Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කදුවලින් වටවූ අයස්කාන්ත නිම්නය නේපාල පොකරා වෙත පිවිසීම

පොකරා යනු දක්ෂිණ නේපාලයට ආසන්න වූ මනරම් නිම්නයකි. එම නිම්නයෙන් එපිට පෙනෙන මානයේ මාචාපිචු සහ අන්නපූර්ණා කදු යායන් වේ. මෙහි දේශගුණය වසරේ දෙසැම්බර් ජනවාරි කාලයේදී අධීක ශීතලෙන් යුක්තය. ශීත කල ඇතැම් තැනෙක කදු පහල සීමාවේද හිම මිදෙන සුළුය. මීටර 5000ට වඩා උස කදු පන්තීන් සෑම කලකදීම සුදු පැහැති හිම සේලයෙන් සැරහී පවතී. බොහෝවිට ලාංකිකයින් නේපාලයේ ලුම්බිණියේ බුදුන් වහන්සේ ඉපැදුන තැන වැඳපුදාගන්නවා විනා හිම කදු නැරඹීම සහ නැගීම පිණිස නේපාලයට නොයති. එහෙත් ලොව පුරා කදුකර සිරිය රිසි සංචාරකයින්ගේ ප්‍රමුඛතම සන්ධිස්ථානයක් ලෙස පොකරා දැක්විය හැකිය. රචකයා ලංකාවෙන් ඉන්දියාවට ගොස් ගොරක්පූර් හංදියට දුම්රියෙකින් පැමිණ  ඉන් ඉනතුරුව බස් රියෙන් පොකරා වෙත ළගා වේ. තනිවම මග තොට සොයාගෙන ඔහුගේ චාරිකාවේ පොකරා වෙත ළගාවීම අපිට සැමට හොදින් රසවිදිය හැකි අත්දැකීමක් වේවි.

ගොරක්පූර් සොනෝලි

මා පොකරා බලා යන්නට සැරසුනේ ඉන්දීය නේපාල බෝඩරය හරහාය. ගොරක්පූර් වෙත දුම්රියෙන් පැමිණෙන විට හිමිදිරි පාන්දර වී තිබුනි. විදේශිකයින්ට ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් සහ තැරැව්කරුවන්ගෙන් ගොරක්පූර් හිදී  නොයෙකුත් ඇයැදීම් වලට ලක්වන්නට සිදු වේ. ගොරක්පූර් දුම්රිය ස්ථානය ඉන්දියාවේ දිගින් වැඩිම වේදිකා ඇති දුම්රිය ස්ථානයකි. එකක පෙට්ටි 24ක් බැගින් වූ දුම්රිය දෙකක් ගොරක්පූර්හි පලමුවැනි දුම්රිය වේදිකාවේ නතර කල හැකිය. එහෙත් ඇතැම්විට කිලෝමීටර දෙකකට ආසන්න දුරක් දුම්රිය වේදිකාවේ ගමන් කරන්නට සිදුවීම නම් එතරම්ම හොඳ අත්දැකිමක් නොවේ.

මාර්ගයට පිවිසෙන විටම ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් හමු වුනි..අවට සිටින තැරැව්කරුවන්ගෙන් සහ ත්‍රී රෝද රියදුරන්ගෙන් ආරක්ෂා වන ලෙස හිංදි බසින් උපදෙස් දුන් ඔවුන් මා කැදවාගෙන ගොරක්පූර් බස් නැවතුම කරා යන්නට විය.. අතරමගදී රසකැවිලි මිලදී ගැන්මට ඔවුන් නැවතුන අතර බස්රියක් ඈතසිට පැමිණියේ කොන්දොස්තර තැනගේ සොනෝලි..සොනෝලි යන කාහල නාදයද සමගය. එය මා සොයන බස් රිය බව දැනුම් දුන් ඒ සහෘදයින් දෙදෙනා මා හට ආචාර කරමින් මා බස්රියට නැංගෙමි.

