Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Amazon සමාගමේ  Fall 2021 product event

තාක්ෂණික සමාගම් බොහොමයක් මේ කාලයේ ඔවුන්ගේ නව නිෂ්පාදන එළි දක්වන්නේ ළඟ එන නිවාඩු කාලය සහ නත්තල ඉලක්ක කරගෙන යි.  ඇපල් සමාගම, මයික්‍රොසොෆ්ට් සමාගම වැනි සමාගම් ගණනාවක් ඉදිරි 2022 වසර සඳහා ඔවුන්ගේ නව උපාංග එළිදැක්වූ බව අප ඔබට පෙර ලිපිවලින් ඉදිරිපත් කළා ඔබට මතක ඇති. Amazon සමාගමත් ඔවුන්ගේ Fall 2021 product event එක පසුගිය දිනෙක පැවැත්වුවා. Echo devices, නව Ring products සහ  services, home assistant robot කෙනෙක් මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. 

ගෙදර වැඩට උදව් දෙන ASTRO

Amazon සමාගමේ නවත ම ගෘහාශ්‍රිත වැඩ සඳහා සහාය දෙන රොබෝවරයා වෙත ලැබෙන නම වෙන්නේ ASTRO. ගෙදර ආරක්ෂාව සඳහා සහය දෙන ආරක්ෂක රොබෝ වරයකුගේ සිට ඔබට බොහෝ වැඩ රාජකාරී ප්‍රමාණයක් වෙනුවෙන් ASTRO භාවිත කරන්න පුළුවන්. 10-inch touchscreen එකක් සහිත ව එළි දකින ASTRO හරිම හුරුබුහුටි රෝබෝවරයෙක්. 

ගෙදර පුරා ඔහුගේ කුඩා රෝදවලින් එහා මෙහා යන්න ඔහුට පුළුවන්. විශේෂිත ආරක්ෂක කැමරා පද්ධතියක් ද ඔහු සතු යි. මෙහි ආරම්භක මිල $999.99 ලෙසයි සටහන් වෙන්නේ. තවමත් මෙය Amazon’s Day 1 Edition programme එක යටතේ තිබෙන නිසා පොදු වෙළඳපොළට දැන්ම ම නිකුත් වෙන එකක් නැහැ. හැබැයි ඔබට පුළුවන් මේ අපුරු රොබෝවරයා මිලදී ගන්න Request එකක් කරන්න. සමාගම තෝරාගන්න පිරිසක් වෙත මුලින් ම මේ රොබෝ වරයා අත්හදා බලන්න අවස්ථාව හිමි වේවි. 

 AMAZON සමාගමේ ASTRO රොබෝ වරයා –  theverge.com 

බිත්තිය Smart විදිහට use කරන්න THE ECHO SHOW 15

Amazon සමාගම ඔවුන් මෙතෙක් පෞද්ගලික භාවිතයට වෙළඳපොළට හඳුන්වාදී ඇති විශාලත ම ස්මාර්ට් තිරය පිළිබඳ ව Fall 2021 product event එකේ දී ලෝකයට හෙළිදරව් කළා.  Echo Show 15 ලෙසින් හඳුන්වන මේ Smart device එක අඟල් 15.6ක 1080p HD display එකක් සහ Amazon සමාගමේ නව AZ2 chip එක සහිතවයි වෙළඳපොළට නිකුත් වෙන්නේ.

පවුලේ උපාංගයක් ලෙස හවුලේ භාවිත කළ හැකි ලෙස නිර්මාණය වී ඇති Echo Show 15 එළඹෙන දෙසැම්බරය වෙන විට වෙළඳපොළට නිකුත් වේවි. දැනට නම් මෙහි ආරම්භක මිල  $249.99 ලෙසයි සටහන් වෙන්නේ.  

Amazon සමාගමේ නව smart තිරය – amazon.com 

ඉක්මනින් ලොකු වෙන පොඩ්ඩන්ට THE ECHO GLOW

Echo Glow සරලව ම කුඩා දරුවන්ට videoconferencing කරන්න පහසුකම ලබාදෙන උපාංගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ කාලයේ දුරස්ථ ව ඉන්න ඔබේ ආදරණීයන් හා කතා බහ කරන්න වගේම ඔබේ කුඩා දරුවන්වත් තාක්ෂණය සමඟ මුහු කරවන්න මේ උපාංගය පහසුකම් සපයනවා. අඟල් 8ක තිරයකින් වගේම විශේෂිත touch-sensitive tabletop projector gadget එකකින් ද මේ උපාංගය සමන්විත යි.  ඒ ඔස්සේ කුඩා දරුවන්ට ක්‍රීඩා කරන්න, චිත්‍ර සහ ඒ ආශ්‍රිත නිර්මාණවල යෙදෙන්න වගේ ම අලුත් අත්දැකීමක් එක්ක පොත් කියවන්නත් කුඩා දරුවන්ට පුළුවන්. 

මේ විශේෂිත උපාංගය සතු ව Disney, Nickelodeon, Mattel, සහ Sesame Workshop වැනි ආයතන වල ජනප්‍රිය ළමා වැඩසටහන් ඇතුළත් වෙනවා. මේ උපාංගයත් තවම පවතින්නේ මූලික අදියරේ. මේ වෙත සහාය දක්වන රටක හෝ ප්‍රදේශයක ඔබ ඉන්නවා නම් ඔබටත් පුළුවන් ඔබේ දරුවන් වෙනුවෙන් early access program එකට ඉල්ලුම් කරලා මේ උපාංගයක් මිලදී ගන්න.  මෙහි ආරම්භක මිල ලෙස දැක්වෙන්නේ  $249.99ක්, නමුත් මෙය පොදුවේ වෙළඳපොළ වෙත නිකුත් කිරීමේදී මෙහි මිල $299.99.ක් පමණ වනු ඇති බවයි දැනගන්න ලැබෙන්නේ. 

