Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 ජංගම දුරකථන ලෝකයේ බලය Android අතින් ගිලිහෙයි ද?

පසුගිය දිනෙක පැවති තම වාර්ෂික Tech Summit එකේ දී  Qualcomm සමාගම ඔවුන්ගේ නවත ම Snapdragon 8 Gen 1 chip එක පිළිබඳ ව නිල වශයෙන් නිවේදනය කළා. මේ සමඟ ම නව පරම්පරාවේ chip ඇතුළත් එළඹෙන වසරේ නිකුත් වීමට නියමිත පෙරළිකාර දුරකථන ගණනාවක් පිළිබඳත් අනාවරණය වුණා.

කොහොම වුණත් මේ නව Snapdragon 8 Gen 1 chip එක ගැන මේ වෙද්දීත් විවිධාකාර රතු එළි දැල්වෙමින් පවතිනවා. ඒකට හේතු ගණනාවක් බලපාල තියෙනවා. ඒ අතරින් Privacy පිළිබඳ ගැටලු සහ යම් යම් දුරකථනවල Prototype දුරකථන overheat වීමේ ගැටලුත් දැනටමත් වාර්තා වෙමින් පවතිනවා.

ALWAYS-ON CAMERA සමඟ මතුවෙන Privacy ගැටලු

බොහෝ දෙනකුට අමතක වුණත් අද වෙද්දී අපේ Smart ජංගම දුරකථනය ඔබට හැම විට ම සවන් දෙමින් ඉන්නේ.  “Hey Siri” එහෙම නැති නම් “Hey Google”  යන විධානය දුන් සැණින් අපි බොහෝ දෙනකුගේ ජංගම දුරකථන තුළ ඉන්න Virtual Assistant අවදි වෙලා අපේ විධාන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ Virtual Assistantට අමතර ව කියන දේවල් එක්ක සහ කතා කරන දේවල් අනුව අපි ට්‍රැක් වෙනවා සහ ඒ අනුව ඇඩ්ස් වගේ දේවල් සමාජ මාධ්‍යවල පෙන්වනවා කියන එක සුලබ ව මතුවෙන චෝදනාවක්. 

ඒත් බහුතරයක් මේක බැහැර කරන්නේ එය එතරම් වැදගත් නොවන බව සිතන නිසා යි. හැම විට ම ඔබ දෙසත් වටපිටාව දෙසත් බලන් ඉන්න ALWAYS-ON CAMERA පහසුකමක් පරිශීලකයන් වෙත ලබාදෙන්න හැකියාවක් ජංගම දුරකථන සමාගම් වෙත ලබා දෙන්න Snapdragon 8 Gen 1 සමඟින් හැකි වෙනවා. මේ පහසුකමේ ආරක්‍ෂිත බව පිළිබඳ ව  Qualcomm සමාගම නැවත නැවතත් සහතික වුණත් මෙහි ආරක්ෂණ දුර්වලතාවක් මඟින් යම් කෙනකුගේ දුරකතනයක් වෙත ඇතුළු වෙන්න හැකර් කෙනකුට එතරම් කාලයක් ගත වෙන එකක් නැහැ. 

 හැමවිට ම ඔබ දෙස බලන ඉන්න කැමරාවක් –  diyphotography.net 

 

2022 රත් වෙන අවුරුද්දක් වේවි ද?

Motorola සමාගමේ General Manager Chen Jin  ඔවුන් එළඹෙන වසරේ නිකුත් කිරීමට නියමිත Flagship දුරකථනය සහ එහි නිමාව පිළිබඳව චීන බ්ලොග් අඩවියක් වන Weibo වෙත කරුණු අනාවරණය කර තිබුණා.ඒ අතරින් විශේෂ තැනක් ගන්නේ aluminum alloy frame එක යි. මෙය දුරකතනයේ නිපදවෙන තාපය පිටටත රැගෙන යමින් උපාංගය සිසිල් කිරීම සිදු කරනවා.

කොහොම නමුත් ජංගම දුරකථන සහ ඒවායේ පැමිණීමට නියමිත පහසුකම් පිළිබඳ සැමට පෙර ලෝකයට එළි කරන @iceUniverse මේ නව Snapdragon 8 Gen 1 හි heating issues තිබිය හැකි බවට ඉඟි පළ කර තිබෙනවා. මේ ප්‍රකට Twitter ගිණුම හරහා බොහෝ විට අනාවරණය වන කරුණු සත්‍ය වන නිසාම දැන් තාක්ෂණික ලෝකයත් උණුසුම් වෙන්නට පටන් අරන් තිබෙනවා.  පහතින් තිබෙන්නේ ඔහු පළ කළ ට්විට්ටර් පණිවිඩය යි. 

