Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දීය දුම්රිය මඟේ මහාරාජාගේ සම්ප්‍රාප්තිය

බහුවිධ ජනවර්ග රැසකට සෙවණ ලබා දෙන නිවහන ඉන්දියාව යි. එහි දක්නට ලැබෙන බහුවිධත්වය භුක්ති විඳීමට දෙස් – විදෙස් ධනවත් පැළැන්තිය ‘ සුඛෝපභෝගී ඉන්දීය දුම්රිය සංචාරයක් ’ සිදු කිරීමට ප්‍රිය කරනවා. එලෙස සිදු කරන දුම්රිය සංචාරය සැප පහසුවත්, මහරාජාවරයෙකු සේ ගාම්භීර ව ගමන් කිරීමටත් ඉහත කී පැළැන්තිය’ මහරාජාස් එක්ස්ප්‍රස්’ දුම්රියට මහත් උද්යෝගයකින් ගොඩවනවා.

මහාරාජාගේ සම්ප්‍රාප්තිය

2010 වසරේ සිය මංගල ගමන ආරම්භ කළ “මහාරාජාස් එක්ස්ප්‍රස්”, එකල ඉන්දියාවේ ධාවනය වූ සුඛෝපබෝගී දුම්රිය මුහුණ පෑ අඩුපාඩුකම් සහ දෝෂ රැසක් මඟ හරිමින් එරට සංචාරක ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමට ඉන්දීය දුම්රිය සේවයට එක් වූවා.

මහාරාජාස් එක්ස්ප්‍රස් – සුඛෝපභෝගී ඉන්දීය දුම්රිය සංචාරය – cdn.dnaindia.com

ධනයෙන් සහ බලයෙන් පොහොසත් මහාරාජාවරුන් රැසක් අතීත ඉන්දියාවේ වාසය කළා. මොවුන් ගතකළ එම සශ්‍රීක දිවිපෙවෙත රිසිසේ නැවත අත්විදීමට ’’ මහාරාජාස් එක්ස්ප්‍රස් ‘’ දුම්රියට ගොඩවූවකුට යළි හැකියාව ලැබෙනවා.

ජනාධිපතිවරයකුට පවා ගමන් කළ හැකි මැදිරිය

අති විශිෂ්ට මඟී සේවයක් සැමවිට ලබා දෙන ‘’මහාරාජාස් එක්ස්ප්‍රස්’’, ‘රාජකීය’ තේමාටව අනුව නිර්මිත අති සුඛෝපභෝගී දුම්රිය මැදිරි බොහෝමයකින් සමන්විත යි.

මහාරාජාවරු ගතකළ එම සශ්‍රීක දිවිපෙවෙත රිසිසේ අත්විදීමට ’’ මහාරාජාස් එක්ස්ප්‍රස් ‘’ දුම්රියට ගොඩවූවෙකුට හැකියාව ලැබෙනවා. www.themaharajaexpress.org

මීට අමතරව මෙම දුම්රිය, ඩීලක්ස් මැදිරි පහකින් (Deluxe Cabin cars), ජූනියර් සූට් මැදිරි හයකින් (Junior Suite cars), සූට් මැදිරි දෙකකින් (Suite cars) සහ ජනාධිපතිවරයකුට පවා ගමන් කළ හැකි (Exclusive Presidential Suite car) ‘නවරත්න’ (Navratna) නම් සුවිශේෂ මැදිරියකින් ද සමන්විත වනවා.

ජනාධිපතිවරයෙකුට පවා ගමන් කළ හැකි (Exclusive Presidential Suite car) ‘නවරත්න’ (Navratna) මැදිරිය- finestluxurytrain.weebly.com

මහාරාජාගේ ගමන් මඟ

මුම්බායෙන් පටන් ගන්නා සිය සංචාරය දිල්ලියෙන් අවසන් කිරීමට “මහාරාජාස් එක්ස්ප්‍රස්” පුරුදු ව සිටිනවා. මෙම සුප්‍රසිද්ධ දුම්රිය ගමනට ඉන්දියාවේ මධ්‍යම සහ වයඹ දිග සංචාරක ස්ථාන ඇතුළත් ව නැතත්, සැලසුම් සහගත දුම්රිය මාර්ග හතරක පමණ ගමන් කිරීමට ‘මහාරාජාස්’ට හැකි ව තිබෙනවා.

