Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩයලොග් අලුතින්ම හඳුන්වා දෙන MyDialog – දැන් හැම ඩයලොග් සේවාවක්ම එකම ඇප් එකකින්

ඔබගේ කනෙක්ෂන් එකට සම්බන්ධ හැම දෙයක්ම එක ඇප් එකක් හරහා පාලනය කරන්න පුළුවන් වේවි කියන හීනය ඔබටත් තියෙන්න ඇති. *, # එක්ක ඉලක්කම් පේළියක් ටයිප් කරලා හරි, පාරිභෝගික සේවා අංශයට කතා කරලා හරි කරගන්න සිද්ධ වුණු හැම දෙයක්ම මීට වඩා ලේසියෙන් කරගන්න තිබුණා නම් කියලා ඔබත් හිතලා තියෙනවාද? නිකමට හිතන්න ෆෝන් බිල, ඉන්ටර්නෙට් බිල, රිවෝඩ් පොයින්ට්ස්, මොබයිල් වොලට් (Mobile Wallet) සේවාව, TV චැනල් ටික, නිව්ස් ඇලර්ට් ඇතුළු සේවාවන් හැම එකක්ම කිසිම කරදරයක් නැතිව කළමනාකරණය ගන්න පුළුවන් නම්? සල්ලි යවන, ඇපොයින්ට්මන්ට් එකක් දා ගන්න වැඩ ටික සේරම ෆෝන් එක අතට අරගෙන ගෙදර ඇඳේ ඉඳගෙන වුණත් කර ගන්න තියෙනවා නම්.

දැන් ඔබේ හීනය හැබෑ වෙලා තියෙන්නේ. ඩයලොග් තමන්ගේ හැම සේවාවක්ම එකම තැනකින් කර ගන්න පුළුවන් විදිහේ MyDialog ඇප් එක පසුගිය දා හඳුන්වා දුන්නා.

ඩයලොග් වෙතින් පිරිනැමෙන සේවාවන් ප්‍රමාණය අති විශාල බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මොබයිල් කනෙක්ෂන් එකකින් එහාට ගිහින් ජංගම සහ ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සේවා, ඩයලොග් TV වගේම තාක්ෂණික උපාංග අලෙවි කිරීම දක්වාම විහිදී ගිය සේවාවන් විශාල ගණනක් තිබෙනවා. ඔබත් ඩයලොග් ආයතනයේ සේවාවන් කිහිපයක්ම පාවිච්චි කරන කෙනෙක් නම් ඒ හැම එකක්ම ගැන අවධානයෙන් ඉන්න දැනටමත් සෑහෙන්න අපහසු ඇති; ෆෝන් බිල, ගෙදර බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකේ බිල, ඩයලොග් TV බිල, EZ Cash සහ Star Points වගේ හැම දෙයක්ම ගැන අවධානය තියා ගන්න සැරින් සැරේට එක එක ඇප් පාවිච්චි කරන්න වෙන එක ප්‍රශ්නයක්. ඇප් වැඩි ගණනක් පාවිච්චි කරන්න ගියාම වැඩ වැඩි වෙනවා වගේම වෙලාවත් නිකරුණේ වැය වෙනවා.

කොහොම වුණත් අලුතෙන් හඳුන්වා දීපු MyDialog ඇප් එක නිසා ඩයලොග් එකට සම්බන්ධ හැම සේවාවක්ම එකම ඇප් එකක් හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. Google Play Store හරහා මේ ඇප් එක ලබාගෙන, තමන්ගේ ෆෝන් නම්බර් එක සහ නම ඇතුළු මූලික විස්තර ටික ලබා දුන්නාම ඔබ දැනට ලබාගෙන තියෙන ඩයලොග් සේවා හැම එකකම සම්පූර්ණ පාලනය එකම තැනකින් ඔබට හිමි වෙනවා. මේක නිකන් ඩයලොග් සේවාවල ප්‍රධාන පාලක මැදිරියක් වගේ ඇප් එකක් කිව්වත් වරදක් නැහැ.

පාරිභෝගිකයන් MyDialog ඇප් එක ගැන Google Play Store එකේ දක්වා ඇති අදහස්.

පාරිභෝගිකයන් MyDialog ඇප් එක ගැන Google Play Store එකේ දක්වා ඇති අදහස්.

ඇප් එක ඩවුන්ලෝඩ් කළාම දකින්න ලැබේවි ඔබට අවශ්‍ය හැම සේවාවක්ම එකම තැනක අපූරුවට ගොනු කරලා තියෙන විදිහ. මේක මෙනු ගොඩක් අස්සේ ගිහින් අවශ්‍ය දේ ඉටු කරගන්න වෙන, පුරුදු වෙන්න අමාරු ඇප් එකක් නෙවෙයි. ස්ක්‍රීන් එකේ උඩ කොටසේ තියෙන්නේ ඩයලොග් සේවාවන්ට අදාළ ගිණුම්වල විස්තර. ඔබේ දුරකථන අංකය වගේම දැනට ගිණුමේ පවතින ශේෂයත් දැක ගන්න ලැබෙනවා. ඊට යටින් ඔබේ නමට තියෙන අනෙකුත් ජංගම දුරකථන අංක, හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා, දැනට පවතින ශේෂය සහ ඩේටා ප්‍රමාණයත් ප්‍රතිශත ලෙස දකින්න ලැබෙනවා. ගිණුම් දෙකකට වඩා තියෙනවා නම් දකුණු පැත්තට swipe කළාම ඒ ගිණුම්වලට අදාළ තොරතුරු දැක ගන්න පුළුවන්. ඒ ඕනෑම ගිණුමකට ගිහින් බිල් විස්තර, ඒ කියන්නේ දැනට ශේෂය සහ අවසාන බිල් ගෙවීම් කළ දිනය වගේ කාරණා දැනගන්න හැකියාව තිබෙනවා.

