Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Surface event එකෙන් 2021ට පෙරළිකාර  උපාංග 

Surface event 2021 පසුගිය දිනෙක තාක්ෂණික ලෝකය කළඹවන නව උපාංග කිහිපයක් ම පිළිබඳ නිවේදන කිහිපයක් සිදු කළා. ඔවුන්ගේ නව උපාංග මාදිලි අතර Surface Pro 8, Surface Duo 2, සහ නව flagship laptop එකකුත් ඇතුළත්. සෑම වසරක ම අගභාගය කියන්නේ තාක්ෂණික ලෝකය වඩාත් කැලඹෙන කාලයක්. Apple උපාංග රැසක් එළි දුටු California Streaming එක වගේම පසුගිය දිනෙක පැවැත්වුණු Surface event, නුදුරු දිනයක නිකුත් වෙන්න නියමිත Pixel 6 දුරකථනය වගේම බොහෝ දේවල් තව තවත් තාක්ෂණික ලෝකය කලඹන්න සුදානම්. කොහොම වුණත් මේ ලිපිය සමඟ බලාපොරොත්තු වෙන්නේ ඔබ සැකෙවින් Surface event 2021 වෙත කැටුව යන එක.

මෙතෙක් බිහිවූ බලවත් ම මයික්‍රොසොෆ්ට් ලැප්ටොප් පරිගණකය Surface Laptop Studio

Surface Laptop Studio කියන්නේ අවිවාදයෙන් ම microsoft මේ වනතෙක් එළිදැක්වූ බලවත් ම දෘඪාංග සහිත ලැප්ටොප් පරිගණකය යි. නවීකෘත නිමාවක් සහිත මේ උපාංගය සතු ව යම් මට්ටමක ඇපල් ආභාසයක් ලබා තිබෙන බව බැලූ බැල්මට කෙනකුට හිතන්න පුළුවන්. මේ පරිගණක නවතම 11th Gen Intel Core H35 processor එකක් සහ NVIDIA GeForce RTX GPU එකක් සහිත යි. පෙර Surface Laptop මාදිලිවල ඔබට තිරය ගලවා වෙනම ටැබ් එකක් ලේසි භාවිත කළ හැකි ලෙසින් එහි 2-in-1 පහසුකම් සහිත වුවත් මේ Studio පරිගණක මාදිලියේ ඒ පහසුකම නම් ඔබට ලැබෙන්නේ නැහැ. නමුත් ඔබේ තිරය සම්පුර්ණයෙන් ම පැතලි ව පරිගණකය මත තබා ටැබ් එකක් ලෙසින් භාවිත කරන්න ඔබට පුළුවන්.

ඉතා කුඩා bezel සහිත 14.4-inch PixelSense touchscreen එක මෙහි තිබෙන තවත් සුවිශේෂීත්වයක්. මේ පරිගණක මාදිලිය සතු ව තිබෙන විශේෂ Dynamic Woven Hinge නිසාවෙන් ඔබට අවශ්‍ය ලෙස තිරයේ පිහිටීම සීරුමාරු කරමින් විවිධ කාර්යයන් සඳහා modes අතර මාරු වෙන්න ඔබට හැකියාව තිබෙනවා. ඔබට සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයක් ලෙස භාවිත කරනවා සේම Stage mode සහ Studio mode යන අවස්ථා වෙතත් ඔබේ තිරය එහා මෙහා කරගන්න ඔබට පුළුවන්. මේ පරිගණකයේ ආරම්භක මිල ලෙස දැක්වෙන්නේ $1,600 ක මුදලක්.

Surface Laptop Studio ලැප්ටොප් පරිගණකය – microsoft.com

අලුත් වුණු හැඩකාරයා Surface Duo 2

Surface event එකේ මේ වතාවේ Microsoft සමාගම හඳුන්වා දුන් තවත් විශේෂත ම උපාංගයක් විදිහට Surface Duo 2 හඳුවන්න පුළුවන්. Surface Duo පෙර මාදිලිවලට වඩා නව්‍යතා රැසක් වගේ ම තරගකාරී Smartphone වෙළඳපොළේ Microsoft සන්නාමය නැවත ඔසවා තැබීමට පුළුවන් උපාංගයක් වේවි කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. මේ උපාංගය බල ගැන්වෙන්නේ නවත ම Snapdragon 888 processor එකකින්. ඒවගේ ම මෙය සතු ව 5G තාක්ෂණය සඳහා සහාය දැක්වීම, NFC තාක්ෂණය පැවතීම වගේ විශේෂතා දැකගන්න පුළුවන්. පෙර නිකුත් වුණු Surface Duo උපාංගයට වඩා සෑහෙන්න ඉදිරියෙන් ඉන්න dynamic triple-lens සහිත camera එකත් මෙහි මඟ නොහැරිය හැකි අංගයක්.

Surface Duo උපාංගය ට වඩා මෙවර Surface Duo 2 සතු ව පවතින තිර දෙක ම තරමක් විශාල යි. පෙර උපාංගයට වඩා කුඩා bezels සහිත වුවත් තවමත් එය ඉතා හොඳින් කැපී පෙනෙන මට්ටමක පවතින බව නම් කිව යුතුයි. හැබැයි ඔබ හොයන්නේ තිර දෙකක් සහිත සාක්කුවේ දමාගෙන යාහැකි ටැබ්ලට් මාදිලියේ උපාංගයක් නම් මේ තියෙන්නේ ඔබට ගත හැකි හොඳ ම තේරීමක් බව අවිවාදයෙන් ම කියන්න පුළුවන්. මෙහි ආරම්භක මිල දැක වෙන්නේ $1,500 ලෙසයි.

