Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වන යුරෝපාහි ජලය තිබිය හැකිද?

පිටසක්වල ජීවය පිළිබඳව අවධානයෙන් සහ උනන්දුවෙන් ඉන්න අයට හොඳ පුවතක්  තිබෙනවා – පෘථිවියේ ගිනිකඳු වලින් ලෝදිය වගේ බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයෙක් වන යුරෝපා ග්‍රහයාගේ මතුපිට ඇති උස් විවර වලින් දිය එන බවට පළවූ මතය සත්‍ය බවක් තමයි දැන් හෙළිවෙලා තියෙන්නේ.

පසුගිය 2012 වර්ෂයේදී, NASA හි හබල් අභ්‍යවකාශ දුරේක්‍ෂය යුරෝපා ග්‍රහයාගේ දක්‍ෂිණ ධ්‍රැවයේ කිලෝ මීටර් 200ක් පමණ උස උණුදිය උල්පත් වලින් ජලවාශ්ප නිකුත් වන ඡායාරූප ගන්නට සමත් වුණා. රොබෝ යානාවකට එහි පිටත පෘෂ්ඨයේ තිබෙන කිලෝ මීටර්  ගණනාවක් ඝනකම් අයිස් හරහා විනිවිද දකිමින් යුරෝපාහි ඇති සුවිසල් සමුද්‍රයේ සුලමුල සොයාගන්නට හැකි වනු ඇතැයි අභ්‍යවකාශ විද්‍යාඥයන්ගේ සහ අභ්‍යවකාශය පිළිබඳ උද්යෝගයෙන් සිටින අය මත පළ කරනේ.

(space.com)

(space.com)

ඉතින් මේ 2012 දී ලබාගත් තොරතුරු සනාථ කරමින් යුරෝපා ග්‍රහයා මතුපිට ඇති එම විවර සොයා ගන්නට මෙතෙක් කල් ම විද්‍යාඥයන්ට හැකියාවක් ලැබුණේ නැහැ. එහෙත් අවසානයේ හබල් දුරේක්‍ෂය හරහා ම එම පර්යේෂණයන් නැවත සිදුකරන්නට ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර ඔවුන් එම පර්යේෂණ තොරතුරු පසුගිය සැප්තැම්බර් විසිහය දිනයේ ලොවට ම හඬගා කිව්වා.

බැල්ටිමෝරයේ අභ්‍යවකාශ දුරේක්‍ෂ විද්‍යායතනයේ විලියම් ස්පාර්ක්ස් විසින් මෙහෙයවනු ලැබූ මෙම මෙහෙයුම අවස්ථා 10කදී ජල විවර පිළිබඳ අධ්‍යයනය කරන්නට මාස පහළොවක් තුළ සමත් වුණා. ඔවුන්ට 2014 වර්ෂයේ ජනවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල තෙවරක් සාර්ථකව ඒවායේ සංසිද්ධීන් අත්විඳින්නට අවස්ථාව ලැබුණා.

“අපිට දකින්න ලැබුණු විධියට නම් ඒවා ඇත්ත වගෙයි” ස්පාර්ක් එදින ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසනවා. “අප ලබාගත් දත්ත වාර්තාවල අර්ථවත්භාවය ඉතා ම ඉහළ යි. මෙවන් ආකාරයේ වෙනත් ස්වාභාවික උදාහරණයක් පිළිබඳ සිතීමත් මටනම් අපහසුයි.”

එහෙත් ඔහු එය පූර්ණ වශයෙන් ම ඒවා සනාථ කර සිටීමෙන් වැළකී සිටියා. මොකද, මේ නවතම දත්ත ලබාගෙන ඇත්තේ හබල් දුරේක්‍ෂෙය් ඇසින් යුරෝපා චන්ද්‍රයා බ්‍රහස්පති ග්‍රහලොව ඉදිරියෙන් ගමන් කරමින් අතරතුරේදී නිසා බ්‍රහස්පතිගෙන් නිකුත් වන පාරජම්බුල කිරණ වලින් “ජල වාශ්ප” ක්‍රියාදාමයේ දර්ශන හා මනු කියැවීම් වලට බාධා කොට තිබෙනවා. එහෙත් හබල් දුරේක්‍ෂෙය් විශේෂ හැකියාවන් නිසා ඒවා ඉතා ම නිරවද්‍ය භාවයකින් යුතුව සැලකිය හැකි බවයි ස්පර්ක් කියා සිටියේ.‍ “එහෙත් අපි ඉතා පරීක්‍ෂාවෙන් ඉන්නවා.”

