Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Local Caching නිසා TRC එකේ අන්තර්ජාල සම්බන්ධතා වේග පරීක්ෂණයට අනිසි බලපෑමක්?

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, එහෙමත් නැතිනම් කවුරුත් දන්නා විදියට කිව්වොත් TRCSL එක අපේ රටේ දුරකථන සේවා සපයන අායතන පාරිභෝගිකයන් වෙත ලබා දෙන දත්තවල වේගය ගැන නිරතුරුවම අවධානයෙනුයි පසු වෙන්නේ. එ් සඳහා ඔවුන් නිතරම අපේ රටේ අන්තර්ජාල සේවාවල ගුණාත්මක බව, විශේෂයෙන්ම සැබෑ වේගය මැන බලන්න පරීක්ෂා සිදු කරනවා. විවිධ අායතන සඳහන් කරන වේගය වෙනුවට අැත්තටම අපිට ලැබෙන වේගය සොයා බැලීමයි මෙහි අරමුණ. එ් වගේම TRCSL එකෙන් මේ විදිහට කරන පරීක්ෂණ ගැන බොහෝ අායතන, විශේෂයෙන්ම එ්වායේ වේගය අතින් ඉහළටම එන අායතන නිතරම වගේ තමන්ගේ දැන්වීම්වලත් සඳහන් කරනවා.

කොහොම නමුත් පසුගිය මාසයේ TRCSL එක මේ විදිහට සිදු කරපු වේග පරීක්ෂණවලදී ලැබුණු ප්‍රතිඵලවල ලොකු වෙනස්කමක් දැකගන්න ලැබිලා තියෙනවා. අන්තර්ජාල වේගයන් පෙන්වන වගුවේ එකපාරටම විශාල වැඩි වීමක් පෙන්නුම් කරලා, හැබැයි එ් එක අායතනයක අන්තර්ජාල සම්බන්ධතාවයේ විතරයි. මොබිටෙල් අායතනයේ 4G LTE ජංගම දුරකථන ජාලයේ තමයි මේ විදිහට විශාල වැඩි වීමක් සිදු වෙලා තියෙන්නේ.

ලොකුම පුදුමය කියන්නේ මොබිටෙල් සම්බන්ධතාවයේ වේගය SLT අායතනයේ ස්ථාවර 4G ජාලයේ වගේම ADSL ජාලයේ වේගයටත් වඩා දෙගුණයක වේගයක් පෙන්නුම් කරපු එකයි. 50 Mbps ටත් වඩා ඉහළ අගයක් පෙන්නුම් කිරීමෙන් පෙනී යන්නේ අන්තර්ජාල සම්බන්ධතාව අැත්තටම ඉතාම වේගවත් බව. අැත්තටම මෙය SLT අායතනයේ ප්‍රකාශ තන්තු, එහෙමත් නැත්නම් fiber optics ජාලයේ වේගයෙන් බාගයක් විතර වෙනවා, නමුත් එය සැපයෙන්නේ රැහැන් රහිතවයි.

TRCSL එකේ අන්තර්ජාල වේග පරීක්ෂාවේදී අසාමාන්‍ය විචලනයක්.

මේ තරමේ වේගයක් සැබැවින්ම ලැබෙනවා නම් එය අැත්තටම හරිම සතුටුදායක කාරණාවක්. එ්ක එහෙම නම් අැත්තටම අපිට ස්ථාවර සම්බන්ධතා තියාගෙන ඉඳලත් වැඩක් නෑනේ. හැමෝටම පුළුවන් දැන්මම මොබිටෙල් 4G වලට මාරු වෙලා දවසම Netflix එකෙන ෆිල්ම් stream කර කර ඉන්න. හැබැයි එහෙම හිතලා පාටි දාන්න කලින් කලින් මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා.

