Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විදුලිය නිපදවා ඔබේ දුරකථනය ආරෝපණය කළහැකි ඇඳුමක්

රෙදි අඳින ප්‍රමාණය ටිකෙන් ටික අඩුවෙමින් යන විලාසිතා ප්‍රවණතාවක් තිබෙන අතරතුරේ චීනයේ සහ ඇමරිකාවේ විද්‍යාඥයන් පිරිසක් කරන ලද නවතම පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සූර්යය ශක්තියෙන් සහ චාලක ශක්තියෙන් විදුලිය නිපදවාගත හැකි රෙදි වර්ගයක් නිපදවා තිබෙනවා. ඉතින් ඔන්න දැන් නම් වැඩි වැඩියෙන් විදුලිය අවශ්‍ය නම්, වැඩි වැඩියෙන් ඇඳුම් අඳින්නත් වෙයි, නේද?

1

මේ නවතම “ස්මාර්ට්” රෙදි වර්ගය හඳුන්වාදෙමින් පර්යේෂකයන් සඳහන් කළේ අත් මේස් එකක් තරම් රෙදි කැබැල්ලකට වුවත් ඔබේ දුරකථනය හෝ ඔරලෝසුව ආරෝපණය කරගන්නට තරම් විදුලියක් අඩු සූර්යාලෝක තත්වයක් යටතේ සහ සුළු චලන හැසිරීම්වල එකතුවෙන් නිපදවාලිය හැකි බවයි.

මේ නව රෙදි වර්ගයට මෙසේ විදුලිය නිපදවීමේ හැකියාව ලැබී තිබෙන්නේ මිලෙන් අඩු සහ බරෙන් අඩු පොලිමර් කෙඳිවල ලෝහ සහ අර්ධ සන්නායක ද්‍රව්‍ය ආලේපනය කර ගැනීමෙනුයි. ඉන්පසු මේ කෙඳි වූල් සමඟ ඉහළ ඵලදායීතාවක් ඇති වෘත්තීය රෙදි විවීමේ යන්ත්‍ර හරහා අඟල් 0.01ක් වන තෙක් අඹරා ගන්නවා. ඉතින්  මෙසේ සාම්ප්‍රදායික රෙදි විවීමේ ක්‍රම යටතේ නිපදවීමේ ක්‍රියාවලියට යෙමු කිරීමට ඇති හැකියාව නිසා මේවා ඉදිරියේදී මහා පරිමාණයෙන් නිපදවීමට ඇති හැකියාව ඉහළ යනවා.

“එය ඉතා නම්‍යශීලී, වාතාශ්‍රය හුවමාරුවන සහ මානව ශරීර ලක්‍ෂණයන්ට අනුරූපීවන ජීවරසායන පියවරක්. එමඟින් මේ රෙදිකඩට අනිකුත් කෙඳි හෝ ඉලෙක්ට්‍රොනික උපාංග සමඟ සබැඳෙමින් ස්වෝත්පාදක විදුලි ජනකයක් බවට පත්වීමේ හැකියාව ලැබෙනවා.” MEHI නිර්මාතෘවරයෙක් සහ චීනයේ චොන්ග්කිං විශ්වවිද්‍යාලයේ රසායන ඉංජිනේරුපීඨයේ ක්සිං ෆාන් මහාචාර්යවරයා පවසනවා.

මීට වසර කිහිපයක සිට චලනය හරහා පමණක් විදුලිය නිපදවීමට හැකි පරිදි නිපදවා තිබුණු මේ සොයාගැනීමට සූර්යාලෝකයද එක් කිරීමේ පහසුකම ලැබී ඇත්තේ පොලිමර් කෙඳි හා කෙඳි ආකාරයේ ට්‍රයිබෝඉලෙක්ට්‍රික් නැනෝ උත්පාදක (TENG) හරහා යි.

