Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Venture Engine හරහා ඔබේ ව්‍යාපාරයත් සාර්ථක කරගන්න!

අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න නම් ඒකට ලොකු මුදලක් යට කරන්න සිදුවෙනවා. එලෙස අරඹන ලද ව්‍යාපාරවලිනුත් 50%ක් මුල් වසර 5 තුළ දී ම අසාර්ථක වෙනවා. ඒ යථාර්ථය කොහොම වුණත්, හිතේ මල්පල ගැන්වෙන අපූරු ව්‍යාපාර අදහස් හිත ඇතුළේ ම වියැකී යන්නට දෙන එක, දිනක ලංකාවේ ඉහළ පෙළ ව්‍යාපාරිකයෙක් වීමට සිහින මවන අයෙකුගේ ඉරණම නොවිය යුතුයි. අන්න එවන් සිහින දකින නව ව්‍යාපාරිකයන්ට අත දෙන වැඩසටහනක් ගැන යි මේ කියන්න යන්නේ.

රටේ දියුණුව සහ ව්‍යාපාර අතර ඇති නෑදෑකම

ශ්‍රී ලංකාව, ව්‍යාපාර ඌණතාවන්ගෙන් පෙළෙනවා වගේ ම, මහත් ණය බරකට යටත් ව සිටිනවා. එ් සමඟ ආර්ථික වර්ධනය ද සමස්තයක් වශයෙන් කාලයක පටන් බිඳවැටී තිබෙනවා. එවන් අවස්ථාවක රැකියා බිහිකරමින්, නව තාක්ෂණය ද සූක්ෂමව භාවිතා කරමින් දේශය ගොඩනැගීමට නව ව්‍යවසායකයන්ගෙන් වැදගත් කොටසක් රටකට ඉටු වෙනවා.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක ප්‍රාග්ධනයක් සොයා ගැනීම ඉතාම අපහසු කටයුත්තක්. නව ව්‍යාපාර බිහි නොවීමටත්, පවතින ව්‍යාපාර අසාර්ථක වීමටත් මූල්‍ය අරමුදල් හෙවත් ප්‍රාග්ධනය නොමැතිකම ප්‍රධාන හේතු සාධකයක් වී තිබෙනවා.

වැඩිපුර ණය ගන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්

SLASSCOM ආයතනය විසින් කළ සමීක්ෂණයක් මගින් පිළිඹිබු වූයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නිරන්තරයෙන් ණය ලබා ගැනීමට යොමුවන බවයි. නමුත් ව්‍යාපාර සඳහා බැංකු හා වෙනත් මූල්‍ය ආයතන හරහා ණය මුදල් ලබා ගැනීම අසීරු කාර්යයකි. ණය මුදලක් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම ඊට සුදුසු වත්කම් හෝ ස්ථිර ආදායමක් ව්‍යාපාරිකයාට තිබිය යුතුයි. ව්‍යාපාරයේ ආදායම් මට්ටම කුමක් වුවත් ණය වාරිකය සහ පොලී මුදල ගෙවීමට ද ව්‍යාපාරිකයා බැඳී සිටිනවා. එවැනි ගෙවීම් කිරීමට බොහෝ නව ව්‍යාපාර අසාර්ථක වීම පුදුමයකුත් නොවේ. මීට අමතරව, නව ව්‍යාපාරයකට අවශ්‍ය මඟ පෙන්වීමද බොහෝ විට මෙවැනි ආයතන මගින් සිදු කෙරෙන්නේ නැහැ.

Venture Engine හරහා විසඳුමක්

2018 නොවැම්බර් පළමුවැනිදා සිට Venture Engine වැඩසටහන හත්වන වරටත් ක්‍රියාත්මක වී ඇත. ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට තම නව ව්‍යාපාරය හෝ ව්‍යාපාරික අදහස් ඉදිරිපත් කරමින් එය වඩාත් දියුණු කිරීමට අවශ්‍ය මූල්‍ය අරමුදල් හා අවැසි දැනුම ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. එය ආයෝජකයන් විසින් මෙහෙයුම් කරනු ලබන, තම ව්‍යාපාරය වැඩි දියුණු කරන්නට කැමැත්තක් දක්වන ව්‍යාපාරිකයන් සඳහා ගොඩනැගුණු ජාතික මට්ටමේ තරගාවලියකි.

BOV Capital, Indian Angel Network සහසම්බන්ධව දියත් කරන මෙම ව්‍යාපෘතිය, 2012දී ඇරඹූවක්. එතැන් පටන් දේශීය ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර සැලසුම් වඩාත් සාර්ථක ලෙස දියත් කිරීමට අවැසි අරමුදල් හා දැනුම ලබා දෙන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාර වැඩසටහන ලෙස ජනප්‍රිය වී ඇත.

