Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහ බැංකුව විසින් නිකුත් කළ සමරු කාසිවල ඉතිහාසය

1950 වසරේ අගෝස්තු 28 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ වුණේ කොළඹ ක්‍රමයේ අතුරු ඵලයක් ලෙස යි. එලෙස ආරම්භ වුණු මහ බැංකුව පසුගිය දශක 7ක කාලය තුළ සමරු කාසි රැසක් නිකුත් කරනු ලැබුවා. විවිධ අවස්ථා සැමරීම සඳහා නිකුත් කළ එම සමරු කාසි අතුරින් මුල්ම සමරු කාසිය නිකුත් කළේ 1957 වසරේ දී යි. ඒ 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරීම සඳහා යි. එහි දී රුපියල සහ රුපියල් පහ යන වටිනාකමින් යුත් කාසි නිකුත් කළා. 

1957 වසරේ දී නිකුත් කළ රුපියලේ සමරු කාසිය (cbsl.gov.lk)

සමරු කාසි නිකුත් කළ ආකාර 

1957 වසරේ සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආකාර දෙකක් යටතේ සමරු කාසි නිකුත් කර තිබෙනවා. ඒ සංසරණය සඳහා යොදන සමරු කාසි සහ සංසරණය සඳහා නොයොදන සමරු කාසි යන වර්ග 2යි. එහි දී සංසරණය සඳහා නොයොදන සමරු කාසි පහත සඳහන් තත්ත්වයන් යටතේ නිකුත් කරනු ලැබුවා.

1) හිමාකාර ලක්ෂණ සහිත සමරු කාසි 

2) දිප්තිමත් සමරු කාසි 

3) වර්ණ මුද්‍රිත සහ කොටසක් ආලේපිත සමරු කාසි 

ඒ අනුව සංසරණය සඳහා මුල්ම සමරු කාසි යුගලය 1957 වසරේ දී නිකුත් කරන විට මුල්ම හිමාකාර සමරු කාසිය 1978 වසරේ දී නිකුත් කළා. එය ජේ. ආර්. ජයවර්ධන පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම නිමිත්තෙන් නිකුත් කළ රුපියලක වටිනාකමකින් යුත් රන් ආලේපිත සමරු කාසිය යි.

1978 වසරේ දී නිකුත් කළ පළමු හිමාකාර සමරු කාසිය (cbsl.gov.lk)

කාසි තැනීමට යොදාගත් ලෝහ 

1957-2001 කාල සමය තුළ සාමාන්‍ය සංසරණය සඳහා නිකුත් කළ කාසි තඹ සහ නිකල් යන ලෝහ භාවිතා කර සාදනු ලැබුවා. ඉන් පසුව නිකල් සහ පිත්තල, නිකල් ආලේපිත වානේ, පිත්තල ආලේපිත වානේ, සහ මල නොබැඳෙන වානේ යන ලෝහ වර්ග භාවිතා කරමින් සාමාන්‍ය සංසරණය සඳහා කාසි සාදනු ලැබුවා. නමුත් හිමාකාර කාසි සෑදීම සඳහා බොහෝ විට රන් සහ රිදී භාවිතා කළා.

සංසරණය කිරීම සඳහා නිකුත් කළ සමරු කාසි 

1957 වසරේ සිට වර්තමානය දක්වා සාමාන්‍ය සංසරණය සඳහා සමරු කාසි රැසක් නිකුත් කර තිබෙනවා. එලෙස නිකුත් කරන ලද සමරු කාසි රුපියල, රුපියල් 2, රුපියල් 5, සහ රුපියල් 10 යන වටිනාකම්වලින් යුක්ත වුණා.

රුපියලේ සමරු කාසි 

පසුගිය දශක 7ක කාලය තුළ සාමාන්‍ය සංසරණය සඳහා රුපියලක වටිනාකමෙන් යුත් කාසි 4ක් නිකුත් කර තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ මහ බැංකුව විසින් එම සමරු කාසි නිකුත් කළ හේතුව සහ වසර යි. 

1) 2500 වැනි බුද්ධ ජයන්තිය වෙනුවෙන්- 1957 

2) පළමුවන විධායක ජනාධිපති පදවි ප්‍රාප්තිය- 1978 

3) ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ තෙවන සංවත්සරය- 1992 

4) එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 50 වන සංවත්සරය සැමරීම- 1996 

ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙනුවෙන් නිකුත් කළ සමරු කාසිය (cbsl.gov.lk)

රුපියල් දෙකේ සමරු කාසි 

1957-2020 කාල සමය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාමාන්‍ය සංසරණය සඳහා රුපියල් දෙකේ කාසි 8ක් නිකුත් කර තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ එම සමරු කාසි නිකුත් කළ හේතුව සහ වසර යි. 