ලෝකය පුරාම අන්තර්ජාල වේගය මිනුම්වලට අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම්වල වේගය සෑහෙන්න හොඳ මට්ටමක තිබුණත් කවදාවත් එය ඉහළම මට්ටමක තිබිලා නැහැ. Speedtest වෙබ් අඩවියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සම්බන්ධතාවල සාමාන්‍ය වේගය තියෙන්නේ 9 Mbps සීමාවේ. වේගය අතින් අපි ඉන්නේ හරියටම ඉන්දියාවට ඉහළ ස්ථානයේයි. මේ සටහනේ මුල්ම ස්ථානයේ තියෙන නෝර්වේවල වේගය 59 Mbps මට්ටමේ තියෙනවා.මොබිටෙල් 4G සම්බන්ධතාවය පරීක්ෂණයේදී පෙන්නුම් කරපු වේගය මෙයට බොහොම අාසන්නයි. ඉතින් මේකෙන් පෙනෙන්නේ TRCSL එකේ පරීක්ෂණයේදී පෙන්නුම් කරපු වේගය ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතාවල සැබෑවට අත්විඳින්න පුළුවන් නම් අන්තර්ජාතික පරීක්ෂණවල දැක්වෙනවාට වඩා ඉතා ඉහළ වේගයක් තියෙනවා කියන එකයි.

නමුත් මෙතැනදී අැත්තටම TRC එකේ පරීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵල නිවැරදියිද?

TRC එකේ දත්තවලට අනුව මේ අවුරුද්දේ අප්‍රේල් මාසය වෙද්දී මොබිටෙල් 4G LTE ජාලය පෙන්නුම් කළ උපරිම වේගය වුණේ 19.32 Mbps ක වේගයක්.

කොහොම වුණත් ජූලි මාසේදී මේ උපරිම වේගය 38.40 Mbps දක්වාත්, අගෝස්තු මාසයේදී එය 76.44 Mbps දක්වාත් ඉහළ ගිහින් තියෙනවා.

අපි මේ තොරතුරු ලබා ගත් අවස්ථාවේ TRC එකේ මැයි සහ ජූනි මාසවල කරපු පරීක්ෂණවලට අදාළ දත්ත තිබුණේ නැහැ. මැයි සහ ජූනි මාසවලදී මොබිටෙල් අායතනය මොනවා හරි දැවැන්ත වැඩිදියුණු කිරීම් කිහිපයක් කරමින් සිටියා හෝ හෝ වෙනත් හේතුවක් නිසා එහෙම වුණා වෙන්න පුළුවන්.

Packet Data පරීක්ෂා කිරීම

අැත්තෙන්ම වෙන්නෙ මොකක්ද කියලා දැන ගන්න හොඳම ක්‍රමය තමයි ජාලය හරහා සැබෑවටම දත්ත ගමන් කරන්නේ කොහොමද කියලා හොයලා බලන එක. Wireshark කියන මෘදුකාංගය පාවිච්චි කරලා (මේක Packet Analyzer එකක්. සිංහලෙන් කියනවා නම් “දත්ත පුංජ විශ්ලේෂකයක්”) බැලුවාම වැදගත් තොරතුරු බොහොමයක් දකින්න ලැබෙනවා. ඉන් එකක් තමයි මොබිටෙල් 4G සහ 3G ජාල වෙන වෙනම පරීක්ෂා කරලා බැලුවත් සර්වර් කාලයේ, එහෙමත් නැත්නම් server time එක වෙනස් නොවන බව. සාමාන්‍ය විදිහට නම් කාලයත් එක්ක server time එකේ වෙනසක් සිදු වෙන්න අවශ්‍යයි.

සර්වරයේ කාලය වෙනස් වෙන්නේ නැහැ.

වෙනත් අන්තර්ජාල සේවා සපයන්නෙක් (මේ සඳහා පාවිච්චි කළේ ඩයලොග් සම්බන්ධතාවක්) පාවිච්චි කරලා පරීක්ෂා කළාම සර්වර් කාලයේ වෙනසක් පෙන්නුම් කරනවා.

සර්වර් කාලයේ වෙනස් වීමක් දකින්න පුළුවන්.