ඉන්දීය ගොරක්පූර් ප්‍රධාන දුම්රිය නැවතුම සිට සොනෝලි පිවිසුම නම් නේපාල පිවිසුමට ඇත්තේ කිලෝමීටර 100කි එනම් එය සාමාන්‍යෙයන් පැය දෙකහමාරක තුනක බස් ගමනකි. එහෙත් ඒ ගමනද අපගේ ගාල්ල කොළඹ සාමාන්‍ය බස් රිය ගමන අතරමග තේ බොන්න නවත්වනවාක් වැනිව අතරමගදී තේ බොන්න නැවැත්වීය. එයින් උදෑසන ආහාරයට කඩල කරියක් වැනි සුළු ආහාරයක් ලබාගතිමි.

බසයට නගින පිරිසක්

සොනෝලි පිවිසුම

නේපාලයට පිවිසෙන මාර්ග අතුරින් ජනප්‍රියතම මාර්ගයක් වන්නේ සොනෝලි පිවිසුමය. බෞද්ධාගමේ අසහාය ශාස්තෘෘවරයානන් වූ ගෞතම බුදුන් උප්පත්තිය ලැබූ ස්ථානය සේ සැලකෙන ලුම්බිනියට ඉන්දියාවේ සිට පහසුවෙන්ම පිවිසිය හැකි පිවිසුමකි සොනෝලි පිවිසුම. ලුම්බිනිය යනු ලොව වටා බෞද්ධයින්ගේ ගෞරවාදරයට පත් සිද්ධස්ථානයකි.. ලංකාව සහ ඇතැම් රටවල බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගන්නා පිංවතුන් වන්දනා නඩ වශයෙන් නේපාලයට පිවිසෙන්නේ ලුම්බිනියට ආසන්නතම සොනෝලි පිවිසුමෙනි.

නේපාල පිවිසුම තෙක් ගිය බස් රිය ඉන්දියානු ආගමන විගමන කාර්යාලයද පසුකොට බෝඩරය ආසන්නයේම නවතා එතැනින් මදක් ඉදිරියට යන්නැයි බස් රිය කොන්දොස්තර තැන මගීන්ට උපදෙස් දුන්නේය. ඉන්දීය දේශසීමාව සහ නේපාල සීමාව සේ හඳුනාගත හැකි ලෙස අපගේ බෞද්ධ විහාරයකට ඇතුල්වන විට තිබෙන විශාල මකර තොරණ දෙකක් මෙන් තොරන් දෙකක් මාර්ගයේ දක්නට විය.කිසිම අමුතු හැගීමකින් තොරව බොහෝ ජනී ජනයා ඒ තොරන් දෙකම පසු කර යති. මාද ඒ අනුවමගොස් තොරන් දෙකම පසුකොට මීටර 100-200ක් දුර ගිය තැන නේපාල ආගමන විගමන කාර්යාලය හමුවිය..

එවිට මාගේ ගමන් බලපත්‍රය ඉන්දීය හෝ නේපාල ආගමන විගමන අංශ මගින් සහතික කොට නොතිබුනි. එහෙත් මා දැන් නේපාලයේය. ඒ අසලම සිටි ලාංකික වන්දනා නඩයක් විය..ඔවුන්ගේ සිංහල බස දින දෙක තුනක් හින්දි සහ වෙනත් බස අතර සිර වී සිටි මගේ කනට අස්වැසිල්ලක්ම විය. මා වන්දනා නඩයේ නායකයා සොයාගෙන ඔහුට මා ගේ පාස්පෝට් සිල් නොකල බව කියූ විට මට වඩා තුන් හතර ගුණයක් ඔහු බයවිය..තනියම පැමිණියා යැ‘යි කීවිට තවත් ඔහුගේ පුදුමය වැඩිවිය..අනෙක් දෙතුන් දෙනෙකුද සිටි එතැනදී ඔහු වහාම නැවත ගොස් පාස්පෝට් සීල් කරගෙන එන ලෙස මට උපදෙස් දුන්නේ මා මහත් වරදක් කරන ලද පුද්ගලයෙක් ලෙස සලකා බලාය.

