Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Google සමාගම නැවැත්වූ සේවා සඳහා සොහොන් කොත් නිර්මාණය කරයි

Google සමාගම, ලෝකයේ වැඩිම දෙනෙක් භාවිත කරන සේවාවන් බොහොමයක් සපයන සමාගමක්. නමුත්, කාලයෙන් කාලයට විවිධ හේතු මත සමහර සේවාවන් නවතා දමන්නට Google සමාගමට සිදුවුණා. “2018 වසර සමග ම සමුගන්නා Google සේවාවන්” කිහිපයක් පිළිබඳව අප පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා. මේ කියන්න යන්නේ එවැනිම නවතා දැමෙන තවත් සේවාවන් කිහිපයක් ගැන වගේම, නවතා දැමුණු සේවාවන් වෙත ලබාදුන් සොහොන් කොත් පිළිබඳව යි. 

වසර 10කට පසුව නික්ම යන Google Cloud Print සේවාව

Google Cloud Print සේවාව මේ වෙද්දීත් බොහෝ දෙනෙක් භාවිත කරන සේවාවක්. නමුත්, පසුගිය දිනෙක නිවේදනයක් නිකුත් කරමින් google සමාගම සඳහන් කළේ ඔවුන් මේ සේවාව නවතා දැමීමට සුදානම් වෙන බව යි. 2010 වසරේ google සමාගම හඳුන්වාදුන් මේ සේවාව, 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින සිට නවතා දැමීමට ඔවුන් කටයුතු කරනු ඇති. Google Cloud Print සේවාව හරහා cloud-connected printerවලින් printout ලබාගැනීම සිදුකරන්න පුළුවන්. මේ සේවාව නිර්මාණය වෙන්නේ Chrome OS භාවිතා කරන්නන් වෙත යි. ඔබගේ Google account එක connect කර ඇති PC එකකට සම්බන්ධ වූ printer එකක් තිබෙන්නේ නම්, ඔබගේ ජංගම දුරකථනය මඟින් මේ සේවාව හරහා අදාළ PC එක සහ printer එක භාවිතා කරමින් printouts ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

Cloud තාක්ෂණය ඔස්සේ printer උපාංග සමග සම්බන්ධ වෙන්න- arstechnica.com 

එල්ලිලා කතා කරන්න Google Hangouts

Google Hangouts සේවාව Google සමාගමෙන් ලබාදුන් තවත් වටිනා සේවාවක්. messages, video chat, සහ VOIP වැනි පහසුකම් රැසක් සපිරි මේ සේවාව එළඹෙන වසරේ දී නවතා දැමීමට Google සමාගම තීරණය කර තිබෙනවා. වසර 8ක පමණ කාලයක් පරිශීලකයන් වෙත මේ සේවාව හිමි වුණා. මේ සේවාව වඩාත් ජනප්‍රිය වෙන්නේ Google Plus සමාග ජාලය ඔස්සේ යි. කොහොම වුණත්, G+ නවතා දැමීමෙන් පසුව මේ සේවාව හා රැඳුණු පිරිස ක්‍රමයෙන් අඩුව යන්නට පටන් ගත්තා. “ගූග්ල් ප්ලස්, පස් වන ලකුණු!” ලිපිය ඔබට මතක නම්, ඒ ඔස්සේ අපි වැඩිදුරටත් G+ නවතා දැමීම ගැන කතාබහ කළා. 

Google Hangouts සේවාව Google සමාගමෙන් ලබාදුන් තවත් වටිනා සේවාවක්- arstechnica.com

රැකියා හොයන Hire by Google

කුඩා අවධියේ පවතින සමාගම් වෙත පහසුකම් සලසන-  cloud.google.com

Hire by Google සේවාව වසර දෙකකට පෙර එනම්, 2017 වසරේ ආරම්භ වෙන්නේ Google for Jobs ව්‍යාපෘතියට සමගාමීව යි. මෙහි අරමුණ බවට පත් වෙන්නේ නව/ කුඩා ව්‍යාපාර සඳහා අයදුම්කරුවන් සොයා දීම යි. කොහොම වුණත්, මෙය නිල වශයෙන් 2020 වසරේ සැප්තැම්බරයේ නවතා දමන බවට සමාගම පසුගිය දිනෙක නිවේදනය කළා. 

මීට අමතරව Fabric, Hangouts on Air, Google Correlate, Google Translator Toolkit වැනි සේවා ගණනාවක් මේ වසරේ දී නවතා දමන්නට Google සමාගම කටයුතු කරනු ඇති. නවතා දැමූ අනෙක් සේවාවන් සමග ඔවුන් Google Graveyard එක එහෙම නැතිනම් killedbygoogle.com හි සඳහන් වේවි.

මේ ඡායාරූපය twitter වෙත එක් කර තිබුණේ Google සමාගමේ ම සේවිකාවක්  

මූලාශ්‍රයයන්:

Github.com

Killedbygoogle.com 

Theverge.com 

Support.google.com 

Related Articles