Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බිඳ වැටීම් තුළ ජීවිතය ඔසවා තැබූ ජේ.කේ.රෝලින්ග්

පරාජයට පත්වීම් නිසාම මානසිකව බිඳ වැටුණු ඔබේ ජීවිතයත් අමිහිරි නවාතැනක් බවට පත්වෙමින් තිබෙනවද? කාන්තාවක් වීම අවතක්සේරුවට කරුණක්ද? නමුත් මීළග පියවර තැබීමෙන් ඔබ ජීවිතය ජය ගත් කාන්තාවක් බවට පත් වේවි.

“සෑම අවස්ථාවකම මම  දුටු අසාර්ථකම පුද්ගලයා මමයි”

-J.K Rowling-

ඇය ලොවක් හඳුනන හැරී පෝටර් කතා මාලාවේ නිර්මාතෘවරියයි. ඇය එක දිනකින්, එක් වසරකින්

ජීවීතය සාර්ථක කරගත් කාන්තාවක් නොවන අතර තම තරුණ ජීවිතයේ සිට කම්කටොලු ගණනාවකට මුහුණ දෙන්නට ඇයට සිදු විය. ජීවිතයේ බොහෝ අවස්ථාවන්හි දී පරාජයට පත් වුනු කාන්තාවක් වන ඇයගේ විශේෂත්වය වන්නේ අතීත පරාජය වීම්, බිඳවැටීම් තුළ ජීවත් නොවී ඉදිරියට ගමන් කළ අයෙකු වීමයි. අතීත සිදුවීම් තුළ ජීවත් වෙමින් පසුතැවෙමින් ජීවත් වූවා නම් ඇය කිසිම දිනක මෙතරම් ධනවත්, ලොවම හඳුනන ආදරය කරන තැනැත්තියක වන්නේ නැත.

(amp.thisisinsider.com) J.K Rowling හැරී පෝටර් ග්‍රන්ථ මාලාවේ හයවෙනි ග්‍රන්ථය අතැතිව.

ග්‍රන්ථකරණයේ ආරම්භය

හැරී පොටර් කතාමාලාව ඇයගේ එක් කෘතියක් පමණක් වන අතර එය මගින් ඇයව තම වෘත්තීය තුළ බිලියන පතිනියක වුනු පළවන කාන්තාව බවට පත් කිරීමට සමත් විය. නමුත් ජයග්‍රහණය කරා ඇය පැමිණි ගමන රතු පලසක් මතින් පැමිණි සුන්දර අත්දැකීමක් නම් නොවේ. ඇයගේ සිතට මෙම කතාමාලාව පැමිණි විගසම ඇය ලිවීම ආරම්භ කරනු ලැබුවත් හදිසියේම තම මවගේ වියෝව හේතුවෙන් ඇය  තම ග්‍රන්ථයේ කටයුතු නවත්වා දැමූ අතර, තම මවගේ වියෝව ඇයට දරාගත නොහැකිව විසාදියෙන් පෙළුණු අතර කලක් යනතුරු පසුතැවීමෙන් කල් ගෙවුවා ය. ඇයව වචනයකින් හෝ දිරි ගැන්වීමට කිසිදු කෙනෙක් සිටියේ නැත.

කම්කටොළු සමඟ ඇය පැමිණි ගමන

කාලයත් සමඟ ඇය ගුරු වෘත්තියට අවතීර්ණ වීමට පෘතුගාලයට යන්නේ තම සිත තුළ පවතින දුක් කම්කටොලු මඟහරවා ගෙන යථා තත්ත්වයට පත්වීම සඳහාය. එහිදී හැරී පොටර් කතාමාලාවේ පළමු ග්‍රන්ථයේ වැඩකටයුතු නැවතත් ආරම්භ කළ අතර, එහි අවුරුද්දක කාලයක් ඇය ඉංග්‍රීසි භාෂාව උගන්වමින් ගුරුවරියක් ලෙස සේවය කළාය. නැවතත් ඇය එංගලන්තය වෙත පැමිණෙන විට තම පළමු ග්‍රන්ථයේ අත් පිටපත ලියා අවසන් කරන ලදි. මීළගට ඇත්තේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමයි. නමුත් ඇය බලාපොරොත්තු වූ පරිදි ප්‍රකාශකයන් ඇයගේ අත් පිටපත භාර ගත්තේ නැත. සියළු දෙනාම ඇයගේ ග්‍රන්ථය ප්‍රතික්ෂේප කළ අතර, ඇය තම ග්‍රන්ථය පිළිබඳව පැවතී විශ්වාසය අඩු විය.

www.goalcast.com

ඉන්පසු ඇය විවාහපත් වූ අතර විවාහ දිවියත් කෙටි කලකින් අවසන් විය. ඇය නැවතත් බිළිඳියක් සමඟ ලොව තනි විය. විරැකියාවෙන් සහ විසාදියෙන් දිගින් දිගටම පෙළුනත් ඇය ආපන ශාලාවන්හි සේවයෙහි නිරත වන අතරම නැවතත් ඇයගේ ග්‍රන්ථ රචනය ආරම්භ විය. නැවතත් ඇය තම ජීවිතය හා බිළිඳියගේ ජීවිතය සාර්ථක කර ගැනීම සදහා ප්‍රකාශකයන් හමුවට ගියත් ප්‍රකාශයන් දොළොස් දෙනෙකු විසින් ඇයගේ නිර්මාණය සෘජුවම ප්‍රතික්ෂේප කරන ලද අතර,ඇයගේ ලියුම් පෙට්ටිය ප්‍රතික්ෂේප කිරීමේ ලිපිවලින් පිරි තිබුණි.

