ලොක්ඩවුන් කාලේ Virtual ලෝකයක office එකක්!

ලෝකයේ තාක්ෂණික පෙරළි, ප්‍රවණතා, නව්‍යතා අලුත් වෙන්න වෙනස් වෙන්න ගත වෙන්නේ ඉතා ම කෙටි කාලයක්. මේ වසංගත තත්ත්වය එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප සියලු දෙනාට තාක්ෂණය සමග ගැටෙන්න ම සිදු වෙලා. යම් රැකියාවක් කරන එහෙම නැති නම් අධ්‍යාපන කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට මේ අභියෝගය වඩාත් තීව්‍ර ලෙස දැනෙනවා. Facebook සමාගම පසුගිය දිනක ඔවුන්ගේ නවත ම Virtual Reality Work space එක හඳුන්වා දෙනවාත් සමඟ ම ඒ වටා විශාල කතාබහක් ගොඩ නැගෙන්නට පටන් ගත්තා.

Covid 19 නිසා බොහොමයක් රාජකාරී ස්ථානවල පලදායිතාව විශාල වශයෙන් පහත බසින්නට පටන් ගෙන තිබෙනවා. එයට හේතුව ලෙස නිවසට වී කාර්යාලයේ වැඩ කිරීමේ දී අවශ්‍ය විදියට හිත යොමු කිරීමට බාධා ඇති වෙන්න පුළුවන් නිසයි. විශේෂයෙන් කාර්යාලයක ඇති වටපිටාව සහ ව්‍යාපාර ස්ථානයේ සේවා සගයන් සමඟ එක් ව වැඩ කිරීමට අපහසු වීම මෙහිදී ප්‍රධාන වෙනවා. 

මුල් කාලයේ zoom වැනි යෙදුම් හරහා මෙවැනි දේ අවම කර ගත්තත් ඉතා ඉක්මනින් නැවත මුල තත්ත්වයට ම බොහොමයක් සමාගම්වල වාතාවරණය නැවත හැරවුණා. Human interaction මදිකම මෙයට බලපෑවා. තාක්ෂණික බලවතුන් පෙරළිකාරී VR තාක්ෂණය, මෙවලම් සහ උපාංග මෙයට විසඳුමක් බවට පත් කර ගත හැකි ආකාරයන් පෙන්වා දුන්නා. ඒ විදිහට තමයි Virtual Reality Work space  බිහිවෙන්නේ. 

 Facebook සමාගමේ Virtual Reality Workspace එක-techadvisor.com 

 

Facebook සමාගමේ Horizon යන නමින් හඳුන්වා දෙන මේ VR Working Space එක තුළින් ඔබට ලෝකයේ ඕනෑම තැනට නිසා සම්බන්ධ වෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ VR headset එකක් හෝ එවැනි උපකරණයක් සහ අන්තර්ජාල සම්බන්ධතාව පමණයි. මෙහි ඇතුළත සැබෑ රාජකාරී ස්ථානයක සේ ම වටපිටාව ඔබට සකස් කරගන්නට ඔවුන් පහසුකම් සපයනවා. වෙන වෙන ම Meeting Rooms වැනි දේ පවා මේවායේ අන්තර්ගත වෙනවා. සාමාන්‍ය රාජකාරි ස්ථානයක සේ ම අවශ්‍ය නම් presentation කරන්න වගේ දේවල් වලට අමතරව ඔබේ ඉදිරිපිට virtuallly  මැවෙන 3D උපාංග සහ characters එක්ක අන්තර්ක්‍රියා දක්වන්නත් ඔබට පුළුවන්. 

Horizon කියන්නේ එවැනි එක සේවාවක් පමණයි. Spatial, Mozilla Hubs, AltspaceVR එවැනි සේවා සපයන සමාගම් කිහියක්. මේ අතරින් Spatial තරමක් විශේෂත්වයක් ගන්නවා. මෙවැනි  VR Working Space තුළ ඔබේ character එක ඔබට අවශ්‍ය පරිදි ගොඩ නගා ගන්න පුළුවන්. Spatial වෙත ඔබේ සැබෑ රූපයක් එක් කළ විට ඔබේ මුහුණට අතිශය සමාන වන ලෙස ඔබේ VR character එක ඔවුන් නිර්මාණය කරනවා. 