1) දෙවනි ලෝක ආහාර සම්මේලනය- 1968

2) නොබැඳි ජාතීන්ගේ පස්වන සමුළුව- 1976

3) මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය- 1981

4) ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ 50 වන සංවත්සරය- 1995

5) කොළඹ ක්‍රමය 50 වන සංවත්සරය- 2001

6) අර්ථ සාධක අරමුදලේ 50 වන සංවත්සරය- 2008

7) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 60 වන සංවත්සරය- 2011

8) ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ශත සංවත්සරය- 2012

දෙවන ලෝක ආහාර සම්මේලනය වෙනුවෙන් නිකුත් කළ සමරු කාසිය (cbsl.gov.lk)

රුපියල් පහේ සමරු කාසි 

සාමාන්‍ය සංසරණය සඳහා වැඩිම සමරු කාසි ප්‍රමාණයක් නිකුත් කර තිබෙන්නේ රුපියල් 5ක වටිනාකම යටතේ යි. පහත දක්වා තිබෙන්නේ එලෙස නිකුත් කළ සමරු කාසි 9 නිකුත් කිරීමට හේතු වුණු කරුණ සහ නිකුත් කළ වසර යි.

1) 2500 වැනි බුද්ධ ජයන්තිය වෙනුවෙන්- 1957 

2) නොබැඳි ජාතීන්ගේ පස්වන සමුළුව- 1976

3) සර්වජන ඡන්ද බලය ලැබී 50 වන වසර සැමරීම- 1981

4) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 50 වන සංවත්සරය- 1995

5) 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම- 1999

6) ශ්‍යාමෝපසම්පදාවේ 250 වන සංවත්සරය- 2003

7) බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වන වසර සැමරීම- 2006

8) 2007 ක්‍රිකට් ලෝක කුසලාන අනු ශූරතාවය දිනාගැනීම- 2007

9) ලංකා බැංකුවේ 75 වැනි සංවත්සරය- 2014

1996 ලෝක කුසලානය දිනාගැනීම වෙනුවෙන් නිකුත් කළ සමරු කාසිය (cbsl.gov.lk)

රුපියල් දහයේ සමරු කාසි 

පසුගිය දශක 7ක කාලය තුළ සාමාන්‍ය සංසරණය සඳහා රුපියල් 10ක වටිනාකමෙන් යුත් කාසි 5ක් නිකුත් කර තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ මහ බැංකුව විසින් එම සමරු කාසි නිකුත් කළ හේතුව සහ වසර යි. 

1) ජගත් නිවාස වසර- 1987 

2) ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය- 1998

3) 2600 සම්බුද්ධත්ව ජයන්තිය – 2011

4) Ceylon Tea 150 වැනි සංවත්සරය – 2017

5) ශ්‍රී ලංකා සංඥා බලකායේ 75 වන සංවත්සරය- 2018

ජගත් නිවාස වසර වෙනුවෙන් නිකුත් කළ සමරු කාසිය (cbsl.gov.lk)

හිමාකාර සමරු කාසි 

1978-2020 කාල සමය තුළ හිමාකාර ලක්ෂණ සහිත කාසි 30ක් පමණ නිකුත් කර තිබෙනවා. එලෙස නිකුත් කළ සමරු කාසි අතර රුපියලේ සිට රුපියල් 5000 දක්වා වටිනාකමින් යුත් කාසි දක්නට ලැබෙනවා. පහත දක්වා ඇත්තේ හිමාකාර කාසි නිකුත් කළ ආකාරය පිළිබඳව යි. 

රුපියල් 10 සහ ඊට අඩු වටිනාකමින් යුත් සමරු කාසි 

වටිනාකමින් රුපියල් 10 සහ ඊට වඩා අඩු හිමාකාර සමරු කාසි 7ක් නිකුත් කර තිබෙනවා. ඒ කාසි වන්නේ,

1) පළමුවන විධායක ජනාධිපති පදවි ප්‍රාප්තිය- 1978 (වටිනාකම රුපියල යි)

2) ජගත් නිවාස වසර- 1987 (වටිනාකම රුපියල් 10 යි)

3) ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ තෙවන සංවත්සරය- 1992 (වටිනාකම රුපියල යි)

4) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 50 වන සංවත්සරය- 1995 (වටිනාකම රුපියල් 5)

5) 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම- 1999 (වටිනාකම රුපියල් 5)

6) ශ්‍රී ලංකා යුධ හමුදාවේ 50 වන සංවත්සරය- 1999 (වටිනාකම රුපියල යි)

7) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 50 වන සංවත්සරය- 2000 (වටිනාකම රුපියල යි)

යුධ හමුදාවේ 50 වැනි සංවත්සරය සඳහා නිකුත් කළ සමරු කාසිය (cbsl.gov.lk)

රුපියල් 100 සහ 500 අතර වටිනාකමෙන් යුත් සමරු කාසි 

වටිනාකමින් රුපියල් 100 සහ 500 අතර හිමාකාර සමරු කාසි 8ක් නිකුත් කර තිබෙනවා. ඒ කාසි වන්නේ,

1) ශ්‍රී ලංකා මහ බැංකුවේ 40 වන සංවත්සරය- 1990 (වටිනාකම රුපියල් 500)

2) පස්වන දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනය- 1991 (වටිනාකම රුපියල් 500 )

3) පස්වන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය- 1991 (වටිනාකම රුපියල් 100)

4) 2300 අනු බුදු මිහිඳු ජයන්තිය- 1993 (වටිනාකම රුපියල් 500 )

5) ශ්‍රී ලංකා රේගු අධිකාරියේ ද්වීශතවාර්ෂික සැමරුම- 2009 (වටිනාකම රුපියල් 200)

6) ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 150 වන ජන්ම සංවත්සරය- 2014 (වටිනාකම රුපියල් 500)

7) කොළඹ මහ නගර සභාවේ 150 වන සංවත්සරය- 2015 (වටිනාකම රුපියල් 500)

8) ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ ලංකා සම්ප්‍රාප්තිය- 2015 (වටිනාකම රුපියල් 500)

පස්වන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා නිකුත් කළ සමරු කාසිය (cbsl.gov.lk)

රුපියල් 1000ක වටිනාකමින් යුත් සමරු කාසි 

දැනට වැඩිම හිමාකාර ලක්ෂණ සහිත සමරු කාසි ප්‍රමාණයක් නිකුත් කර තිබෙන්නේ රුපියල් 1000ක වටිනාකමක් සහිතව යි. ඒ අනුව වර්තමානය වන විට රුපියල් 1000 සමරු කාසි 9ක් නිකුත් කර තිබෙනවා. එම කාසි අතුරින් ශ්‍රී ලංකා සහ ජපන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වෙනුවෙන් නිකුත් කළ කාසියේ එක් පැත්තක් වර්ණ මුද්‍රිත සහිත වීම විශේෂත්වයක් වනවා.

1) ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය- 1998 

2) 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම- 1999

3) ශ්‍රී ලංකා මහ බැංකුවේ 50 වන සංවත්සරය- 2000

4) 2007 ක්‍රිකට් ලෝක කුසලාන අනු ශූරතාවය දිනාගැනීම- 2007

5) අර්ථ සාධක අරමුදලේ 50 වන සංවත්සරය- 2008

6) ශ්‍රී ලංකා යුධ හමුදාවේ 60 වන සංවත්සරය- 2009

7) 2600 සම්බුද්ධත්ව ජයන්තිය – 2011

8) මහජන බැංකුවේ 50 වන සංවත්සරය- 2011

9) ශ්‍රී ලංකා-ජපන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60 සපිරීම- 2012

ශ්‍රී ලංකා-ජපන් සබඳතා වෙනුවෙන් නිකුත් කළ සමරු කාසිය (cbsl.gov.lk)

රුපියල් 1000ට වැඩි සමරු කාසි 

1998-2020 කාල සමය තුළ රුපියල් 1000කට වැඩි වටිනාකමින් යුත් හිමාකාර ලක්ෂණ සහිත සමරු කාසි 6ක් නිකුත් කර තිබෙනවා. ඒ කාසි වන්නේ,

1) ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය- 1998 (වටිනාකම රුපියල් 5000)

2) බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වසර සැමරීම- 2006 (වටිනාකම රුපියල් 2000)

3) බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වසර සැමරීම- 2006 (වටිනාකම රුපියල් 1500)

4) ශ්‍රී ලංකා මහ බැංකුවේ 60 වන සංවත්සරය- 2010 (වටිනාකම රුපියල් 5000)

5) කොළඹ ආනන්ද විද්‍යාලයේ 125 වන සංවත්සරය- 2011 (වටිනාකම රුපියල් 2000)

6) කොළඹ විශාඛා විද්‍යාලයේ 100 වන සංවත්සරය- 2017 (වටිනාකම රුපියල් 2000)

50 වන නිදහස් සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සමරු කාසිය (cbsl.gov.lk)

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා මහ බැංකුවේ 60 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ 5000 සමරු කාසිය 

(gettyimages)

මූලාශ්‍රයයන්- cbsl.gov.lk

Related Articles