ඒවා ට්‍රයිබොඉලෙක්ට්‍රික් ආචරණය හා ස්ථිති විද්‍යුත් ප්‍රේරණය හෙවත් එක් වර්ගයක් ද්‍රව්‍යයන් තවත් වර්ගයක ද්‍රව්‍යයන් හා ගැටුණු විට ඉලෙක්ට්‍රොනික වශයෙන් ආරෝපිත බවට පත්වීමට මුහුණ දෙනවා. මේ ද්‍රව්‍යයන් එකට ගෑවී ඇතිවිට ඉලෙක්ට්‍රෝන ඒවා අතර ගලායන අතර, ඒවා දුරස් කළ විට ඉලෙක්ට්‍රෝන ලබාගත් කොටස ඒ ආරෝපිත තත්වයෙහි ම පවතිනවා. ඉතින් මේ ද්‍රව්‍යයන් දෙක පරිපථයක් ලෙසින් එක් කිරීමෙන් සුළු ධාරාවක් මඟින් ඒවා නැවත ආරෝපණ සමාන කරගන්නා අතර මේ ක්‍රියාවලිය නැවත නැවත කිරීමෙන් බලය නිපදවා ගැනීම සඳහා ප්‍රත්‍යාවර්තන ධාරාවක් ගොඩනගාගත හැකි බව මහාචාර්ය ක්සිං ෆාන් තවදුරටත් පැවසුවා. මෙම කෙඳි ශරීරයේ හැඩයන්ට, පේශි පිහිටීම් අනුව එකලස් කිරීම මඟින් ඉතා සුළු චලනයකදී වුවත් උපරිම කාර්යක්‍ෂමතාවකින් විදුලිය නිපදවා ගත හැකි අතර රෙදි සඳහා උචිත කෙඳි වශයෙන් විශේෂයෙන් නිපැයූ ෆොටෝ ඇනෝඩ මඟින් සූර්යාලෝකයෙන් ශක්තිය අවශෝෂණය කරගනු ලබනවා.

වර්ග කිහිපයක්.

ක්‍රියාකරන ආකාරය.

ජෝර්ජියා තාක්ෂණික පාසලේ විද්‍යා හා ඉංජිනේරුපීඨයේ මහාචාර්ය ෂොං ලින් වං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මේ පර්යේෂණ කණ්ඩායම සිදුකරන ලද පර්යේෂණයන් අතරෙහිදී ඔවුන් වරක් කාර්යාල කඩදාසියක තරම් ප්‍රමාණයක ස්මාර්ට් රෙදි කඩක් කොඩියක් ලෙසින් කෝටුවකට සබඳා තිබෙනවා. වළාකුළු සහිත දිනකදී එය මෝටර් රථයක ජනේලයෙන් එලියට සිටින සේ සවිකොට සුළඟේ ලෙලදෙන්නට සලස්වා ඇති අතර ඉන් ඔවුන් නිර්ණය කරගත් තොරතුරු මෙසේයි: සූර්යාලෝකය හා චලනයන් යටතේ සෙන්ටිමීටර් 4×5 ප්‍රමාණයේ මෙවන් රෙදි කඩකින් මිලි ෆැරඩ් 2ක වෘත්තීය ධාරිත්‍රකයක් වෝලට් 2ක දක්වා මිනිත්තුවකදී ආරෝපණය කළ හැකි ය.