ඊට අමතරව ඩයලොග් ViU මොබයිල් එන්ටර්ටේන්මන්ට් ඇප් එක තුළින් ඒ වෙලාවේ විකාශනය කෙරෙන නවතම රූපවාහිනී වැඩසටහන් එහෙමත් මේ ඇප් එක තුළින් දැක ගන්න පුළුවන්. ඒවා අතරින් තමන් කැමති වැඩසටහනක් තෝරා ගෙන ඒ වෙලාවේම නරඹන්නත් අවස්ථාව තිබෙනවා.

MyDialog ඇප් එක හරහා කරගන්න පුළුවන් දේවල් එතැනින් ඉවර වෙන්නේ නැහැ. eZ Cash ටැබ් එකට ගිහින් තමන්ගේ PIN එක යොදලා අර කලින් ඉලක්කම් පේළි ටයිප් කරලා කර ගත්තු හැම දෙයක්ම ඉතාම පහසුවෙන් කර ගන්න පුළුවන්. ඊට එහායින් ස්ටාර් පොයින්ට් ටැබ් එකේ ඊට අදාළ හැම තොරතුරක්ම දැක ගන්න ලැබෙනවා. මීට අමතරව Future Today සඟරාව කියවන්න, කැලැන්ඩර් ඇප් එකේ වෙලාවට බිල් ගෙවන්න රිමයින්ඩර් එකක් දා ගන්න එහෙමත් පුළුවන්. නිවුස්ෆීඩ් එකකට පිවිසෙන්න වගේම අපූරු වීඩියෝස් නරඹන්නත් පුළුවන්. Doc 990 සේවාව හරහා ප්‍රධානතම පෞද්ගලික රෝහල්වලදී වෛද්‍යවරුන් චැනල් කිරීමත් ඇප් එක තුළින්ම කර ගන්න අවස්ථාව තියෙනවා. ඇත්තටම මේ ඇප් එක හරහා ඔබට ලැබෙන පහසුවේ සීමාවක් නැහැ.

මේ සේරටම අමතරව MyDialog ඇප් එක හරහා ලබා ගන්න පුළුවන් D-App සුවිශේෂී දීමනා කිහිපයකුත් තියෙනවා. රෙස්ටෝරන්ට් සහ හෝටල්වලදී වගේම wow.lk හරහා ෂොපින් කරද්දීත් ලබා ගන්න පුළුවන් සුවිශේෂී වට්ටම් ගණනාවක් මීට ඇතුළත්. ඉතින් මේ දීර්ඝ සති අන්තයේ නිවාඩුවක් ගත කරන්න, ෂොපින් කරන්න එහෙම හිතාගෙන ඉන්නවා නම් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන අලුතින්ම ලැබෙන දීමනා එහෙම බලලා ලොකු වාසියක් ලබා ගන්න පුළුවන් වේවි.

ඉතින් ඩයලොග් සේවා හැම එකකම සම්පූර්ණ පාලනය ඔබ අතට ගන්න MyDialog තරම් පහසු ක්‍රමයක් නැති බව ඔබට වැටහෙනවා ඇති. ඩේටා ඇතුළු දේවල් පාවිච්චිය ගැන අවදියෙන් ඉන්න, විනෝද වෙන්න, මුදල් සේවා කළමනාකරණය කර ගන්න වගේම විශේෂ දීමනා ලබා ගන්නත් මේක ඉතාම පහසු ක්‍රමයක්. ඇප් එක පිහිටුවා ගන්න පහසුයි වගේම ඉතාම ඉක්මණින් ලෝඩ් වෙන නිසා කිසිම කරදරයක් නැහැ. පාවිච්චි කරන්න වුණත් හරිම පහසු විදිහට හදලා තියෙන්නේ. ඔබේ කනෙක්ෂන්වල පාලනය අතට ගන්න ගමන් ඇති තරම් විනෝද වෙන්නත් මීට වඩා හොඳ ක්‍රමයක් නැහැ.

Google Play Store හි දක්වා තිබුණු තවත් අදහස් කිහිපයක්.

MyDialog කියන්නේ අපේ රටේ ප්‍රධානතම සන්නිවේදන සැපයුම්කරු වන Dialog අපිට මුල්වරට ලබා දෙන තවත් අළුත් අත්දැකීමක්. පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් තම අවශ්‍යතා ඉටු කර ගන්න මේක අති විශාල ඉදිරි පියවරක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔබත් දැන්මම MyDialog ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ සුවිශේෂ පහසුව අත් විඳින්න.

Related Articles