොලැබෙන අවස්ථාවක් පහළ වෙලා කියලා කියන්න පුළුවන්.

කවුරුත් දන්න ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී ෆුල් ඔප්ෂන් එක රටේ ඉන්න ඇප් නිර්මාණකරුවන්ට නිසි ඇගයීමක් ලබා දෙන්න අලුත්ම වැඩක් පටන් අරගෙන තියෙනවා. මේක හඳුන්වලා තියෙන්නේ “ජනශක්ති ඇපතෝන්” (Janashakthi Appathon) කියන නමින්. ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙන ඇප් ප්‍රමාණය ලෝකයේ බොහෝ රටවල් එක්ක බැලුවම අඩුයි. පහුගිය දවස් වල ජනප්‍රිය වුණු Pokemon Go, Prisma වගේ ඇප් අතරේ අපේ රටේ නිර්මාණය වෙන කාගේත් කතාබහට ලක්වෙන ඇප් එකක් නැතිම තරම්. හැමදාමත් දක්ෂයන් ඉන්න, නිසි තැනක් නොලැබෙන ලංකාවේ ඉන්න ඇප් නිර්මාණකරුවන්ට උදව්වක් වෙන්න ජනශක්ති ඇපතෝන් ආරම්භ වෙන්නේ මේ නිසාමයි.

මේ තරඟයේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ පහුගිය 13 වෙනි සෙනසුරාදා බම්බලපිටිය මැජෙස්ටික් සිටි වල. මේ උත්සවයට ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී එකේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු, වෙළඳ ප්‍රධානී මනින්ද්‍රි බණ්ඩාරනායක, ශ්‍රී ලංකාවේ ගූගල් ඇප් නිර්මාණකරුවන්ගේ සමූහයේ (Google Developer’s Group Sri Lanka) කළමනාකරු රවීන් හේරත් සහ OMAK Technologies හි එහාන්ත සිරිසේන ඇතුළු ඉහළ පෙළේ මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක් සහභාගී වුණා.

ජනශක්ති ඇපතෝන් සමාරම්භක උත්සවය අලංකාරවත් කෙරුණු අංගයක්: රූපය : මිනාලි හපුතන්ත්‍රී

ජනශක්ති ඇපතෝන් සමාරම්භක උත්සවය අලංකාරවත් කෙරුණු අංගයක්: රූපය : මිනාලි හපුතන්ත්‍රී

මේ සමාරම්භක උත්සවය සහභාගී වුණු හැමෝටම අලුත්ම අත්දැකීමක් වුණා. බොහෝ විට මේක ලංකාවේ පබ්ලික් මීඩියා ඉවෙන්ට් ලෝන්ච් එකක් කෙරුණු පළවෙනි වතාව වෙන්න ඇති. උත්සවය ආරම්භ වුණේ ෆ්ලෑෂ් මොබ් එකකින්. විශේෂයෙන් ලෑස්ති වෙලා කෙරුණු ඉදිරිපත් කිරීමක් වෙනුවට කාටත් පුදුම වෙන්න සහභාගී වෙලා ඉන්න අයම එක පාරට ඉදිරිපත් කරන මේ වගේ ඕනෑම ෆ්ලෑෂ් මොබ් එකක් ලංකාවට අලුත්ම අත්දැකීමක්. නිසා මේ විදිහට එක පාරටම සංගීතමය ෆ්ලෑෂ් මොබ් එකක් කරපු එක ගැන කාගේත් අවධානය යොමු වුණා.

ගූගල් ඇප් නිර්මාණකරුවන්ගේ සමූහයේ ශක්තියෙන් බල ගැන්වෙන මේ තරඟය ලංකාවේ ඇප් නිර්මාණකරුවන්ගේ නව අදහස් ඉදිරියට ගේන්න වගේම නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරන්නත් ගන්න අලුත් උත්සාහයක්. දේශීය වශයෙන් ළදරු අවධියක තියෙන මේ වගේ ක්ෂේත්‍රයකට නිර්මාණකරුවන් ආකර්ෂණය කර ගන්නත්, වටිනා අදහස් වලට නිසි තැන ලබා දෙන්නත් මේ තරඟයෙන් විශාල මෙහෙයක් ඉටු වේවි. ප්‍රධාන වශයෙන්ම ජංගම දුරකථන ඇතුළු වෙනත් ස්මාට් උපාංග සඳහා කාගේත් ආකර්ෂණය දිනා ගන්න පුළුවන් අලුත් නිර්මාණයක් බිහි කිරීම තමයි මෙහිදී නිර්මාණකරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. එහිදී කාටත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්, කාර්යක්ෂම, සාධනීය, සරල සහ කාටත් ලේසියෙන් ලබා ගන්න පුළුවන් ඇප් එකක් නිර්මාණය කරන කණ්ඩායමකට තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ. (user friendly, efficient, feasible, simple & accessible.)