මොබිටෙල් සම්බන්ධතාවයට අදාළ තොරතුරු ගැන ටිකක් උනන්දුවෙන් බැලුවාම දකින්න ලැබෙන දෙයක් තමයි “X-Cache HIT” කියන කොටස. මේ වගේ වචන ටිකක් කෝඩ් එකේ දකින්න ලැබීමේ සාමාන්‍ය අදහස වෙන්නේ අපි ඉල්ලුම් කරන දත්ත CDN එකක් හරහා (Content Delivery Network, සිංහලෙන් කිව්වොත් “අන්තර්ගතය බෙදා හැරීමේ ජාලයක්” හරහා අපට ලබා දෙනවා ක්යන එකයි. මේක අදාළ දත්ත සැබැවින්ම පවතින සර්වරයේ සිට දත්ත ලැබෙනවාට වඩා වෙනස් දෙයක්. CDN වලින් කෙරෙන්නේ එ්වායේ දත්ත එක්රැස් කරගෙන මෙරට තුළ host කරන (පළ කරන) එකයි.

මේ වචන එකතුවෙන් පෙනෙන්නේ CDN එකක් පාවිච්චි වෙන බවයි

ඩයලොග් සහ SLT සම්බන්ධතා පරීක්ෂා කරනකොට X-Cache HIT කියන කොටස දකින්න ලැබෙන්නේ නැහැ.

SLT සම්බන්ධතාව පරීක්ෂා කළාට X-Cache HIT කොටස දකින්නට නැහැ. ‍

ඩයලොග් සම්බන්ධතාවයේත් X-Cache HIT කොටස දකින්න ලැබෙන්නේ නැහැ.

සරල පැහැදිලි කිරීමක්

මේක මේ විදිහට සිද්ධ වෙන හැටි පැහැදිලි කරන එක ක්‍රමයක් තියෙනවා. CDN එකකින් කෙරෙන්නේ අදාළ දත්ත සැබෑවටම තියෙන සර්වර් එකෙන් එ්වා ලබාගෙන මෙරට තුළ තබා ගන්නා එකයි. එහෙම කළාම ශ්‍රී ලංකාවේ කෙනෙක් එ් දත්ත ලබා ගන්න උත්සාහ කළොත් මුල් සර්වරයට ගිහින් දත්ත ලබාගෙන එනවාට වඩා ඉහළ වේගයෙන් අදාළ දත්ත සපයන්න පුළුවන් කම ලැබෙනවා. සම්පුර්ණ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වේගය අදාළ අවස්ථාවේ සම්බන්ධතාවයේ වේගය පෙන්නුම් කරනවා. TRC එක අනෙක් ජාලවල වේගය පරීක්ෂා කරනකොට මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ අැමරිකාවේ තිබෙන සර්වරයකින්.

නමුත් TRC එකෙන් මොබිටෙල් 4G සම්බන්ධතාව පරීක්ෂා කරනකොට එ් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ ශ්‍රී ලංකාව තුළ තියෙන තාවකාලික සුරැකුමක ඉඳලායි. එ් නිසා අැත්තෙන්ම පරීක්ෂණයේදී පෙන්නුම් කරන වේගය ඉතා ඉහළ අගයක් ගන්නවා, මොකද ලෝකයේ එහා කෙළවරේ තියෙන අැමරිකාවේ සර්වරයකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න එකට වඩා බොහොම ඉක්මනින් ලංකාව තුළ සර්වරයක් හරහා ඉක්මනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නිසා. අනෙක් හැම සම්බන්ධතාවක්ම අැමරිකාවේ සර්වරයකට ගිහින් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න නිසා පැහැදිලිවම ලංකාවේ සර්වරයකින් ඩවුන්ලෝඩ් කරනවාට වඩා අඩු වේගයක් තමයි පෙන්නුම් කරන්නේ.

මේ නිසා මේ පාර TRC පරීක්ෂණයේදී එක සම්බන්ධතාවයක විතරක් දකින්න ලැබුණු සුවිශාල වේගයට සැබෑ හේතුව Local Caching, එහෙමත් නැතිනම් අදාළ දත්ත ලංකාවේ සර්වර්වල තබා ගැනීම වෙන්න පුළුවන්. හැබැයි මේ විදිහට වේගය ඉහළ යන්නේ CDN පාවිච්චි කරන වෙබ් අඩවි කිහිපයක් විතරක් මිසක් මුළු අන්තර්ජාලයේම නොවන බවත් මතක තබා ගන්න ඕනේ. හැම වෙබ් අඩවියකම සාමාන්‍ය වේගයේ ඉහළ යාමක් දකින්න නැති එක මේකට හොඳ සාක්ෂියක්.

Related Articles