Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්‌පාඤ්ඤයේ පවත්වන ‘බිළින්දන් මතින් පැනීම’ හෙවත් ‘බේබි ජම්පින්ග්’ උත්සවය

ලෝකයේ විවිධ සංස්කෘතීන් හා ආගම් පදනම් කර ගනිමින්, විවිධ විශ්වාස ඔස්සේ පවත්වනු ලබන උත්සව බොහෝමයක් දක්නට ලැබෙනවා. ස්‌පාඤ්ඤය යනුවෙන් හඳුන්වනු ලබන්නේ, තරමක් වෙනස් එසේත් නැතිනම් අමුතු ආකාරයේ උත්සව පවත්වන්නා වූ රටකි. ඒ සඳහා එක් උදාහරණයක් ලෙස තක්කාලි උත්සවය එසේත් නැතිනම් ලා ටොමැටිනා හැඳින්විය හැකියි. දීර්ඝ කාලීන සංස්කෘතික ඉතිහාසයකට හිමිකම් කියන ස්‌පාඤ්ඤයේ පැවැත්වෙන තවත් අද්විතීය  උත්සවයක් ලෙස බිළින්දන් මතින් පැනීම එසේත් නැතිනම් බේබි ජම්පින්ග් හැඳින්විය හැකියි. ඒ අනුව මෙම ලිපිය මඟින් කතා කරනුයේ ස්‌පාඤ්ඤයේ  දී දක්නට ලැබෙන මෙම අපූරු උත්සවය සම්බන්ධයෙනි.

උත්සවය හා බැඳී ඉතිහාසය

මෙම උත්සවයේ ආරම්භය විමසීමේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් හා එකඟතාවයක් සඳහන් නොවන නමුත් ඇතැම් මූලාශ්‍ර​වල දැක්වෙන්නේ, මෙහි ආරම්භය 17 වන සියවස දක්වා දිව යන බවයි. එමෙන්ම දේශීය ඉතිහාසඥයින් ප්‍රකාශ කරනු ලබන්නේ, 1600 ගණන්වල සිට සෑම වසරක මෙම උත්සවය පවත්වා තිබෙන බවයි.

උත්සවයේ ස්වභාවය

slate.com

බිළිඳන්ට ඉහළින් පැනීම හෙවත් බේබි ජම්පින්ග් උත්සවය එල් කොලචෝ El Colacho යනුවෙන් හඳුන්වනු ලබනවා. අලුත උපන් බිලිඳුන් විදී මත තබා සාම්ප්‍රදායික යක්ෂයින් මෙන් සැරසුණු මිනිසුන් බිලිඳුන් උඩින් පැනීම සිදු කරනවා. ස්‌පාඤ්ඤයේ  කැස්ට්‍රිල්ලෝ ඩි මර්සියා ග්‍රාමයේ ගම්වාසීන් විසින් බිළිඳන්ට ඉහළින් පැනීමේ උත්සවය  පවත්වනු ලබනවා. මෙය පැවැත්වෙන්නේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයට (Corpus Christi) සමගාමීවයි.

උත්සවය හා බැඳි විශ්වාස

slate.com(බිළිඳුන් තබා තිබෙන අයුරු)

මෙම උත්සවය ලොව තිබෙන ඉතාමත් භයානක අංගයක් ලෙස ඇතැම් කණ්ඩායම් විසින් නම් කරනු ලබනවා. එමෙන්ම මෙම ගම් වාසීන්ගේ පැරණි විශ්වාස හා කතෝලික ධර්මය බද්ධ වූ උත්සවයක් ලෙස මෙය හැඳින්විය හැකි වනවා. නපුර මතින් යහපත ජය ගැනීම මෙම උත්සවය මඟින් සංකේතවත් කරනු ලබනවා.

රතු හා කහ පැහැයෙන් සැරසුණු යක්ෂයින් නියෝජනය කරමින් මිනිසුන් වීදි පුරා ඇවිදිනු ලබනවා. මොවුන් ගම්වාසීන්ට නින්දා අපහාස කරනු ලබන අතරම, කුඩා කසයකින් පහර දීමක් ද සිදු කරනු ලබනවා. අනතුරුව බෙර හඬක් සමඟ යක්ෂයින් පළවාහරින පුද්ගලයින් පැමිණෙන අතර, එම අවස්ථාවේ දී යක්ෂයින් වීථිවල​ මෙට්ට මත තබා තිබෙන බිලිඳුන් මතින් පැන යාම සිදු කරනු ලබනවා.