මෙහි දී සිදුව තිබෙන ගැටළුව වඩාත් විස්තර කළ ඔහු, මෙය ස්ථිරව සනාථ කරන්නට නොහැක්කේ මේ සංසිද්ධිය සිදුවන විවර පිළිබඳව, ඔවුන්ට දකින්නට ලැබුණු විපරීත දර්ශන අනුව සහ පාරජම්බුල කිරණ හරහා යුරෝපා පෙනෙන ආකාරය සම්බන්ධව දැනට පෘථිවිය සතුව තිබෙන දත්තවල මඳ භාවය නිසා බව පවසා සිටියා. හබල් දුරේක්‍ෂයේ දත්ත විශ්ලේෂණය කිරීම ඉතා ම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසයි ඔවුන්ට 2014 වර්ෂයේ ලබාගත් මේ නවතම දත්ත පිළිබඳ අර්ථකථනය කරන්නටත් තවත් අවුරුදු දෙකක්ම ගතවී තිබෙන්නේ.

(space.com)

(space.com)

2012 දී ලැබුණු තොරතුරු ද අනාවරණය කොට ඇත්තේත් 2013 වසරේ දෙසැම්බර් මාසයේ දී යි. සැන් ඇන්තෝනියෝහි නිරිතදිග පර්යේෂණායතනයේ ලෝරන්ස් රොත් විසින් නායකත්වය දැරූ එම පර්යේෂණය කණ්ඩායම් දෙකක් වශයෙන් වෙනස් ක්‍රමයකට දත්ත රැස් කිරීමෙහිලා දියත් කෙරුණු අතර ඒ දෙකෙන් ම රැස්වූ දත්ත බෙහෙවින් සමාන බවක් දැරුවා. ඒවාට අනුව තමයි යුරෝපාහි දක්‍ෂිණ ධ්‍රැවය මධ්‍යයේ ඇති කිලෝ මීටර් දෙසියයක් පමණ උස්වූ ඡිද්‍රවලින් ජල වාශ්ප නිකුත් වන බව ඔවුන් නිරීක්‍ෂණය කළ බව වාර්තා වූයේ.

මේ ඡිද්‍රයන් පවතින බවට සනාථ වෙමින් පැවතීම නාසා ආයතනය විසින් 2020දී දියත් කරන්නට අපේක්‍ෂා කරන ‘යුරෝපා මෙහෙයුම’ට ඉතා ම වැදගත් වෙනවා. බ්‍රහස්පතිගේ කවචයකට ඇතුළු වන්නට බලාපොරෙත්තු වන මෙහෙයුමේදී අවුරුදු හතක් පුරා යුරෝපා චන්ද්‍රයා අසලින් ගමන් ගන්නට අවස්ථාව සලසා ගනිමින් යුරෝපාහි සමුද්‍රයන් සහ එහි ජීවය ඇත්ද හෝ ජීවයක් පැවතීමට අවස්ථාවක් ඇත්ද යන්න සොයා බැලීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විවර ජීවයක් පැවතීමට යුරෝපා මත අවස්ථාවක් ඇති බවට අගනා ඉඟි පහළ කරනවා.

“මෙම දත්තයන් යුරෝපාහි සමුද්‍රයේ, හරියට ම කිව්වොත් කිලෝ මීටර් ගණනාවක්වූ අයිස් තට්ටු යටින් ඇති සාගරයේ හෝ දැනටමත් මතුපිටට පැමිණ ඇත්නම් කිලෝ මීටර් ගණන් හෑරීමකින් තොරව යුරෝපාහි ජලය ඇති බවට පවතින විශ්වාසයන් සනාථ කරගන්නට අවස්ථාව ලබා දෙනවා.” නාසාහි තාරකා භෞතික විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ පෝල් හර්ට්ස් පවසා සිටියා.

හබල් හරහා විවිධ අවස්ථාවන්හි දී ලබා ගන්නා ලද තොරතුරු අනුව ඔවුන් අවබෝධ කරගෙන ඇති තවත් දෙයක් නම්, මේ සංසිද්ධිය එක දිගට ම පවතින්නක් නොවන බව හා එය වරින් වර දකින්නට ලැබෙන්නක් බවයි. මේ නිසා ඒ සම්බන්ධ දත්ත ලබාගැනීමට ඇති පහසු බව සහ අවස්ථාව තවත් අඩුවී යනවා.

විද්‍යාඥයන්ට මෙසේ සිදුවන අවස්ථාවන් සහ ඊට හේතුව සොයා ගැනීමට හැකි වුවහොත් නාසාහි තවමත් නම් කොට නැති යුරෝපා මෙහෙයුමට මෙම විවරයක් හරහා ගමන් කිරීමටත් හේතුවක් සහ අවස්ථාවක් සලසා ගත හැකි වේවි.

ගැන ඔබේ අදහස් මොනවාද? අපිට කියන්නත් අමතක කරන්න එපා.

මුලාශ්‍රය: space.com

කවරයේ පින්තුරය:  peripluscd.wordpress.com

 

Related Articles