පදුරු සහිත නේපාල වනයක්.

කිව් සැනින් හැරුනු මා නැවත ගොස් ඉන්දියානු ආගමන විගමන කාර්යාලයෙන්ද නේපාල කාර්යාලයෙන්ද නීත්‍යානුකූලවම පාස්පෝට් සහතික කරගෙන ආවෙමි..පෙර කී ලාංකික වන්දනා නඩයේ අයෙක් ආගමන විගමන කාර්යාල සේවකයින්ට සුලු මුදලක් ඉනදීය රුපියල් වලින් ගෙවන ලෙස කීවත් මා ඒ වංචා වැඩ  කිසිවක් නොකොට පාස්පෝට් එක සහතික කරගන්නා ලදී. ලාංකිකයින්ට නේපාලයේ මසකට නොමිලේම වීසා ලබාගත හැකිය.

පොකරා දක්වා ගමන

සොනොලි පිවිසුම අසලින් ලුම්බිනි දක්වා බස් රිය ගමන් ගන්නා මුත් පොකරා කත්මන්දු බස් ගමන් කරන්නේ සොනෝලි බයිරවා ප්‍රධාන බස් නැවතුමෙනි. ඒ බැව් මා කලින් අන්තර්ජාලයෙන් කියවා දැනගෙන සිටියෙමි. නේපාලයට පිවිසෙන විට දේශසීමාව ආසන්නයේදී මුදල් මාරුකරගැන්ම අපහසු බැව් කලින් දැනගෙන සිටි බැවින් මා ලග ලංකාවෙන් ලබාගත් නේපාල මුදල්ද දෙතුන් දාහක් මාරු සල්ලිද ඇතුලුව අත තිබුනි. එබැවින් කිසිදු කරදරයකින් තොරව සොනොලි සිට බයිරවා හෙවත් නේපාල පිවිසුමේ ප්‍රධාන නගරයේ ප්‍රධාන බස් නැවතුමට ගොස් පොකරා දක්වා බසයකට ගොඩ විය.

සොනොලි පිවිසුම සිට පොකරා දක්වා ගමන් මග දෙකකි. ඉන් එකක් දුර අඩු පාරකි. අඩු දුර මග කිලෝමීටර 200කට ආසන්න වන අතර ඒ කිලෝමීටර 200න් 180කට වඩා හමුවන්නේ තදබල බෑවුම් වංගු සහිත නිරන්තර බසය වැනෙන මාර්ගයකි. අනෙක් සුවහපසු දුර මග වර්ථමානයේ නම් අලුත්වැඩිය කරන හෙයින් ඇතැම් තැන් හි දැඩි දුහුවිල්ල සහිතය. එහෙත් එහි ගමන අනෙකේ තරම් අපහසුවක් නැත. එහෙත්එම මග වංගු සහිත මගට වඩා පැය දෙක තුනක වැඩි දුරකින් යුක්තය.

මාර්ග ඉදිකිරීම් නිසා දල බෑවුම් මගේ නැවතී තිබූ වාහන පෝලිම.

ගමන අතර බසය තරමක් පදුරු ඇති යටිරෝපනයක් සහිත වනයක් අසබඩ නැවැත්වීය. බස්රියෙන් බට කොන්දොස්තර තැන සහ රියදුරු තැන ඇතුලු පිරිසක් පදුරු ඇති සීමාවට ගොස් කිසිදු චකිතයකින් තොරව මුත්‍රා කරන්නට විය. මාද ඒ සමගම ඒ පිරිසට එකතු විය. මද වෙලාවකින ්පිරිමි පිරිස ආ පසු යෞවන වියේ සෞම්‍ය පෙනුමැති සිසුවියන් වැනි පිරිස ඇතුලුව බහුතර කාන්තා පිරිස‍ ඒ පදුරු අතරට ගොස් පහත්වන්නට විය. එවිට පිරිමි සියල්ලෝම පාහේ විනීත ලෙස අහක බලාගෙන සිටියෝය. දුර ගමන් අතර සෑමතැනදීම අවන්හල් විවේකස්ථාන නොමැති බැවින් එය නේපාලයේ ඉන්දියාවේ බස් රිය වල සාමාන්‍ය කරුණක් වන්නට ඇත.