ඉන් අනාවරණයවූ තවත් කාරණයක් නම්, දැඩි සුළඟට ද ඔරොත්තු දිය හැකි මේ රෙදි ඉතා ඉහළ රළු භාවිතයකට වුවත් සූදානම් හා සවිමත් බවයි. ඉතින් සුළඟ මඟින් සිදුවෙන්නේත් චලනයක් නිසා, මේක වෙළඳපොළට හඳුන්වාදීමේදී ඕනනම් “සූර්ය ශක්තියෙන්, සුළඟින් හා ඔබේ චලනවලින් විදුලිය නිපදවා ගන්න!” කියලා කියන්නත් පුළුවන්. ඒ වගේ ම වාර 500ක නැමීමකට පසුවත් මෙය කිසිදු වෙනසකින් තොරව ක්‍රියා කිරීමට සමත්ව තිබෙනවා. කොහොම නමුත්, ආර්ද්‍රතාව සියයට 10 සිට සියයට 90 තෙක් ඉහළ නැංවීමේදී නම් ට්‍රයිබෝඉලෙක්ට්‍රික් නැනෝ උත්පාදකවල ක්‍රියාකාරිත්වය නම් සියයට 73.5ක් දක්වා අඩුව ගොස් තිබෙනවා.

ඉතින් පර්යේෂකයන් ඉදිරියේදී එහි භාවිත කාලය තවදුරටත් වැඩි වන සේ සවිබල ගන්වන්නත්, වැස්සෙන් හා ජලවාශ්ප වලින් එහි ඇති පරිපථයන්ට හානි නොවන පරිද්දෙන් නිපදවන්නත් බලාපොරොත්තු වන බව සඳහන් වෙනවා. ඊට පස්සෙ නම් මේ රෙදිවලින් හදපු ඇඳුම් බය නැතුව හෝදන්නත් පුළුවන් වේවි.

ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ කෝර්නල් විශ්වවිද්‍යාලයේ ෆයිබර් විද්‍යා සහකාර මහාචාර්ය ජුආන් හිනස්ට්‍රෝසා පවසන්නේ බල උත්පාදක ක්‍රමෝපායන් දෙකක් එක ම උපාංගයක තිබීම ඉතා සිත්ගන්නාසුළු බවයි. “එනිසා මම විශ්වාස කරනවා ඒවාට පුළුල් වෙළඳපොළක් සඳහා සැපයුමක් ලබාදිය හැකිවීමේ ඉඩකඩ ලැබී තියෙන බව.” මේ පර්යේෂක කණ්ඩායම විසින් නිපදවා තිබෙන අගනා නිර්මාණය පේෂ කර්මාන්තයේ නවමු මං පෙත් විවර කරනු ඇති බවත් කෙඳි මත පදනම්වූ ගුවන්යානා කොටස් නිර්මාණය කිරීමෙන් අභ්‍යවකාශ යානාවලටත් විදුලිය නිපදවා ගැනීමේ තවත් මාර්ගයක් ලැබෙන බවත් ඔහු පවසා සිටියා.

ඉතින් මේ විධියට ඇඳගෙන ඉන්න ඇඳුමෙන් ම විදුලිය නිපදවෙනවා නම් පවර් බෑන්ක් එක ගෙදර දාලා ආවා කියලා බය වෙන්න දෙයක් නෑ. අනෙක මේවා ආවාට පස්සෙ අව්වෙ යන්න බෑ කළු වෙනවා කියන අයත් කැමැත්තෙන් ම වැඩිපුර අව්වෙ ඉඳීවි ෆෝන් එක චාර්ජ් කරගන්න ඕන නිසා. ඒ විතරක් නෙවෙයි, ඉණේ දෝලන කාලාවර්තය වැඩිකරන තරමට චලනය මඟින් විදුලිය ජනනය වෙන ප්‍රමාණය තවත් වැඩි කරගන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. දැන් මේ නිපැයෙන විදුලිය ගබඩා කරගන්න තවත් බැටරියක් ඇඟේ එල්ලගන්නත් වේවි. මොකද කොච්චර දුරකථන කුඩා වුණත්, කොයිතරම් නම්‍යශීලී උපාංග ආවත් තවම බැටරියට නම් හොඳ විසඳුමක් තාක්‍ෂණික ලෝකයට ඇවිත් නැහැ.

මූලාශ්‍රය: Georgia Tech (news.gatech.edu)

කවරයේ පින්තුරය: i4u.com

Related Articles