Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘මනුෂ්‍යත්වය’ උදෙසා ට්විටර් මිල දී ගත් එලෝන් මස්ක් 

ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන එලෝන් මස්ක් පසුගියදා සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් ‘ට්විටර්’ සමාජ මාධ්‍ය ජාලය ඩොලර් බිලියන 44කට මිලදී ගත් බව යි.

ට්විටර් මාධ්‍ය ජාලය හා එක්ව සිටින ප්‍රවර්ධකයන් හා ව්‍යාපාරික හවුල්කරුවන් වෙත ඔහු සහතිකයක් එමඟින් දී තිබුණේ තව දුරටත් ඔවුන්ගේ සන්නාම වැනි දේ සුරකිමින්, ඔවුන් සමඟ ඉදිරියට යන බව යි. විචාරකයන් පවසන අන්දමට නුදුරු අනාගතයේ දී ඔහු, මේ වන විට අවහිර කොට ඇති, හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් ගිනුම යථාවත් කරනු ඇති බව යි.

එලෝන් මස්ක්- Getty Images

අවිනිශ්චිත මාස කිහිපයක්

එලෝන් මස්ක්, අමෙරිකානු ඩොලර් බිලියන් 44 කට ට්විටර් සමාගම මිලදී ගැනීමට තමන් අදහස් කරන බවට පවසා සිටියේ මීට මාස කිහිපයකට පෙර යි. කෙසේ නමුත් ඉන් පසු සිදු වූ සිදුවීම ගණනාවක් නිසා එම ගනුදෙනුව සිදුවේ දැයි යන්න යම් අවිනිශ්චිත අඩියකට තල්ලු වී තිබුණා.

අවසාන වශයෙන් එලෝන් මස්ක් මාධ්‍ය වෙත පවසා තිබුණේ, තමන් ට්විටර් මිලදීගන්නේ නම් එය ඔක්තෝබර් 28 වැනි දා සිකුරාදා සවස 5 ට පෙර අනිවාර්යයෙන් ම සිදුකරන බව යි. කෙසේ නමුත් මේ පිළිබඳ විශාල අවිනිශ්චිතතාවක් ව්‍යාපාරික ලෝකයේ මෙන්ම මාධ්‍ය තුළ ද පැවති අතර, එලෝන් මස්ක් මේ නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඒවා සියල්ල අවසන් කරමිනු යි.

තමන් ට්විටර් මිල දී ගන්නේ එය සිදුකිරීම පහසු නිසා හෝ වැඩි වැඩියෙන් මුදල් ඉපයීමට නොව, එමඟින් මනුෂ්‍යයත්වයට උපකාර කිරීමට බව මස්ක් කියයි – Yui Mok/PA Images via Getty Images

සිය පණිවිඩයෙන් වැඩිදුරටත් අදහස් දක්වා තිබුණු මස්ක් තමන් ට්විටර් මිල දී ගන්නේ එය සිදුකිරීම පහසු නිසා හෝ වැඩි වැඩියෙන් මුදල් ඉපයීමට නොව, එමඟින් මනුෂ්‍යත්වයට උපකාර කිරීමට තමන්ට හැකිවන බවට විශ්වාස කරන නිසා බව යි.

සිය ට්විටර් පණිවිඩය නිකුත් කිරීමේ දී එලෝන් මස්ක් එය අතීත කාලයෙන් හෙවත්, තමන් ට්විටර් මිල දී ගත් පසු එය නිකුත් කරන ආකාරයෙන් භාෂාව භාවිත කර තිබුණ ද, ඇත්තෙන් ම ඒ වන විටත් ඔහු එය මිලදී ගෙන තිබුණේ නැහැ. ඒ වන විටත් ට්විටර් සමාගම පෙර හිමිකරුවන්ගේ නමින් නිව්යෝක් කොටස් වෙළඳපොළෙහි ගනුදෙනු කරමින් සිටි අතර, මෙහි හිමිකාරීත්වය පැවරීමේ අවසන් ගිවිසුම් අත්සන් කිරීම පසුගිය සිකුරාදා (28) දින සිදු කෙරුණා. 

ට්විටර් ලොව ව්‍යාපාරික ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වෙනවා- datareportal.com

එලෝන් මස්ක් මේ ට්විටර් පණිවිඩය නිකුත් කර තිබුණේ, සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි එම සමාගමෙහි මූලස්ථානයට අවසන් වරට පිය නැඟූ දිනට පසු දින යි. ඔහු එහි පිය නැඟූ දින ජල බේසමක් ද රැගෙන එහි ඇතුළු වනු රූගත කර, එය ට්විටර් වෙත නිකුත් කරන්නට ද කටයුතු කර ත්බුණේ ‘ලෙට් දැට් සින්ක් ඉන්’ යන සටහනත් සමඟ යි. මෙය ඔහු එය මිලදී ගන්නා බවට දැඩි ඉඟියක් බැව් විචාරකයන් පවසා තිබුණා.

ට්විටර් සහ එලෝන් මස්ක් ගේ අනාගතය

එලෝන් මස්ක් ට්විටර් මිලදී ගන්නා බැව් තහවුරු වීමෙන් අනතුරු ව එහි කොටස්වල වටිනාකම ඉහළ නැඟීමක් සනිටුහන් වුණා. එය තවදුරටත් ඉහළ නඟිනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනුමාන කරනවා.

