Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන 5 ක්

2017 වර්ෂය ස්මාර්ට් දුරකථන හා පෙරළිකාර වර්ෂයක් බවට පත්වුණා. එයට ප්‍රධානම හේතුව වූයේ ලොව නම් දැරූ ස්මාර්ට් දුරකථන නිෂ්පාදන සමාගම් විසින් දුරකතන තිරය වටා වූ දාරය සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් මුහුණත පුරාම තිරය සහිත දුරකතන වෙළඳපොළට හඳුන්වා දීමයි. Android සඳහා මේ ආකාරයට නිපදවන ලද අප්‍රසිද්ධ දුරකතන කිහිපයක් මෙම කියවීමෙන් අපි ලයිස්තු ගත කරමු.

01. Maze Alpha

twimg.com

Maze නම් චීන සමාගම ඉතාම අඩු මිලකට දුරකතන මුහුණතේ ඉදිරිපස ඉතා විශාල ප්‍රමාණයක් ආවරණය වන පරිද්දෙන් Maze Alpha ස්මාර්ට් දුරකතනය නිපදවා තිබෙනවා. රුපියල් විසිපන්දහසත්, තිස් දහසත් අතර මිලකට වෙළඳ පොළට හඳුන්වා දී ඇති මෙහි MediaTek Helio P25 සැරයක් සහ ගිගා බයිට් 4ක රැම් ධාරිතාවක් තිබෙනවා. එහි නවතම android වෙලුම වන Nougat පෙරනිමියෙන් ස්ථාපනය කර ඇති අතර මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක් ද අන්තර්ගත වෙනවා. 4000mAh බැටරිය සහ දිශාව 64 ක භ්‍යන්තර ධාරිතාව මෙන්ම මෙමරිකාඩ් පත් ඇතුලත් කිරීමේ හැකියාව මෙහි අගය වඩාත් ඉහළ දමනු ලබනවා. ඒ අනුව මිල සමඟ සසඳන කල මෙය ඕනෑම කෙනෙකුට දැරිය හැකි සහ වැඩක් ගත හැකි දුරකථනයක්.

02. Sharp Aquos S2

static.digit.in

ජපානයේ Sharp විසින් apple iphone දුරකථනය මෙන්ම දුරකථන තිරයේ ඉහළ කට්ටයක් කපන ලද සැලසුමක් සහිත දුරකතනයෙන් පුරාම තිරය දිවෙන ඔවුන්ගේ දෙවැනි දුරකතනය හඳුන්වා දී තිබෙනවා. Aquos 2 දුරකතනයේ අඟල් 5.5ක Full HD IPS LCD තිරයක්, Qualcomm Snapdragon 630 සකසුවක්, 4GB ram ධාරිතාවක්, සහ 3020mAh බැටරියක් සහිතව Android Nougat 7.1.1 ධාවනය කරනවා. මෙගා පික්සල් 12ක සහ මෙගාපික්සල් 8ක පසුපස ද්විත්ව කැමරාවක් ඇති මෙහි ඉදිරිපසද මෙගාපික්සල් 8ක කැමරාව අඩංගු කර තිබෙනවා. කතරක අභ්‍යන්තර ධාරිතාවයක් සහිතව මතක පද ඇතුළත් කිරීමේ හැකියාවෙන් යුතු මෙය රුපියල් 56,000 සිට 60,000 දක්වා පමණ මුදලකට වෙළඳපලට හඳුන්වාදී තිබෙනවා.

03. Essential PH-1

uncrate.com

ටයිටේනියම් සහ සෙරමික් මතුපිටකින් යුතු මෙම දුරකථනය නිෂ්පාදනය කිරීමේ මුලික පියවර ගෙන ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරයකු වන Andy rubin විසිනුයි. අඟල් 5.7 QHD තිරයක් සහිත මෙය Qualcomm Snapdragon 835 ප්‍රොසෙසරයක්, 4GB RAM ධාරිතාවක්, සහ 3,040mAh බැටරියකින් සමන්විතයි. PH-1 දුරකථනය 128GBක අභ්‍යන්තර ධාරිතාවක් ගෙන එන අතර මෙගාපික්සල් 13ක පසුපස ද්විත්ව කැමරාවන් ගෙන් ද සවිබල ගන්වා තිබෙනවා. ඔබට මේ ගැන වැඩි විස්තර අපගේ පෙර ලිපියෙන් කියවන්නට පුළුවන්.

04. Xiaomi Mi MiX 2

aolcdn.com

චීනයේ Xiaomi සමාගමේ දෙවැනි මුහුණත පුරාම තිරය සහිත දුරකථනය වන Mi MiX 2 යනු high-end දුරකථනයක්. Snapdragon 835 ප්‍රොසෙසරයක්, 6GB RAM ධාරිතාවක්, සහිතව 3,400mAh බැටරියකින් Android Nougat 7.1 ධාවනය කරනවා. 4GB, 128GB, සහ 256GB ලෙස අභ්‍යන්තර ධාරිතා මාදිලි කිහිපයක් හඳුන්වා දී ඇති මෙම දුරකථනයේ පසුපස whiplash අර සහිත මෙගාපික්සල 12 කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක් අඩංගු කර තිබෙනවා. එහි මිල දළ වශයෙන් රුපියල් 85,000 පමණ වෙනවා.

05. LG Q6

lg.com

samsung සමාගම in නව එල්ජී සමාගම ඔවුන්ගේ සෑම දුරකථනයකටම පාහේ දැන් දාරය රහිත සැලසුම්කරණය අන්තර්ගත කරන බව පෙනී යනවා. ඔවුන්ගේ ඉදිරි පෙළ LG G6 දුරකථනයට පමණක් නොව, LG Q6, LG Q6 Plus, සහ LG Q6a යන අඩු මිල දුරකථන වලට පවා මෙම සැලසුම ලබාදී තිබෙනවා. මේ නිසා ඉතා විශාල මුදලක් වියදම් කර නොහැකි වුවත් මේ ආකාරයේ සැලසුමකට කැමති කෙනෙකුට පවා එවැනි දුරකථනයක් තමන් සතු කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා. අඟල් 5.5 IPS Full HD තිරය, Snapdragon 435 ප්‍රොසෙසරය, 3GB RAM ධාරිතාව, 3,000mAh බැටරිය සහිත මෙහි Android Nougat 7.1.1 මෙහෙයුම් පද්ධතිය අඩංගු කර තිබෙනවා. මතක පත් දැමිය හැකි 32GB බවක් ඇති මෙහි මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක් ද අන්තර්ගත කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය: softpedia-static.com

Related Articles