Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

John Keells X හරහා ඔබේ නව ව්‍යාපාරයට ප්‍රාග්ධනය ලබාගන්නේ මෙහෙමයි

ස්වයං ව්‍යවසායකයෙක්ට තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගැනීමට ලංකාවේ ආර්ථික ක්‍රමය තුළ හොඳින් ඉඩහසර සහ මංපෙත් තිබෙනවා‍. කොහොම නමුත්, තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගැනීම අවදානම් වැඩක්. සැලසුමක් සැකසීම සහ එය ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක දෙයක්. එය නිවැරදිව කරගන්නට නම් තමන්ගේ ලැදිකම වගේම කැපවීමත් බොහොම අවශ්‍යයි. ඒ වගේම ගොඩක් උදව් උපකාරත් අවශ්‍ය වේවි. එවන් අවස්ථාවකදී මූලික පුහුණුවක්, ප්‍රාග්ධනයක් හෝ මුදල් ආයෝජනයක් මෙන්ම සමාජ සම්බන්ධතා ඇති කරගන්නට අවසථාව සලසන වැඩසටහනක් තිබුණොත් ඔබට බොහොම පහසුවෙන් ව්‍යාපාර ඉලක්කය වෙත ළඟා වෙන්නට හැකි වේවි.

John Keells X කියන්නෙත් එවන් ස්වයං ව්‍යවසායකයන්ට අත දෙන ව්‍යාපාරයක්. එමඟින් උද්‍යෝගයෙන් යුතු ව්‍යාපාරිකයෙක්ට; පියවරෙන් පියවරට දැනුවත් කිරීම්, උපදේශන, ආයෝජනයන් හා මානව සබඳතා ඇතුළු සෑම අංශයකින්ම උදව් ලබාගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ, මෙහෙමයි:

පළමු අදියර – 2019 මාර්තු සිට මැයි දක්වා

මුලින්ම කරන්නට ඕනෑ අයැදුම් කිරීමයි. මෙමඟින් ඔබ ගැන සහ අලුතින් පටන්ගන්නට අදහස් කරන ව්‍යාපාරය ගැන විස්තර ඉදිරිපත් කිරීම සිදු වෙනවා. ඒ සඳහා ව්‍යාපාරික අදහස, ඔබව සහ කණ්ඩායම ද හඳුන්වා දෙමින් කුඩා විඩියෝවක් සැකසිය යුතුයි. ඔබ වාසනාවන්ත නම්, වැඩසටහනේ මුල් අදියරට තෝරාගන්නා කණ්ඩායම් 30 අතරට එක්වන්නට ඔබට හැකි වෙනවා.

JKX ශික්ෂිත ව්‍යවසායකත්ව වැඩමුළුව. Credits: Roar Tech

මෙතැන් සිට මාස 3ක් ඔබට සතිපතා ශික්ෂිත ව්‍යවසායකත්වය (Disciplined Entrepreneurship) ගැන John Keells X නායකත්වයන් හා උපදේශනයන් යටතේ කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා. එහිදී මූලික ගිණුම්කරණය, මූල්‍යමය හා නීතිමය කටයුතු ඇතුළු නව ව්‍යාපාරයකට අවශ්‍ය දැනුම් ගොන්නක් විවිධ අංශයන්ගෙන් ලබා ගන්නට හැකි වෙනවා. මෙය විනිශ්චය මණ්ඩලය ඉදිරියේ ඔබේ ව්‍යාපාර අදහස ගැන ඉදිරිපත් කිරීමක් කරන DEMO Day එකට අවශ්‍ය පසුබිම සකසා දෙනවා. එසේ ඉදිරිපත් කිරීමෙන් පසුව කණ්ඩායම් 7ක් JKX accelerator වෙත තෝරාගෙන රුපියල් මිලියන 2.5ක් බැගින් ආයෝජන ලබාදීම සිදු කරනවා. එමඟින් අවම ජීව්‍ය නිෂ්පාදනය (MVP) හෙවත් ඔබේ ව්‍යාපාරයේ මුල් අදියර හරහා කළ හැකි උපරිම නිපැයුම ගොඩනගා දෙවැනි අදියරට යොමු වන්නට හැකියි.

