Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුද්ධයේ ජර්මානුවන්ගේ බිහිසුණු යුද ටැංකිය – ටයිගර් 1

දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර පාර්ශවයේ මෙන්ම අක්ෂ පාර්ශවයේ යුද ටැංකි පිළිබඳව ලිපි කිහිපයක්ම මීට ප්‍රථම ඔබ වෙත ගෙන ආවා. එම ලිපි පෙළ යටතේ පළමුවෙන්ම ගෙන ආවේ ඇමෙරිකාවෙන් දෙවන ලෝක යුද්ධයේ දී සටන් බිමට හඳුන්වා දුන්, පසුව බ්‍රිතාන්‍යය හමුදා, කැනඩා හමුදා ඇතුළු මිත්‍ර පාර්ශවය විසින් භාවිතා කරන ලද මධ්‍යම ප්‍රමාණයේ යුධ ටැංකියක් වන M4 ෂර්මන් යුධ ටැංකිය පිළිබඳව යි.

ඉන්පසුව අක්ෂ පාර්ශවයේ ප්‍රබල යුද ටැංකියක් වන ජර්මානු යුධ ටැංකි විශේෂඥයන් විසින් නිර්මාණය කරන ලද පැන්සර් (Panzer) යුධ ටැංකි සමූහයේ 5 වන යාවත්කාලින යුධ ටැංකිය වන පැන්තර් යුධ ටැංකිය පිළිබඳව කරුණු ගෙන ආවා.

අද ඔබ වෙත ගෙන එන්නේ එම ලිපි පෙළේ තුන්වන ලිපිය යි. ඒ, දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියේ බලවත්ම යුද ටැංකියක් ලෙස ක්‍රියා කළ, දෙවන ලෝක යුද්ධයේ යුද ටැංකි අතරින් පුරාවෘතයක් බඳු ටයිගර් 1 යුද ටැංකිය ගැන යි. එය එවකට තිබූ යුද්ද ටැංකි අතරින් අධික වෙඩි බලයකින් හා ශක්තිමත් සන්නාහයකින් සමන්විත වුණා.

පැන්සර් ටැංකි පෙලේ 6 වන යාවත්කාලීන පැන්සර් යුද ටැංකිය ලෙස මෙය නිපදවන අතර ඒ හේතුවෙන් මෙම ටැංකිය පැන්සර් 6 ලෙසත් හඳුන්වනු ලබනවා.

ටයිගර් 1 ටැංකිය නිර්මාණය වීම 

ටයිගර් 1 උතුරු අප්‍රිකානු යුද පෙරමුණේ (ThoughtCo)

ජර්මානුවන් දෙවන ලෝක යුද සමයේ දී නිර්මාණය කළ බලවත්ම යුද ටැංකිය ලෙස මෙය නම් කළ හැකියි. 1938 සිට පැන්සර් යුද ටැංකි පෙළ නිර්මාණය කිරීම ජර්මානු යුද ටැංකි ඉංජිනේරුවන් විසින් ආරම්භ කර තිබූ අතර 1941 ජුනි මාසයේ දී ජර්මානු බලකා සෝවියට් දේශය ආක්‍රමණය කිරීමේ බාබරෝසා මෙහෙයුමේ දී ඔවුන්ට, රුසියානුවන් සතු T34 වැනි මධ්‍යම ප්‍රමාණයේ යුද ටැංකි හා KV-1 නම් විශාල ප්‍රමාණයේ යුද ටැංකි දකින්න ලැබෙනවා.

මෙම යුද ටැංකිවලට වඩා වැඩි වෙඩි බලයකින් හා ආරක්ෂාකාරී සන්නාහයකින් යුක්ත ප්‍රබල විශාල ප්‍රමාණයේ යුද ටැංකියක් නිෂ්පාදනය කළ යුතු බව හිට්ලර් පවසනවා. පැන්තර් යුද ටැංකියෙන් ඒ කාර්යය ඉටු නොවන බවත්, ඒ වෙනුවෙන් ආකෘති සාදා ඉදිරිපත් කරන ලෙසත් පොර්ෂ (Porsche) හා  හැන්ෂෙල් (Henschel) සමාගම දෙකට දන්වා සිටිනවා. ආකෘතිය ඉදිරිපත් කිරීමේ අවසන් දවස ලෙස ලබා දෙන්නේ හිට්ලර්ගේ උපන් දින දවස යි. ඒ 1942 වසරේ 20 වන දිනට ප්‍රථම යි.

VK 4501 (P) නම් ආකෘතිය නිපදවන්නේ පොර්ෂෙ සමාගම යි. P අකුරෙන් එම සමාගම හඳුන්වා තිබෙනවා. හැන්ෂෙල් විසින් නිෂ්පාදනය කරන ලද ආකෘතිය හඳුන්වන්නේ VK 4501 (H) නමින්. H අකුරෙන් එම සමාගම හඳුන්වා තිබෙනවා. මේ ආකෘති දෙකම හිට්ලර්ගේ උපන් දිනයට ප්‍රථම නිර්මාණය කරන අතර මේ අතරින් වඩාත්ම ප්‍රබල හා ශක්තිමත් සැලැස්මක් වූ හැන්ෂෙල් ආකෘතිය යුද ටැංකි නිෂ්පාදනය සඳහා යොදාගැනීමට නට්සි නායකයන් තීරණය කරනවා. මේ ආකාරයට නිර්මාණය කරන ලද ටයිගර් 1 යුද ටැංකියේ දිගු නාමය වන්නේ Panzerkampfwagen VI Tiger Ausf. E යන්න යි.