ඉන්දීය ගමනාන්ත 12 කට වැඩි ප්‍රමාණයක් මෙම දුම්රිය මාර්ග හතරින් ආවරණය වනවා. ලෝක උරුම අඩවි, කලාත්මක සහ සංස්කෘතික ස්ථාන රාශියක් ආවරණයට මෙම දුම්රිය මාර්ග හතර සමත් වනවා.

ඉන්දියානු ස්ප්ලෙන්ඩර් ‘Indian Splendor’ දුම්රිය මාර්ගය දිල්ලි – අග්‍රා – රන්තම්බෝර් – ජායිපූර් – බිකානර් – ජෝද්පූර් – උදයිපූර් හරහා මුම්බායි දක්වා ධාවනය වනවා. www.maharajasexpress4u.com

මහාරාජා ගමන් ගන්නා සුවිශේෂී දුම්රිය මාර්ග හතර පිළිවෙළින්, හෙරිටේජ් ඔෆ් ඉන්දියා ’Heritage of India’, ඉන්දියානු පැනොරාමා ‘Indian Panorama’, ඉන්දියානු ස්ප්ලෙන්ඩර් ‘Indian Splendor’ සහ ඉන්දියානු ට්‍රෙෂර්ස් ‘Treasures of India’ යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනවා.

හෙරිටේජ් ඔෆ් ඉන්දියා ’Heritage of India’ දුම්රිය මාර්ගය ඔස්සේ මුම්බායි – උඩයිපුර් – ජෝද්පුර් – බිකනෙර් – ජායිපූර් – රන්තම්බෝර් සහ ෆතේපූර් සික්රි – අග්‍රා හරහා දිල්ලිය දක්වාත්,

අංගසම්පූර්ණ විවේකාගාරයක් වැනි පහසුකම් රැසකින් ’මහාරාජාස් එක්ස්ප්‍රස්’ සමන්විත වනවා – cdn.audleytravel.com

ඉන්දියානු පැනොරාමා ‘Indian Panorama’ දුම්රිය මාර්ගය ඔස්සේ දිල්ලි – ජායිපූර් – රන්තම්බෝර් සහ ෆතේපූර් සික්රි – අග්‍රා – ඕර්චා – ඛජුරාහෝ – වරනාසි හරහා දිල්ලිය දක්වාත්,

ඉන්දියානු ස්ප්ලෙන්ඩර් ‘Indian Splendor’ දුම්රිය මාර්ගය ඔස්සේ දිල්ලි – අග්‍රා – රන්තම්බෝර් – ජායිපූර් – බිකානර් – ජෝද්පූර් – උදයිපූර් හරහා මුම්බායි දක්වාත්,

අවසාන වශයෙන් ඉන්දියානු ට්‍රෙෂර්ස් ‘Treasures of India’ දුම්රිය මාර්ගය ඔස්සේ දිල්ලි – අග්‍රා – රන්තම්බෝර් – ජායිපූර් හරහා දිල්ලිය දක්වාත් ‘’මහාරාජාස් එක්ස්ප්‍රස්’’ දුම්රිය ධාවනය වනවා.

