Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Facebook metaverse හා එකතු වන Microsoft Teams 

Microsoft Teams කියන්නේ ලෝකයේ දැනට භාවිත වන දියුණු ම business communication platform එකක්. සමාගම මේ ටූල් එක නිර්මාණය කරන්නේ Microsoft 365 කාණ්ඩයේ ම product එකක් විදිහටයි. අද වෙද්දී මේ Microsoft Teams එක්ක ක්‍රියාකාරී පරිශීලකයන් මිලියන 145ක් රැඳී ඉන්නවා. ඒවගේ ම අපි මේ ගෙවන දුෂ්කර කාලයේ Covid-19 වසංගතය සමඟ ඉදිරි පෙරමුණේ සටන් වදින සෞඛ්‍ය සේවකයන්ගේ කාලය ආරක්ෂා කරගන්නත් මේ සේවයට හැකි වෙලා තියෙනවා. 

කොටින් ම කිව්වොත් පැය මිලියන 2.9ක කාලයක් මේ tool එක නිසා ආරක්ෂා වෙලා තියෙනවා. හැබැයි මේ ලිපිය ලියවෙන්නේ Microsoft ඔවුන්ගේ බලවත් Teams ටූල් එක Facebook metaverse සංකල්පය සමඟ එක් ව හැරවුම් ලක්ෂයක් සටහන් කරන්නට කටයුතු කරන නිසා යි. 

Facebook Meta කියන්නේ?

ගොඩාක් සරල විදිහට කිව්වොත්  Facebook metaverse එක කියන්නේ Facebook සමාගම සමස්ත තාක්ෂණික ලෝකය ම වෙනුවෙන් තියපු විශාල අඩියක්. අපි දකින මානයෙන් ඔබ්බට අපේ අත්දැකීම් සහ සමාජානුයෝජනය වීම් ගෙන යන්න සමාගම ගත්ත තීරණයක්. අපි දැනට භාවිත කරන කුමන සමාජ ජාලා යෙදුමක වුණත් අපේ අත්දැකීම ද්විමාන යි. මෙය වෙනස් කරමින් Ar (Augmented reality) සහ Vr (Virtual reality) කියන තාක්ෂණ දෙකේ ම එකතුවෙන් බිහිවෙන අපුර්ව දරුවා තමයි Metaverse එක බවට පත්වෙන්නේ. ලෝකයේ විශ්ව ගම්මාන අත්දැකීම පරිශීලකයන්ට වඩාත් හොඳින්  ලබා ගැනීමට අවස්ථාවක් Metaverse හරහා නුදුරේදී ම විවර වේවි. මේ ගැන වැඩි විස්තර අපි සවිස්තරව ලියු Metaverse සමඟින් ගොඩ නැගෙන Facebook අනාගතය කියන ලිපිය කියෙව්වොත් ඔබට ලබාගන්න පුළුවන්. 

Metaverse දෙසට හැරෙන Microsoft Teams- Microsoft.com 

Metaverse දෙසට හැරෙන Microsoft Teams

Microsoft  සමාගමේ Ignite conference එක තුළ දී තමයි Teams යෙදුමට එක් කරන්න නියමිත mixed reality ( AR සහ VR) පහසුකම් ගැන පළමු වරට අනාවරණය වුණේ. මේ Event එකේ දී Teams යෙදුම වෙත එක වෙන නව පහසුකම්වලට අමතර ව එහි ආරක්ෂාකාරී බව වඩා වැඩි කර ගන්නට ලබා දීමට නියමිත updates ගැනත්, වඩාත් හොඳින් පරිශීලකයන්ට Teams භාවිත කිරීමට හැකියාව ලැබෙන ලෙස ඔවුන් සිදු කරන නවත ම optimization ගැනත් වැඩිදුරටත් අනාවරණය වුණා. 

අද වෙද්දී ලෝකය පුරා ව්‍යාපාරවලට කොයි තරම් නම් Teams යෙදුම සහායක් වනවා ද කියන එකත් මෙහිදී හුවා දැක්වුවා. සම්ප්‍රදායික email පණිවිඩ හරහා තම කාර්යාල සගයන් සමඟ රාජකාරී වැඩ පිළිබඳ සාකච්ඡා  කරනවාට වඩා වැඩි පිරිසක් Microsoft Teams උපයෝගී කර ගනිමින් video conversation හෝ chat පහසුකම් භාවිත කිරීමට ඔවුන් පුරුදු ව සිටින බවත් ඔවුන් කියා සිටියා. විශේෂයෙන් මේ ටූල් එක වැදගත් වෙන්නේ රාජකාරී සහ නිවසේ වැඩ සඳහා තම දවසේ කාලය කළමනාකරණය කර ගනිමින්  hybrid work model එකක් අනුගමනය කරන ව්‍යාපාරවලට බව තමයි Microsoft සමාගම මෙහිදී සඳහන් කළේ. 