ලොව පොහොසත් ම මිනිසා වුව ද, එලෝන් මස්ක් ගේ ආර්ථිකය ස්ථාවර ව පැවතීමට නම්, මෙම අලුතෙන් මිලදී ගත් ට්විටර් ජාලය දිගින් දිගට ම ලාභදායී මට්ටමක පැවතිය යුතු වෙනවා. ඒ ඔහු මෙය මිලදී ගන්නට ගත් ණය සඳහා වසරකට අමෙරිකානු ඩොලර් බිලියනය බැගින් ගෙවිය යුතු නිසා යි. එය ඔහු මෙම සමාජ ජාලයෙන් ලැබෙන ලාභයෙන් ගෙවීමට අදහස් කරගෙන සිටිනවා. එලෝන් මස්ක් සිය ට්විටර් පණිවිඩයෙහි තවත් අදහස් දක්වා තිබුණා. 

එලෝන් මස්ක් ට්විටර් ආයතනයට ජල බේසමක් ඔසවාගෙන ආ මොහොත- Twitter account of Elon Musk/AFP via Getty Images

“සමාජ මාධ්‍යය වැඩි වශයෙන් වර්ගවාදයට සහ, වෙනත් අන්දමේ බෙදුම්වලට ජනතාව ලක් කිරීමේ නැඹුරුතාවක් දක්වමින් තිබෙනවා. එය අවදානම් සහගත තත්ත්වයක්. ට්විටර් වැනි මාධ්‍ය ජාල ඕනෑම අයකුට, තවත් අයෙක් හට බලපෑමක් වන අන්දමේ ප්‍රකාශ නිකුත් කළ හැකි මාධ්‍යයක් නොවිය යුතු යි. ” ඔහු දක්වා තිබෙනවා  ” ට්විටර් ජාලය, ලෝකයේ නීති රාමුවට යටත් ව, ඕනෑම අයෙක් උණුසුම් ලෙස පිළිගැනීමට සැදී පැහැදී සිටිනවා. එහිදී ඔබ කැමති පරිදි, ඕනෑම අත්දැකීමක් ලැබීමේ නිදහස ඔබට ලැබෙනවා. වර්තමානය වන විට  ව්‍යාපාරික ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගැනෙන, ලොව වඩාත් ම පිළිගන්නා සමාජ මාධ්‍ය ජාල අතර ට්විටර් ඉදිරියෙන් ම සිටිනවා. එමඟින් ඔබේ සන්නාමය ශක්තිමත් වනු ඇති. අපි එක්ව ඉතා අසාමාන්‍ය සහ විශේෂිත යමක් තනමු. ස්තුතියි”

අවහිර කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගිණුම

තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, එලෝන් මස්ක් ගේ ට්විටර් පණිවිඩය අනුව ඔහු, නැවතත් හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ  ට්විටර් ගිණුම සක්‍රීය කිරීමට ඉඩක් ඇති බවට ව්‍යාපාරික ප්‍රජාව අතර කසුකුසුවක් ඇති වී තිබෙනවා. ට්විටර් හා ගනුදෙනු කරන සමහර ව්‍යාපාරික ආයතන මෙය අනතුරුදායක දෙයක් ලෙස අර්ථකථනය කර තිබෙනවා. සමාගම්වලට අයත් ගනුදෙනුකරුවන්, ට්‍රම්ප්ගේ ගිණුම යථාවත් කළහොත් තමන් ට්විටර් හි පළ කරන සියලු වෙළඳ දැන්වීම් නවත්වන බවට අනතුරු අඟවා තිබෙනවා. සමාජයේ යම් යම් කොටස්වලට අගතියක් වන පරිදි ප්‍රකාශ දැක්වීම හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ  ට්විටර් ගිණුම මේ වන විට අවහිර කොට තිබෙනවා. 

මේ වන විට අවහිර කොට ඇති, හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් ගිනුම යථාවත් කරයි ද? – Photo Illustration by Justin Sullivan/Getty Images

වෙළෙඳ දැන්වීම් මත ට්විටර් හි ලාභ ඉපැයීම සහ අනාගතය රඳා පැවතීම පිළිබඳ ව එලෝන් මස්ක් සිටින්නේ එතරම් සුබවාදී මතවාදයක නොවේ. පසුගිය අප්‍රේල් මස, ඔහු ට්විටර් සමාගම මිලදී ගන්නට අදහස් කළ වනම වාගේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් එය මිලදී ගතහොත් එය වෙළෙඳ දැන්වීම්වලින් සම්පූර්ණයෙන් ම තොර කරන බව යි. ට්විටර් සමාගම තමන්ගේ රඳාපැවැත්ම වෙළෙඳ දැන්වීම් මත ම රඳවා තබා ගතහොත්, විවිධ ව්‍යාපාරික ආයතනවලට එය තමන්ට ඕනෑ ඕනෑ පරිදි හසුරුවා ගැනීමට වැඩි අවස්ථාවක් ලබා දෙන බැව් ඔහු එහි දී වැඩි දුරටත් පවසා තිබුණා. කෙසේ නමුත් පසුව ඔහු එය මකා දමා තිබුණා.

එලෝන් මස්ක් ගේ ආගමනයත් සමඟ ට්විටර් හි අනාගතය කෙබඳු වේවිද යන්න පිළිබඳ ව මෙලොව බොහෝ දෙනා උනන්දුවෙන් බලා සිටිනවා.

කවරයේ ඡායාරූපය- Britta Pedersen-Pool/Getty Images
මූලාශ්‍ර:
BBC.com
Theguardian.com
Reuters.com

Related Articles