දෙවන අදියර – 2019 ජුනි සිට දෙසැම්බර්

මෙතැන් පටන්, ඔබ වැඩසටහනේ JKX accelerator නමැති දෙවන සහ අවසන් අදියරට පිවිසෙනවා. මෙහිදී පුහුණු කිරීම් ඔබේ ව්‍යාපාරයට වඩාත් ගැලපෙන ආකාරයට සිදුවෙනවා. පාරිභෝගික වර්ධනය, නිෂ්පාදන සහ ගමන් මාර්ගය, කණ්ඩායම් ගොඩනැගීම හා කළමනාකරණය, ව්‍යාපාරය දියුණු කිරීම, අලෙවිකරණය හා විකුණුම් කටයුතු, ව්‍යාපාර ආකෘතියක් තෝරාගැනීම, ඒකක ආර්ථිකය (unit economics), සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම ඇතුළු ඔබේ අංශයට සුවිශේෂීවූ පුහුණුවක් අන්තර්ජාතික පුහුණුකරුවන් වන Marius Ursache සහ Vlad Bodi ගෙන් ලබා ගන්නට පුළුවන්.

JKX කාර්යාල ඉඩකඩ. Credits: John Keells X – Open Innovation Challenge

ඔබේ කණ්ඩායමට කාර්යාල ඉඩකඩක් ලැබෙනවා. එය JKH ආයතනයන්ට සහ corporate සේවාවන්ට නුදුරින් ඇති කොළඹ ආශ්‍රිත සුඛෝපබෝගී ස්ථානයක්. එහිදී ඔබේ ව්‍යාපාරයට වැඩි පාරිභෝගික පිරිසක් සමඟ කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා. හරියටම බැලුවොත්, මෙය JKH විසින් ඔබට නිදහසේ, විනෝදයෙන් ඔබේ නිෂ්පාදනය ගැන පාරිභෝගික ප්‍රතිචාර හරහා ඉගෙනගන්නට අවස්ථාව සැලසීමක්. සතිපතා ඔබේ ප්‍රගතිය සමාලෝචනය කරන නිසා අඩුපාඩු හඳුනාගනිමින් වැඩසටහන සමඟ අනුගාමීව සිටින්නට හැකියාව ලැබෙනවා.

එසේම, ඔබේ ව්‍යාපාරයට ශීඝ්‍ර වර්ධනයක් ලබාගැනීමට හා එය කලමනාකරණයට අවශ්‍ය දැනුම ලැබිය හැකි අලෙවිකරණ වර්ධන පාඨමාලාවක් නෙදර්ලන්තයේ Growth Tribe ප්‍රවීණයන්ගෙන් ලබාගන්නට අවස්ථාව සපයනු ලබනවා. සාම්ප්‍රදායික අලෙවිකරණයෙහි වෙබ් අඩවියකට හෝ සේවාවකට පිවිසුම් (traffic) ලබා ගැනීමට සීමා වූවත්, අලෙවිකරණ වර්ධනය ඊට වඩා; දත්ත මත පදනමු වුණු නිරන්තර අත්හදා බැලීම් සහිත වැඩි සාර්ථකත්වයක් සහිත විෂයය ක්ෂේත්‍රයක්. පාරිභෝගික අත්දැකීම හොඳින් හඳුනාගැනීමට මේ දැනුම බොහොම වැදගත් වෙනවා. ඉන් පාරිභෝගිකයා ඔබේ නිෂ්පාදනය හෝ සේවාව ගැන දක්වන ප්‍රතිචාරය, නැවත ඔබ වෙතම එනවාද යන බව, මිල නියම කිරීමේ ක්‍රමවේද, නිෂ්පාදනය ගැන සමාජයේ නමක් හදාගැනීම ඇතුළු වාසි රැසක් සලසා ගන්නට අවශ්‍ය දැනුම ලැබෙනවා. ගිය අවුරුද්දේ Growth Tribe ප්‍රවීණයන් JKX පුහුණු වැඩසටහන ගැන කිව්වේ මෙහෙමයි:

හොඳම වාසිය දන්නවාද? අවසාන අදියරේදී JKH ආයෝජක මණ්ඩලය හමුවේ ඔබේ ව්‍යාපාරය සහ එහි දැක්ම පිළිබඳව ඉදිරිපත් කර, රුපියල් මිලියන 50ක් දක්වා ආයෝජනයන් ලබා ගන්නට පුළුවන්! මෙයට අනතුරුව ද John Keells සමාගම ඔබේ නව ව්‍යාපාරයේ දියුණුවට අතහිත දෙන්නට සැදී පැහැදී සිටිනවා.