හැඩට ඉන්න HALO VIEW

Amazon fall 2021 දී නිවේදනය කෙරුණු බොහෝ දෙනකුගේ සිත් ගත් උපාංගයක් විදිහට Halo View හඳුන්වන්න පුලුවන්. Fitness tracker / Band  එකක් එකක් කියන්නේ අද වෙද්දී බොහෝ දෙනකුගේ අතේ නොවරදවා දකින්න පුළුවන් උපකරණයක්.

වර්ණවත් AMOLED display එකක් සහිතව $79.99 ක මිලට වෙළඳපොළට නිකුත් වෙන මේ උපාංගය ඕනෑම කෙනකුට ගැළපෙන පරිදි සකස් කරලා තියෙනවා. Amazon සමාගමේ Halo සේවාවේ subscription එකක් ඔබ දැනටත් භාවිත කරනවා නම් ඔබට අනිත් බොහෝ දෙනකුට නැති විශේෂ පහසුකම් රැසක් ඉදිරියේ දී ලැබෙන්නට නියමිත යි. 

Amazon සමාගමේ නව Fitness tracker එක – amazon.com 

DISNEY සමාගමේ  “HEY DISNEY”  VIRTUAL ASSISTANT

Disney සමාගම සහ Amazon සමාගම එක් ව ගෙන එන නව Virtual Assistant කෙනෙක් වන “Hey Disney,” සේවාව පිළිබඳවත් මෙහිදී අනාවරණය වුණා.  මෙය Alexa උපාංගයට ම එක් වේවි.  Disney සමාගම සහ Amazon එක්ව ගෙන යන හෝටල් ජාලයට සහ ඩිස්නිලන්තයේ අත්දැකීම් නවමු මානයකට ගෙනයාම මේ උපාංගයේ අරමුණ වෙනවා.  ඔබ කැමති ම ඩිස්නි චරිත සමඟ දොඩමලු වෙන්නට ඔබට මේ සේවාව සමඟ හැකියාව ලැබෙනවා.

ඔවුන්ගේ හෝටල් ජාලය වඩාත් ප්‍රියජනක සහ අපුර්ව අත්දැකීමක් අමුත්තන්ට ලබා දීම වෙනුවෙනුයි මේ උපාංගය වෙළඳපොළට එන්නේ. ලබන වසරේදී එළිදැක්වීමට නියමිත මේ සේවාව අත්දකින්නට නම් ඔබ ඒ හෝටල් නවාතැන් ගන්න අවශ්‍ය වන්නේ නැහැ. යම් මුදලක් ගෙවා ඔබ භාවිත කරන Echo උපාංග වෙත මෙය වෙනම මිලදී ගන්න පුළුවන් වෙවී. දැනටමත් ඔබ Echo Show 5 එකක් භාවිත කරනවා නම් Mickey Mouse-themed stand එකක් ඔබට $24.99 කට මිලට ගන්න හැකි වෙනවා. 

ගෙදර ආරක්ෂකයා Always Home Cam

ඔබ කලින් සැලසුම් කළ ගමන් මාර්ගයක හෝ ඔබ ගෙදර නැති වෙලාවක ඇතිවන යම් සැක සහිත චලනයක් ඔස්සේ ක්‍රියාත්මක වෙන මෙය drone යන්ත්‍රයක ඇති Ring camera එකක්.  ලෝකයේ ඕනෑම තැනක සිට ක්‍රියාත්මක කල හැකි මේ උපාංගය ඔබේ නිවසේ ආරක්ෂාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් නුදුරේදී ම ඉටු කරාවි. $249.99. ලෙස මෙහි ආරම්භක මිල දැක්වෙනවා. තමවත් මෙයත් පොදු වෙළඳපොළට නිකුත් කර නැහැ. 

නිවාස ආරක්ෂා කරන Always Home Cam – Amazon.com 

 

මේ උපාංගවලට අමතර ව SMART THERMOSTAT එකක්, නව ආරක්ෂණ පද්ධතියක්, ඇතුළු බොහෝ උපාංග මේ අංගයේදී ජනතාව වෙත එළිදැක්වුණා. කොහොම වෙතත් තාමත් බොහොමයක් උපාංග මූලික අදියරවල තිබෙන නිසා 2022 වසරේ මුල භාගයේ දී ඒවා සාමාන්‍ය පොදු වෙළඳපොළ වෙත නිකුත් වේවි.

මේ උපාංග සෑම එකක ම ආරක්ෂාව සහ Privacy තහවුරු කර තිබෙන බව තමයි amazon සමාගම නම් කියන්නේ. මේ උපාංග ගැන ඔබේ අදහස මොකද්ද? ශ්‍රී ලංකාව තුළ මේ උපාංග Available නම් මේ උපාංග අත්හදා බලන්න ඔබත් කැමති ද? ඒ ගැන අපිට කියන්න පහළින් comment කරන්න.  

කවරයේ ඡායාරූපය: Businessinsider.com 

මූලාශ්‍ර:

Businesstoday.in 

Popsci.com 

Businessinsider.com 

Related Articles