මේ ආකාරයට යක්ෂයින් පලා යන විට පව් හා අසුබ ශක්තීන් රැගෙන පළා යන බවට මෙම උත්සවය හා බැඳී සිටින ගම්වාසීන්ගේ විශ්වාසය වනවා. අලුත උපන් බිලිඳුන් හා බැඳි මෙම චාරිත්‍රයේ දී අවුරුද්දකට වඩා වයසින් අඩු බිලිඳුන් මතින් යක්ෂයින් පැන යන විට ඔවුන්ගේ පවු යක්ෂයින් විසින් රැගෙන යාමක් සිදු කරන හෙයින් දරුවන්ට ලෙඩ රෝග හා අයහපතින් ආරක්ෂා වී සිටීමට හැකි බවට ද විශ්වාස කරනු ලබනවා. අවසානයේ දී චාරිත්‍රයට සහභාගී වූ මෙම කුඩා දරුවන් රෝස මල් පෙති වලින් සරසා අනතුරුව දෙමාපියන් වෙත භාර දීම සිදු කරනු ලබනවා.

උත්සවය පවත්වන අයුරු

nationalgeographic.com(රෝස මල් පෙති වලින් සැරසීම)

බිලිඳුන්ට ඉහළින් පැනීමේ උත්සවයේ මූලිකම චරිතය වන්නේ, පව් නැති කරන්නායි. මොහු පිනුම් කරු ලෙස ද හඳුන්වනු ලබන අතර, කහ පැහැති ඇඳුමකින් මොහු සැරසෙනු ලබනවා. මොහු යෂ්ටියක්ද අතැතිව පැමිණෙන අතර, මෙම චාරිත්‍රය සඳහා එම වසරේ දී උපන් දරුවන් පමණක් සුදුසුකම් ලබනු ලබනවා.  ඇතැම් අවස්ථා වලදී මෙම උත්සවයට සහභාගී වන බිළින්දන් සති කිහිපයක් හෝ දින කිහිපයක් වයසැති අය වනවා. මිට ඉහතදී සඳහන් කලාක් මෙන්, මහපාර මැද මෙට්ට මත එක පෙළට බිලිඳුන් තැබීම සිදු කරනු ලබනවා. යක්ෂයා සංකේතවත් කිරීම උදෙසා බිලිඳුන් මතින් පනින පුද්ගලයාගේ මුහුණ යකඩ වැස්මක් මඟින් ආවරණය කොට තිබෙනවා. මොහු ‘කොලාචෝ’ (Colacho) යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙම ග්‍රාමයේ වැසියන් මෙම චාරිත්‍රය සඳහා ඉතාමත් කැමැත්තෙන් දරුවන් තැබීමක් සිදු කරනු ලබනවා. මෙම චාරිත්‍රය පවත්වන දිනය ස්‌පාඤ්ඤයේ සැණකෙළි වලින් පිරුණු දිනයක් වන නමුත් බිලිඳන්ට ඉහළින් පැනීමේ උත්සවය දක්නට ලැබෙන්නේ මෙම ගම්මානයේ පමණි. එමෙන්ම මේ ආකාරයේ චාරිත්‍රයක් වෙනත් කිසිම රටකින් වාර්තා වීමක් සිදු නොවීමත් විශේෂත්වයකි.

දක්නට ලැබෙන වෙනත් චරිත

decktheholidays.blogspot.com (මිනිසුන් පසුපස එළවීම)

කළු පැහැය ඇඳගත් පුද්ගලයා “එල් ඇටබලෙරෝ”(El Atabalero) ලෙස හඳුන්වනු ලබන අතරම, මෙම පුද්ගලයා බෙරයක් ගසමින් නගරයේ විදී සංචාරය කරනු ලබනවා. උත්සවය පැවැත්වීමට පෙර බදාදා දිනයේ මෙම පුද්ගලියින් දෙදෙනා කස පහර දෙමින් නගරයේ පුද්ගලයින් ලුහු බැඳීම සංකේතවත් කරනු ලබනවා. මෙමඟින් ගැලවීම උදෙසා මොවුන් උත්සවය පැවැත්වෙන මෙම නගරයේ දිවීම සිදු කරනු ලබනවා. ඉතාමත් කළබලකාරී දිනයක් ලෙස මෙදින හැඳින්විය හැකියි. අනතුරුව එළඹෙන ඉරිදා දිනයේ බිලිඳුන්ට ඉහළින් පැනීමේ චාරිත්‍රය පැවැත්වෙනවා.

වත්මන් තත්ත්වය

සාම්ප්‍රදායිකව මෙම ගම්මානයේ වෙසෙන පුද්ගලයන්ගේ බිලිඳුන් මෙම චාරිත්‍රයට සහභාගී වන අතර, මෑත කාලයේ මේ සඳහා සහභාගී වීමට ලොව පුරා සිටින සංචාරකයින් සහභාගී වනවා. එමෙන්ම මෙම උත්සවය තරමක් භයානක ලෙස සඳහන් වුවත්, මේ වන තෙක් දරුවන්ට කිසිඳු අනතුරක් සිදු වූ බවට වාර්තා වීමක් සිදුව නොමැත.

කවරයේ පින්තූරය: nationalgeographic.com

Related Articles