මේ නව  mixed reality improvements සඳහා Microsoft සමාගමේ ම නිර්මාණයක් වන  HoloLens තාක්ෂණය ඉවහල් වූ බව තමයි මෙහිදී අනාවරණය වුණේ. Animated Avatars එහෙම නැති නම් ඔබේ රූපයට සමාන අයුරින් නිර්මාණය වෙන අතත්‍ය රූපයක් නිර්මාණය කර ගන්න සහ ඒවා භාවිත කරමින් meetings සහ video calls වැනි දේ වෙත සම්බන්ධ වෙන්නත් නුදුරේදී ම Microsoft Teams පරිශීලකයන්ට හැකි වේවි.

මේ තාක්ෂණය අද ඊයේ නිර්මාණය වුවක් නොවන බවත් සමාගමේ දීර්ඝකාලීන සැලසුම් සහ සිහින මල්පල ගැනීමක් ලෙසත් සමාගමේ නියෝජිතයන් සඳහන් කළා. 2022 වන වින විට Microsoft Teams සම්පුර්ණයෙන් ම වෙනස්ම  අත්දැකීමක් හැම පරිශීලකයකුට ම ලබා දේවි යැයි ඔවුන් විශ්වාස කරනවා.  

සාමාන්‍යයෙන්  විනාඩි 30-40 වැනි කාලයකින් අනතුරු ව Virtual meeting එකක අවධානයෙන් පසුවීමට පුද්ගලයකුට තරමක් අපහසු යි. ඒ පිළිබඳ ව නම් ඔබටත් මටත් පෞද්ගලික අත්දැකීම් ඕනෑ තරම්. මේ නව තාක්ෂණය හරහා වඩාත් ක්‍රියාකාරී ව meetings වැනි දේ සමඟ සම්බන්ධ වෙන්න සාමාජිකයන්ට හැකියාව ලැබෙනවා. ඒවගේම නව කෘත්‍රිම බුද්ධි වැඩසටහන ඔබේ කට හඬට සවන්දීමෙන් එයට අනුව නව Animated Avatarsවල චලන සහ මුහුණ සහ කටට අදාළ චලන තීරණය කරනවා. හොඳ ම කාරණය ඔබට මේ Animated Avatars භාවිත කරන්න VR Glass වැනි විශේෂ උපාංග අවශ්‍ය නොවීම යි. ඔබ සතු ව දැනට පවතින පරිගණකයේ හෝ ජංගම දුරකතනයෙන් ම මේ අත්දැකීම ඔබට විඳින්න හැකියාව තිබෙනවා. 

Virtual Reality Work space සංකල්පය – Microsoft.com  

 

ඔබට මතක ඇති ලොක්ඩවුන් කාලේ Virtual ලෝකයක office එකක්! ලිපිය ඔස්සේ අප ඔබට  Virtual Reality Work space සංකල්පය පිළිබඳ ව විස්තර අරගෙන ආවා. නව Microsoft Teams updates එක්ක එවැනි පහසුකමක් මේ වෙත එක්වීමට නියමිත යි.  පරිශීලකයන්ට තමන්ගේ ම Virtual Space නිර්මාණය කර ගන්න හැකියාව එවිට ලැබේවි.

එය කැමති ලෙස අලංකාර කරගන්නත්, අනෙක් සාමාජිකයන් සමඟ එහි දී ක්‍රියාකාරකම්වල නිරත වෙන්නත් හැකි වේවි. VR හෝ AR headset එකක් අත්‍යවශ්‍ය නොවුණත් මේ අත්දැකීම ලබා ගන්නට එවැනි උපාංගයක් සමඟින් Virtual Space එක වඩාත් හොඳින් ක්‍රියාකරන බව තමයි දැන ගන්නට ලැබෙන්නේ.  

ඔබ රාජකාරියේ යෙදෙන්නේ රටවල් ගණනාවක් සමඟ ක්‍රියාත්මක වන ආයතනයක නම් වෙනත් භාෂා කතා කරන සේවකයන් සමඟ අනිවාර්යයෙන්ම ඔබට කතා බහ කරන්නට සිදු වෙනවා. එවන් සමහර අවස්ථාවල දී භාෂාමය බාධා ඇතිවීම සිදුවෙනවා. නව Microsoft Teams  ඔස්සේ එන භාෂා පරිවර්තන ක්‍රියාවලිය නිසා අනෙක් සාමාජිකයන් ඔවුන්ගේ භාෂාවෙන් සඳහන් කරන දේ ඔබ කැමති භාෂාවක් වෙත  එවෙලේ ම පරිවර්තනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. 

කවරයේ ඡායාරූපය- Microsoft Teams යෙදුමට එක් කරන්නට නියමිත mixed reality ( AR සහ VR) පහසුකම - Microsoft.com 

මූලාශ්‍ර:

Ft.com 

Theverge.com 

Crn.com 

Digitalhealth.net 

Techrepublic.com 

Statista.com 

Microsoft.com 

Related Articles