Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

5G තාක්ෂණය ගුවන් යානා අනතුරේ හෙළයි ද?

අමෙරිකාවට පසුගිය දිනෙක  වඩාත් වැඩි දියුණු 5G තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට එරට සමාගම් කිහිපයක් කටයුතු කළා. මේ නව තාක්ෂණය නිසා ගුවන් අනතුරු සිදුවිය හැකි බවට එරට ගුවන් ගමන් ආයතන අනතුරු අඟවනවා. ඔවුන්ට අනුව FAA – Federal Aviation Administration එක මේ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තොත් ඔවුන් තම ගුවන් ගමන් නවතා දමන බවට ප්‍රකාශ කරනවා.

5G තාක්ෂණය හඳුන්වා දුන් කාලයේ සිට ම එහි අහිතකර තත්ත්ව පිළිබඳ ව බොහෝ දෙනෙක් කතා බහ කළා.  මෙය එවැනි තවත් එක අනතුරක පෙර නිමිත්තක් ද? මේ නව තාක්ෂණය  මිනිස් ජීවිත අහිමි කරන ගුවන් යානා අනතුරුවලට බලපායි ද?

අන්තර්ජාල යුගය

අද වෙද්දී මුළු ලෝකය ම නවත ම අන්තර්ජාල යුගයක තමයි පසුවෙන්නේ. 5G තාක්ෂණය කියන්නේ මේ පෙරළිකාර යුගයේ එක ප්‍රධාන මාතෘකාවක්. 2018 ඔක්තෝම්බර් මාසයේ බ්‍රෝඩ්බෑන්ඩ් සෙලියුලර් ජාලවල 5වැනි යුගයේ ආරම්භය නිල වශයෙන් සනිටුහන් වුණා. ශ්‍රී ලංකාවත් 5G තාක්ෂණය අත්හදා බැලීම් සිදු කළ රටවල් අතරට අද වෙද්දී එකතු වී අවසාන යි.

දැනටමත් ශ්‍රී ලංකාවේ සමහරක් අන්තර්ජාල සේවා සපයන්නන් 5G වෙත සහාය දක්වන්නත් ආරම්භ කර අවසන්. මෙම තාක්ෂණය 4Gවලටත් වඩා වැඩි අන්තර්ජාල වේගයක් සහ අඩු latency එකක් සහිත නිසා IoT උපාංගවලට එනම්, සුහුරු නිවාස හෙවත් Smart Homeවලට වැඩි පහසුවක් වෙනවා. ගෙදර දොරගුලු, විදුලි බුබුළු ආදිය අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කරන්නට 5G වඩාත් උචිත යි.

5G, ගුවන් යානා අනතුරේ හෙළයි ද?-dailymail.co.uk

අද වෙද්දී Emirates, British Airways, සහ Air India වැනි සමාගම් රැසක් අමෙරිකාව වෙත ගුවන් යානා යැවීම තාවකාලිකව අත්හිටුවන්නට කටයුතු කර තිබෙනවා. ඒ ලෝකයේ දැවැන්ත ම දුරකථන සබඳතා හා අන්තර්ජාල සේවා සැපයුම් කරුවන් දෙදෙනෙක් වන Verizon සහ  AT&T ආයතන අමෙරිකාවේ හඳුන්වා දුන් නව වඩාත් බලවත් 5G තාක්ෂණය නිසා යි. මේ නව 5G සංඛ්‍යාතයන් ගුවන් යානවල උපාංග හා ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන්නට සහ අනතුරු ඇති කරවන්නට හේතු වෙන්නට පුළුවන් බව ගුවන් සමාගම් පෙන්වා දෙනවා.

නව සංඛ්‍යාත පිළිබඳ ගැටලුව

මේ නව සංඛ්‍යාත පිළිබඳ ව සහ ගැටලුකාරි වාතාවරණය ගැන ගුවන් කාර්ය මණ්ඩලය වගේ ම මගීනුත් ඉන්නේ දැඩි කේන්තියකින්. මේ ගැන අදාළ ගුවන් සමාගම්  FAA වෙත ලිපි යවමින් සඳහන් කරන්නේ තමන් මගී ජීවිත අනතුරේ හෙළීමට අකමැති නිසා ගුවන් ගමන් නවතා දමන අතර ම මෙය වෙත  වහා ක්‍රියාමාර්ග නොගතහොත් එය අමෙරිකාවේ  ආර්ථිකය  වෙත දැඩි බලපෑම් එල්ල කරනු ඇති බව යි.

Verizon සහ AT&T සමාගම් දෙක ම තම 5G networks සඳහා භාවිත කරන්නේ C-band spectrum එකක්. ඒ ඔස්සේ අදාළ රේඩියෝ තරංග හරහා පුළුල් පරාසයක් ආවරණය කිරීම හා වැඩි වේගයක සබඳතා ලබාදීමට ඒ ආයතනවලට හැකි වෙනවා. ගැටලුව මතු වෙන්නේ  ගුවන් තොටුපළවල ආසන්නයේ ඇති මේ frequenciesවල 5G towers ගුවන් යානා ගොඩ බැස්සවීම් සඳහා අතිශය වැදගත් කාර්යභාරයක් සිදු කරන radio altimetersවලට බාධා පැමිණවීම යි. මේ නිසාවෙන් ගුවන් යානා ගොඩ බැස්සවීම්වල දී අනතුරු සිදු විය හැකි යි. 

