Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇදහිය නොහැකි මිලකට අලෙවි වූ ඩොමේන් නාමයන්

අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙකුට ඩොමේන් නාමයන් කියන්නේ නුහුරු දෙයක් නෙවෙයි. සෑම  ගෙදරකටම ලිපියක් තියෙනවා වගේම, හැම වෙබ් අඩවියකටම IP (Internet Protocol) එකක් තියෙනවා. ඒක මතක තබා ගැනීම අපහසු නිසා තමයි වසම් නාමයක්, එහෙම නැත්නම් ඩොමේන් නාමයක් භාවිතා කරන්නේ. ඒ හරහා තමයි අනෙක් අයට වෙබ් අඩවිය වෙත පැමිණෙන්න මඟ සැලසෙන්නේ. මේ ඩොමේන් නාමයන් විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට තියෙනවා. සාමන්‍යයෙන් namecheap.com/ godaddy.com වැනි වෙබ් අඩවියකින් ඉතාම පහසුවෙන් සහ අඩු මුදලකින් ඔබට ඩොමේන් නාමයන් මිල දී ගැනීමට පුළුවන්. ආකර්ශනීය සහ මතකයේ රැඳෙන ඩොමේන් නාමයක් හරහා තමන්ගේ වෙබ් අඩවිය ප්‍රචාරය කිරීම, සහ ජනප්‍රිය කරවීම වඩා පහසු යි. මේ කියන්න යන්නේ ඔබට අදහා ගත නොහැකි මට්ටමේ මිල ගණන්වලින් අලෙවි වුණු ඩොමේන් නාමයන් පිළිබඳව යි.

01. Casino.com

මිනිස් ආශාවන් සහ ඇබ්බැහිවීම් කියන්නේ ව්‍යාපාරිකයන්ට විශාල වශයෙන් මුදල් උපයන්න හැකියාව සලසන කාරණා දෙකක්. ඒ අතරිනුත් සූදුව කියන්නේ ලොව පුරා විශාල වශයෙන් පිරිස් ඇබ්බැහිවෙන කුප්‍රකට අංශයක්. ඉක්මනින් මුදල් උපයන අරමුණින් බොහෝ දෙනෙක් සූදු ක්‍රීඩාවල නිරත වෙනවා. අද වෙනකොට ලෝකයේ හැමදේම ඩිජිටල්කරණය වෙමින් පවතින යුගයක සූදුවත් එලෙස වීම පුදුමයක් නෙවෙයි.

https://www.casino.com කියන්නේ සූදු ක්‍රීඩාව සඳහාම අතිශය ප්‍රසිද්ධ වෙබ් අඩවියක්. මෙහි ඩොමේන් නාමය 2003 වසරේ අළෙවි වෙලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වැනි මුදලකට.

Casino.com වෙබ් අඩවිය

02. Porn.com

2007 වසරේ මේ ඩොමේන් නාමය අලෙවි ඇත්තේ ඩොලර් මිලියන 9.5ක මුදලකට. ලෝකයේ සමස්ත  internet traffic එකෙන් 36% පමණ මෙවැනි adults movie වෙබ් අඩවි වෙත යැවෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ වැනි රටවල විශාල වශයෙන් ලාභ ලැබිය හැකි කර්මාන්තයක් මේ. ලෝකයේ වැඩිම traffic ඇති පෝර්නොග්‍රැෆි වෙබ් අඩවියක් ලෙසත් මේ වෙබ් අඩවිය සලකන්න පුළුවන්. ඒ, බොහෝ දෙනෙක් “porn” යන වචනය භාවිතා කරමින් සෙවුම් සිදු කරන නිසාවෙන්.

03. Hotels.com

2009 වසරේ ඩොලර් මිලියන 11ක පමණ මුදලකට අලෙවි වූ ඩොමේන් නාමයක් තමයි මේ. ලෝකයේ වැඩිම ආකර්ශනයක් සහ විශාල ලාභයක් ලැබිය හැකි ක්ෂේත්‍රයක් ලෙස සැලකෙන හොටෙල් ක්ෂේත්‍රයට පමණක් නෙවෙයි, මෙම වෙබ් අඩවිය හරහා ඔබට නිවාඩුවක් ගත කිරීම සඳහා යා හැකි ගමනාන්තයන්, එයට වැයවෙන මුදල් වගේ විස්තර පහසුවෙන් ලබාගන්න පුළුවන්.

Hotels.com වෙබ් අඩවිය

04. Sex.com

ලෝකයේ තවත් අතිශය කුප්‍රකට වෙබ් අඩවියක් ලෙස හඳුන්වන්න පුළුවන් මේ වෙබ් අඩවි ඩොමේන් නාමය 2006 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 13ක පමණ මුදලකට අලෙවි වුණා. මේ වෙබ් අඩවියට වැඩිම traffic පැමිණෙන්නේ ඉන්දියාව, එක්සත් ජනපදය, ඉතාලිය වැනි රටවලින්. ඒ වගෙම ලෝකයේ ජනප්‍රියම වෙබ් අඩවි අතර මෙයත් රැඳී තිබෙනවා.