නොපසුබට උත්සාහය හරහා ජයග්‍රාහී මාවතට පිවිසීම

මෙම සිදුවීම්වලින් පසු ඇය Bloomsbury ප්‍රකාශයන් හමුවට ගොස් එහි සංස්කාරක ඉදිරියේ අසුන්ගෙන තම අත්පිටපත කියවීම ආරම්භ කළ අතර, එක පුංචි අමුත්තියක් ඇයගේ මෙම අපූර්වත්වයෙන් පිරුණු කතාන්දරය ආශාවෙන් අසා සිටියාය. මෙම පුංචි අමුත්තිය සංස්කාරකගේ අට හැවිරිදි පුංචි දියණියයි. මෙම කුඩා දැරිය අවසන් පිටුව දක්වා කතාව කියවන ලෙස ඉල්ලා සිටියේ මහත් ආශාවෙනි. ඔවුන් ඇයගේ ග්‍රන්ථය භාරගත් නමුත් සංස්කාරකගේ කුටියෙන් පිටවන ඇය තම සිත්හි තබා ගත්තේ වෙනත් රැකියාවක් සොයාගත යුතු බව සහ තවදුරටත් ළමා ග්‍රන්ථ රචනා කිරීම මගින් තම ජීවිකාව ගෙන යා නොහැකි බවය. නමුත් ඇයගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීමත් සමඟම සියල්ල වෙනස් විය.මෙතෙක් කල් ඇයගේ මෙම අපූරු මායා ප්‍රබන්ධය අසාර්ථක ග්‍රන්ථයක් ලෙස ප්‍රතික්ෂේප කළ සියලු දෙනා වැරදි බව ඔප්පු විය.

(quotlr.com) (පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට ඔහු හෝ ඇය සතු හැකියාවන්ට වඩා තෝරා ගැනීම් උපකාරී වන බවට ඇය කළ ප්‍රකාශයක්)

මෙම ග්‍රන්ථ මාලාව තුළින් ඇමරිකන් ඩොලර් මිලියන හාරසියයක් ද, අවසන් චිත්‍රපටය හරහා ඇය ඇමරිකන් ඩොලර් මිලියන හාරසිය හැත්තෑ හයක් ඉපයූ අතර මෙම කතාමාලාව භාෂා හැත්තෑ තුනකට පරිවර්තනය විය. එහි පිටපත් මිලියන ගණනක් අලෙවි විය. මෙම පිටපත් අලෙවිය හරහා ලද ඇයගේ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන විස්ස ඉක්මවයි.

(tayteh.blogspot.com) හැරී පොටර් ග්‍රන්ථ මාලාව

ඇයගේ චරිතය තුළින් නොපසුබට උත්සාහය නොඅඩුව දක්නට ලැබෙන අතර, බාධක සහ කම්කටොලු අමතක කර ඇය ඉදිරියට ගියේ නොමැති නම් ඇය අසාර්ථක කාන්තාවක් වේ.යම් පුද්ගයෙකු යම් දෙයක් කිරීමට සිහින දකිනවා නම්, එයට දැඩි ලෙස ඇලුම් කරයි නම්, දිගින් දිගටම පරාජයට පත් වුනත්, ප්‍රතික්ෂේප වුවත් ඒ ප්‍රතිෂේපවීම් සහ පරාජයට පත්වීම්වලට ඔබව පරාජය කිරීමට ඉඩ නොදෙන්න. ජීවිතයේ අමාරු සමයක් ඔබ ගත කරමින් සිටී නම් අසාර්ථක වීම් නොමැතිව ජීවත්වීම අපහසු අතර ඒ හේතුවෙන් කැපවීම අත් නොහරින්න. දිනයක ඔබ වාර්තා බිඳ දමමින් විශිෂ්ට පුද්ගලයෙකු වනු ඇත. ලෝකවාසී සියළුම කාන්තාවන්ට මෙම අගනා කාන්තා චරිතය ආදර්ශමත් වන අතර දෙමව්පියන්ගෙන් වෙන්වීම, විවාහය අසාර්ථක වීම, දරුවන් සමඟ ලොව තනිවීම මත ජිවිතයේ කාන්තා ඔබට පවතින බලාපොරොත්තු, අභිලාෂයන් අත්හැරීම කළ යුතු නැත. ශ්‍රී ලංකාව තුළත් ජිවිතයේ අවාසනාවන්ත සිදුවීම් හමුවේ ජීවිතය හැර යාමට, අතීතය පිළිබඳව පසු තැවෙමින් සිටින කාන්තාවන් බහුල ය. ඇයගේ සාර්ථකත්වයේ කතාව මගින් එවන් කාන්තාවන්ට ආදර්ශයක් සපයනු ලබයි.

කවරයේ පින්තූරය: beinspiredchannel.com

මූලාශ්‍ර

01.google.com

02.www.biography.com

03.www.thisisinsider.com

Related Articles