Spatial VR Working Space එක මෙහෙමයි 

ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත් ලෝකයේ අතිශය ප්‍රකට Fortune 500 සමාගම් රැසක් මේ ආකාරයට තම සමාගම්වල රැස්වීම් පවත්වනවා. ඒ සමාගම්වලට අනුව නම් සේවකයන්ගේ කාර්යක්ෂමතාව සහ පලදායිතාව ඉතා ම හොඳින් පවත්වාගෙන යන්න මේ තාක්ෂණික ක්‍රමවේද උපකාරී වෙනවා. විශේෂයෙන් ම සේවකයන්ට මේක නවත ම අත්දැකීමක් නිසා ඒ අත්දැකීම එක්ක ම වැඩ රාජකාරී බොහොමයක් සේවකයන් සිදු කරන බව තමයි ඔවුන් නම් කියන්නේ.  අද වෙද්දී මේ සමහර සමාගම් විශේෂ VR Headset නැතත් ඔබේ ජංගම දුරකථනය හෝ පරිගණකය හරහා තරමක් සීමා සහිත වුවත් මෙම අත්දැකීම ලබාගන්න පරිශීලකයක් වෙත අවස්ථාව ලබා දෙනවා. 

කොහොම වුනත් මේ VR Working Space සමාගම් ද මුල් කාලයේ Zoomවලට සිදු වුණා වගේම සාමාන්‍යකරණය වෙන්නට පටන් ගන්නවා එක්ක ම හැම දේම නැවත මුල් තත්ත්වයට වැටේවි කියලා බොහෝ දෙනෙක් මත පළ කරනවා.  සාමාන්‍ය Working Space එකකට වඩා දවසින් දවස අලුත් අත්දැකීම් එක් කරගන්න, අවශ්‍ය නම් සගයන් සමග විවිධ ක්‍රීඩාවල යෙදෙන්නත් හැකි වන නිසා අද හෙට නම් එහෙම වෙන එකක් නැහැ කියලයි අපි හිතන්නේ. ලෝකය ම තාක්ෂණය එක්ක මෙච්චර ඉදිරියට යද්දී ශ්‍රී ලංකාව වගේ රටවල්වලට මෙවැනි තාක්ෂණික ක්‍රමවේදයන් සුලබ ව භාවිතයට ගන්න කොයි තරම් නම් කාලයක් ගතවෙයි ද කියන එක විශාල ගැටලුවක්. 

Zoomවලට වෙච්චදේ VR Working Space එකටත් වෙයි ද?- medium.com

 

ඔබ චිත්‍රපට බලන කෙනෙක් නම් ‘Ready to play one’ චිත්‍රපටය අනිවාර්යෙන් ම නරඹන්න ඇති. VR Headsetවලින් ගොඩ නැගෙන අපේ අනාගතයක් ඒවගේ වෙන්න අනිවාර්යෙන් ම පුළුවන් බවත් අපි මතක තියාගන්න ඕනේ. මෙවැනි තාක්ෂණික විප්ලව සමඟ බොහෝ විට සැබෑ ලෝකයේ ප්‍රශ්න ඔබට අමතක වේවි. ඔබ එවැනි ලෝකවල සිරකරුවන් බවට පත් වෙන්නට පටන් ගනීවි කියලාත් විශ්වාස කරන පිරිසක් මේ ලෝකයේ ඉන්නවා.  මේ තාක්ෂණික දැවැන්තයන්ගේ ඒකායන අරමුණත් ඔබව එවැනි අතත්‍ය ලෝකවල හිර කරලා, සැබෑ ලෝකය අමතක කරවන එක බව තමයි ඔවුන් නම් කියන්නේ. 

ඕනෑම තාක්ෂණික මෙවලමක හොඳ නරක පැති දෙකක් තියෙනවා. එය ඔබ ඒ මෙවලම භාවිත කරන්නේ කුමක් සඳහාද කියන එක මත එය තීරණය වෙනවා. අද වෙද්දී අපට ආයේ කවදාක නම් නැවත සාමාන්‍ය ජීවිතයට ඇතුළත් වෙන්න එහෙම නැත්නම් ඒ තත්වයට අඩු ම ගානේ ළංවෙන්නවත් පුළුවන් වෙයි ද කියන එක විශ්වාස නැහැ. ඉතින් මෙවැනි ක්‍රමවේද ඔස්සේ අඩුම ගානේ සුළු පිරිසක් හෝ ප්‍රයෝජනයක් ගන්න එක විශාල ජයග්‍රහණයක්. ඔබත් එවැනි තාක්ෂණික භීතිකාවක ඉන්න කෙනෙක් නම් මේ තාක්ෂණික මෙවලම් ගැන වපර ඇහෙන් බලන්න එපා කියලත් අපි මතක් කරනවා. VR තාක්ෂණය ගැන  Roar සිංහල අඩවිය තුළ ලිපි ගණනාවක්  පෙර පළ වෙලා තියෙනවා. ඒවත් කියවන්න අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය: මාර්ක් සකර්බර්ග් Horizon හරහා අපේ අනාගත කාර්යාල ගැන බොහෝ දේ පවසයි - forbes.com  

මූලාශ්‍ර:

Wsj.com

Theverge.com 

Newsazi.com 

Bloomberg.com

Techilive.in 

J99news.com

Youtube.com

Related Articles