On moto phones, the extreme test of Snapdragon 8 Gen1 is very hot. Please be mentally prepared, 2022 may be “HOOOT”year for Android phones. – Ice universe (@UniverseIce) December 9, 2021

 Moto Edge X30  දුරකථනය – Gizmochina.com 

 

මේ ට්විට්ටර් පණිවිඩයට අනුව Motorola සමාගමේ නිකුත් වීමට තිබෙන දුරකථනවල සිදු කළ පරීක්ෂණවලට අනුව ඒවා ඉතාම ඉහළ මට්ටමකට රත්වීමේ හැකියාවක් පවතින බව ඔහු සඳහන් කරන්නේ. කොහොම වුණත් තවමත් මුල් අදියරවල තිබෙන නිසා මේ ගැටලු ඉක්මනින් විසඳාවි යැයි අපට විශ්වාස කරන්න හැකියාව තිබෙනවා. 

මේ පුවත ගැටලුකාරී අන්දමින් විශාලව ම බලපාන සමාගම වෙන්නේ Xiaomi සමාගම යි. දැනට පවතින ආරංචි මාර්ග අනුව ඉතාම ඉක්මනින් මේ නව Snapdragon 8 Gen 1 chip එක සමඟින් ජංගම දුරකතනයක් නිකුත් කරන්න Xiaomi සමාගම සුදානමින් ඉන්නවා. මේ රත්වීමේ ගැටලුව කොයි ආකාරයෙන් Xiaomi දුරකථන වෙත බලපායි ද? සමගම මේ ගැටලු විසඳන්න පිළියම් යොදා අවසාන ද කියන එක පිළිබඳ තියෙන්නේ තවමත් ගැටලුවක්. 

දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව Xiaomi 12 සහ  Pro මාදිලි, MIX 5 දුරකථන ද්විත්වය මේ චිපය සමඟින් නිකුත් වීමට නියමිත යි. ඊට අමතර ව OnePlus 10 දුරකථනය, iQOO 9, Realme GT 2 දුරකථනය ඇතුළු තවත් දුරකථන කිහිපයක් ම මේ නව චිපය සමග වෙළඳපොළ වෙත ලබන වසරේදී නිකුත් වේවි. 

Benchmarks අන්තර්ජාලයට නිකුත් වෙයි

ඕනෑම ජංගම දුරකතනයක් සතුව ඇති හැකියාවන් පිළිබඳව බොහෝ විට මිනුම් ඒකකයක් වෙන්නේ benchmarks. පසුගිය දිනෙකදී Snapdragon 8 Gen 1 හි benchmarks අන්තර්ජාලය වෙත නිකුත් වුණා. ඒ ලෝකයේ ප්‍රකට වෙබ් අඩවියක් වන pcmag.com හරහා යි. මේ benchmarksවලට අනුව පසුගිය වසරේ නිකුත් වුණු Snapdragon 888 chip එකට වඩා යම් මට්ටමකින් performance improve එකක් තිබෙන බව අනාවරණය වෙනවා. 

බොහොමයක් android දුරකථන භාවිත කරන එයට කැමැත්තක් දක්වන පිරිසට යම් අසුබ ආරංචියකුත් මේ සමඟ ම දැන ගන්නට ලැබෙනවා. ඒ Snapdragon 8 Gen 1 හි benchmarksවල නවත ම iPhoneවල benchmarks අභිබවා යන්නට නොහැකිව තිබෙන බව යි. කොහොම නමුත් මේ සමඟින් android ලෝකය හමුවේ විශාල ගැටලුවක් මතු වෙලා. මේ චිපය කොයි තරම් නම් දුරකට භාවිත කරන්නට පරිශීලකයන්ට හැකි වේවි ද? කොයි ආකාරයේ ගැටලුවලට ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වේවි ද? මේ ගැටලු නිසා අනාගත ජංගම දුරකතන වෙළඳපොළ කවර ආකාර තීරණය ගනී ද යන්න තවමත් අවිනිශ්චිත යි. 

මේ සමඟ සබැඳි 2022 බලගන්වන Snapdragon 8 වැනි පරම්පරාව ලිපියත් කියවන්න. 

 

කවරයේ ඡායාරූපය- Gamingdeputy.com 

මූලාශ්‍ර: 

9to5google.com 

Phonearena.com 

Gizmochina.com 

Indianexpress.com 

Diyphotography.net 

Pcgamer.com

Related Articles