ටයිගර් 1 ටැංකියේ විශේෂතා 

ටයිගර් 1 (YouTube)

ටයිගර් 1 ටැංකියේ කාර්යය මණ්ඩලය 5 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ටැංකි අණදෙන්නා, අවිකරු, පතොරම් පුරවන්නා, ගුවන්විදුලි පණිවුඩකරු, හා රියදුරු ලෙස එම භටයන් නම් කර තිබෙනවා. එම යුගයේ නිෂ්පාදනය වූ සන්නාහය අතින් විශිෂ්ට යුද ටැංකියක් වූ මෙහි සන්නාහයේ ඝනකම සෑම ස්ථානයකම මි.මී 25 – 120 අගයක් ගන්නවා. එවැනි ආරක්ෂාවක් සහිත යුද ටැංකි එවකට මිත්‍ර පාර්ශවයේ කිසිදු හමුදාවක් සතු වූයේ නෑ.

Krupp කර්මාන්ත ආයතනයේ නිෂ්පාදනයක් වූ ප්‍රධාන අවිය 8.8 cm KwK 36 ලෙස හැඳින්වූ අතර ටැංකියේ උණ්ඩ 92ක් එක්වර රැගෙන යාමේ හැකියාව පැවතුනා. පැන්තර් ටැංකියේ අවියට වඩා මෙම අවිය විශාල වීම හේතුවෙන් ජර්මානුවන් සතු ප්‍රබලම ටැංකිය ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ටයිගර් 1 ටැංකියට හිමිවෙනවා. එවකට මිත්‍ර පාර්ශවයේ ෂර්මන් 4 හා T 34 යුද ටැංකිවල ප්‍රධාන අවි ද මීට වඩා කුඩා වූ බැවින් යුද පිටියේ ප්‍රබලයා ලෙස හැසිරෙන්නේ ටයිගර් 1 යුද ටැංකිය යි.

ටයිගර් යුද ටැංකි පෙළක් යුද පෙරමුණේ (Deep South Media)

මෙහි උප අවි ලෙස සවිකර තිබුණේ 7.92 mm MG 34 අවි 2ක්. එම අවි දෙකට පිළිවෙලින් උණ්ඩ 4500 ක් හා උණ්ඩ 4800ක් එක් රැගෙන යාමක් සඳහා ඇතුළත් වෙනවා.  උපරිම වේගය පැයට කි.මී 45ක් වූ අතර බාධක සහිත යුද පිටියේ දී එහි වේගය පැයට කි.මී 20 – 25ත් අතර අගයක් ගන්නවා. නැවත ඉන්ධන පිරවීමකින් තොරව මාර්ගයක නම් කි.මී 195ක් ගමන් කළ හැකි අතර යුද පිටියක වැනි බාධක සහිත මාර්ගයක නම් කි.මී 110ක් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. නමුත් මෙහි තිබූ යාන්ත්‍රික ප්‍රශ්නයක් වූයේ මඩ සහිත යුද පිටියේ ගමන් කරන විට ටැංකියේ යකඩ රෝද සිරවිම යි. නැගෙනහිර පෙරමුණේ සටන්වල දී මෙම ලක්ෂණය බොහෝ විට දකින්න ලැබෙනවා. ඒ හේතුවෙන් ටැංකියේ වේගවත් බව අඩුවීම බොහෝ අවස්ථාවල දකින්න ලැබෙනවා.

වර්තමානයේ එක්සත් රාජධානියේ කෞතුකාගාරයක ඇති ටයිගර් 1 යුද ටැංකියක් (YouTube)

ටයිගර් 1 ටැංකි පළමු වතාවට දකින්න ලැබෙන්නේ 1942 වසරේ ටියුනීසියාවේ අක්ෂ පාර්ශවයේ යුද පෙරමුණේ යි. එම සටන්වල දී බ්‍රිතාන්‍ය හමුදා මවිත කිරීමට මෙම ටැංකි ඩිවිෂණ සමත් වෙනවා. ඊට අමතරව ඉතාලියේ සටන්වලට, නොර්මැන්ඩි සටන්වලට හා නැගෙනහිර පෙරමුණේ බොහෝ සටන්වලට ටයිගර් 1 ටැංකිය යොදාගනු ලබනවා.

1942 වසරේ සිට 1944 දක්වා කාලය තුළ ටයිගර් 1 යුද ටැංකි 1350ක් පමණ නිපදවීමට ජර්මනිය සමත් වෙනවා.

කවරයේ පින්තූරය - YouTube

මූලාශ්‍රයයන් - 

Simple History යූ ටියුබ් චැනලය 

Related Articles