අයදුම් කරන ආකාරය

මේ තරඟයට අයැදුම් කරන්න කැමති කණ්ඩායමක වයස අවුරුදු 18-30 අතර සාමාජිකයන් හතර දෙනෙක් ඉන්න අවශ්‍යයි. මේ සඳහා කණ්ඩායමක් තෝරා ගෙන අයදුම් කරන්න ඔබට අගෝස්තු 30 වැනිදා දක්වා කාලය තියෙනවා. ඉන් පස්සේ ලැබෙන අයදුම්පත් සංවිධායක කමිටුව මගින් සලකලා බලලා තරඟයට තෝරා ගැනෙනවා.

මේ විදිහට නිර්මාණය කෙරෙන ජංගම දුරකථන ඇප් සඳහා ප්‍රධාන තේමාව වෙන්නේ “රථවාහන තදබදය නිසා ඇති වන ගැටළු වලට විසඳුම් ලබා දීම” කියන එකයි.

මේ විදිහට ලැබෙන අදහස් වල වටිනාකම කලින් කියපු කරුණු ඇසුරෙන් සලකලා බලලා ඒ අනුව තෝරා ගන්න හොඳම කණ්ඩායම් 100ට පළමුවැනි වැඩමුළුව සඳහා සහභාගී වෙන්න පුළුවන්. මේ වැඩසටහන පැවැත්වෙන්නේ සැප්තැම්බර් 3 වැනිදා.

මේ වැඩසටහනට සහභාගී වුණාට පස්සේ හැම කණ්ඩායමකටම තමන්ගේ ඇප් එකට අදාළ නිර්මාණශීලී අදහස් ඇතුලත් කරලා යෝජනාවලියක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. මේ වැඩේ සැප්තැම්බර් 27 වැනිදාට කලින් අවසන් කරලා සංවිධායක කමිටුව වෙත ලබා දෙන්න අවශ්‍යයි. ඉන් පස්සේ මේ හැම යෝජනාවලියක්ම විශේෂයෙන් පත් කරපු විනිසුරු මඩුල්ලක් විසින් සලකලා බලලා ඒවා අතරින් හොඳම අදහස් සහිත කණ්ඩායම් 20 මීළඟ වටය සඳහා තෝරා ගැනෙනවා.

තෝරාගන්නා කණ්ඩායම් සඳහා දෙවන වැඩමුළුවක් පැවැත්වෙනවා. මෙහිදී ඒ කණ්ඩායම් වලට තමන්ගේ නිර්මාණය ගැන හැඳින්වීමක් කරලා හොඳ ඉදිරිපත් කිරීමක් කරන්න සිදු වෙනවා.

මේ විදිහට පැවැත්වෙන ඉදිරිපත් කිරීමේ වටයෙන් හොඳම කණ්ඩායම් 5ක් තෝරා ගැනෙනවා. මේ තමයි තරඟයේ අවසාන වටය. මේ කණ්ඩායම් පහට තමන්ගේ අදහස ක්‍රියාවට නංවලා සම්පූර්ණ කෙරුණු ඇප් එක විනිසුරු මඩුල්ල වෙත ඉදිරිපත් කරන්න සිදු වෙනවා.

තරඟයෙන් ජයග්‍රහණය කරන අයට ලැබෙන දේවල්

හොඳම අදහස් ලබා දෙන මුල් කණ්ඩායම් 20 ටම පිළිගැනීමක් ලබා දීලා ත්‍යාග පිරිනමනවා. හොඳම කණ්ඩායම් 5 සඳහා ක්ෂේත්‍රයේ ඉහළ දැනුමකින් හෙමි අයගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වැඩමුළු සඳහා සහභාගී වෙන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඒ තුලින් තමන්ගේ අදහස වඩාත් හොඳින් සකසා ගන්න ඔවුන්ට පුළුවන්.

අවසානයේ හොඳම ඇප් එක ඉදිරිපත් කරන කණ්ඩායමට රුපියල් මිලියනයක දැවැන්ත තෑගි මුදලක් හිමි වෙනවා. දෙවන ස්ථානයට ලැබෙන මුදල රුපියල් ලක්ෂ 2ක්. ඒ වගේම තුන් වන, හතර වන, පස් වන තැන් දිනා ගන්නා කණ්ඩායම් වලටත් රුපියල් ලක්ෂය බැගින් මුදල් තෑගි ලබා දෙනවා.

ඉතින් ඔබටත් හොඳ ඇප් එකක් නිර්මාණය කරන්න අදහසක් තියෙනවා නම් දැන්මම මේ තරඟයට ඉදිරිපත් වෙන්න පුළුවන්. වැඩි තොරතුරු සඳහා මේ තරඟය සඳහාම සැකසුණු ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. මේ තරඟය ලංකාවේ ඇප් නිර්මාණය කරන්න දක්ෂ කාටත් හොඳ පිටුවහලක් වේවි කියා Roar අපිත් විශ්වාස කරනවා.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

Related Articles