Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩිජිටල් නිර්මාපකයන්ට මෙටා වෙතින් Creators of Tomorrow

ෆේස්බුක් හී නිර්මාතෘ මාක් සකර්බර්ක් සැලකෙන්නේ 21 වන සියවසේ බිහි වූ විශිෂ්ටත ම ව්‍යවසායකයෙක් ලෙස යි. 2004 වසරේදී ෆේස්බුක් නිර්මාණය කිරීමත් සමඟ ඔහු ඩිජිටල් ලෝකය උඩු යටිකුරු කරන්නට සමත් වූ අතර, සමාජ මාධ්‍ය වෙනත් මානයකට ගෙනයාමට ද සමත් වුණා. පසුකාලීන ව ඔහු ‘මෙටා’ සමාගම ඇති කළ අතර, අද වන විට එම සමාගමට අනුබද්ධ ව ෆේස්බුක් ඇතුළු තවත් සමාජ මාධ්‍ය කිහිපයක්ම පරිපාලනය වනවා.

ෆේස්බුක්, යූටියුබ් වැනි ඩිජිටල් මාධ්‍ය තුළ, තමන්ගේ හැකියා ලොවට පෙන්වන්නට ලොව පුරා නව යුගයේ දක්ෂයන්ට අවස්ථාව ලැබුණු අතර, මේ මඟින් ජනප්‍රියභාවය සහ මූල්‍යමය සාර්ථකත්වය ලබමින් ඉදිරියට ගිය පිරිස ද අති මහත්. ඒ අතර තවත් බොහෝ පිරිසකට සාර්ථකත්වයේ මඟ පෙන්වූ අයත් වෙනවා. මෙටා කණ්ඩායම ඔවුන් දිරිමත් කිරීමේ අටියෙන් නවත ම ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ‘Creators of Tomorrow’ නමිනු යි.

 මාක් සකර්බර්ක්- Techviral.net

 

හැකියාවලට අත්වැල සපයන ‘මෙටා’

මෙටා කණ්ඩායම ලොව පුරා සමාජ මාධ්‍යවල සුවිශේෂ දෑ සිදු කරන තරුණ තරුණියන්ට, සිය අනුගාමිකයන් වැඩි කර ගන්නට, ලොව පුරා අයගේ අවධානය ඔවුන් වෙත යොමු කරගන්නට මෙන් ම  නිර්මාණවල තත්ත්වය වැඩිදියුණු කරගන්නට අත්වැල සපයන්නට තීරණය කර තිබෙනවා. මෙමඟින් නිර්මාපකයන් සිය නිෂ්පාදන යොදා ගෙන සිදුකරන නිර්මාණාවල තත්ත්වය සහ ප්‍රමාණය ඉහළ නංවාලනු ඇතැයි අපේක්ෂිත යි.

දීර්ඝකාලීනව  තම නිෂ්පාදන පරිශීලනය කරන අනුගාමික සංඛ්‍යාව සහ එයට ඇති සමාජ පිළිගැනීම වැඩිවේ යැයි ද බලාපොරොත්තු වෙනවා. දක්ෂයන් ප්‍රවර්ධනය කිරීම මඟින් සමාජ මෙහෙවරක් සිදු කරන්නට ද ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මෙටා සමාගම මෙලෙස ලොව පුරා දක්ෂයන් ප්‍රවර්ධනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නිර්මාණාත්මක හැකියාව මොනවට පිහිටා ඇති නව පරම්පරාව නවීන ලෝකය නව වෙනසකට බඳුන් කරන්නට උදව් වේ ය යන්න යි. 

නව අදහස් හා නිර්මාණාත්මක කුසලතා

ලොව පුරා නව අදහස් මෙන් ම නිර්මාණාත්මක කුසලතා ඇති අයගේ අදහස්, ක්‍රියාකාරකම් වැනි දේ ඩිජිටල් මාධ්‍ය හරහා ලොව අස්සක් මුල්ලක් නෑර පැතිරවීමෙන් නව මතවාද, හැකියා මෙන් ම ආකල්ප වැනි දේ ද ඉතා ඉක්මනින් පතුරවා හරින්නට ඉඩ හසර වර්තමාන සමාජ මාධ්‍ය මඟින් ඇත. එහි පුරෝගාමියකු වන මෙටා සමාගම උත්සාහ දරන්නේ මෙම ක්‍රියාවලියේ කාර්යයක්ෂ්මතාව කිහිප ගුණයකින් වැඩි කිරීමට යි. සම්පත් බෙදී යාමේ විෂමතාව නිසා, සමහර රටවල සහ පෙදෙස්වල මුළුගැන්වී සිටින දක්ෂයන්ට, ලොව අනෙකුත් අය හා සම අවස්ථා ලබා දීම ද මෙම ව්‍යායාමයේ තවත් අරමුණක් වෙනවා.

 Creators of Tomorrow ව්‍යාපෘතියට අදාළ පිරිසෙන් කොටසක් –  uaenews247.com

 

දක්ෂයන් සොයා ලොව ම පීරන මෙටා

මෙටා කණ්ඩායමේ ‘Creators of Tomorrow’ ප්‍රවර්ධන වැඩසටහනෙහි ප්‍රථම අදියරේ දී යුරෝපයේ, මැදපෙරදිග සහ අප්‍රිකාවේ විවිධ පෙදෙස්වල නිර්මාණශීලී සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණය කරන්නන් හඳුනා ගෙන, ඔවුන් සිය සමාජ මාධ්‍ය ජාල යොදා ගෙන ප්‍රවර්ධන කිරීම සිදු කෙරෙනවා. නිර්මාණශීලී සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණය කරන්නන්  වෘත්තීයමය වශයෙන් සාර්ථක කිරීම මෙන් ම සමාජ මාධ්‍යකරුවන් ලෙස ඉතා හොඳ ජනප්‍රිය භාවයක් මෙන් ම ආර්ථික තත්ත්වයක් ඇති කරගන්නට මේ අයට අඩිතාලම දමා දීම ඔවුන්ගේ අභිලාෂය යි.