ඉන්දියානු VC අරමුදල හෙවත් Aavishkaar සමඟ, Venture Engine වැඩසටහන 2016 සිට විශේෂ සම්මානයක් හඳුන්වා දුන්නා. එමගින්, යහපත් සමාජ හෝ පරිසර බලපෑමක් ඇතිකරන නව ව්‍යාපාර, විශේෂ ඇගයීමකට ලක්වෙනවා. ජයග්‍රාහක ව්‍යාපාරයට  ත්‍යාගයක් හා සම්මානයක් ද පිරිනැමෙනවා. 2017 වසරේ එය Igniterspace ආයතනය විසින් දිනා ගනු ලැබුවා.

වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය

Venture Engine වෙතින් ව්‍යාපාර සැලසුම් ලබාදෙන ලෙස සති 4 – 6කට පෙර දැනුම් දෙනවා. වයස අවුරුදු 18ට වැඩි ඔබටත් අපූරු ව්‍යාපාර අදහසක් තිබෙනවා නම් හෝ දැනට කරගෙන යන ව්‍යාපාරයක් තිබෙනවා නම්, වැඩසටහනට සහභාගී වීමේ අවස්ථාව තිබෙනවා. තෝරාගත් අයදුම්පත් සදහා, ආයෝජක මණ්ඩලයක් හමුවේ විනාඩි 2 – 5ක් තුළ ඔබේ නව ව්‍යාපාරයක් සඳහා වූ ව්‍යාපාර සැලැස්ම මණ්ඩලය ඉදිරියේ ඉදිරිපත් කළ යුතු වේ. ඉදිරිපත් කිරීම අවසානයේ ප්‍රශ්න වටයක්ද පැවැත්වෙනු ඇත.

වැඩමුළු

ඉන් තෝරාගැනෙන හොඳම ව්‍යාපාර සැලසුම් සහිත ව්‍යාපාරිකයින් දෙවැනි වටයේදී වැඩමුළු සඳහා යොමු කෙරෙනවා. ආයෝජකයින් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් ඔබේ ව්‍යාපාර සැළසුම් තවත් වර්ධනය කරගන්නට වැඩමුළු 5ක් දක්වා සහභාගී වෙන්නට අවස්ථාව තිබෙනවා.

අවසාන වටයේදී ඉහළ පෙළ දේශීය හා අන්තර්ජාතික ආයෝජකයන්ගෙන් යුත් මඬුල්ලකට ඉදිරිපත් කිරීම් කළ යුතු වෙනවා. එහිදී හොඳම ව්‍යාපාර තුනකට මූල්‍ය ත්‍යාග ලැබෙනවා. ඒත් හොඳම දේ, මේ කටයුතු සිදුවන අතරතුරේදී ආයෝජකයන්ට සහ නව ව්‍යවසායකයන්ට ඍජුව කතා කරන්නට නිදහස ලැබීමයි. එනිසා සම්මානයක් ලැබුණත් නැතත්, තමන්ගේ ව්‍යාපාරයට අවැසි ආයෝජන ලබා ගැනීමට අවස්ථාවක් ලබාගන්න ඔබට හැකියාව තිබෙනවා. අවසන් වටයේ තරගකරුවන් හැමෝටම මාධ්‍ය ආවරණයක් හරහා විශාල ප්‍රසිද්ධියක් ද ලැබෙනවා.

අයැදුම් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද?

ඔබ වයස අවුරුදු 18ට වැඩි; දැනට ව්‍යාපාරයක් තිබෙන හෝ ව්‍යාපාරයක් පටන් ගන්නට අලුත් අදහසක් ඇති කෙනෙක් නම් ඔබටත් මෙයට සහභාගී වෙන්නට පුළුවන්. පැහැදිලි ව්‍යාපාරික සැලසුමක් සහිත නව ව්‍යාපාරික අදහස් හෝ ව්‍යාප්ත කළ හැකි දැනට පවතින ව්‍යාපාර, විවිධ දක්ෂතා වලින් පරිපූර්ණවූ උද්‍යෝගිමත් කණ්ඩායමක් සහිත විය යුතු වෙනවා.

අයැදුම් කරන හැටි

මේ සඳහාවූ අවසන් දිනය වන්නේ 2018 දෙසැම්බර් 10 වනදායි. අයදුම් කිරීමට Venture Engine වෙබ් අඩවියට පිවිසී එහි ඇති අයදුම්පත පුරවන්න. එහිදී ඔබට මේ ගැන තවත් විස්තර දැනගන්නට පුළුවන්. ඔන්න තවත් පරක්කු වෙන්න එපා. දැන්මම ඔබේ හිතේ ඔය හිරවෙලා තියෙන ව්‍යාපාර අදහස සැබෑවක් කරගන්න, අවශ්‍ය මූලධනය සොයාගැනීමට මේ ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න.

Related Articles