05. Fund.com

මේ වෙබ් අඩවිය 2008 වසරේ ඩොලර් මිලියන 15ක පමණ මුදලකට අලෙවි වූ වෙබ් ඩොමේන් නාමයක්. මූල්‍යමය කටයුතු පිළිබඳ වෙබ් අඩවියක් ලෙස ප්‍රචලිත මෙය 2008/2009 කාලයේ දී ponzi scheme එකකට (පිරමිඩ මුදල් වංචා වැනි) චෝදනා ලබනවා. එම සිදුවීම මේ සමාගමට එතරම් හොඳ වාතාවරණයක් ඇති කළේ නම් නැහැ.

Fund.com වෙබ් අඩවිය

06. 360.com

මේ වෙබ් අඩවිය චීන ජාතික සමාගමකට අයත් වෙබ් ඩොමේන් නාමයක්. අන්තර්ජාලය හරහා ඩිජිටල් නිෂ්පාදන අලෙවි කරන වෙබ් අඩවියක් ලෙසින් ලෝකයේ ප්‍රසිද්ධියක් උසුලනවා. විශේෂයෙන්ම සයිබර් ආරක්ෂාව පිළිබඳ නිෂ්පාදන මේ හරහා අලෙවි වෙනවා. මෙය මිලියන 17කට 2015 වසරේ මිල දී ගැනුණ වෙබ් ඩොමේන් නාමයක්.

360.com වෙබ් අඩවිය

07. Privatejet.com

ඔබට පෞද්ගලික ජෙට් යානයන් මඟින් ගමනක් යන්නට අවශ්‍ය නම්, මේ වෙබ් අඩවිය හරහා එය සිදු කර ගන්න පුළුවන්. 2012 වසරේ ඩොලර් මිලියන 30කට මේ වෙබ් ඩොමේන් නාමය අලෙවි වෙලා තියෙනවා. අද වෙද්දි ඔවුන් www.evojets.com වෙබ් අඩවිය හරහා ක්‍රියාත්මක වෙනවා.

Privatejet.com, එහෙම නැති නම් evojets.com

08. Vacationrentals.com

Vacationrentals.com කියන්නේ 2007 වසරේ ඩොලර් මිලියන 35කට අලෙවි වුණ වෙබ් ඩොමේන් නාමයක්. මේ වෙබ් අඩවිය හරහාත් ඔබට ඔබේ නිවාඩු කාලයන් ගත කරන්නට සුදුසු ස්ථානයන් වගේම, ඒ ඒ තැන්වලට ලැබුණු reviews පවා බලාගන්න බලාගන්න පුළුවන්.

Vacationrentals.com වෙබ් අඩවිය

09. Insurance.com සහ carinsurance.com

2010 වසරේ අලෙවි වූ Insurance.com ඩොමේන් නාමය ඩොලර් මිලියන 35.6ක මුදලකට තමයි අලෙවි වුණේ. ඒ වගේම carinsurance.com ඩොමේන් නාමය අළෙවි වුණේත් 2010 වසරේ යි. හැබැයි ඒ ඩොලර් මිලියන 49.7ක මුදලකට. මේ ඩොමේන් නාමයන් දෙකටම හිමිකම් කියන්නේ quinstreet.com සමාගම යි.

ලෝකයේ අද වෙද්දී රක්ෂණයන් කියන්නේ අතිශය වැදගත්කමක් දරන්නක් බවට නිතැතින්ම පත්වෙලා. අවදානම් කළමනාකරණය කියන්නේ මිනිසා අනිවාර්යයෙන්ම සිතිය යුතු කරුණක්. එයට පිලියමක් ලෙස රක්ෂනාවරණයක් ලබා ගැනීම බොහොම වැදගත් කරුණක් ලෙස ලෝකය පිළිගෙන හමාර යි. එනිසාවෙන් වන්නට ඇති මේ ඩොමේන් නාමයන් මෙතරම් මිලකට අලෙවි වෙන්නේ.

සමහර විට අද ඔබ ඔබේ නමට register කර ගන්නා ඩොමේන් නාමයන්, විශේෂයෙන්ම. com සහිත ඩොමේන් නාමයන්, පසු කලෙක විශාල මුදලකට විකුණන්න හැකියාව ලැබෙන්න ඉඩ තියෙනවා. අද වෙද්දී මේක ව්‍යාපාරයක් බවට පත් වෙලා හමාර යි. ඔබත් උත්සාහ කර බලන්න.

මූලාශ්‍රයයන්:

youtube.com

Insurance.com

Carinsurance.com

360.com360.com             

Fund.com       

namecheap.com

Casino.com

Hotels.com

Vacationrentals.com

 

Cover: bigly.io

Related Articles