ගැටලු පිළිබඳ ව අනතුරු ඇඟවීම

මේ ගැටලුව පිලිබඳ ලෝක අවධානය යොමුවීම මේ ආසන්න කාලයේ සිදුවුවත් ඊට පෙර 2020දී පමණ Radio Technical Committee for Aeronautics (RTCA) මේ සංඛ්‍යාත සහ ඉන් සිදුවිය හැකි ගැටලු පිළිබඳ ව අනතුරු ඇඟවීම සිදු කළා. ගුවන් නියාමකයන් පසුගිය නොවැම්බරයේ දී මේ ඉහළ සංඛ්‍යාත භාවිතයෙන් ගුවන් යානා ආරක්ෂිත උපකරණ අක්‍රිය වීමට සහ විශේෂයෙන් අඩු උන්නතාංශ ගුවන් ගමන්වලදී රේඩියෝ ඔල්ටිමීටර මත යැපෙන ආරක්ෂිත පද්ධති සහ අනෙකුත් උපකරණවල ගැටලු මතු කරලීමට ඇති හැකියාව ගැන අනතුරු ඇඟවීමක් සිදු කළා. විශේෂයෙන් ලෝකයේ ප්‍රකට ගුවන් සමාගමක් වන Emirates හි සභාපති Tim Clark, CNN ආයතනය වෙත මේ rollout එක අතිශයින් වගකීම් විරහිත ක්‍රියාවක් බව සඳහන් කර තිබුණා.

“This is one of the most delinquent, utterly irresponsible issues I’ve seen in my aviation career.”@Emirates President Tim Clark shares candid thoughts on 5G and aviation issues, cancellations, and more. #5G #aviation pic.twitter.com/hF9dlbvRVF

— Quest Means Business (@questCNN) January 19, 2022

අවම වශයෙන් ගුවන් තොටුපළවල් වලින් සැතපුම් දෙකක පමණ මේ නව 5G rollout එක සිදු නොකරන ලෙස ගුවන් සමාගම් ප්‍රධානීන්  ඉල්ලා සිටිනවා. නමුත් Air Line Pilots Association වැනි සමාගම්වලට නම් අවශ්‍ය මේ වෙත නිශ්චිත විසඳුමක් ලබා ගන්න තෙක් මේ rollout එක කල් දැමීමට යි. 

දුරකථන සමාගම්වල ප්‍රතිචාරය

AT&T සහ Verizon සමහර මේ ඉල්ලීම් සඳහා එකඟ වී ඇති අතර දැනට සමහර එක්සත් ජනපද ගුවන් තොටුපළවල අසල මේ නව සංඛ්‍යාතවල rollout එක සිදු කිරීම ප්‍රමාද කර තිබෙනවා. ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ජෝ බයිඩන් දුරකථන සමාගම්වලට ඔවුන්ගේ ප්‍රතිචාරයට ස්තුති කර තිබෙනවා. මෙම පියවර නිසා රටේ 5G කුළුණුවලින් 10% ක් පමණක් සක්‍රිය කිරීම ප්‍රමාද වී ඇති බවත් ඔහු සඳහන් කරන අතරම මීළඟ පියවර වන්නේ ස්ථිර විසඳුමකට පැමිණීම බවත් ඔහු පෙන්වා දෙනවා. FAA එක මේ වන විටත් ගුවන් යානා බොහොමයක මේ ගැටලුව ඇතිවිය හැකි දැයි පරික්ෂා කරමින් සිටින බව දැන ගන්නට ලැබෙනවා.

 Air Line Pilots Association සංගමයේ ප්‍රකාශය-Twitter.com 

 

AT&T සහ Verizon C-band සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 80ක් පමණ මුදලක් අදාළ බලපත්‍ර ලබාගැනීම සඳහා ආයතන වැය කර තිබෙනවා. සමාගම්වලට අනුව මේ නව සංඛ්‍යාත ගුවන් යානා වෙත බාධා එල්ල නොකරන බව සඳහන් කරනවා. ඇතිවී තිබෙන භීතිය නිසා ම පමණක් මේ rollout delay එක සිදු කරන අතර සමාගම් මේ ප්‍රමාද කිරීම් පිළිබඳ ව එතරම් සතුටකින් පසු නොවන බව නම් දැන ගන්නට ලැබෙනවා.

මේ හා සබැඳි තවත් ලිපිවලට පහතින් පිවිසෙන්න.

5G විකිරණ ශරීරයට අහිතකර ද?

චීනය 6G තාක්ෂණයට පර්යේෂණ අරඹයි!

කවරයේ ඡායාරූපය- 5G, ගුවන් යානා අනතුරේ හෙළයි ද? - Thenextweb.com 

මූලාශ්‍ර:

Thenextweb.com 

Apnews.com 

Dailymail.co.uk  

Related Articles