“හෙට දිනයේ නිර්මාපකයන්ට” ඉදිරියේදී ඉතා අනර්ඝ වෘත්තීයමය තත්ත්වයක් ළඟා කරගැනීමේ හැකියාව තිබෙනවා. අප සියලු දෙනා අතරින්  ප්‍රවර්ධනය කිරීම සඳහා තෝරා ගත් සියලු දෙනා, ඒ ඒ රටවල, පෙදෙස්වල මෙන් ම සමාජ මාධ්‍යජාලාවල අති විශේෂ කර්තව්‍ය සිදුකරමින් සිටින අය යි. මේ අය අතර තාක්ෂණය අතින්, අන්තර්ගතය අතින් මෙන් ම විනෝදාස්වාදය අතින් ද අති විශිෂ්ට දේ ලොවට සපයන අය සිටිනවා. අපගේ විශ්වාසය අනුව මෙම නිර්මාපකයන්ගේ නිර්මාණාත්මක අදහස් අප විශ්වාස කරන මෙටාවර්ස් සංකල්පයේ පරිණාමය සඳහා හේතු වනු ඇති” බව මෙටා සමාගම පවසනවා.

මෙටා සමාගම මෙලෙස තෝරාගන්නා දක්ෂයන් සමඟ ඉදිරි වසරක කාලයක් කටයුතු කරනු ඇත.ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් සහ අනුගාමිකයන් සංඛ්‍යාව වැඩිදියුණු කර ගැනීමටත්, තමන් විනෝදාංශය සඳහා කරන දේ වෘත්තීයමය ලෙස සිදුකරන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දීමටත් ක්‍රියා කරනු ඇති. පළමු අදියරේ දී මෙලෙස තෝරා ගත් අය හා ඔවුන්ගේ නිර්මාණහඳුන්වාදීම් සමඟ ම Creators of Tomorrow’වෙබ් අඩවියෙන් දැකගත හැකි යි.

දක්ෂයන් අධ්‍යයනයෙන් මඟ පාදාගැනීම

මෙටා සමාගම පවසන පරිදි, ඔවුන් තෝරා ගත් අයගේ අන්තර්ගතය පරිශීලනය කිරීම මඟින්, ඕනෑම අයකුට ඉතා නවුමු, නිර්මාණාත්මක සහ තමන්ට අනන්‍ය විලාසයකින් සමාජ මාධ්‍ය අතික්‍රමණය කිරීම පිණිස ආදර්ශ මෙන් ම මඟපෙන්වීම ද ලබාගත හැකි යි. එමෙමඟින් ලොව බොහෝ දෙනකු අතර සැඟවී ඇති සමහර ප්‍රාදේශීය ප්‍රවණතා, අත්දැකීම් සහ අනන්‍යතා ලොවට විවර වෙනු ඇති. අවසානයේ විශේෂයෙන් මෙමඟින් මෙටා සමාගම බලාපොරොත්තු වන මෙටාවර්ස් සංකල්පය සහිත ලෝකය ම ඩිජිටල් තාක්ෂණයෙන් අනූන තනි යායක් බවට පත් කිරීමේ අභිප්‍රායය ඉටු වනු ඇති.

 මෙටාවර්ස් සංකල්පය අනාගත ලෝකයේ තීරණාත්මක සාධකයක් වනු ඇති- hp.com

 

මේ සමහර නිර්මාපකයන් වර්තමානය වන විටත් මෙටා කණ්ඩායමේ සමහර නව තාක්ෂණය සමඟ එක් ව කටයුතු කරනවා. විශේෂයෙන් ඔවුන් මෙලෙස තෝරා ගත් නව නිර්මාපකයන්ට කෘත්‍රිම බුද්ධිය හා සබැඳි නව නිර්මාණ බිහි කරන්නට දිරිගැන්වීම් කරන අතර, තාක්ෂණය ක්‍රියාවේ යෙදවිය හැකි පරිසරයක කටයුතු කරන්නට ද අවස්ථාව සලසා තිබෙනවා. විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් සමහර අන්තර්ගත තෝරා ගන්නට පරිශීලකයන්ට අවස්ථාව ලබා දීම පිළිබඳ පර්යේෂණ ඔවුන් සමඟ සිදුකරනන්ටත් මෙටා කණ්ඩායම අපේක්ෂා කරනවා. පරිශීලකයන්ට මෙමඟින් වඩාත් කාර්යක්ෂ්ම ලෙස තමන් කැමති නිර්මාණ සොයා ගන්නට හැකි වනු ඇති.

ලොව පුරා බොහෝ විද්වතුන් පවසන පරිදි මෙටා සමාගමේ මේ ව්‍යාපෘතිය ලොව පුරා විසිරී සිටින බොහෝ සුදුස්සන්ට සුදුසු තැන් ලබා දෙනු ඇති අතර, තාක්ෂණික ලෝකයේ ඉක්මන් පරිණාමයකට ද එය හේතු වනු ඇති.

කවරයේ ඡායාරූපය - tech-ish.com

මූලාශ්‍ර:

Socialmediatoday.com

Creatorsoftomorrow.com

african.business

Related Articles