මා පොකරා වෙත ලගාවන විට රාත්‍රී 11ට ආසන්න වූයේ අතරමග මාර්ග පුලුල්කිරීම් කටයුතු හේතුවෙන් පෑ ගනනාවක් ප්‍රමාද වීම හේතුවෙනි. එවිට පොකරා විල අද්දරට (Pokhara Lakeside) පිවිසීම ට කැබ් රියට වැඩිමුදලක් දෙන්නට වූ අතර සුඛෝපබෝගී නවාතැනක්ද තරමක වැඩිමිලට ලබාගන්නට සිදු වූයේ රාත්‍රී කාලය බැවින් තැන තැන ඇවිද බැලීමට අමතර කාලයක් නොවූ බැවිනි.

විල අද්දර මග

පොකරා

පොකරා යනු නේපාලයේ දර්ශනීයතම සංචාරක පුරවරයකි. කදු වලල්ලකින් වට වූ කමනීය නිම්නයක පොකරා පිහිටා තිබේ. සිනිදු සුදු සේල එලුවාක් වැනි අවට කදුවැටි නිල්වන් නිසල දියැති ෆෙවා විල සහ මදක් නගරයේ එපිට අන්තයට ගියොත් සුන්දර නදී තීරයක්ද පොකරා හිදී දැකබලාගත හැකිය.

නේපාලය යනු අඩුමිල සංචාරකයින්ගේ තෝතැන්නකි. ඒ අඩුමිල කාමර නවාතැන් සදහා පමණක් නොවේ. සාමාන්‍යෙයන් ලාංකික සංචාරකයෙකු ලෙස ලංකාවේම ඒ මට්ටමේ සංචාරක ස්ථානවල කෑම බීම, ප්‍රවාහන, ක්‍රියාකාරකම් ආදී බොහෝ දේ නේපාලයේ පොකරා හිදී ලංකාවටත් වඩා ලාභදායීය. සාමාන්‍ය මට්ටමේ නේපාල ආපන ශාලාවකින් නේපාල රුපියල් එකසිය පනහක දෙසීයක කෑම යනු  බුරිය උල්වෙන මට්ටමේ (ඉස්මුරුත්තාව හැදෙන ආකාරයේ) කෑමකි.

බෝට්ටු සහ ඈතින් පෙනෙන කදු වැටි..

පාගමන් සහ පොකරා

කඳු නැගීම සහ කදුකරයේ පා ගමනේ යෙදීම පොකරා හි ජනප්‍රියම සංචාරක ක්‍රියාකාරකමකි. දින ගනනාවක් පුරා රාත්‍රී නවාතැන් පොලවල නැවතී නේපාලයේ ග්‍රාමීය සුන්දරත්වය, වනාන්තරයෙ සිරිය, කදුකරයේ සිසිලස විදගනිමින් සංචාරකයෝ කදු තරණයන් සිදු කරති. ඒ කඳු තරනයෝ එවරස්ට් තරණය, අන්දීස් තරනය වැනි මහා අපහසු තරණයෝ නොවේ. ඒවා සාමාන්‍ය සංචාරකයින් වෙනුවෙන් පිළියෙල වූ දිනකට පැය 5-6ක ගමන්ය. දවස අවසන ටී හවුස් නම් තැනකට එකතු වී ලොව හතරවටින් පැමිනෙන සංචාරකයින් සමග අත්දැකිම් බෙදාගෙන කාඩ් සෙල්ලම් කරමින් හෝ පොත පතබලමින් කල් ගතකර නැවත ඊලග දිනයේ නිවාඩු පාඩුවේ තවත් එවැනි පැය 5-6ක ගමනකින් තවත් තැනකට ගොස් ඒ ගමන් සිරිය විදගන්නා තාලේ විවේක කර්තව්‍යයකි. සංචාරකයෝ නේපාලයේ දේශීය ආහාර , එහි සංස්කෘතික අංග , මෙන්ම සොබාව සෞන්දර්යයද මැනවින් විදගැනීම, කදු වැටි දැකබලාගැනීම ආදී දේට මෙම පාගමන් යොදා ගනිති.