JKX වැඩසටහන බලාපොරොත්තු වන කර්මාන්ත අංශ

JKX startup accelerator වැඩසටහන සීමාවන් රහිත නමුත් එය වඩාත් අවධානය යොමු කරන්නේ විවේක (leisure) හා චාරිකාමය (travel) ව්‍යාපාර, ප්‍රවාහන ක්ෂේත්‍රය, අවන්හල්, රක්ෂණ ආයතන, සුපිරි වෙළඳසැල්, දේපල විකුණුම්, බැංකු, වැවිලි අංශය සහ තොරතුරු තාක්ෂණය යි.

අවසන් දිනයන්

අයැදුම්කරුවන් අවසන් දිනට පෙර තම අයැදුම්පත් ඉදිරිපත් කළහොත් එහි ඇති අඩුපාඩු ගැන අදහස් ලබා ගෙන නැවත අයැදුම් කිරීමට කාලය ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඊටත් වඩා, මුල් අයැදුම්කරුවන් 60 දෙනෙක්ට JKX කණ්ඩායම, විනිශ්චයකරුවන් හා උපදේශකයන් ආදීන් සමඟ විශේෂ හමුවකට ආරධනා ලැබෙනවා. සියළු අයැදුම් කරුවන් සඳහා අවසන් දිනය පෙබරවාරි 6 වැනිදා යි.

මෙතෙක් JKX ආ මඟ

2017 වසරේ ජයග්‍රාහකයින්. Credits: Roar Media

වසර 2ක් පුරා සක්‍රීයව ක්‍රියා කළ JKX startup accelerator වැඩසටහන නව ව්‍යාපාර රැසකට මෙලොව එළිය දකින්නට අවස්ථාව සලසා දුන්නා. 2016 හා 2017 වර්ෂවල ජයග්‍රාහකයන් කිහිපයකගේ අදහස් මෙසේයි:

“John Keells X Accelerator වැඩසටහනට සහභාගී වෙන්න අපි බොහොම වාසනාවන්ත වුණා. අදහස් පමණක්ව තිබුණු අපේ ව්‍යාපාරය මාස 6ක් තුළ පාරිභෝගිකයන් රැසක් සහිත සත්‍ය ව්‍යාපාරයක් බවට පත්වුණා! අපිට ක්ෂේත්‍රයේ ප්‍රවීණ උපදේශකයන්ගේ අදහස් මෙන්ම මූල්‍යමය සහ ලේඛන කටයුතු වලට John Keells Holdings වෙතින් සහාය ලැබුණා. සියල්ලටම වඩා, Crescat Boulevardහි ලැබුණු කාර්යාල ඉඩකඩ සිත්ගත්තා. අපේ ව්‍යාපාරය ගොඩනගාගන්නට දුන් සහායට විශ්වනාත් ඇතුළු JKX කණ්ඩායමට ස්තුතිය පිරිනමනවා.” – නුසී මේයන්, HeliosP2P ආයතනයේ ආරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරී (CEO)

“වේගයෙන් වර්ධනය වෙන්න කැමති ලාංකේය ව්‍යාපාරයකට JKX හොඳ තෝතැන්නක්. මේ වැඩසටහනින් පාරිභෝගිකයන් සමඟ කටයුතු කරන ආකාරය ඇතුළු අපිට මුහුණ දෙන්නට සිදුවන බාධක බොහොමයකට පිළිතුරු ලබා දුන්නා. විශේෂයෙන් මුලින් පැවති රැස්වීම වැදගත් වුණා! John Keells නම, වෙළඳ නාමය සහ සුහද බව ඕනෑම නව ව්‍යාපාරයකට තමන්ගේ මුල් පියවර වෙළඳපොළ වෙත තබන්නට අවශ්‍ය සවිබලය ලබාදෙනවා. මම මෙය ඉහළින්ම නිර්දේශ කරනවා.” මිලර් ඇලෙක්සැන්ඩර්, SenzAgro හි නිර්මාතෘ සහ CEO

“John Keells Accelerator වැඩසටහන අපට ව්‍යාපාරය වර්ධනය කරගන්නට අවශය සහයෝගය ලබා දුන්නා. උපදේශනයන් කළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් අපිට ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්නට ලැබුණා. බොහොම කෙටි කාලයකින් අපේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්නට හැකිවුණා!” – නිදුෂ්ක විදිසිංහ – Founder/CEO, Greasemonkey සමාගමේ නිර්මාත්‍ය සහ CEO

මේ ගැන වැඩි විස්තර දැනගන්නට සහ අයැදුම් කරන්නට මේ වෙබ් අඩවියට පිවිසෙන්න: https://johnkeellsx.com/

Related Articles