සාක්කුවේ දමාගෙන යා හැකි ටැබ්ලට් – microsoft.com

වැඩි බලයකින් අලුත් වෙන Surface Pro 8

Surface Pro පරිගණක පෙළේ විශේෂයෙන් ම වෙනසක් දකින්න පුළුවන් උපාංගයක් Surface Pro 8 හඳුන්වන්න පුළුවන්. මයික්‍රොසොෆ්ට් සමාගම පෙර නිකුත් කළ Surface Pro 7 උපාංගයට වඩා දෙගුණයක වේගය සහ බලය සමගයි මේ උපාංගය වෙළඳපොළට නිකුත් වෙන්නේ. මෙය බලගැන්වෙන්නේ 11th Gen Intel Core processor එකකින්. ඒ වගේම මෙවර මෙයට Thunderbolt 4 ports දෙකක් සහ Intel Evo platform එකත් ඇතුළත් වෙනවා. මයික්‍රොසොෆ්ට් සමාගම මෙලෙසින් Thunderbolt ports ඇතුළත් කරන්න ආරම්භ කරන්නේ මේ මෑත පරම්පරාවේ Surface පරිගණකවලින් වීම විශේෂත්වයක්.

දිගහැරීම් සහ වසාදැමීම කළ හැකි 13-inch PixelSense touchscreen display එකක් මේ සතු ව අඩංගු වෙනවා. මෙය බොහෝ දුරට සමාන වෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ Surface Pro X උපාංගයට යි. පළමු වතාවට මේ මාදිලිය සමඟ තිරයට 120Hz Refresh Rate එකක් ලබාදෙන්න සමාගම කටයුතු කරලා තිබීම විශේෂත්වයක්. පෙර මාදිලි භාවිත කරන්නන්ට වගේම බොහෝ දෙනකු බලාපොරොත්තු වූ පහසුකමක් ලෙස මෙය හඳුවන්න පුළුවන්.

නවීනත ම Dolby Vision තාක්ෂණය සහ ඔබේ වටපිටාවේ අලෝක සහ වර්ණ තත්ත්ව අනුව තිරය සකසා ගත හැකි Adaptive Color Technology එකක් ද මේ උපාංගයට ඇතුළත්. ඊට අමතර ව 4K සඳහා සහාය දක්වන 5-megapixel camera (front), 10-megapixel (back) කැමරා දෙකක් ද මේ වෙත ඇතුළත් වෙනවා. මෙහි ආරම්භක මිල ලෙස දැක්වෙන්නේ $1,100 ක්.

වැඩි බලයකින් අලුත් වෙන Surface Pro 8 – microsoft.com 

Surface Pro Xවල වෙනස්  වුණේ මිල විතර ද? 

Surface Pro X උපාංග මාදිලියට නම් නව නිමාවක් හිමි වුණේ නැහැ, හැබැයි මයික්‍රසොෆ්ට් සමාගම එහි ආරම්භක මිල නම් යම් මට්ටමකින් පහත දැම්මා ඒ LTE සඳහා සහාය නොදක්වන Wi-Fi model එකක් හඳුන්වා දෙමිනු යි. එය $900 ලෙස මිල සටහන් වෙන අතර පෙර නිකුත් වූ Surface Pro X ආරම්භක මාදිලියේ මිලට වඩා $100 ක අඩුවක් වෙනවා. ඊට අමතර ව මේ නව මාදිලිය සම ARM සමග සිදුවන optimized වීම් කිහිපයක් පිළිබඳවත් දැනගන්නට ලබෙනවා.

වැඩි වෙනසක් නැති වැඩ වෙනස් Surface Pro X – microsoft.com 

Spec Bump එකෙන් වේගවත් වුණ Surface Go 3 

Go මාදිලිවල පරිගණක පෙළේ වේගය වැඩියෙන් දකින්න පුළුවන් උපාංගයක් විදිහට Surface Go 3 හඳුවන්න පුළුවන්. Intel Core i3 ප්‍රොසෙසරයකින් බලගැන්වෙන මෙය පෙර උපාංගවලට වඩා optimized ලෙස යි නිමවා තිබෙන්නේ. මේ උපාංගය වටා පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය නො අඩුව ලැබෙන්නේ මෙහි තිබෙන compact ගතිය නිසාවෙන් ම යි. 10.5-inch touch display සහිත මේ උපාංගයේ බර 0.54 kg ලෙසයි දැක්වෙන්නේ. ආරම්භක මිල $400 ලෙස දැක්වෙන මෙය බජට් ටැබ්ලට් එකක් හොයන ඕනෑම කෙනකුගේ මුල් පෙළේ තේරීමක් වෙනවා නො අනුමාන යි.

අඩුවියදමෙන් වැඩ පෙන්වන Surface Go 3 – microsoft.com

මේ ප්‍රධාන උපාංගවලට අමතර ව නව Surface Slim Pen 2, Surface Adaptive Kit එකත්, 20% මුහුදෙන් ලබාගන්නා ප්‍රතිචක්‍රීකරණය සිදු කළ ප්ලාස්ටික් වලින් නිමවන ලද Microsoft Ocean Plastic Mouse එකත් වෙළඳපොළට හඳුන්වා දුන්නා.  October 5 සිට 21 දක්වා දිනවල මේ උපාංග  ලොව පුරා වෙළඳපොළට නිකුත් වේවි.  ඉහත පරිගණක සියල්ල ම නවත ම Windows 11 සමගිනුයි පාරිභෝගිකයන් අතට පත්වෙන්නේ. 

කවරයේ ඡායාරූපය: Surface event 2021නව උපාංග - Microsoft.com 

මූලාශ්‍ර: 

Microsoft.com 

Theverge.com 

Windowscentral.com 

Pcmag.com 

Finance.yahoo.com 

Related Articles