ඉන්දියන් සහ විවිධ ජනවර්ග වලට අයත් ආහාර බොහෝමයක් මහාරාජාස් එක්ස්ප්‍රස් අවන්හල් ද්විත්වයෙන් රස විඳිය හැකියි – www.outlookindia.com

නවීන පහසුකම් සහ විශේෂාංග

‘රං මහල්’ සහ ‘මයුර් මහල්’ යන අවන්හල් ද්විත්වය මහාරාජාස් එක්ස්ප්‍රස් දුම්රිය මඟීන්ට ආහාර පාන සපයනවා. රන් ආලේපිත හැඳි ගෑරුප්පු වලින් ආහාර අනුභවය මෙහි සිදු කළ යුතු අතර සාමාන්‍ය වැසියන්ට රාජකීය අත්දැකීමක් ලබා ගැනීමට මෙහිදී පුළුවන්. ඉන්දියානු සහ විවිධ ජනවර්ගවලට අයත් ආහාර බොහෝමයක් මෙම අවන්හල් ද්විත්වයෙන් රස විඳිය හැකි යි.

මහරාජාවරයෙකු සේ ගාම්භීරව ගමන් කිරීමට දෙස් – විදෙස් පැළැන්තිය’ මහරාජාස් එක්ස්ප්‍රස්’ දුම්රියට මහත් උද්යෝගයකින් ගොඩවනවා – i.pinimg.com

මීට අමතර ව අංගසම්පූර්ණ පුස්තකාලයක්, විවේකාගාරයක්, වයින්වලින් සප්පායම් විය හැකි ‘සෆාරි බාර්’, සෑම විට ම යා හැකි ‘රාජා ක්ලබ්’ මෙන් ම අන්තර්ජාල, දුරකථන ඇමතුම්, උණු ජලය, විදුලිය, හිස කෙස් වියළන යන්ත්‍ර, CCTV කැමරා, ගිනි අනතුරු ඇඟවීම් ස්ථාන, කුඩා සිනමාහලක්, RFID දොර අගුල් සහිත නිදන කාමර, නාන කාමර සහ නැරඹුම් මැදිරි වැනි නවීන පහසුකම් රැසකින්ද ’මහාරාජාස් එක්ස්ප්‍රස්’ සමන්විත වනවා.

වයින්වලින් සප්පායම් විය හැකි ‘සෆාරි බාර්’ – www.shikhar.com

ටිකට්ටුවක ගාස්තුව

මහාරාජාස් එක්ස්ප්‍රස් දුම්රියේ ගමන් ගාස්තුව, එම විශේෂිත මඟියා ගමන් ගන්නා දුම්රිය මැදිරි කාණ්ඩය සහ ගමන් විස්තරය අනුව වෙනස් වනවා. මෙහි අවම ගාස්තුව ඩොලර් 3490කින් ඇරඹෙනවා.

ගමන් ගන්නා සාමාජික ගණන මත එය ඩොලර් 23, 700 දක්වා ඉහළ යාම සිදු වනවා. මෙම දුම්රිය ගාස්තුවලට බදු ඇතුළත් වීමක් සිදු වන්නේ නැහැ.

මෙම දුම්රිය සූට් මැදිරි දෙකකින් (Suite cars) සමන්විත වනවා -pinimg.com

මනස්කාන්ත හිරු බැස යන සැන්දෑවන්, වැලි කඳුවල දර්ශනීයත්වය, පුරාණ මාලිගා සහ බළකොටුවලට උදෑසන හිරු පතිත වන ආකාරය, සුප්‍රසිද්ධ ගංගා නදීචාරිත්‍ර, සංස්කෘතික සංදර්ශන, පෞද්ගලික සාප්පු සවාරි, ප්‍රීතිමත් රූකඩ සංදර්ශන, අලි පෝලෝ තරඟ ඇතුළු තවත් බොහෝ ක්‍රියාකාරකම් රැසක් අත්විදීමට ද මහාරාජාස් එක්ස්ප්‍රස් හි ගමන් ගන්නා මඟීන්ට ඉඩකඩ සැලසෙනවා.

කවරයේ ඡායාරූපය - www.followmeaway.com
මූලාශ්‍ර :
www.travelogyindia.com
timesofindia.indiatimes.com

Related Articles