කන බොන යන එන සියලු දේ ෆෝන් එකෙන් සේයාරුවට නගන චීන යුවතියක්

පොකරා හි අනෙකුත් වැඩ

කදු මුදුනත ක සිට පහල ඇති විල කොටස දක්වා කුරුල්ලකු මෙන් තටු වලින් පියඹා පැරාග්ලයිඩින් කිරීම එක් විනෝදාංශයකි. මා ගිය අප්‍රේල් සමය පැරාග්ලයිඩින් සදහා උචිත කාලයක් විය.

කදු අතරින් නිම්න හරහා ගලන නදී තීරයන්හි වෝටර් රාෆ්ටින්ද කදිම අත්දැකීමකි. ලංකාවේ කිතුල්ගල රාෆ්ටින් මෙන් නොව අධි ශීත ජලයේ පැය දෙක තුනක් ගල් වැටි මගින් ඇදෙන පොකරා හි මූලික රාෆ්ටින් ඉසව්ව වූ අපර් සෙටි (Upper Setti) හොද ත්‍රාසජනක අත්දැකීමකි.

බස් ගමනක යෙදෙන කුඩා දරුවෙක්..

නේපාලයේ ස්වදේශිකයින්ට පොකරා යනු ආගමික ස්ථාන දෙවොල් සහිත පුදබිමකි. ෆෙවා විල මත දෙවොලකුත් තවත් ස්ථාන රැසක දේවාල රැසකුත් පොකරා වල තිබේ. එයින් ස්වාභාවික ගුහා ආශ්‍රිත දෙවොල් විදෙස් සංචාරකයින්ගේද සිත් ඇදගෙන තිබේ.

වැඩිමනක් ක්‍රියාකාරකම් රහිතව විවේකයෙන් කල් ගත කිරීමටද පොකරා ගැලපෙන ස්ථානයකි. සෙල්සියස් 24-26 මට්ටමේ සෞම්‍ය උෂ්ණත්වය සහිත දේශගුණය. චමත්කාර පරිසරය, මිත්‍රශීලි ජනතාව, සහ පසුමිබ්යෙ තරමට පහසුකම් සපයාගැනීමේ හැකියාව නිසා පොකරා විවේක ස්ථානයක් වශයෙන්ද පතලව පවතී.  වර්ථමානයේ දී බහුතරයක් සංචාරකයෝ ගුවනින් කත්මන්දු කරාවිත් ඉන් පසු පොකරා බලා කුඩා ගුවන් යානයකින් හෝ බස්රියෙන් පැමිණෙති.

අපිට තරමක් ආගන්තුක වූ නේපාලයේ හිම කදු අතර පොකරා නම් වූ ලොව පතල සංචාරක ස්ථානය ගැන ඔබට මෙ හරහා යම් දැනුමක් ලැබෙන්නට ඇති. නේපාලයේ හිම ගිරි හිස කදු වැටි ළගින්ම බලාගන්නට හැකි වඩාත් පහසු කදු තරනයක් ගැන ඉදිරි විශේෂාංගයකින් අපි සලකා බලමු.

මේ පොකරා ගැන මාගේ පිංතුර රැසකි..ඒ අතරින් තොරාගත් 10ක් මෙ ්සමග අමුනා එවමි..පෝස්ටුවේ අලංකාරය සලකා බලා පිංතූර යොදාගනු ඇතැයි මා සිතමි..මා නම් කල පිංතූරම දමන්නටම උවමනා නැත..සුදුසු පරිදි පෝස්ටුවට උචිත පරිදි පිංතූර යොදාගනී යැ මා සිතමි

Related Articles